Monday, September 13, 2010

මමයි උඩවැඩියා


උස් කුලයක උපන්නෙම් ලැබ නෙක වු පැසසුම්
උස් බවතෙකු සොයමින් ගෙදර නෙක සැලසුම්
උස් බවතුන් ඇතත් උන්සතු කෝ ගුණවත් කම්
උස්කම සමග තනිවෙම් තවම නැත හාදකම්

එකම දෝණිය වූ නිසා‍වෙන් පරපුරටම සිටිනා
පැතූ කුමරෙකුට නැත ඉඩක් මිස ‍මව්පිය පතනා
දෙමව්පිය පතනා අය කිම මට කැමති නොවනා
කාරණය නොම දැන මා සිතින් නිති තැවෙනා

කන්ද උඩින් හැම හිමිදිරියේ හිරු දෙවියෝ වඩනා
වැන්ද දෙවිවරු අහෝ කිම මා දුක් ගීය නොඅසනා
සින්ද තෙල් බිඳු පැරදිලා අද ධවල කෙස් වැඩෙනා
බැන්ද ආදර කථා නැත මට කල වයස ගෙවෙනා

උපුල්වන් දෙවි බලන් නෙත් හැර තරුණියක සිටියා
උදෑසන පිපි මලක් සේ සිටි ඈ අද මැදි වයස ලඟයා
උනේ මේ ලෙස කිම් ද මා හට කෝ මගේ හිමියා
උඩින් වැඩ දෙවි සොයා දෙන් මට මමයි උඩවැඩියා

මෙම කවි පෙළ රචනා කරදුන් රන්දිකා රණවීර සොයුරියට හදපිරි ස්තූතිය පිරිනමමි.

Monday, September 6, 2010

බෝගන්විලා මල්...

ටික දිනකට පෙර
මිතුරෙකුගේ ගෙදරට ගිය විට
හැමදාම දකින දසුනක්
ටිකක් වෙනස්ව දැක්කා,

ඒ ටික
සටහන් කරගත්තම
පෙනුනේ

මෙන්න මේ විදියටයි.....