ජංගම දුරකතන එහෙමත් නැත්තං මොබයිල් ෆෝන් එකක් අතේ නැති පුද්ගලයෙක් අද හොයාගන්න එක තරමක් අමාරු වැඩක්. ප්‍රයෝජනයක් ඇතුවා හෝ නැතුවා හෝ අපේ රටේ සමස්ත ජනගහනයෙන් අති විශාල ප්‍රමාණයක් අද ජංගම දුරකතන පාවිච්චි කරනවා.
ජංගම දුරකතන පාවිච්චියත් එක්ක ඊළඟට එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒකේ බැටරි බලය. ඉස්සරම ඉස්සර තිබ්බ ෆෝන් වගේ නෙමේ දැං තියෙන ස්මාට් ෆෝන් බහුතරේක බැටරිය පැය 8ක් 10ක් යද්දි බැහැලා යාම ස්මාට් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිනපතා අත් දකින දෙයක්. මේ තත්ත්වය මඟහැරගන්න විදියක් තියෙනවද?
ලෝකේ අනිත් රටවල පොදු ස්තානවල නොමිලේ තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න උපකරණ පිහිටුවලා තියෙන බව මම අහලා දැකලා තියෙන දෙයක්. විශේෂයෙන්ම ගුවන්තොටුපොළ, දුම්රිය ස්තාන, බස්නැවතුම් පොළවල්, උද්‍යාන, පුස්තකාල මේ වගේ පොදු ස්තානවලදී තමන්ගේ ජංගම දුරකතනය චාර්ජ් කරගන්න හැකියාවක් තියෙනවනං, ඒක මහජනතාවට මහත් විශාල පහසුවක් බව නං පැහැදිලියි.
තමන්ගේ දුම්රිය එහෙම නැත්තං බස් එක එනකං බලාගෙන ඉන්න විනාඩි කීපයේදී, බිංදුවට ටිකක් අඩුවෙන් බැහැලා තියෙන බැටරිය ආයෙත් ටිකකින් හරි වැඩි කරගන්න හැකියාවක් තියෙනවනං, මුදල් ගෙවලා හෝ ඒ සේවය ලබාගන්න විශාල පිරිසක් ඉන්නවා. නිකං උදාහරණයක් විදියට ගත්තොත් එකපාරක් චාර්ජ් කරගන්න රුපියල් 10ක් අයකළා කියලා හිතමු. ඊට වඩා දහගුණයක් හරි වැඩුපුර ගෙවලාවත් ෆෝන් එක චාර්ජ් කරගන්න තැනක් හොයාගන්න සමහර අවස්තාවලදී බෑ. අතිශය අත්‍යවශ්‍ය අවස්තාවලදී, හිත කෑලි කෑලි කරමින් ෆෝන් එකේ බැටරිය බැහැලා ගිය අවස්ථා ජීවිතේ ඕනෙතරං ඇති...
හරි, දැං තියෙන ප්‍රශ්නේ ඕකට යන වියදම කව්ද දරන්නේ, ඔය චාර්ජ් කරන ගැජට් හදන්නේ කව්ද, කරන්ට් බිල ගෙවන්නේ කව්ද කියන එකනේ... එක එක ජාතියේ ෆෝන් චාර්ජ් කරන්න ඕනේ වෙන චාර්ජර් සහ ඒ චාර්ජර්වලට බලය සපයන්න මල්ටිප්ලග් එකක් ගහලා, චාර්ජර් ගලෝගෙන යන්න බැරි විදියට ෆ්‍රේම් එකක් ගහන්න රුපියල් 1000ක් යයි උපරිම. ඊට අමතරව ඉතිං කරන්ට් එක තමයි. කරන්ට් එකට උපරිම මාසෙකට රුපියල් 1000ක් යයි. ඊට වැඩි වෙන එකක් නෑ. අපේ රටට මොබයිල් ෆෝන් ගේන කම්පැණියකට ඔය ගාණ ඉතා සුලු මුදලක්. තමන්ගේ CSR ප්‍රොජෙක්ට් එක විදියට කිසි කරදරයක් නැතුව ඕක කරන්න පුළුවං... ඒ වගේම පත්තරේ ටීවී එකේ ලක්ෂ ගණං වියදං කරලා ඇඩ් දාන්න ඕනේ වෙන්නෙත් නෑ. එයාලාගේ ප්‍රචාරණ අවශ්‍යතාවයෙන් යම් කිසි ප්‍රමාණයක් මේ වැඩේ හරහා ගොඩ දාගන්න පුළුවං...
අවසානම ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද? හරි වෙනස් වර්ගයක මිනිස්සු වෙන ශ්‍රී ලාංකීය අපි කොයි විදියට ඔය සේවය ලබාගනීද කියන එක... කෙනෙක්ට සාධාරණ සැකයක් එන්න පුළුවං ෆෝන් චාර්ජර් සෙට් එක එක්ක ඒ ගැජට් එක රහත් නොවී තියේවිද කියලා. හැබැයි මට හිතෙන හැටියට, 70%කට වඩා මේ වැඩේ සාර්තක වෙන්න පුළුවං. ඉස්සර වගේ නෙමේ දැං මිනිස්සුංගේ අදහස් දියුණුයි. මේ සේවය සැලසෙන්නේ තමන්ටමයි කියන අදහස දැං බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා. රටේ තැං 100ක මේ වගේ යුනිට් හයි කරලා හරියට මේන්ටේන් කළොත්, අවුරුද්දකට පස්සේ මේ ගැජට්වලිං 70%ක් විතර හොඳ තත්වයෙන් තියෙනවා කියන එක මගේ පුද්ගලික අදහස. සමහරවිට මම වැරදි වෙන්න ඇති...
ලෝකේ ගොඩාක් රටවල ක්‍රියාත්මක වෙන මේ වගේ සේවාවන්, කවදා හෝ දවසක අපේ රටේත් ඇතිවේවි. ඒ දවස ඉක්මනින් උදාවේවා...
රනා කලෙකින් එළි බැහැලා.. දැනටත් යම් යම් තැන්වල මේ සේවාව සපයනවා.. මාදන්න රෙස්ටුරන්ට් කීපයකම එවන් බහුවිධ උපාංග සවිකරලා තියනවා.. අනිත් විකල්පය තමා පවර් බෑන්ක් එකක් භාවිතයට ගැනීම. බලමු මේක දැකල ටොයියෝ මේ වැඩේට අත ගහයිද කියලා..
ReplyDeleteමාසෙකට එක ගානේ ලියනවා මචං දැං...
Deleteඉස්සර අවුරුද්දටම එකයි... :-)
//අනිත් විකල්පය තමා පවර් බෑන්ක් එකක් භාවිතයට ගැනීම.//
මේකත් උස්සගෙන යන්න එපායැ යන යන තැන ඊට පස්සේ...
ඒක මහ වදයක්...
මරු අදහස රනා අයියේ. මේක මං සියටෙල් නුවර දැක්කා. එහෙ මේ වගේ ඒවා තියනවා පේමන්ට් එකේ ගස් මුලත්. මොකෝ ඒ ඇරේ homeless මිනිස්සු තමන්ගේ ෆෝන් එක චාජ් කරන්නේත් මේ වගේ තැන් වලින් තමා..
ReplyDeleteලෝකේ ගොඩාක් දියුණු රටවල සහ දියුණු වෙමින් පවතින රටවල මේ සේවාව තියෙනවා...
Deleteරාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය තමයි මේ වැඩේ කරන්නේ...
වෙලාවට අපේ රටේ ඒ අංශ දෙකම කරන්නේ නෑ මේ වගේ දේවල්...
බස්වල සීට් හූරන උන් ඕව නොගලවා හිටීද කියල නං සැකයි බං
ReplyDelete30%ක් ගලෝනවා...
Deleteඒක අනිවාර්යයි...
හැබැයි ඒ අපත 30% නිසා අනිත් 70% නොසළකා හරින එකද වැඩේ...
මතකද කාලයක් අපේ රටේ පේ-ෆෝන් බූත් තිබුනා. ටික දවසකින් ඒ ෆෝන් වල රිසීවර් කපාගෙන ගිහින් තිබුනා. දැන් ඔය චාර්ජ් කරන කේබල් ටික කපාගෙන නොයයි කියන එක ගැන ගැරන්ටිය මොකක්ද ?
ReplyDelete//දැන් ඔය චාර්ජ් කරන කේබල් ටික කපාගෙන නොයයි කියන එක ගැන ගැරන්ටිය මොකක්ද ? //
Deleteකිසිම ගැරන්ටියක් නෑ දුමී අයියා...
පළවෙනි හඳුන්වාදීමෙදි 30%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙනවාමයි...
පටං ගත්ත කාලේ ඔය අනිත් රටවල්වලත් එහෙම වෙන්න ඇති...
හැබැයි කල්යාමේදී ඒ ගතිය ඇරිලා යනවා...
කොහොමත් මේක මිනිස්සුංට දෙන සර්විස් එකක්නේ...
ඉතිං ලෝකේ නේක ප්‍රකාර මිනිස්සු ඉන්නවනේ... :-)
ඉතා වටිනා දෙයක්..කටුනායක ගුවන් තොටුපලේ චාර්ජින් ටවර් එකක් තියෙනවා තව ලංකා හොස්පිටල් ඩර්ඩන්ස් ආසිරි සර්ජිකල් එකේ මේ සේවාව නොමිලේ ක්‍රියාත්මක වෙනවා
ReplyDeleteගුවන්තොටුපොළේ සහ හොස්පිටල් එකේ මේ සේවාව තියෙන එක නියමයි...
Deleteඒ වගේම අනිත් ජනාකීර්ණ පොදු ස්ථානවලටත් මේ සේවාව ව්‍යාප්ත විය යුතුයි...
සමහර රට වල නම් ෆ්‍රී wifi කලාපත් තියනව දැන්. ;-)
ReplyDeleteහුම්ම්ම් හුම්ම්ම්...
Deleteවයිෆයි තිබ්බට වැඩක් නෑනේ ෆෝන් එකේ බැට්රිය බැහැලා... :-)
මේවා දැනටත් ලංකාවෙ තියෙනවා මම කාලෙකට කලින් දැක්කා ආශා සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේ තියෙනවා
ReplyDeleteආශා සෙන්ට්‍රල් එකේ වගේම, කොළඹ මහ රෝහලේත්, අනුරාධපුර මූලික රෝහලේත්, මඩකළපුව දුම්රිය ස්ථානයේත්, මාතර බස් නැවතුම්පොළේත් මේ සේවාව තිබිය යුතුයි... එහෙම නැති එකයි අවුල... :-)
Deleteඑහෙම සේවයක් සලසන්න පුළුවන්නම් ඇත්තටම ලොකු දෙයක්.. අර කාසි ෆෝන් තිබ්බ කාලේ වගේ කාසියක් දාල හරි කමක් නෑ.. ෆෝන් එක ඕෆ් වෙලා නම්බර් එකක් අමතක වෙලාවට සාක්කුවේ සල්ලි කීයක් තිබ්බත් වැඩක් නෑ..
ReplyDeleteහොඳ අදහසක්. සවිකරල තිබුනොත් නං රුපියල් දෙතුන්සීයක චාජරයක් ගලවයි කියල හිතන්න බෑ. ස්මාට් ෆෝන් ආවත් එක්ක තියන අවුල ඔ්ක තමයි. මම දැක්ක කවුදෝ බුකියෙ දාල තිබුන දවස් දෙකතුනක් චාජ් එක තියන ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරන එක උගේ හීනයක්ය කියල.
ReplyDeleteහොද අදහසක් ,හැබැයි ඉතින් අපේ උන්දැලත් එක්ක පරිස්සම් කිරීම තමා අවුල
ReplyDeleteමම නම් data cable එක හැමවෙලාවෙම ළඟ තියන් ඉන්නේ , දවසම ඉන්නේ computer එක ඉස්සරහ නිසා එච්චරම අව්ලක් නෑ , එකට ගහලා charge කරගත හැකි.හැබැයි නිකන් දවසක එලියට ගියාමනම් මේ වගේ එකක් තිබ්බොත් වටිනවා
ReplyDeletehttp://nelumyaya.com/?p=2280
ReplyDelete