Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!


එක්කෝ හරි යන රෙද්දක් කරන්න ඕනේ ඕයි.
මේ ඡන්ද රෙද්දවල් අතාරින්න ඕනේ ඕයි...
සිරාවට ඕයි...

අද මෙහේ මළගෙයක් ඕයි...

උංව මං දන්නෙත් නෑ ඕයි....
ඒත් යනවා ඕයි...
මූන පෙන්නලා එන්න ඕයි...
මම ගියා කියලා ඌ නැගිටිනවාද ඕයි???
නෑනේ ඕයි...
එහෙනං මොන රෙද්දටද යන්නේ ඕයි???
ඡන්ද ඕයි ඡන්ද....

 තමුසෙට් තේරෙන්නේ නෑ ඕයි...
මළගෙවල් කියන්නේ ඡන්ද උල්පත් ඕයි...

වෙලාවකට මෙහෙම හිතෙනවා ඕයි...
ඡන්දයක් ළං උනාම මං විතරක් ඉතුරුවෙලා,
ආසනේ අනිත් උං ඔක්කෝම මැරිලා ගියානං,
වටේම මළගෙවල් ඕයි!!!

ඒ කියන්නේ ඡන්ද ඕයි....
මං උඩිංම දිනුං ඕයි!!!
ප්‍රාදේශීය සභාවේ සභාපති ඕයි.
 සෙල්ලංද ඕයි...

අම්මටසිරි ඒකම පළාත් සභාවටත් උනානං ඕයි.
ඔක්කොම මැරිලා මං විතරක් ඉතුරුනං ඕයි.

මං මහ ඇමති ඕයි...
පට්ට ඕයී...
මහ ඇමති පට්ටම,
කැබිනට් ඇමතිටත් උඩලු ඕයි!!!
ලේසිද ඕයි???

අඩේ ඒක පාර්ලිමේන්තු මැතිවරණේ උනානං,
ඔක්කෝම උං මැරිලා මං විතරක් ඉතුරුවෙලා ඕයි!!!
හැම තැනම මළ ගෙවල් ඕයි.
ඒ කියන්නේ ඡන්ද ඕයි...
මං අගමැති ඕයි!!!!
කවදා කාපු ටකරංද ඕයි...
රටේ දෙවෙනියා ඕයි!!!


කොහොමද ඕක ජනාධිපතිවරණෙටත් උනානං,
පිස්සු ඕයි...
ඔක්කොම මැරිලා මං විතරයි ඕයි...
මං ජනාධිපති ඕයි!!!
මං ජනාධිපති උනාට රටේ මිනිස්සු මැරිලනං ඕයි.
මට පාලනේ කරන්න කව්රුත් නෑනේ ඕයි.

ඒත් මමයි ජනාධිපති ඕයි!!!