Saturday, April 4, 2015

අපේ වෙලාව | Why U Waste My Time!



අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ ආයතනය සහ අපි අතරේ සම්බන්ධතාවය වැඩි කරගන්න හරි වගේ දේවල්වලට ඒ අදාළ ආයතනය ක්ෂණිකව සම්බන්ධ කරගන්න පුළුවං ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳං ක්‍රියාත්මක වෙනවා. කස්ටමර් කෙයාර් නම්බර් එක කියලා සිංහලෙන් හඳුන්වන්නේ ඒක. අද අපේ රටේ එක එක සේවාවන් සපයන විශාල ප්‍රමාණයක් ආයතන මේ විදියේ කස්ටමර් කෙයාර් නොම්මරයක් මේන්ටේන් කරනවා. ඒක සෑහෙන්න හොඳ දෙයක්.
හැබැයි මේ අකුරු ටික ලියවෙන්නේ ඒ සේවාවේ තියෙන යහපත ගැන කතා කරන්න නෙමේ. අපි නොදැනුවත්වම කස්ටමර් කෙයාර් හරහා අපේ විනාස කරන කාලය ගැන කතා කරන්න. මේ වැඩේ නරකම විදියට කරන්නේ  දුරකථන සම්බන්ධතා සේවා සපයන ආයතන.
මම ජංගම දුරකථන ආයතන 3ක සහ ස්තාවර දුරකතන ආයතන 1ක සේවාව ලබාගන්නවා. යම් යම් අවශ්‍යතා සඳහා අඩුම තරමෙන් සතියකට සැරයක්වත් ඔය ආයතනවල කස්ටමර් කෙයාර් එකට ඇමතුමක් ගන්නවාමයි. ඒ හැම වෙලාවකම, හැම ආයතනයකින්ම අඩු වැඩි හෝ සමාන වශයෙන් කරන්නේ එකම දේ. අපේ කාලය විනාස කිරීම.
මේක කියවන ඔබ හැමෝම ජීවිතේ එකපාරක් හරි කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇති. ඔබ දන්නවා ඒකේ වැඩේ සිද්ධවෙන විදිය. ඉස්සෙල්ලාම භාෂාව තෝරගන්න ඕනේ. ඊට පස්සේ එන මෙනු එකෙන් අදාල සේවාව තෝරගන්න ඕනේ. ඉස්සරම ඉස්සර නං ඉතා කෙටි කාලයකින් ඔය වැඩේ කරගන්න පුළුවං කම තිබ්බා. හැබැයි අද?
පහුගිය සතියේ ඉඳලා මම ගණං බලපු විදියට අනුව ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් කියන ජංගම දුරකතන ජාල 3ම භාෂාව තෝරන තැන ඉඳලා ප්‍රධාන මෙනුවට එන ටිකට විනාස කරන කාලය විනාඩි එකහමාරකට ආසන්නයි!!!  එකම හේතුව ඔවුන්ගේ වෙළඳ දැන්වීම්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙත් මහ වෙනසක් නෑ.
භාෂාව තේරුවාට පස්සේ ආසන්න වශයෙන් විනාඩියට වැඩි කාලයක් මට කිසිම අවශ්‍යතාවයක් නැති සේවාවක් ගැන විස්තරයක් අහගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රධාන මෙනුවට පිවිසෙන්නේ.
ජංගම දුරකතන සමාගම් වෙළඳ දැන්වීමක් දාගත්තට මගේ අමනාපයක් නෑ. නමුත් මේ විදියට මහා කරදරකාරී විදියට ඒක කරන එක ගැන තියෙන්නේ මහා අප්පිරියාවක්. මොකක් හරි දෙයක් දැනගන්න/කරගන්න ඔවුන්ව ඇමතුවාම විනාඩි එකහමාරක් කෙළිංම විනාස කරනවා.
සමහර අවස්තාවලදී පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ කරනකං විනාඩි හතරක් පහක් උඩබලාගෙන ඉන්න වෙච්ච වෙලාවල් තියෙනවා. ඒකත් එක්තරා අවුලක් තමයි. නමුත් පාරිභෝගික නිලධාරීන් අමතන්න හදන එකම පුද්ගලයා මම විතරක් නොවන නිසා එතන තදබදයක් ඇතිවීම ස්වභාවිකයි.  
සමහරවිට ඔබ මගෙන් අහන්න පුළුවං, ඔය විනාඩි එකහමාර දෙක ඉතුරු කරගත්තා කියලා මොකෝ උඹ රට පෙරට ගෙනියන්නද කියලා. නමුත් ඒ විදියට මගේ කාලය බලෙං විනාස කරන එකට මගේ කිසිම කැමැත්තක් නෑ. එහෙම විනාස කරගන්න මට සතේක උවමනාවකුත් නෑ.
නරකම දේ තමයි මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවං දේකුත් නැතිවීම. මේ ගැන අදාළ දුරකථන ආයතනයට පැමිණිලි කරන එක මට හිතෙන හැටියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මගේ පැමිණිල්ල අහලා මේං කියලා නවත්තයි ඔය ඇඩ් දැමිල්ල...
පාරිභෝගිකයන් වෙනුවෙන් හදපු සේවාවක් හරහා පාරිභෝගිකයන්ව මේ විදියට පීඩාවට පත්කිරීම කවදා නවතීවිද?

17 comments:

  1. කලින් ඩයලොග් එකෙ තිබ්බ හෙල්ප්ඩෙස්ක් කියල එකක්. එකට මසෙජ් එක්ක් ඩාල තිබ්බම එයාල උත්තරෙ එවනව. නත්තන් කොල් කරනව. දැන් නම් එ`ක නැදඩ් කොහෙද

    ReplyDelete
    Replies
    1. එකඟයි. රනා බහුතරයක් ආයතන සමාජ ජාල හා සම්බන්ධ වී ඇති අතර පාරිභෝගික සේවා සහාය Twitter හෝ facebook හරහා *@dialoglk @mobitelSriLanka @EtisalatSL* වෙත ටුවීට් කිරීමෙන් සේවාව වඩාත් ඉක්මනින් ලබාගන්න හැකියි. ඊට අමතරව ඔවුන්ගේ වෙබ් අඩවි වල චැට් සේවාව හරහා. ඩයලොග් ආයතනයේ නම් *Dialog Self Service* ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා යම් යම් සීමිත සේවා ලබාගන්න හැකියි.

      Delete
    2. //Twitter හෝ facebook හරහා *@dialoglk @mobitelSriLanka @EtisalatSL* වෙත ටුවීට් කිරීමෙන් සේවාව වඩාත් ඉක්මනින් ලබාගන්න හැකියි.//
      මට ඉන්ටර්නෙට් තියෙන නිසා මම ඔහොම කරගනියි...
      හැබැයි ඉන්ටර්නෙට් නැති සාමාන්‍ය මනුස්සයෙක්ට මොකද වෙන්නේ?
      අවශ්‍ය වෙන්නේ විකල්ප ක්‍රමයකින් එයාලව ඇමතීම නෙමේ මචං,
      මේ මජර සිස්ටම් එක අයින් කරන එක...

      Delete
  2. රනාගේ මම කැමතිම දේශපාලනය ගැන දරන මතය බ්ලොග් වලට නොගේන එක.
    ඒකට මම රනාට සෑහෙන්න කැමතියි.

    ඒක බ්ලොග් කතාවක් නෙමෙයිනේ. මෙන්න මට මේ ගැන කියන්න තියෙන දේ.

    අවාසනාවට හරි වාසනාවට හරි මේ වෙද්දි වෙළඳ දැන්වීම් හරහා සන්නිවේදනයේ ඉහලම තැනට යන්න පුළුවන් කියලා අපි දන්නවානේ. ඒත් අපේ රට වල ඒක කරන්න කිසිම ක්‍රමවත් බවක් නෑ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න අපේ මිනිස්සු කැමති වෙලා. සාමාන්‍යෙන් ඇඩ් එකක් කරන මිනිස්සු බුද්ධිමත්ව ඒ දේ කරන එකේ අවුලක් නෑ. අපිටත් ආසාවක් ඇතිවෙනවානේ. ඒත් දැන් ඒක අර බලෙන් ඇඟේ ගහන්න ගිහින් චොර කරගෙන.

    දැන් ඔය මොබයිල් කම්පැනි දන්නවා අපි ඒ වේටින් ටයිම් එකේ ඕක අහන්නම ඕනේ කියලා. උන් එතනදි අපේ අයිතිවාසිකම් බලෙන් උදුරගෙන අපිට බලෙන් ඒක අස්සවනවා. ඒක වැදගත් විදියට කරගන්නවත් උන්ට අවබෝධයක් නෑ.
    ඒකයි මේ වෙන්නේ.

    මම ඉන්න රටෙත් උදේ ඉඳන් රෑ වෙනකම් කෝල්ස් එනවා එක එක ටෙලි ප්‍රමෝටින්. කොටින්ම මම මේ ඊයේ පෙරේද ගෙදර නම්බර් එකත් මාරු කලා වදෙන් බේරෙන්නම. ඒත් පටන් ගනිඩ්දිම කිව්වම මට අව්ශ්‍යතාවයක් නෑ කියලා සමහර එවුන් ඇපොලජි කරලා තියෙනවා සමහර එවුන් අපිට බලෙන් කවන්න. එතකොට නම් මම ෆෝන් එතික්ස් පැත්තකින් තියලා බනිනවා. මොකද ඒ කෝල්ස් කොහේ හරි සිස්ටම් එකක රෙකෝඩ් වෙන හින්දා අපිට පුළුවන් එහෙම කරන්න. (ප්‍රයිවසි රයිට්ස් යූස් කරලා.) ඒත් මේක යුරෝපය. ලංකාවේ එහෙම ඒව තියෙනවද මම දන්නේ නෑ.

    අනික ඔය දැන්වීම් දෙන්න පුළුවන් අපිට හෙල්ප් ඩෙස්ක් ගිහින් අපේ හෙල්ප් ඒජන්ට් එනකම්. එතකොට ඔබට උනත් ඒක ගැන අවුලක් හිතෙන්නේ නෑ. (උන් පැය ගානක් එහෙම කරනකොටත් ඉතින් තද වෙනවා. මෙහේ වෙන්නේ අන්න ඒක.)
    අනික බිස්නස්/ප්‍රොෆෙසනල් යූසර් කෙනෙක් වුනාම වෙනම නම්බර් එකක් තියෙනවා කතා කරන්න අර වේටින් මොකුත් නැති. අපිට පුළුවන් වැඩි බිලක් ගෙවලා හරි ඒකට සෙට් වෙන්න)

    ඊගාවට මේ ඇඩ්වර්ටයිසින් වල හිස්කම. අඩු ගානේ ලංකාවේ ඇඩ් එකක සමාජයට මැසේජ් එකක් දෙන ඇඩ්වර්ට් කීයක් තියෙනවද කියලා හිතන්න?
    මම මේ ඊයෙ අපෙරේද දැකපු එකක් තමයි අර ඇඩික් එකෙන් කරපු ඒප‍්රිල් ෆූල්ස් ස්මෝකින් එක.
    සිගරට් බොන හැම එකාම මෝඩයෝ..... හා ඒ සම්බන්ද කතා.
    මුන්ට මීට වඩා එකම එක අදහසක්වත් ආවේ නැද්ද? ( මම නම් ඇඩික් එකේ ඉන්න ලොක්කෙක් ෆේස්බුක් එකේ ඉන්නවා ඌ ඕවා දාපු ගමන් ගිහින් හිනා වෙනවා.) අඩු ගානේ ල්කොකු දෙයක් කරනන් බැරිවුනත් ඒකෙන් හරි උන් හිතන්න ගනියි මේව පට්ට මෝඩ ඇඩ්වර්ට් කියලා.
    දුමීම නැති කරන්න හෝ අඩු කරන්න ඔයිට වඩා කොයි තරම් නිර්මානාත්මක ඇඩ්ස් හදන්න පුළුවන්ද?
    වටිනා කියන සටහන ලිව්වට බොහොම ස්තුතියි රසික....
    දිග වැඩි නම් සමා වෙන්න

    ReplyDelete
    Replies
    1. //රනාගේ මම කැමතිම දේශපාලනය ගැන දරන මතය බ්ලොග් වලට නොගේන එක.
      ඒකට මම රනාට සෑහෙන්න කැමතියි.//
      හා... :-)

      //මම ඉන්න රටෙත් උදේ ඉඳන් රෑ වෙනකම් කෝල්ස් එනවා එක එක ටෙලි ප්‍රමෝටින්. කොටින්ම මම මේ ඊයේ පෙරේද ගෙදර නම්බර් එකත් මාරු කලා වදෙන් බේරෙන්නම. ඒත් පටන් ගනිඩ්දිම කිව්වම මට අව්ශ්‍යතාවයක් නෑ කියලා සමහර එවුන් ඇපොලජි කරලා තියෙනවා සමහර එවුන් අපිට බලෙන් කවන්න. එතකොට නම් මම ෆෝන් එතික්ස් පැත්තකින් තියලා බනිනවා. මොකද ඒ කෝල්ස් කොහේ හරි සිස්ටම් එකක රෙකෝඩ් වෙන හින්දා අපිට පුළුවන් එහෙම කරන්න. (ප්‍රයිවසි රයිට්ස් යූස් කරලා.) ඒත් මේක යුරෝපය. ලංකාවේ එහෙම ඒව තියෙනවද මම දන්නේ නෑ.//
      මෙහේත් එහෙම්මම තමයි...
      හැබැයි අපි සර්විස් ප්‍රොවයිඩර්ට කතා කරලා ඕක නතර කරගන්න පුළුවං...
      මොබිටෙල් එකෙන් සාමාන්‍ය නම්බර්වලින් කෝල් කරලා ඇඩ් දාද්දි,
      මම කස්ටමර් කෙයාර් එකටම අමතලා පැහැදිලි කරලා කිව්වා ඕක එපා කියලා...
      එදායින් පස්සේ සාමාන්‍ය නම්බර්වලිං කරන ප්‍රොමෝෂන් ආවේ නැහැ...

      //අනික බිස්නස්/ප්‍රොෆෙසනල් යූසර් කෙනෙක් වුනාම වෙනම නම්බර් එකක් තියෙනවා කතා කරන්න අර වේටින් මොකුත් නැති. අපිට පුළුවන් වැඩි බිලක් ගෙවලා හරි ඒකට සෙට් වෙන්න//
      මම මෙහෙම එකෙක් නෙමේ...

      //ඊගාවට මේ ඇඩ්වර්ටයිසින් වල හිස්කම. අඩු ගානේ ලංකාවේ ඇඩ් එකක සමාජයට මැසේජ් එකක් දෙන ඇඩ්වර්ට් කීයක් තියෙනවද කියලා හිතන්න?//
      මේක අපේ ඇඟ ලේ මස්වල ඉඳලා තියෙන අවුලක්ද කොහෙද...
      සමාජයට පණිවිඩයක් දෙන ගමං,
      තමන්ගේ අයිටම් එක ප්‍රොමෝට් කරගන්න්න ඇඩ්,
      අපේ රටේ ජීවිතේටම දැකලා තියෙන ගාණ,
      එක අතක ඇඟිලිවලිං ගනින්න පුළුවං...

      //දිග වැඩි නම් සමා වෙන්න//
      කිසි අවුලක් නැහැ...
      රටෙන් පිට ඉන්න, වෙන සිස්ටම් අත්දකින අයගේ අදහස් ඉතා වැදගත්...
      ඔබේ අත්දැකීම් මට නැහැ...
      ඒ නිසා මේ වචන වටිනවා...
      කමෙන්ට් එක දිග උනා කියලා ප්‍රශ්නයක් නැහැ... :-)

      Delete
  3. press ahead the option number නැද්ද?
    ඒ කියන්නේ ඔබ දන්නවා නම් මුලින් කියන්නේ සිංහල දෙමල ඉංගිරිසි තෝරන්න කියලා ඒ පණිවිඩය මුළුමනින්ම අහලා අවසන් වෙනතුරු ඉන්නේ නැතුව කෙලින්ම අවශ්‍ය අංකය එබුවොත් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ ඔබ දන්නවා නම් මුලින් කියන්නේ සිංහල දෙමල ඉංගිරිසි තෝරන්න කියලා ඒ පණිවිඩය මුළුමනින්ම අහලා අවසන් වෙනතුරු ඉන්නේ නැතුව කෙලින්ම අවශ්‍ය අංකය එබුවොත් මොකද වෙන්නේ?//
      ඒත් එහෙම්මම තමයි...
      භාෂාව වෙනස් කරන එක ක්ෂණිකවම කළත්,
      ප්‍රධාන මෙනුවට කළිං ඔය වාත ඇඩ් එක දානවාමයි...

      Delete
  4. කතා කරලා වැඩක් නෑ අයියේ අද උදෙත් ටොපිය සෙට් උනා මොබිෙටල් එකෙන්....එ් වගේම කොහොමද බස් එකක යනකොට හරි ට්‍රැෆික් එකේ වාහනයක් එලවද්දි අමාරුවෙන් අාන්සවර් කරන කෝල් එක කෝලර්ටියුන් වගේ අැඩ් එකක්නම්.කාලෙකින් අාවේ මේ පැත්තේ.....

    ReplyDelete
    Replies
    1. //එ් වගේම කොහොමද බස් එකක යනකොට හරි ට්‍රැෆික් එකේ වාහනයක් එලවද්දි අමාරුවෙන් අාන්සවර් කරන කෝල් එක කෝලර්ටියුන් වගේ අැඩ් එකක්නම්.//
      හම්මේ!!!

      Delete
  5. වැඩේ කියන්නෙ ඔය සීන් එකට පැමිනිලි කරන්න තියෙන්නෙත් ඒ කස්ටමර් කෙයා නොම්මරේටම වීමනෙ . . .

    ප.ලි.
    ඔක්කොමත් හරි බං ගිනි ගහන අවුවෙ, ට්‍රැෆික් එකේ බයික් පදිද්දි කෝල් කරල රිගින් ටෝන් සිලෙක්ට් කරන්න කියද්දි දැයෙන සනීපෙ

    ReplyDelete
    Replies
    1. ටුවිටරේ නැතිනම් බුකිය පාවිච්චි කරන්න. මට මතක විදියට නම් හච් එකේ *369* ගත්තාම ඩිරෙක්ට් නියෝජිතයෙක් අමතන්න හැකියි.

      Delete
    2. සැප කනේ නේ මචං ඕනේ...

      Delete
  6. ඩයලොග් ස්කයිප් ලයින් එක මගින් ඉක්මනින් පාරිභෝගික සේවාව අමතන්න පුළුවන්. මොබිටෙල් නම් පාරිභෝගික සේවාව අමතන්නේ නැති තරම්. සමහර දේවල් නම් ඊ මේල් මගින් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එක්කො කම්ප්ලේන් එකක් දැම්මාම අපිට පාරිභෝගික සේවාවෙන් අමතන අවස්ථාත් තියෙනවා.

    ReplyDelete
  7. ඔය ඔක්කොමත් හරි කියමුකො... කොහොමද කෝල් එකක් එනකොට බස් එකේ තනි අන්ඩෙන් එල්ලිලා, සාක්කුයි බෑගුයි අවුස්සල ෆොන් එක ආන්සර් කළාම, උන්ගෙ ඇඩ් එකක් දාන්න ගත්තු කෝල් එකක් කියල දැනගත්තම දැනෙන සනීපෙ... ඩයලොග් එකේ තේ හදන එකාගෙ ඉඳන්ම බෙලි ටිකෙන් සුප් හදන්න හිතෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. හිරු, ඩයලොග් එකේ නම් ඔය කරදරේ මටට්‍ය් තුබුන. ඉතින් මන් කරන්නෙ එහෙම කෝල් එකක් කියල දැන ගත්ත ගමන් ම කට් කරල දාන එක හිතෙන් බැන බැන. ඒත් එක දවසක් ඩිගටම අහගෙන හිටියම කෝල් එකේ අන්තිමට කියනව ඔබට මෙව්නි ඇමතුම් අවශ්‍ය නැත්නම් අංක ... ඔබන්න කියල. ඒක එබුවා, දැන් එන්නෙ නෑ ඒ වදක කෝල්.
      හැබැයි ඉතින් එක්කො ඕක මුලින් වත් දානව නම්...

      Delete
  8. ඔය ඇඩ් කෝල්ස් නවත්තන්න බැරිද ලංකාවෙ? දැන් මේ රටේ නම් ඇඩ් කෝල් නෙමේ එස්.එම්.එස් උනත් එන්නෙ රෙජිස්ටර් උනොත් විතරයි. නැත්තන් බෑ. ඒත් ඒකට ලංකාවෙ. කෝල් එකෙන් එකට බැලන්ස් එක කිය කිය, ලකුණු ගාන කිය කිය එස්.එම්.එස්. මොන විකාරයක්ද කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. කෝල් මොනවද බං දැන් මුණු පොතෙත් හැම බල්ලම උන්ගේ මගුල් අපේ time line වලත් අපිට පේන්න දානවනේ...
      ඉතින් කවර කතාද, ඒ මදිවට දැන් ඒවා වැඩිවෙලා...
      උන්ගේ මව්ලට...

      Delete