Wednesday, November 25, 2009

සිරස සුපර් ඉස්ටාර් සහ අල්ලපු ගෙදර නංගී


දින බොහෝ ගණනකට පසු ලියැවෙන පළමු බ්ලොග් සටහන මෙයයි. මෙච්චර කල් ලියපු බ්ලොග් ගොඩක (ගොඩක් කිව්වට ඔක්කොම තියෙන්නෙත් 7යි) ලිව්වේ ටෙක්නිකල් දේවල්. අද ලියන්න යන්නේ ටෙක්නිකල් නැති දෙයක්. මගේ බ්ලොග් 1 තේමාව තියෙන්නෙත් "එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට" කියලානේ. මේකත් ඉතින් එහෙම දැකපු දෙයක්. මේ කතාකරන්න යන දේ වෙලාත් දැනට මාසයක් විතර වුනත් ඒක ඒ දවස් වලම මේ ගැන ලියන්න බැරි වුනේ වැඩ ගොඩ ගැහිලා තිබුන හින්දාම නෙමෙයි. මගේ කම්මැලිකම නිසාමයි. කොහොම උනත් දවස් ගානක ඉදලා ලියන්න ඕනෙමයි කියලා හිතාගෙන හිතපු දේ දැන් නම් ලියලම දාලා තමා පස්ස බලන්නේ...

හැමෝම දන්නවනේ අපේ රටේ තියෙන ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන " සිරස සුපර් ඉස්ටාර්" ගැන. කතාව පටං ගන්නේ එතනින්. කතා නායිකාව අපේ අල්ලපු ගෙදර නංගී. එයා මීට කළින් තිබුන Super Star Season දෙකටම ගිහින් තියෙනවා. මෙදා පාරත් තරග කළා. සෑහෙන්න මහන්සි උනා. නංගී විතරක් නෙමේ. ගෙදර අයත් හරියට මහන්සි උනා නංගී වෙනුවෙන්. එයාගේ තාත්තා දැන් පෙන්ෂන්. අම්මා නම් රැකියාවක් කළේ නෑ. මූළික වටයේ තරග තිබුනේ අපේ ගෙවල් වල ඉදලා කිලෝමීටර් 200කටත් වඩා දුරින්. ඉතින් මේ දුර ගෙවාගෙන තරගය වෙනුවෙන් එයාලා සිරස ආයතනය සුපර් ඉස්ටාර් තරගේ තිබ්බ හැම තැනටම ගියා. නිකම්ම නෙමේ, මම සුපිරි තරුවක්ම වෙමි කියන දැඩි අධිෂ්ඨානයෙන්.

හැමදේම හොදට ගියා. නංගී ගොඩක් දක්ෂයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වටවලින් සමත්වෙලා 4 වෙනි වටේටත් අවා. ඒ කියන්නේ අන්තිම 1000න් සුපිරිම 100 තෝරන වටේ. මේකේ තේරීම් තිබුනේ වේයන්ගොඩ පැත්තේ තැනක. බලපු කට්ටිය දන්නවා ඇති තැන මොකක්ද කියලා. මට ඒක මතක නෑ. කොහොම හරි රෑ 10 විතර වෙනකම් එයාලව තියාගෙන ඉදලා අන්තිමට ප්‍රතිඵල ලබා දුන්නා. අපේ අල්ලපු ගෙදර නංගී අන්තිම 100ට සුදුසු වෙලා තිබුනා.

මේ වෙනකොට නංගී රස්සාව කළේ පුද්ගලික ආයතනයක ගිණුම් සහයිකාවක් (Account Assistant) හැටියට. අවුරුදු 2ක විතර පළපුරුද්දකුත් තිබුනා. රැකියා ස්ථානයෙනුත් හොද සහයක් එයාට ලැබුනා. කතාවේ තීරණාත්මක කොටස පටන් ගන්නේ දැන්.

ඔයාලට මතක ඇති අන්තිම 100ට තේරුන තරගකරුවන්ට සිරසෙන් වැඩමුලු කීපයක්ම සංවිධානය කළා කියලා. මේවට තරගකරුවන් සහභාගී වීම අනිවාර්යවුනාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් සහභාගීත්වය තරගයේ ඉදිරියට යන්න වැදගත් කියලානම් ඒක රූපවාහිනියෙන් බලද්දී තේරුනා. මේ දවස් 10යේ වැඩමුලුව සදහා නංගී නිවාඩු ඉල්ලුවත් රැකියා ස්ථානයෙන් ඒකට අවසර ලැබුනේ නෑ. වෙච්ච දේ නංගී රැකියාවෙන් අස්වෙලා වැඩමුලුවට සහභාගී වීම සහ සුපර් ඉස්ටාර් සිහිනය ඇත්තක් කරගන්න full time වැඩ කිරීම.

නංගී දිගටම පුහුණුවීම් කළා. තමන්ගේ ගායනය තරගයේදී ලස්සනට ඉදිරිපත් කළා. අපිත් ගෙදර ඉදන් බොහොම ආසාවෙන් එදා සුපර් ඉස්ටාර් බැලුවා. අන්තිමේ ප්‍රතිඵල ලබාදුන්නා. කොච්චර හොදට ලස්සනට ගීතය ගායනා කළත්, ඉතාමත්ම අවාසනාවන්ත විදියට නංගිගේ සුපර් ඉස්ටාර් සිහිනය බොද වුනා. අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් කියලා චන්ද්රිකා සහ සමිතා මහත්මීන් පැවසුවත් අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් නෑ කියලයි අමල් සහ රාජු මහත්වරු පැවසුවේ. අවසානයේ අපේ අල්ලපු ගෙදර නංගී සිරස සුපර් ඉස්ටාර් තරගයෙන් ඉවත් වුනා.

කොහොමින් කොහොමින් හරි දැන් අපේ අල්ලපු ගෙදර නංගී සුපර් ඉස්ටාර් වීමේ සිහිනය සහ රැකියාව කියන මේ දෙකම නැතිව ගෙදරට වෙලා ඉන්නවා. මේ සිදුවීම වෙච්ච දවස්වල එයා හිටියේ පුදුම විදියට මානසිකව වැටිලා. ගෙදරින් එළියටවත් අවේ නෑ. ඒක එහෙම තමා. තමන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන සැරිසරපු සිහින ලෝකෙ කඩාගෙන ආයෙත් මේ මහ පොළොවටම වැටුනම තදබල විදියට මානසිකව වැටෙන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක අපි හැමෝටම පොදුයි. නංගී තාමත් රැකියාවක් හොයනවා. ඉක්මනටම රැකියාවක් ලැබුනොත් හොදයි. ඒක එයාගේ වැටුන මානසිකත්වයෙන් ආයෙත් නැගිටින්න හොද අවස්තාවක් වෙයි.

මේ කතාව මම ලිව්වේ මේකෙන් අපි හැමෝටම ගන්න ගොඩාක් දේවල් තියෙන නිසයි. මිනිස්සු වෙන අපි හැමෝටම නොයෙක් විදියේ සිහින තියෙනවා. සමහර සිහින අපි සැබෑ කරගන්නවා. සමහර සිහින නිකම් සිහිනම විතරයි. ඒත් සිහිනයක් පස්සෙන් දිවීම වෙනුවෙන් තමන් සතුව තියෙන සහ තමන්ව ආරක්ෂා කරන දේවල් අත්හරින 1 හරි උගස් කරන 1 හරි එච්චර බුද්ධිමත් දෙයක් නෙමේ. උදාහරණයක් විදියට තමන්ගේ රැකියාව වගේ දෙයක් අතහැරලා දාලා සිහින පස්සේ දිවීමනම් අනුමත කරන්නම බැරි දෙයක්. සමහරවිට මේක කියවන ඔබත් සුපර් ඉස්ටාර් තරගෙට සහභාගී වුන, තාමත් තරගයේ ඉන්න හෝ ඉස්සරහට එන්න තියෙන සීසන් 1කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. තරගෙකට ඉදිරිපත් වෙන 1 හොදයි. නමුත් ඔබ සතුව තියෙන අනිත් වැදගත්ම දේවල් අත්හැරල දාලා නම් ඒක කරන්න එපා. එහෙම අත්හරිනවානම් අඩුම ගානේ අන්තිම 12ටවත් ආවම එහෙම කරන්න. එතකොට යම්කිසි විදියකට ඔබ ආරක්ෂිතයි. හැබැයි ඒ හැමදාටමනම් නෙමෙයි. මොනවා කළත් අන්තිමේ "සිරස මාව කෑවා" කියන තත්වෙටනම් වැටෙන්න එපා. මොකද වළ කපාගත්තේ අපිමයි. සිරස සුපර් ඉස්ටාර් වලට විතරක් නෙමේ, මේක අනිත් හැම රූපවාහිනී නාළිකාවකින්ම කරන "සිහින තරු" තෝරන වැඩසටහන් වලට පොදුයි.

එහෙනම්, ගිහිං එන්නං.

ජය වේවා...

12 comments:

  1. මේ ඇත්ත සිද්ධියක්ද?
    බොහොම කණගාටුදායකයි. කාඩ්බෝඩ් වීරයන්ව බිහි කරන ගමන් හොඳට හිටපු අයව නන්නත්තාර කරල දාන්න සිරසට තියෙන හැකියාව නම් මාරයි.

    ReplyDelete
  2. ඇත්තටම ඒ නංගි පව්.. ඒත් ඉතිං හදිස්සියේවත් ඒ සිහිනේ හැබෑ වුනා නම්, එයාට කොයි තරම්නම් සතුටු හිතෙයිද?

    ජීවිතේ හීන හැබෑ කරගන්න නම්, මොනවා හරි දෙයක් කැප කරන්නම වෙනවා.. ඒක තමා ස්වභාවය... ඉතිං risk එකක් ගන්නම වෙනවා.. මම හිතන්නේ එයා කරේ හරි දේ.. තමුන් තරගෙට ඉදිරිපත් නොවී, අන්තිමට දිනන කෙනාට ලැබෙන දේවල් දිහා බලාගෙන හූල්ලනවාට වඩා හොදයි, තරගෙට ඉදිරිපත් වෙලාම බලන එක.. රස්සාවක් නම් ඉතිං හොයාගන්න බැරියැයි..

    සිරසට බැනලා හරි යන්නෙත් නෑ.. මොකද ඔයවගේ තරග වලින්, අපි ගොඩාක් ගායකයෝ (හද්ද වන්නි වල හිටපු එවුන්) අදුණ ගතිපු නිසා.. අපේ රටේ ඔය වගේ 'Reality tv' වැඩසටහනක් නොකරා නම් ඒත් කට්ටිය බනීවී, ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නෑ, අනං මනං කියලා..

    මට හිතෙන්නේ හැම දේකම සුබ පැත්ත ගැන බලන්න අපි පුරුදු වුනොත් හොදයි.. අපි ඒ නංගිට රස්සාවක් හොයලා දෙමුකෝ...
    එතකොට වැඩේ ගොඩනේ...

    ReplyDelete
  3. දුවන මුවන් දැකලා නෙලපු පලා විසි කරන්න එපා කියන්නේ ඒකයි

    ReplyDelete
  4. @ශාකුන්තල
    මේක ඇත්තම සිද්දියක්. කාගෙන්වත් අහගත්ත 1ක් නෙමෙයි, මුල ඉදලම බලාගෙන හිටපු හින්දයි ලිව්වේ. වැරැද්ද සිරසෙ විතරක්ම නෙමෙයි. සිරසෙන් හදපු තරුවලින් කීයක් තාම පත්තු වෙනවද කියන 1 නම් ලොකු ප්‍රශ්නයක් තමා.

    ජය වේවා...

    @.::පිස්සා::.

    සිහිනේ සැබෑ වුනානම් එයාට වගේම අපිටත් සන්තෝසයි. ඒත් සිහිනේ සැබෑ නොවුනා විතරක් නෙමේ එයා හිටපු තැනිනුත් පහළට ඇදගෙන වැටුන 1 නේ වුනේ. ඒකයි අවුල.

    ඔව්. ජීවිතේ ජයගන්න ඕනේනම් රිස්ක් 1ක් ගන්න 1 අනිවාර්ය දෙයක්. ඒ වගේම කැපකිරීම් කරන්නම වෙනවා. ඒත් අපි කැපකිරීම් කරන්න ඕනේ බුද්ධිමත්ව. සිහිනයක් පස්සේ දුවන්න ඕනේකමට තමන් හම්බ කරන රස්සාව කැපකරන 1 මමනම් බුද්ධිමත් තීරණයක් විදියට දකින්නේ නෑ.

    සිරසට බනින 1 එහෙම පිටින්ම වැරදියි. මොකද ඔය තරගෙට සිරස කාවවත් බලෙන් ගත්තේ නැහැනේ. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ සිරසේ පිහිටෙන් ටීවී පෙට්ට්යට ආවත් රැදිලා ඉන්න පුලුවන් උනේ කී දෙනාටද? දැනට සුපර් ස්ටාර් සීසන් 2ක් ඉවරයි. සුපිරි 24ක් තේරුනා ඒ දෙකෙන්ම. ඒත් ඒකෙන් ෆීල්ඩ් 1 ඉන්න ගාන අතේ ඇගිලි ගාණටත් වඩා අඩුයි නේද?

    හැම දේකම සුබ පැත්ත බලන 1 නම් ගොඩක් හොදයි. හැබැයි ඕනෙම දේක තියෙන අවදානම් පැත්ත ගැනත් හිතන 1 වැදගත්. මේ දවස්වල රස්සාවක් හොයාගන්න තියෙන අමාරුවත් කවුරුත් දන්නවනේ.

    ජය වේවා...

    @Anonymous

    සිරා...

    ReplyDelete
  5. මේ විදියට තව කී දෙනෙක් තමන්ගේ රස්සා, මිතුරන් නැතිකරගන්න ඇද්ද? බොහොම ස්තුතියි අත්දැකීම බෙදා ගත්තට.

    ReplyDelete
  6. mata sinhala font nee sorry !!
    i know this is true story bur i dnt hrd that she lost her job on this case.. but we hv to keep ir mind " tama sirasata thama athamaya sewanwlla "
    tc
    saga

    ReplyDelete
  7. Dear Rana,

    I am not an organiser of SBU.

    I get all info from the google group.

    If you are in Facebook - there is an event as well. See the eMail below.

    ---------- Forwarded message ----------
    From: Kalinga Athulathmudali kalinga.a@gmail.com
    Date: 2009/12/3
    Subject: [Sinhala-Bloggers] SBU දෙසැම්බර් 19ය හමුවීම (MUST READ)
    To: Sinhala Bloggers sinhala-bloggers@googlegroups.com


    දැනට මේ සදහා පැමිනෙන අය දැනගැනීමට අපට උවමණා නිසා, මොකද පහසුකම්
    සැපයීමට, අපි Facebook Event එකක් හැදුවා,
    http://www.facebook.com/event.php?eid=191214013479 එහි තමන්ගේ
    පැමිනීම/නොපැමිනීම කරුණාකර සටහන් කරන්න.

    සැ.යු.

    1. Excel World එකට ඇතුල් වීමට රු.50ක ගාස්තුවක් අය කරේ, නමුත් මෙය
    කෑම/බීම මිලදීගන්නාවිට ටිකට් පත ඉදිරිපත් කොට එහි ඇති කඩයකටදී තමන්ගේ
    රු.50හ එම මුදලින් අඩුකරන්න හැකියි.

    2. යම්කිසි අයෙකුට මුදල් අග හිග කමක් ඇතිනම්, ඒ ගැන මට පුද්ගලිකව
    දන්වන්න, ඒ අයට අපි යම්කිසි පියවරක් ගන්න, ඒ වගේම ඔගුගේ/ඇයගේ
    පුද්ගලිකත්වය ගැන කිසිදු බියවීමක් විය යුතු නෑ.

    3. T-Shir එදින දෙන්නේ නෑ, එය කරන්නේ වනම කට්ටියක්, එම නිසා එදිනට තමන්ගේ
    T-Shir එකේ ප්‍රමාණයහා කීයක් උවමණාද කියලා අපිට කියන්න, එවිට අපි එය දින
    කීපයකින් ලැබෙන්න සලස්වන්නම්.

    ReplyDelete
  8. රස්සාව දාල තරුවක් වෙන්න හදන එක නම් මෝඩකමක්

    ReplyDelete
  9. අනේ මසං,
    ඕක ඔය තරු වෙන්න හදන බූරුවන්ට හොඳ පාඩමක්.

    /නිශාන්ත

    ReplyDelete
  10. comments බලද්දි මගේ අදහසත් සටහන් කලා නම් හොදයි කියලා හිතුනා. ල්ලපු ගෙදර නංගීට උන දේ ගැන අවන්කවම කනගාටුයි. නමුත් මම දකින විදියට එයා කල දේ හරි. ඊසාප් කියන අම්බානට උපමා කතා කියපු බුවා ගැන අහල ඇති මගෙ හිතේ. එයාගෙ කතාවක් තියනවා "හැලි වලං බිද දමා යාත්‍රා කිරිම" කියලා.
    සින් එක හමුදාවක් ගැන. මුං නැවේ ගිහිල්ලා අල්ලපු රටට යුද්ධ කරන්න. ගියාමලු දන්නෙ එහෙ හමුදාව මුන් වගේ තුන් ගුණයක් විශාලයි කියලා. මුන්ගෙ ලොක්ක බ්‍රයිට ලු. පොර පොඩ්ඩක් කල්පනා කරල කිව්වලු, තියන හොදම කැම උයපල්ලා කියලා. සෙට් එකම කොර ඩයට් එකක් දැම්මට පස්සෙ පොර කිව්වලු නැවට ගිණි තියන්න කියලා. පස්සෙ දැන් යං යුද්ධට කිව්වලු. කෑමත් ඉවරයි, හදිස්සියට කියලා පසුබහින්න නැවත් නෑ, අරුන් ටික පුක කැඩිච්ච කඩි වග් යුද්ධ කරලා දවසෙන් ගේම ඉවර කලා ලු.

    මං කියන්න තනන එක තේරෙනවද? type කරන්න බෑ බං.

    ReplyDelete
  11. හැමෝටම ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ලිපියක් . . .

    ReplyDelete
  12. සමහර සිහින නිකම් සිහිනම විතරයි. ඒත් සිහිනයක් පස්සෙන් දිවීම වෙනුවෙන් තමන් සතුව තියෙන සහ තමන්ව ආරක්ෂා කරන දේවල් අත්හරින 1 හරි උගස් කරන 1 හරි එච්චර බුද්ධිමත් දෙයක් නෙමේ meka nam sathakinam attha rana ela api me polowe adiya gahala jeewath unoth kawadawath adagena watenne na machan ekai attha

    ReplyDelete