Monday, March 26, 2012

කොපි කිරීම.... | How To Copy Properly...

රස්සාවට කම්පියුටර් ප්‍රෝග්‍රෑමිං කරන බුවෙක් දවසක් වෙරළේ ඇවිදගෙන යනවළු.
බුවා ඔහොම යනකොට ටිකක් සයිස් ගෙම්ඹියෙක් වෙරලේ ඉන්නවා දැක්කළු.
බුවාව දැක්ක ගෙම්ඹි පොරට මෙහෙම කිව්වළු.
"ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."
ප්‍රෝග්‍රෑමිං බුවා පට්ට කොරළු ගෙම්ඹිගේ මේ ටෝක් එකට.
පොර ගෙම්ඹිව සාක්කුවේ දාගෙන වෙරළ දිගේ ඇවිදගෙන යනවළු.
ගෙම්ඹි ආයෙත් වතාවක් පොරට කියනවළු "ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."
ප්‍රෝග්‍රෑමිං බුවාගෙං නැල්ලු කිසිම උත්තරයක්.

පොර ගෙම්ඹිව සාක්කුවෙං එළියට අරගෙන ගෙම්ඹි දිහා බලලා හිනාවක් දාලා ආයෙත් සාක්කුවට දාගත්තළු.
ටික දුරක් මෙහෙම යන කොට ගෙම්ඹිට පට්ට මළලු මේකා ඌව කිස් කරන්නේ නැති සීන් එකට.

ඊට පස්සේ ගෙම්ඹියි ප්‍රෝග්‍රෑමිං බුවයි අතරේ සංවාදේ මෙහෙමළු...

ගෙම්ඹි :- ඇයි ඔයා මාව කිස් කරන්නේ නැත්තේ!!!
ප්‍රෝග්‍රෑමිං බුවා :- මම ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. මට Girl Friendලා වයිෆ්ලා එක්ක ඉන්න වෙලාවක් නෑ. ඒත් කතාකරන ගෙම්ඹියෙක් තියාගෙන ඉන්න එක පට්ට ආතල්....

15 comments:

  1. මේ වගේ කතා අපිට අහල පුරුදු රංගයගෙ උගේ ‍ලෝකයෙන්.. රංගයියට කණ කොකා හැඬුවට පස්සෙ දැං මෙන්න රණා පටාං අරං.. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක පැතිකඩක් වෙන්න බැයිද ??

    ReplyDelete
  2. හෙ හේ.... පට්ට ආතල් කතාව, මට නම් ගෙම්ඹියක් එක්ක කතාවකටවත් වෙලාවක් නෑ.

    ReplyDelete
  3. අන්න ජීවිතේ ගැන තේරුම් ගත්ත පොරක්...

    ReplyDelete
  4. ඇත්ත කථාව....අපේ කොම්පැනියෙත් ප්‍රොගැමර් බුවාගේ...එක්කෝ ඕනේ නෑ....මමත් ගෑවෙනවා ඕවට...

    ReplyDelete
  5. වැදෙන තැනකට වැදියං කියල ලීවද මන්ද :-)

    ReplyDelete
  6. මෙන්න අවශ්‍යතාව තේරුම් අරන් වැඩ කරන පොරක් :)

    ReplyDelete
  7. අර කිව්වත් වගේ එල එල:D

    ReplyDelete
  8. හෑපොයි! එහෙනං මට බෑ පෝගැමර් කෙනෙක් වෙන්න. :(

    ReplyDelete
  9. අන්න සිරා පොරක්..

    ReplyDelete
  10. අසරණ ජීවිත අප්පා...

    මම කීවෙ ගෙම්ඹි ගැන ඈ...

    ReplyDelete
  11. මඩයා නැති කලට . . . . .

    ReplyDelete
  12. හික්ස්... ඒක නම් අමූලික ඇත්ත බන් :D

    ReplyDelete