Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!


එක්කෝ හරි යන රෙද්දක් කරන්න ඕනේ ඕයි.
මේ ඡන්ද රෙද්දවල් අතාරින්න ඕනේ ඕයි...
සිරාවට ඕයි...

අද මෙහේ මළගෙයක් ඕයි...

උංව මං දන්නෙත් නෑ ඕයි....
ඒත් යනවා ඕයි...
මූන පෙන්නලා එන්න ඕයි...
මම ගියා කියලා ඌ නැගිටිනවාද ඕයි???
නෑනේ ඕයි...
එහෙනං මොන රෙද්දටද යන්නේ ඕයි???
ඡන්ද ඕයි ඡන්ද....

 තමුසෙට් තේරෙන්නේ නෑ ඕයි...
මළගෙවල් කියන්නේ ඡන්ද උල්පත් ඕයි...

වෙලාවකට මෙහෙම හිතෙනවා ඕයි...
ඡන්දයක් ළං උනාම මං විතරක් ඉතුරුවෙලා,
ආසනේ අනිත් උං ඔක්කෝම මැරිලා ගියානං,
වටේම මළගෙවල් ඕයි!!!

ඒ කියන්නේ ඡන්ද ඕයි....
මං උඩිංම දිනුං ඕයි!!!
ප්‍රාදේශීය සභාවේ සභාපති ඕයි.
 සෙල්ලංද ඕයි...

අම්මටසිරි ඒකම පළාත් සභාවටත් උනානං ඕයි.
ඔක්කොම මැරිලා මං විතරක් ඉතුරුනං ඕයි.

මං මහ ඇමති ඕයි...
පට්ට ඕයී...
මහ ඇමති පට්ටම,
කැබිනට් ඇමතිටත් උඩලු ඕයි!!!
ලේසිද ඕයි???

අඩේ ඒක පාර්ලිමේන්තු මැතිවරණේ උනානං,
ඔක්කෝම උං මැරිලා මං විතරක් ඉතුරුවෙලා ඕයි!!!
හැම තැනම මළ ගෙවල් ඕයි.
ඒ කියන්නේ ඡන්ද ඕයි...
මං අගමැති ඕයි!!!!
කවදා කාපු ටකරංද ඕයි...
රටේ දෙවෙනියා ඕයි!!!


කොහොමද ඕක ජනාධිපතිවරණෙටත් උනානං,
පිස්සු ඕයි...
ඔක්කොම මැරිලා මං විතරයි ඕයි...
මං ජනාධිපති ඕයි!!!
මං ජනාධිපති උනාට රටේ මිනිස්සු මැරිලනං ඕයි.
මට පාලනේ කරන්න කව්රුත් නෑනේ ඕයි.

ඒත් මමයි ජනාධිපති ඕයි!!!

13 comments:

  1. එතකොට මේකයි කේස් එක ඈ??
    :-)

    ReplyDelete
  2. අහ්හ් ඒකයි මේ කට්ටිය ඊයේ එකම ස්ටේටස් දාගෙන හිටියේ...

    සුපිරිම ලියවිල්ලක්...කවියකටත් වැඩිය එහා ගිය නිර්මාණාත්මක ගතියක් වගේම විප්ලවවාදී උපහාසයක්‌ තියනවා....සුපිරිම ලියවිල්ලක්...කතා දෙකක් නැතුව ආයේ කියන්නම්....

    ReplyDelete
  3. පිස්සු නැත්තං සෝක් ඕයි

    ReplyDelete
  4. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  5. මේකනම් නියමෙට ලියලා තියෙනවා..මේක බැලුවමනම් ෂුවර් එකටම පිස්සුද කියලත් හිතෙනවා.

    ReplyDelete
  6. හරි හරි.. ටක්කෙටම ෂුවර්... පිස්සු තමයි.... හි හි

    ReplyDelete
  7. පිස්සු නැතිනම් මිනිස්සු හැමෝම මැරුනාම ඡන්දේ ගැන කතා කරාවිද.....

    ReplyDelete
  8. පිස්සුව උපරිමයි ඕයි....

    ReplyDelete
  9. ආහ්.. මේක මට මිස් වෙලාද කොහෙද.. හි හි

    ReplyDelete
  10. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  11. මේවා කියවලා හොදින් ඉන්න අපිටත් නිකන් පිස්සු වගේ...

    ReplyDelete
  12. පිස්සු කතා කියෝලා දැන් නම් මටත් පිස්සු වගේ ඕයි.....

    ReplyDelete