Sunday, January 29, 2012

ආරාධිත අමුත්තෝ.....

 
 
ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ කරන ලද්දේදැයි නිශ්චිතවම පැවසිය නොහැකිමුත් අනාදිමත් කාලයක සිට සිරිතක් ලෙස එය සිදුවෙමින් පවතී. මෙම සිරිත වර්ථමානයේදීත් ක්‍රියාත්මක වන අතර අනාගතයේදීද වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කළ හැක.


මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබන්නේ බොහෝ විට සමාජය විසින් ප්‍රභූන් ලෙස වර්ග කර ඇති කොට්ඨාශයයි. වර්ථමාන ශ්‍රී ලංකාවේදී දේශපාලකයින්, රජයේ ඉහළ මට්ටමේ සේවකයින්, පූජ්‍ය පක්ෂයේ ස්වාමීන් වහන්සේලා, පෞද්ගලික අංශයේ ධනවතුන් වැන්නන් ඉහළ මට්ටමේ උත්සවයන් සදහා ආරාධනා ලබයි. බොහෝ විට ග්‍රාමීය මට්ටමේදි ගමේ ආගමික ස්ථානයේ පූජක උතුමන් වහන්සේ, ගමේ සමාජ සේවකයින්, ගුරුවරුන්, ප්‍රාදේශීය දේශපාලකයින්, ගමේ විශාලතම වෙළද ව්‍යාපාරිකතුමන් යනාදීන් ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබයි. කොයි සමාජ තලයේදී වුවත් එකම කාණ්ඩයකට අයත් වන පුද්ගලයින් (උදා. ආගමික, දේශපාලන, ව්‍යාපාරික) මෙලෙස ආරාධිතයන් ලෙස පැමිණෙන බව දැකිය හැක.


අද දවසේ මෙම ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙලෙස පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ භූමිකාව පිළිබදවය. බොහෝ විට සංවිධායක මණ්ඩලය මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ප්‍රභූන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන්නේ තමන්ගේ උත්සවයට ඔවුන්ගේ පැමිණීම මගින් ආලෝකයක් එකතු කරගැනීමට වේ. එමෙන්ම සමාජයේ ප්‍රභුන් යැයි පිළිගැනෙන පුද්ගලයින් තමන්ගේ උත්සව සභාවට සම්බන්ධ වීමෙන් තම උත්සවයේ වටිනාකම වැඩිවෙන බව බොහෝවිට සංවිධායක මණ්ඩලයේ යටිහිතේ පැළපදියම්ව තිබෙන කරුණක් වේ. සැබෑම කරුණ නම් බොහෝවිට ආරාධනා පත්‍ර නිර්මාණය කරගෙන සහ බොහෝ වෙහෙස වී ප්‍රභූන්ට එම ආරාධනා පත්‍ර පිළිගන්වමින් ඔවුන්ව සම්බන්ධ තම උත්සවයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්නේ ඉහතින් සදහන් කළ කරුණු හේතුවෙනි.


එළෙසින් ආරාධනා ලබනා පුද්ගලයින්ගෙන් එම උත්සව සභාවට අවශ්‍ය, එහි සංවිධායකයින් බලාපොරොත්තුවන ආලෝකය නොලැබේ නම් එය ඉතාම කණගාටුවට කරුණකි. උදාහරණයක් ලෙස යම් කිසි උත්සවයකට සහභාගීවන ප්‍රධාන ආරාධිත අමුත්තා නොපැමිණීමෙන් හෝ ඉතා කෙටි කාලයකින් එම උත්සව භූමියෙන් පිටව යාමෙන් එකී සංවිධායකයින් විසින් දරණ ලද මහන්සිය යම් තරමකට හෝ අපතේ යාම සිදුවන බව ලේඛකයාගේ මතයයි. මෙම ලිපිය කියවන ඔබද එම අත්දැකීම ජීවිතයේ එක වාරයක් හෝ සමහරවිට බොහෝවාරයක් අත්දැක තිබෙනවා වෙන්නට ඇති ඉඩ ඉතාමත්ම ඉහළ වේ. ලේඛකයා විසින් මූලිකත්වය ගෙන හෝ සහසම්බන්ධවී සංවිධානය කරන ලද බොහෝ අවස්ථාවලදී මෙය සිදුවී ඇත. එම ප්‍රභූවරයා අතිශය කාර්ය බහුල පුද්ගලයෙක් නම් එලෙස උත්සවය අතර මැදදී පිටව ගියාට කම් නැත. නමුත් එසේ නොවේනම්? 


බොහෝවිට මෙලෙස ආරාධිත අමුත්තන් පිටව යාම හේතුවෙන් සිත් තැවුල් ඇතිවන්නේ උත්සව අවස්ථාවකදී ගායනය, නර්තනය වැනි අංගයන්ගෙන් උත්සවය රසවත් කිරීමට සූදානම්ව සිටිනා පිරිසටය. ලේඛකයාගේ අත්දැකීමකින්ම එය විස්තර කිරීම අපහසු නොවන්නේ එවන් අත්දැකීම් ඔහුගේ ජීවිතයේ අනන්තවත් ඇති බැවිනි. මේ එවන් එක් අත්දැකීමකි.


ලේඛකයා දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. මීට වසර කීපයකට (මහ විශාල ගණනක් නොවේ) පෙර ඔහු ඉගැන්වීම සිදුකරනා දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන ලෙසට ආරාධනා කරන ලද්දේ රටේ ඉහළම පුද්ගලයෙකු හටය. මේ උත්සවය නැටුම් දෙකකින් සහ එක් ගීතමය අංගයකින් රසවත් කිරීමට සූදානම් කරන ලද්දේ ප්‍රධාන අමුත්තා  ලෙස පැමිණෙන පුද්ගලයා සැබවින්ම අතිශය කාර්ය බහුල පුද්ගලයෙකු වූ බැවිනි. එම නර්තන අංගයන් සහ ගීතමය අංගය පුහුණු කිරීම භාර වූයේ ලේඛකයාට සහ තවත් ගුරුවරියන් දෙදෙනෙකු හටය. ඔවුන් තිදෙනාම එම අංගයන්හි සිටි දරුවන්ට පැහැදිලි කරන ලද්දේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන්නේ අහවල් පුද්ගලයා බැවින් දහම් පාසලේ තත්වය සහ ගෞරවය රැකෙන පරිදි එම කටයුත්ත ඉතා විශිෂ්ඨ ලෙස සිදු කළ යුතු බවය. ගුරුවරුන්ගේ අදහස සහ ඉල්ලීම පිළිගත් ළමුන් තම උපරිමය ඒ ඒ අංගයන් වෙනුවෙන් ලබා දුනි. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි පුද්ගලයා උත්සවය ආරම්භ කිරීමට නියමිත වේලාවට වඩා ස්වල්ප වේලාවක් (මිනිත්තු 30ක් පමණ) ප්‍රමාදව පැමිණිය අතර ඉතාම කෙටි කථාවක් පවත්වා ත්‍යාග දෙක තුනක් වේගයෙන් දී උත්සව සභාවෙන් පිටව ගියේ තමන් ඉතා කාර්ය බහුල බැවින් තවත් ස්ථාන කීපයකටම යා යුතු බව ප්‍රකාශ කරමිනි. ගැටළුවක් නැත. ඔහු සැබවින්ම කාර්ය බහුල බව සත්‍යයකි. 
නියම සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. අසවල් පුද්ගලයා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන බව ආරාධනා පත්‍රයේම පැහැදිලිව සටහන් කොට තැබූ නිසා ආරාධනා පත්‍ර භාර දුන් අනෙකුත් සියළුම ආරාධිතයෝද පැමිණ සිටියහ. එම ප්‍රධාන අමුත්තා උත්සව සභාවෙන් පිටව ගිය පසු අනෙකුත් බොහෝ ආරාධිතයෝද උත්සව සභාව හැර ගියේ එදිනට යොදාගත් වැඩ රාශියක් ඇති බැවින් තමන්ද අතිශයින් කාර්ය බහුල යැයි ප්‍රකාශ කරමිනි. සැබෑම කරුණනම් ඔවුන් සැවොම වාගේ පැමිණ සිටියේ ප්‍රධාන අමුත්තාට තමාගේ මූණත්තහඩුව පෙන්වීමට මිසක් උත්සවය සදහා නොවේ. "ප්‍රධාන අමුත්තා පිටව ගිය බැවින් අපිත් යනවා " කියා යන්නට තරම්වත් සදාචාරයක් ඔවුන්ට නොවූ අතර ඔවුන් ප්‍රකාශ කළේ "අතිශය කාර්යබහුල බැවින්" එම ස්ථානයෙන් පිටත් වන බවයි. ප්‍රධාන අමුත්තා පිටව ගොස් වැඩි වේලාවකට මත්තෙන් වේදිකාවේ ඉදිරිපෙළ ආසන පේළි දෙකම හිස් වූයේ පැමිණ සිටි සියළුම ආරාධිත අමුත්තන්ගේ අතිශය කාර්යබහුලත්වයට පින් සිදු වන්නටය. 
අවසානයට තිබූ නර්තන අංගයේ සිටි එක් කටකාර සිසුවෙක් කීවේ "සර්, අපි නැටුවේ හිස් පුටුවලටනේ!!!" කියලාය. ගුරුවරුන් වශයෙන් ලේඛකයා සහ අනෙත් ගුරුවරියන් තිදෙනා නිරුත්තර විය. එම දරුවාගේ කතාවේ සත්‍යයක් තිබේ. ඔවුන් තම නර්තන අංගය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධාන ආරාධිතයා ප්‍රමුඛ ආරාධිතයන් නොමැති හිස් පුටුවලටය. එම කුඩා සිසුවා එළෙස වචනවලින් මුදා හරින ලද්දේ ඔහුගේ හිතට දැනුන ආවේගයයි. ලේඛකයා එම ප්‍රකාශයේ වරදක් නොදකී. අගතියට පත්වන්නට කව්රුවත් කැමති නැත.
මේ එක සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් තව කොපමණ ප්‍රමාණයක් මේ සමාජය තුළ වර්ථමානයේ සිදුවෙනවා ඇත්ද?


තවත් ඉතාම කෙටි සිදුවීමක් ලේඛකයාගේ මතකයට නැගේ. මෙයටත් ලේඛකයා කෙළින්ම සම්බන්ධය.
තමා දැනට සිදු කරන රැකියාව සහ ඒ ආශ්‍රිත සමාජ සම්බන්ධතා හේතුවෙන් මාසයකට දෙතුන් වතාවක්වත් ප්‍රධාන කෙසේ වෙතත් ආරාධිත අමුත්තෙකු ලෙස උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ලේඛකයාට සිදුවේ. මෙම සිදුවීම සිදුවූයේ එළෙස ඔහු පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අවස්ථාවකය.  මෙම විදුහල ග්‍රාමීය විදුහලකි. සුපුරුදු පරිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අනෙකුත් ආරාධිත අමුත්තන් බොහෝ දෙනෙක් ක්‍රීඩා උත්සවය ආරම්භ වී මද වේලාවකින් පිටව ගිය අතර වේදිකාවේ ඉතිරි වූයේ ලේඛකයා සහ අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණි. එම විදුහල්පතිවරයා සහ විද්‍යාලය සමග සාර්ථක පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගැනීමට එම දිනයේදී ලේඛකයාට හැකිවූ අතර අවසානයේ "ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වී" ප්‍රධාන ජය සංඛේතය ප්‍රදානය කරන ලද්දේද ලේඛකයා විසිනි. මෙය මහා ලොකු දෙයක් නොවේ. නමුත් එම සිද්ධිය ලේඛකයා ජීවත්වන ප්‍රදේශයේ දින කීපයක් සාකච්ඡාවට බදුන් වූ අතර එම සිදුවීම  ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට බදුන් වීමටද හේතු විය. වැදගත්ම කරුණ නම් එළෙස ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුද එදින එම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් වීම සහ තමන් කාර්ය බහුල බව ප්‍රකාශ කරමින් උත්සව භූමියෙන් පිටත් වූවන් වීමයි. එම සිදුවීම ලේඛකයාට කිසිදිනෙක අමතක නොවනු ඇත.


මේ ලිපිය කියවන ඔබෙන් ලේඛකයාට ඉල්ලීමට ඇත්තේ එකම එක ඉල්ලීමකි. සමහරවිට මෙය කියවන ඔබ නුදුරු අනාගතයේදී ආරාධිත අමුත්තෙකු ලෙස උත්සවයකට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින්නෙකු විය හැකිය. සෑමවිටකම හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීමට උත්සාහගන්න. මන්ද යත් ආරාධිතයෙකු ලෙස හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීම මගින් ඔබට එම අවස්ථාව සංවිධානය කළ සහ ඔබට ආරාධනා කළ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කළ හැක. සමහරවිට ඔවුන් ඔබෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ හැක. හැකි සෑමවිටම එවන් ඉල්ලීම් ඉවත නොදැමීමට කාරුණික වන්න. එවන් අවස්ථාවක් සදහා සූදානම්ව සිටීම වැදගත් වේ. තමන් සහභාගී වන උත්සව අවස්ථාවේ ස්වභාවය පිළිබදව කල් ඇතුව දැනුවත් වීම මගින් මෙම සූදානම ලබාගත හැක.


එසේනම්, ඊළග වතාවේදී හෝ ආරාධිත අමුත්තෙකුගේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමට පාඨක ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්‍ය සහ ප්‍රඥාව ඇති වේවායි ලේඛකයාගේ එකම පැතුමයි.

ජය වේවා!!!



පිංතූරය උපුටාගත්තේ මෙතැනිනි...

18 comments:

  1. හැබෑ කතාව... 2002 දී දවසක් අපේ ඉස්කෝලේ මොකක්දෝ උත්සවේකට ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සනත් එනවයි කිව්ව හන්දා ඒ උත්සවේට මාත් ගියා.(පොඩි කාලේ පොඩි ආසාවල්නේ) මතක විදිහට උත්සවේ තිබ්බෙත් ඉස්කෝලේ නිවාඩු දවසක. අනේ අන්තිමට සනත් නෑ. එයාට එන්න වෙන්නේ නෑ කියලා ලියුමක් එවලා තිබ්බා. කවුදෝ එකෙක් ඒක කියෙව්වා. මට අයියෝ කියලා හිතුනා :D

    ReplyDelete
  2. ආරාධිතයො ගැන නම් වෙලාවකට එපා වෙනවා. එයාලා කාර්යබහුලයි කියලා පෙන්වන්න පරක්කු වෙලා එනවා. උත්සවේට මහන්සි වුනු අය එයාලා එනකන් උත්සවේ පටන් නොගෙන බලන් ඉන්න වෙනවා.. ඇවිල්ලත් පැයගානක් දේශනය කරන අය බොහොමයක් මම දැකලා තියෙනවා. එතකොට න්‍යාය පත්‍රයෙ පිළිවෙලට වැඩ සිදුවුනත් වෙලාව අමතක කරන්න වෙනවා..

    ReplyDelete
  3. යන්තං ඇති ආයේ ලියන්න ගත්තට පස්සේ කියවන්න පුළුවන් ලිපියක් ලියලා..:D:D:D

    වටින කියන අදහස් ඇති ලිපියක්..ඒත් රනාට තව එහෙං මෙහෙං කරුණූ ටිකක් අතෑරිලා තියෙන වගක් පේනවා... එයින් එකක් තමා අර ආරාධිත අමුත්තන් සහභාගී කරවා ගැනීමේ අරමුණු.. රනා මෙතනදී පෙන්වලා දීලා තියෙන්නේ කරුණූ දෙකක් විතරයි...හරියටම බැළුවොත් එක කරුණම දෙපාරක් කියලා වගෙයි මට පේන්නේ..ඒත් ඔයිට වඩා ප්‍රධාන කරුණූ තියෙනවා..ඒ අතරින් ප්‍රධානම දෙයක් වන්නේ ලොකු කුට්ටියක් කඩා ගැනීම..තමුන්ට එක දා ගැනීම...වැනි දේ.. ඒ කියන්නේ මෙහෙමයි..

    අපි හිතමු අවුරුදු උත්සවයක්..එහෙමත් නැත්තම් සල්පිලක්.. විවෘත කිරීමක් වැනි දේකදී එයට සහභාගී වන ආරාධිත අමුත්තා ලවා එම කටයුත්තට ‍ලොකු ආධාරයක් ලබා ගැනීම.. මං මේක විස්තර කරන්න උවමනා නැහැයි කියලයි හිතන්නේ.. ඕක කොතැනත් සිදුවන දෙයක්..සමහර විට ඒක මුදලක් වෙන්නත් පුළුවන් නැතිනම් එවන් වෙනත් උදව්වක් වෙන්නත් පුළුවන්..අපි හිතමු ලොකු වැඩක් පටන් ගන්න කොට එම වැඩට අතර මගදී බාධාවිය හැකි කරුණක් වැලැක්විය හැකි අයකු සිටිනවා කියා..අන්න ඒ වෙලාවට පටස් ගාලා ඔහුට ආරාධනා කරනවා මේකට..එතකොට අර මනුස්සයා ඇවිත් පොඩ්ඩක් දර්ශනේ එහෙම දාලා අර තමුන්ගෙන් එල්ල වෙන්න තියෙන බාධාව ඉවත් කර ගන්නවා..

    අනිත් දේ තමා එක දාගැනීම.. ඔන්න ගමේ පන්සලේ දායක සභාව විසින් මොනවා හරි වැඩකට අත ගහනවා..ඊට පස්සේ එතන ඉන්න සභාපතිලා ලේකම්ලා මොකද කරන්නේ දුවං ගිහිං මේකේ අරාධීත අමුත්තා හැටියට තමුන්ගේ දේශපාලන පක්ෂයේ ලොක්කෝ උස්සං එන්න දගලනවා..ඒ වෙන මොන කෙංගෙඩියකටවත් නෙවෙයි තමුන්ට එක දාගන්න..සාමාන්‍යයෙන් දේශපාලකයොත් ඔය ඕන කෙහුරකට යන්න කැමතියිනේ.. ඉතිං අර වගේ ආරාධනාවන් වැඩි වැඩියෙන් කරලා දේසපාලකයින්ව ගෙන්න ගන්න අර දායක සමිතියේ ලොකු පුටුවල අය ඊ ලගට කරන්නේ ඒ හරහා එක දාගෙන තමන්ගේ පෞද්ගලික උවමනාවන්ට අර දේසපාලකයාගෙන් උදව් ලබා ගැනීමට තැත් කිරීම...

    ඔන්න ඔය වගේ කරුණූ කාරණා ගොඩක් තියෙනවා ඔය ආරාධිත අමුත්තන් සහභාගී කරවා ගැනීමේදී බලපාන..රනා කිව්ව කාරණාවම නෙවෙයි ඔතනදී ප්‍රධාන වෙන්නේ මේ කරුණූත් බලවත්..ඒත ඉස්සරහට දාන්නේ අරක නම් තමා..ඒ වගේම ඉස්සරත් උනා..අදටත් වෙනවා වගේහ ඉස්සරහටත් ඕවා වෙයි..ඒත් පෞද්ගලිකව මම කැමතියි ඔය ආරාධිත අමුත්තා කියන චරිතය නිසා උත්සව අදුරු කරගන්නේ නැතිව වැඩ කරන අනාගතයක් ඉදිරියට ඇති වෙනවනම්... වැඩ කරන්නේ කවුරුවත්... ඇවිත් ලකුණූ දාගන්නේ කවුරුවත්.. ඒ මදිවට ඒ අය හින්දා අර කරන වැඩේ අලංකාරේ විනාස වෙන එකයි වැඩි වෙලාවට වෙන්නේ..එයිට වඩා හොදයි තමනුගේ වැඩ තම තමුන්ම දායක වෙලා කරගෙන යන එක..ඒත් වාසි බලංම දුවන ලොකේ ඕවා නවතින එකක් නම් නැහැ...

    සම්පූර්ණ ලිපිය ගැනම කතා කරන්න දේවල් හුගක් තියෙනවා ඒත් එහෙම උනොත් මගේ කමෙන්ට් එක පෝස්ට් එකට වඩා දිග්ගැස්සෙන්න ඉඩ තියෙනවා.. කොහොම උනත් මෙහෙම ලිපි වැඩි වැඩියෙන් උවමනා කරන මොහොතක මෙවැන්නක් ලිවීම ගැන රනාට මගේ ආචාරය...

    (හැබැයි තොට චන්දෙනං දෙන්නේ නැහැ..හරිය..)
    -අළුත් ලේබලය යට‍තේ...

    ReplyDelete
  4. මට නම් ඔය මොකා ඇවිත් ගියත්.. අලි දිග කතා කරන් නැත්නම් ඒ ඇති..

    ReplyDelete
  5. Kawda me kiyana lekakayaaaa ???
    Monawa unath lekakaya kiyana kathaawa atta. Sinhalen kotanna pahasukam Natha !! Samawanna

    ReplyDelete
    Replies
    1. http://www.google.com/transliterate

      ලින්ක් එක පාවිච්චි කරන්න

      Delete
  6. ඔය කවුරුවත් බලාපොරත්තු වෙන එක නම් මෝඩ වැඩක් මම නම් හිතන්නේ! ඊට වඩා හොඳයි ආයතනයේ ප්‍රධානියා ව මූලික කරගෙන ඔයුඅ දේ කරන එක. මොකද ඔය මිනිස්සුන් ව ගෙන්නන්නෙත් අමතර බලාපොරොත්තු ඇතුවනේ!

    ReplyDelete
  7. එළැ... ඒවගේම “වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ“ විට අමුත්තාව සභාවට එපාකරවන එව්වෝද සිටිත්.

    ReplyDelete
  8. ආරාධිත අමුත්තෝ නැති තරමට හොඳයි. VIP ල එනකොට චෙක් කරන්නයි, ඊට පස්සේ එයාලගේ කතා අහන් ඉන්නයි ...අයියෝ මොන වදයක්ද

    ReplyDelete
  9. කතාව ඇත්ත. මොන තරම් වැඩ තිබුණත් උත්සවයකට ගියොත් එතන අවසානය දක්වා ඉන්න එක තමයි හොදම. ඔය වරුගනන් කතා කරන එක තරම් එපා වෙන තවත් දෙයක් නැහැ. බොහොමයක් උත්සව වලට දෙමව්පියන් තමන්ගේ වැඩ පාඩු කරගෙන එනවා දරුවා අහවල් ප්‍රසිද්ධ කෙනාගෙන් තෑගි ගන්නවා බලන්න. (මෙක මම අනුමත කරන්නේ නැහැ කාගෙන් ගත්තත් වෙනසක් මා දකින්නේ නැහැ.) එත් වෙන්නේ තේරුමක් නැත කතාවක් කරලා ප්‍රධාන ආරාධිත අමුත්තා පිට වෙලා යනවා.
    අපේ රනා අයියා මන්ත්‍රිතුමා වුනාමත් එහෙම වැඩනම් කරන්න එපා...

    ReplyDelete
  10. අපි රනාට . . . රනා අපිට . . . . !!!

    උඹ ඉල්ලපං මචෝ චන්දෙ . . . අපි පුල් සපෝට්

    ReplyDelete
  11. මම නම් ආස නෑ දේශපාලකයින් උත්සව වලට සහභාගි වෙනවාට.... මා පුද්ගලිකවම දන්නා කෙනෙකු හැර මා විසින් සංවිධානය කරනු ලබන උත්සව වලට දේශපාලකයින් හෝ ලොක්කන් ගෙන්වාගැන්මට මා ආසා නෑ..
    .හේතු ගානක් තියෙනවා....මං ඉන්න කන්තෝරුවෙ ඉන්න ලොක්කෙක් ලංකාවෙ සිංහ සමාජ වල ලොකු පුටුවක්..ඔවුන් කරන වැඩ වල සියයට විස්සයි අවුට්පුට් එක..අනික් සල්ලි කන්නයි බොන්නයි විනෝද වෙන්නයි උත්සව සංවිධානය කරන්නයි තමා වියදම් වෙන්නෙ...ඔවුන් යම් කොට්ටාසයකට යම් උදව්වක් කලොත් ඒ සිදුවීම පත්තරේ දා ගැන්ම ටී වී එකේ දා ගැන්ම දක්වා විතරයි ඔවුන්ගෙ උනන්දුව...
    මා කියන්නේ නෑ ඒ හැමෝම බදාගන ඉන්න ඕනි කියල..නමුත් අපි තැනකට ගිහින් එතන මිනිහෙක් ඒ සිස්ටම් එකට පොඩි සප් එකක් ඉල්ලුවම අපිට පුලුවං දෙයක් නම් සටස් ගාල දෙන්න පුලුවං වෙන් ඕනි..ඒතෙ ගොඩක් අයට අමතක වෙනව ආයෙ ගෙදර ආවම ඒ කිසි දෙයක්..

    ReplyDelete
  12. ප්‍රතිපත්තියක් ලෙස අපේ පාසලට කවදාවත් දේශපාලුවෝ ප්‍රධාන ආරධිතයින් විදිහට ගෙන්නුවේ නෑ! ඒත් සමහර පාසල්වල උදවිය ලොකු ලොක්කන්ට ආරාධනා කරලා ඒ උදවියගේ ආරක්ෂාවට කියල දවස් දෙක තුනක් ඉස්කෝල වහලා පොලිස් බල්ලෝ ගෙනල්ලා ඩෙගා නටලා අන්තිමේදි අර එනවා කියපු උදවිය පොල්ල තියපු අවස්ථා/ඒ නිසා අර ළමයින්,විදුහල අපහසුතාවයට පත්වුන අවස්ථා මං පුද්ගලික දන්නවා...

    ReplyDelete
  13. අපෙත් ඉස්කෝලෙකට එක පාරක් ආවා මහ ඇමති කෙනෙක් උත්සවේට.. මටයි තිබුනේ පිළිගන්නත්.. එයා එද්දි පැය දෙකක් පරක්කුයි.. උත්සවෙත් භාගයක් ගිහින්..

    ReplyDelete
  14. 1970 දශකයේ අග භාගයේ සිට මම වසර 5 ක් පමණ ගුරු වෘත්තියේ සිටියා. (පසුව වෙනත් වෘත්තියකට ගියා.) ගුරුවරයකු ලෙස සේවය කළ කාලයේ මාගේ හැකි උපරිමයෙන් සේවය කළා. අදටත් මට සමාජයේ විවිධ මට්ටමේ සිටින මගේ පැරණි ගෝලයන් හමුවෙනවා. මගේ බිරිඳ ගුරුවරියක්. මේ මෑතකදී ඇය උගන්වන විෂයයට අදාලව ළමුන්ගේ දැනුම මිනුම තරගාවලියක් තිබුනා. එය අවසානයේ තෑගී බෙදාදීමේ උත්සවයේ ඡායාරූප ටිකක් රැගෙන දෙන්නයි බිරිඳ මගෙන් ඉල්ලුවා. මම ඒ සඳහා ගියා. උත්සවය තිබුනේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ. උත්සවය උදේ 8.30 ට කියා බිරිඳ කියූ නිසා ඇයද කැටුව මම එතනට ගියේ 7.40 ට. 9.30 ටත් ආරාධිත අමුත්තන් කිසිවෙකුත් නැහැ. ප්‍රධාන අමුත්තා ප්‍රාදේශීය සභාවේ සභාපතිලු. ඔහු කවුදැයි මා දැන සිටියේ නැහැ. අනෙක් ආරාධිත අමුත්තන් වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ 9.20 ට ආවා. නමුත් අමුත්තන් පිළිගැනීමේ ස්ථානයට නොපැමිණ ප්‍රධාන අමුත්තා එනතුරු බලා සිටියා. වරින් වර ඔහුට දුරකථන ඇමතුම් දෙමින් ඔබතුමා කොහෙද යනුවෙන් බැගෑපත්ව විමසනු ඇසුනා. අපි ඔබතුමා අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. ඔවුන් කියනවා මා අහගෙනයි. අවසානයේදී ඔහු නැතුව උත්සවය ඇරඹුනා. මම මගේ කොටස ඉටුකළා. උත්සවය අවසානයේ ගුරු මහත්මියක් ස්තුති කතාව අරඹන විට ප්‍රධාන අමුත්තා ආවා. අර අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඉතා ගරුසරු ඇතුව ඔහුව පිළිගත්තා. මා දුටු වහාම ප්‍රධාන අමුත්තා මා වෙත පැමිණ මට දණගසා වැන්දා. බලනකොට ඔහු මගෙන් ඉගෙනගත් ගෝලයෙක්. නමුත් මට මතක නැහැ. ඔහු මා ගැන ලොකු වර්ණනාවක් අර ලොක්කන් දෙපොළට කළා. නමුත් මේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් බැගෑපත්ව බලා සිටියේ කවුරු එනතුරුද? උසස්පෙලවත් සමත් නැති දේශපාලකයකු එනතුරු. ඔවුන් දෙන්නා සුදුස්සන් සිටියදී දේශපාලන හයියෙන් ඒ තනතුරු වලට පත්වූවන් බව මා දැනගත්තේ පසුවයි.

    ReplyDelete
  15. හප්පා මට මතකයි අපේ ඉස්කෝලෙට අපේ *යා මහත්තයා ආපු දවස . නටලා ගයලා බිම පෙරලිලා එතුමාව පිලිගත්ත හැටිත් මට මතකයි .

    ReplyDelete
  16. ගෙදර එක්කෙනා එක්ක මොටෝබයික් එකේ වෙසක් බලන්න මොර‍ටුවේ අලුත් පාරේ ගියා දවසක්...ගොඩක් කාලෙට මැද හරියේ තොරනක් තියෙනවා..මගදි දැක්කා ඔලුබක්කෝ නටවන සීන් එකක්...නැවැත්තුවා බලන්න..ආ.ආ..එන්න එන්න මහත්තා කියලා ඉටිපන්දමක් දුන්නා අතට....එකක් ගිනි පෙට්ටිය ගැහුවා මමත් පත්තුකරා.බැලින්නං එතන එහෙමලු හැමදාම..මුලින්ම එන කෙනාලු ඕපන් කරන්නේ....අමුත්තෝ නෑ...මමත් උඩ ගියා මේ සීන් එකට...

    ReplyDelete