Showing posts with label ගොරකා. Show all posts
Showing posts with label ගොරකා. Show all posts

Thursday, August 5, 2010

වේලිච්ච ගොරකා...


ගොරකා දැන් ගොඩක් වේලිලා. මදේ ඇතුළේ තියෙන වතුර වේලිලා යනකොට ලස්සනට තිබ්බ රතුපාට නැතිවෙලා දැන් හෙමීට කළුපාට වේගෙන එන්නේ. ජීවිතෙත් එහෙමද මන්දා... ලුණු වතුරෙන් හෝදලා ගොරකා වේලෙන්න දැම්මම තමයිළු ඒවා මෙලෙක් වෙලා එන්නේ. රනාගේ ගෙදර තියෙන ඒවානම් හරි තදයි. මගෙ හිතේ ලුණු වතුර සත්කාරය ඒවාට දීලා නෑ. ඊළගට තියෙන වැඩේ තමා දුම් ගහන 1.
රනාලාගේ ගෙදර තියෙන්නේ ගෑස් ලිපක් නිසා ගෙදරින් පිට තමා මැස්සක් ගහලා දුම් ගහන්නේ.











හොඳම දේ තමා දැම්මම ගොරකා වලට ඕඩර් එන 1.

කළු උනාට ගොරකා වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

මේ ගොරකා ගෙඩි.

මේ ඊළගට හෝදලා වේලෙන්න දාලා තිබුණ ගොරකා මද.

ගොරකා දුම් ගස්සවද්දී යළිත් හමුවෙමු.

Thursday, July 29, 2010

ගොරකා ගෙඩි

මේ ගොරකා ගෙඩි තමා හෝදලා බික් වෙන් කරලා අව්වේ වේලෙන්න දාන්නේ. ඊයේ දාපු ගොරකා පෝස්ට් 1ටම මේ ෆොටෝ ටික එකතු කරන්න හිතුනත් එතනයි මෙතනයි වෙනසක් දැක්ක නිසා මේ ටික වෙනම දාන්න හිතුනා.













ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?

Wednesday, July 28, 2010

ගොරකා

අපේ ගෙදර අය මේ දවස්වල ගොරකා වේලනවා. අව්ව සැර නිසා ඉක්මනට වේලෙනවා. ඇත්තම කියනවානම් රනා ගොරකා වේලනවා දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. පැදුරක වේලෙන්න දාලා තිබුණ වෙලේ ඉර අව්ව වැටිලා ලස්සනට තිබුණ නිසා ෆොටෝ ටිකක් ගහන්න හිතුනා.











වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.

කොහොමද ගොරකා පැදුර