අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ.
ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරයි කියලා. ඒ ගැන හිතද්දී දැනෙන්නේ හරි සන්තෝසයක්. ඒකට එකම හේතුව, 2009 ඉඳං අද මේ මොහොත වෙනකංම මම පාවිච්චි කරන්නේ ලිනක්ස් OS එකක්...
ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තට පස්සේ, ලිනක්ස්
ගැන හොයන්න පටං ගත්තා. ලිනක්ස් ගැන කියවන්න පටං ගත්තා. එහෙම හොයලා,
කියවලා, කරලා බලලා ඉගෙන ගත්ත දේවල් බ්ලොග් එකේ ලියන්න්නත් පටං ගත්තා. එහෙම
ඉස්සෙල්ලාම ලිනක් සම්බන්ධ දෙයක් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ 2009-ජූලි-03
වෙනිදා. තව සති දෙකක්ට අඩු කාලයකදි ලිනක්ස් ගැන මම දන්න දේවල් ලෝකේ එක්ක
බෙදාගන්න පටං අරගෙන අවුරුදු 6ක් සම්පූර්ණ වෙනවා...
මම දන්න ලිනක්ස් පොඩ්ඩ ගැන තව කෙනෙක්ට ක්‍රමවත්ව උගන්නන්න පටං ගන්නේත්
2009 අවුරුද්දේ ඉඳංම තමයි. ඒ අවස්ථාව මට ලබාදෙන්නේ ජාතික තරුණ සේවා සභාවට
අනුබද්ධ දෙහිවල කව්ඩානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක දෘඪාංග (Computer Hardware) පාඨමාලාවේ අධ්‍යක්ෂ Chamara Nandika Perera
මගේ හිතවතා. මම ගැන, මගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මට අවස්ථාව
ලබාදෙනවා ඔහුගේ හාඩ්වෙයා කෝස් එකේ ලිනක්ස් පාට් එක මෙහයවන්න. 2009 ඉඳලා අද
වෙනකංම චාමර සර්ගේ පාඨමාලාවල් සියල්ලේම ලිනක්ස් කොටස උගන්නන්නේ මම.
මේ වෙනකොට මගෙන් ලිනක්ස් ගැන "අ" යනු, "ආ" යනු කියෙව්ව තරුණ තරුණියන් සංඛ්‍යාව 1500කට වැඩි මිසක් අඩු නං නැහැ. ඒ අයගෙන් 10% විතර දැනට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේත් ලිනක්ස් OS විතරයි. ඒ ගැන දැනෙද්දීත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්...
බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනවාට වඩා
වෙනස් විදියකට, ලිනක්ස් ගැන කතාකරන්න අවශ්‍යයි කියන කාරණාව මගේ හිතේ
වැඩකරන්නේ සෑහෙන කාලෙක ඉඳං. හොඳම විකල්පය තමයි පොඩි පොඩි වීඩියෝ නිකුත් කරන
එක...
ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස්
OS එකක ඉඳං කරන විදි ගැන තියෙන වීඩියෝ YouTube එකේ වගේම ඉන්ටර්නෙට් එක
පුරාම දකින්න පුළුවං. හැබැයි එහෙම කරන විදිය ගැන සිංහලෙන් තියෙන වීඩියෝ
තියෙන්නේ ඉතාම අල්පයයි.
ඉතිං මම තීරණය කළා ඒ හිඩස මට හැකි අයුරින් පුරවන්න.
ඒ සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි.
ඒ සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි.
පල්ලෙහා තියෙන ලිංක් එකෙන් ගිහිං ඒ වීඩියෝ ඔබටත්
බලාගන්න පුළුවං. ඒ වගේම ඔබගෙන් බොහොම පුංචි උදව්වක් ඉල්ලන්නම්. ලිනක්ස්
ඉගෙන ගන්න ආස කෙනෙක්ව ඔබ දන්නවානං, ඒ අයටත් මේ වීඩියෝ ලිංක් යවන්න. ලිනක්ස්
ගැන අන්දො සංසාරයක් නොදන්න අයට බොහොම සරළව තේරෙන විදියටයි මේ වීඩියෝ හදලා
තියෙන්නේ.
එහෙනං සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන වීඩියෝ සීරීස් එකක් බලන්න ඔබ සැමට ආරාධනා!!!
YouTube චැනල් එකට යන්න පුළුවං මෙතනින්...
mv කමාන්ඩ් එක
rm කමාන්ඩ් එක
rmdir කමාන්ඩ් එක
මෙතන අමුණලා තියෙන්නේ වීඩියෝ බොහොම පොඩි ගාණක් විතරයි. තව වීඩියෝ ගොඩක් ප්ලේ ලිස්ට් එකේ තියෙනවා.
ඒ වගේම මේ වීඩියෝ ටියුටෝරියල් ටික හදන්න මම පාවිච්චි කරපු මෘදුකාංග ටික ගැන සඳහන් නොකළොත් ඒක ලොකු අඩුවක්. පල්ලෙහායින් තියෙන්නේ මම ඒ පාවිච්චි කරපු මෘදුකාංග කීපය.
LibraOffice Impress
Simple Screen Recorder
OpenShot Video Editor
ජයවේවා ලිනක්ස්!!!