Showing posts with label බ්ලොග් මැරතන්. Show all posts
Showing posts with label බ්ලොග් මැරතන්. Show all posts

Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

Sunday, April 25, 2010

ස්තූතියි...

තව මිනිත්තු 8කි ඇත්තේ
අවසන් බ්ලොග් සටහනයි මේ
කුමක් කියන්නද
කුමක් ලියන්නද

සතුටක් දැනේ
දුකක්ද දැනේ
ජීවිතේ හැටි එහෙමද?

බ්ලොග් ලියපු,
වතුර ගහපු,
චැට් කරපු,
පාළු කපපු
මෙකී නොකී මේ හැමෝටම
බොහෝමත්ම ස්තූතියි.

"රනා ලියන බ්ලොග්"
මැරතන් ලිවිල්ල
මෙතැනින් නිමයි.

ස්තූතියි...

නැද්ද මං අහන්නේ???

දිනයකින් හරි අඩක්
පුටුවක් උඩට වී සිටියෙමි
කිසිදාක නොකල විළසින්...

මා පමණක් නොව
තවත් සයිබර් සහෘදයින් බොහෝ දෙනෙක්
එළෙස කළ බව මම දනිමි...

බ්ලොග්කරණයේ අපූර්වත්වය එයයි
සැමදා විඳගමු මේ අසිරිය
හැමදාම නැතිවුනත්
අවුරුද්දකට සැරයක් හරි
මැරතන් 1ක්නම් දුවන්නම ඕනේගගග

නැද්ද මං අහන්නේ???

අපි එකම රෑනෙ කුරුල්ලෝ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නේ අපි
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව තුළ සැඟවෙන්න නොවේ
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

අවසානය ඉදිරිපිට

මීට වසර ගණනාවකට පෙර
මට මෙළෙසම සිතුණි...
ඒ තවත් එක් තරඟයක
අවසාන මිනිත්තු කීපයේදීය
මාස ගණනක මහන්සිය,
කැපවීම,
උත්සාහය,
එක මිටකට කැටිකොට
එතැන මුදා හැරියෙමි...
ජය පරාජය කෙසේ වුවත්
සිතට සතුටක් දැනුනි...

අදත් එළෙසම හැගේ...
පැය ගණනාවක වෙහෙස,
දෑසේ විඩාව,
සියල්ල පරයා හිතට නැගෙන්නේ
එකම සිතුවිල්ලකි...
ඒ තවත් එක සාමුහික ගමනක
අවසානයේ ඇතිවන
සතුටයි...

සොයුරු සොයුරියනි,
එයට දායක වු ඔබ සැමට
බොහෝමත්ම ස්තූතියි...

48

මේ ලියැවෙන්නේ
හතළිස් අටවන මැරතන් පෝස්ටයයි...

මීට පෙර ලියැවුණු
ලිපි හතළිස් හත පුරාම
රනා අහපු කතා,
රනා කියපු කරා,
රනා කියවපු කතා,
රනා ලියපු කවි,
සහ
ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කෑලි
පත අට එකට සිඳුවා නැති වුවත්
යහමින් තිබුණි...

නීතිය වූයේ
පැයකට සතරක් වුවද
සමහර පැයකදී එය සයක් විය
තව විටෙක ඉන් අඩක් විය
ඒ බ්ලොග්කරණයේ හැටිය...

ඒ කෙසේ වෙතත්
මැරතනය ඇරඹී
හෝරා එකොළොසකට පසු
සතළිස් අටවන පෝස්ටය
මෙසේ පළවේ...

පලි:

මැරතනයේ ඉලක්කය නිමි
වෙලාව නොනිමි
එමනිසා තව සිටිමි
සැමට ජය පතමි.

දවසේ සිතුවිල්ල

ජීවිතයේ දීප්තිමත් දිනයන් මෙන්ම අඳුරු දිනයන්ද තිබේ. අහසේ අදුරු ස්වභාවයක් දිස්වූ පමණින් සූර්යයාගේ ඇති වටිනාකමෙහි අඩුවක් වන්නේ නැත. ඇතැම් විට අපිට කණගාටුවෙන් යුතුව දවස ගත කිරීමට සිදුවේ. නමුත් ඔබගේ හදවත තුළ සූර්යයා නිරන්තරව දීප්තිමත්ව තබා ගන්න. එය ඔබව අපරාජිතයෙකු කරනු ඇත.

දයිසකු ඉකෙදා
සභාපති
සෝක ගක්කායි ජාත්‍යන්තර සංවිධානය

උපුටා ගත්තේ

දවසේ සිතුවිලි
දයිසකු ඉකෙදා

අපි ආපු දුර

මෙපමණ දුරක් අවුත්
දැන් යන්න යන්න තතනති
අයෙක්...

මිතුරනි, මිතුරියනි,
යාමට ඇත්තේ තව ටික දුරකි...
දැන් හිරුද පායා ඇත
කුරුල්ලෝද කෑ ගසයි
ඉදින් නිදන්නේ කිම
මැරතනය අවසාන නොකර...
එසේ කිරීමට මට නොහැකිය
ඔබටත් එය එසේම බව
මම හොදින්ම දනිමි...
මේ අන්තිම ටික දුවමු
ඔබට ජය...

අනේ කාලේ වනේ වාසේ

මුලින්ම එකෙක් ගෙනාවේය
ඒ හිතවතෙකුගෙනි...

ඊළගට අනිකා ආවාය

ඒ පාරෙනි...

උන් දෙදෙනා ටික කලක් සිටියෝය

ඊළගට තුන්වෙනියාත් ආවේය
ඒ මුලින් ආ එකාගේ පුතා වීම නිසාය...

කොහොම ආවත් මුන් ඔක්කෝම

මළ කරදරය...
ඉවර වෙන පාටකුත් නෑය...
අනේ කාලේ වනේ වාසේ
කිව්වේ මේවාටය...

අලුත් දවසක්

තවත් අලුත් දවසක්...

වෙනදා නැගිටින වෙලාවට
අද නිදන්න යනවා...
උදේට තේ බීලා
රෑට නිදාගත්තේ
උසස් පෙළ කරපු කාලේ...

ඒ මතකයත් අවදි කරගෙන
දුවමු දිගටම මැරතන්...
කෝකටත් තියෙන්නේ
තව පැය 2යි....

SPIRIT

රෑ එළිවෙනකම්
කොම්පියුටරේ ඉස්සරහා
හිටපු උන්
මේන් දැන් යන්න හදනවා
නිදිමතයිළු...

එහෙම කොහොමද
ආවේ මැරතන් දුවන්න..
රෑ අටේ ඉදන් උදේ අට වෙනකම්
ගිය එවුන් ගියාදෙන්,
ආව එවුන් ආවදෙන්,
මෙච්චරවෙලා දුවපු උන්
ඉතින් අට වෙනකම්ම ඉමු...

ඒකයි නියම SPIRIT 1
මේ වගේ දේකින් ඉගෙන ගන්න...

පිස්සුද?


මට පිස්සුද?
නැත්තම් හැටිද?
මට හිතාගන්න බෑ
ටිකක් හිතන්න

පැය කාලෙන් කාලට
බ්ලොග් පෝස්ට් ලිය ලියා...
හෙඩ් පෝන් 1 කනේ ගහගෙන
(ගෙදර එවුන්වත් නිදාගන්න ඕනේ නිසා)
මළ විකාර අහ අහ
රෑ එළි වෙනකම්
නිදිමරපු මාව දැකලා,
උදේ පාන්දරම අපේ අම්මා
තක්බීර් උනා...

අනේ අපේ පුතා
උදෙන්ම නැගිටලා කියලා
හිතලා...

ආයෙත් වතුර

සීතලේ බැරුවා...

ඇයි ඒ?
වටෙන්ම වතුර වදිනවා...
හිතාගන්නවත් බැරි විදියට
ලොකු හයියක්...

තව ටික දුරයි
හරියටම කියනවානම්
පැය 3 යි
දුවමු...
දුවලාම නතරවෙමු...
නියම සිංහල බ්ලොග්කරුවන් විදියට...

තුන්කාල

තුන්කාලක් ඉවරයි
ඉතුරු තව කාලයි
ඒ කාල ඉවර උනාම,
ඔක්කොම ඉවරයි...

ඒ කියන්නේ
මේ කාල ඉවර උනාම,
2010 බ්ලොග් මැරතනුත් ඉවරයි...

අපරාදේ,
වෙලාව යන්නේ නැතුව ඉන්න තිබ්බේ.....

ඇත්තටම අපරාදේ...

51

වරක් මට මෙසේ සිතිණ
"ඇත්තටම 50කට යයිද?"
තව දිනක මෙසේ සිතිණ
"කොච්චර කල් යයිද?"
මෙසේත් නොසිතුනා නොවේ
"පැය කීයක් තිස්සේ ටයිප් කරන්නද"
ඒ සියල්ල අතීතයට අයත්ය...

අවසානයේ,
බ්ලොග් කෙරුවාව පටන් ගෙන
හරියටම දස මසකට පසු
"රනා"
ලිපි 50ක් ලියා ඇත.
මේ ලියැවෙන 51වන ලිපිය
ඒ සතුට සමරනු පිණිසමය....
වෙන කිසිවක් සඳහාම නොවේ....

අමාරුම ඉසව්ව ඉවරයි

වතුරත් නැතුව...
කියවන්න එකෙක්වත් නැතුව...
ලියන එකාම කියෝ කියෝ...
හිට් කවුන්ටරේ ඉබි ගමනින් දිව්ව,
බ්ලොග් මැරතන් තරගයේ
අමාරුම ඉසව්ව
දැන් ඉවරයි...

ඉතින් ලියමු
තව ටික දුරයි
තව පැයකින්
ජය කණුව පේන්න
පටන් ගනීවි
සපෝට් කරන්නන් වහීවි

ඉතින් දුවමු
අන්තිම වෙනකම්ම...

අමාරුම හරියේදීත්,
තරගය අතැර නොගිය ඔබ සැමට,
රනා ලියන බ්ලොග්
ප්‍රණාමය...

චීන උපමා කතා VII

දෙකොණ මාරු කිරීම

සුං පළාතේ වඳුරන් පුහුණු කරන්නෙක් සිටියේය. තමා කියන දෙය කිරීමට ඔහු වඳුරන්ට පුරුදු කළේය. වඳුරන් කියන දෙයද මොහුට හොදින් අවබෝද වෙයි. තම නිවසට ගෙන එන අහාරවලින් කොටසක් වඳුරන්ට දීමටද ඔහු පුරුදු වී සිටියේය.
ආහාර අහේනියක් වීම නිසා වඳුරන්ට දෙන ආහාර ස්වල්පයක් අඩු කිරීමට ඔහු කල්පනා කළේය. නමුත් දිනපතා දෙන ආහාර සලාකය අඩු කිරීමෙන් සතුන් කුපිත විය හැකි බවටද ඊළගට ඔහුට කල්පනා විය.
"මීට් පස්සේ මම උඹලාට උදේට පළතුරු ගෙඩි 3ක් දෙනවා, හවසට පළතුරු ගෙඩි 4ක් දෙනවා". ඔහු එළෙස පැවසූවිට වඳුරෝ සියලුදෙනාම එයත විරෝධය පළකරමින් කෑගසන්නට විය.
"හරි හරි මම උඹලාගේ ඉල්ලීම පිළිගන්නම්. එහෙමනම් මම උදේට පළතුරු ගෙඩි 4ක් දෙන්නම්, හවසට පළතුරු ගෙඩි 3ක් දෙන්නම්... ඒකට කැමතිද?" ඔහු වඳුරන්ගෙන් ඇසුවේය.
එයින් ඉතාමත් සතුටට පත්වූ වඳුරෝ ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

වසීලීසා...

මැරතන් තරගයේ 8 වෙනි පැය ගෙවිලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී රනා දෙනවා තවත් රනාගේ කැමතිම ගීත වලින් 1ක්. මේකත් කසුන් කල්හාරගේමයි.
බාගෙන අහලා බලන්න.

රන් වන් හිරු කිරණින්
පැහැය හොරෙන් අරන්
නුඹෙ කෙහෙරැලි මද පවනේ
නැටුවාවේ...
වසීලීසා... වසීලීසා... වසීලිසා... වසීලීසා...

ගිරි මුදුණේ හිම බින්දු දියවෙනා
උණුහුමට මිටියාවතේ
කැකුළු මල්යාය ඇහැරිලා
ජීවිතේ... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

කටු අකුලේ පැටැලී
සිනිදු දෙපාවල කටු ඇණුනා
නෙතු කඳුලින් පිරුණා
ලස්සනට යටින් පොළොවේ
ගිණියම් ලෝදිය පිරුණා
ඉඳ හිට හිත රිදුන
ජීවිතේ.... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

මෙතැනින් බාගන්න.

තරු කැටයක් වී....

තවත් රනා ආසම ගීයක්. රනා මුළින්ම මේ ගීය ඇහුවේ රනාගේ අතීත ආදරවන්තියකගේ ජංගම දුරකතනයේ Ringing Tone 1 විදියටයි. ඒ හින්දමද කොහෙද රනා මේ ගීයට ගොඩක් කැමතියි. මේ ගීතයේත් ගායකයාව විතරයි රනා දන්නේ. ඒ කසුන් කල්හාර. පද රචකයා සහ සංගීතය කාගෙද කියලා කව්රුහරි කෙනෙක් කියනවානම් ගොඩක් වටිනවා.

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා තරුව වෙලා
මේ ජීවිතේ... මේ ජීවිතේ......

මෙතනින් බාගන්න

තාමත් දුවන මැරතන්

වතුරත් නැතිව,
හිට්ස් ද නැතිව,
කතරක් මැද සිටිනවා සේ හැගෙනා
බ්ලොග් මැරතනේ...

මේ අදින්නේ
අමාරුම හරියයි...

තාමත් දුවන සැමටම ජයම වේවා...