Saturday, September 19, 2009

අද නිදහස් මෘදුකාංග දිනයයි...

අද ගොඩාක් වැදගත් දවසක්. හේතුව ඔයාලා දැනටමත් දන්නවා. අද (2009-09-19) ලෝක නිදහස් මෘදුකාංග දිනයයි... එහෙම නැත්තම් Software Freedom Day කියන්නේ අදටයි.
මේ ලිපියෙන් මම අදහස් කරන්නේ නිදහස් මෘදුකාංග දිනයේ ඉතිහාසය ගැනවත් ඒකේ වැදගත් කම ගැනවත් ලියන්න නෙමෙයි. ඒ ගැන විස්තරයක් වෙන වෙලාවක දාන්නම්. මගේ මේ උත්සාහය නිදහස් මෘදුකාංග දිනය ගැන මට හිතෙන දේවල් කියන්නයි.

මීට හරියටම අවුරුද්දකට කළින් තමා මම නිදහස් මෘදුකාංග ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ. ඒ ගැන මම මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් 1න්ම කිව්වා. එදා ඉදලා අද වෙනකම් නිදහස් මෘදුකාංග වලින් මට දැනිච්ච දේවල් ටිකක් කියන්නම්.

අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා.

ලිනක්ස් කර්නල් 1 ලෝකෙට හදුන්වා දුන්න ලීනස් ටෝර්වල්ඩ්ස් වගේම නිදහස් මෘදුකාංග සංකල්පය ඇතිකළ රිචඩ් ස්ටෝල්මන් ඇතුලු FOSS මිනිස්සු දෙවිවරු නෙමේ. ඒත් සෑහෙන්න උතුම් අරමුණක් වෙනුවෙන් එයාලා කැපවුනා. ඒකේ ප්‍රතිපල තමා අද මම මේ විදින්නේ.

බිල් ගේට්ස්ට සිහිනයක් තිබුනා. ඒ ලෝකේ පාවිච්චි කරන හැම කොම්පියුටරේකම වින්ඩෝස් OS 1ත් මයික්‍රොසොෆ්ට් මෘදුකාංගත් වැඩකරනවා දකින්න. ගේට්ස් ඒ සිහිනේ යතාර්තයක් කරගත්තා. ඒත් ඒ ලෝකේ නිදහස නෑ.

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?

නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.

නිදහස් මෘදුකාංගවලට ජය වේවා...

8 comments:

  1. බෑ බෑ ඕව නිකන් දුන්නට ඬරයිවස් නෑ, ඉන්ටනෙට් නැතුව මුකුත් ඉනස්ටෝල් කරන්න බෑ, ලේසියෙන් වැඬ කරගන්න බෑ, අරක නෑ, මේක බෑ, ඒ වගේද සල්ලි දීලා (රු 100 -200ක්) ගන්න වින්ඬෝස්? ඕන දෙයක් කරගන්න පුලුවන්, ඕන තරම් ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා තියනව හරිම ලේසී වැඬ කරන්න. ;))

    ReplyDelete
  2. මේකත් embed කොරන්ඩෝ....
    http://www.youtube.com/watch?v=9sJUDx7iEJw

    ReplyDelete
  3. ජයෙන් ජයම වේවා !!!

    බරකරත්ත ක්‍රමයෙන් ගොඩ පැමිණෙත්වා

    ReplyDelete
  4. අනේ මට නම් ඉතින් Vista හම්බුනා හොද කොපියක්.. දෙයියනේ කියල ඒක දාගෙන ඉන්නව..

    ReplyDelete
  5. @ushan
    බොහොම ස්තූතියි...
    ජය වේවා...

    @änthräX
    ලොක්කා, දකින්නත් සන්තෝසයි. මැණික් බිස්නස් කොහොමද?
    දැක්කෙත් නෑ පොළ පැත්තේ ඇවිත් ඉන්නවා...

    ඉන්ටර්නෙට් පුරස්නෙට බෙහෙත ලංකානෙට් 1 තාරක කියලා තිබුනා. ඉන්ටර්නෙට් නැතුවම ඔය කියන ඔක්කොම කරගන්න පුලුවන් OS 1ක් අපේ කට්ටියක් හදලා තියෙනවා. ඒක ගන්න රුපියල් 100ක්වත් යන්නේ නෑ. ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. ඕකයි ඇත්ත තත්වෙ...

    ඒත් ඉතින් ඒකත් හරියන්නේ නැත්තම් අපි කියලා මොනා කරන්නද? කන්න දුන්නට මොළේ දෙන්න බැහැනේ ලොක්කා...

    ජය වේවා...

    @ශාකුන්තල
    බොහොම ස්තූතියි වීඩියෝ 1ට. ඒක ගැන වෙනම බ්ලොග් 1ක් ලියන්න හිතුනා. ඔයා කියපු දේ කරන්නම්.

    නිදහසට ජය වේවා...

    @දිසා
    ස්තූතියි අදහසට.
    බර කරත්ත ක්‍රමයෙන් ගොඩ එන්නනම් අපිම තමා බැහැලා වැඩ කරන්න ඕනේ. ඒක කරන්න පුලුවන් අපිටම විතරයි.
    FOSS කියන්නේ දිසා "To People, For People, From People" දෙයක්. මොනා හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුන කෙනා ඒ වෙනුවෙන් දෙයක් කරනවා. ඒක බරකරත්ත විදියට අර්ථ දක්වන්න පුලුවන්. ඒත් ප්‍රවාහයට සෙනග එකතු වෙන්න එකතු වෙන්න ක්‍රමය දියුණු වෙනවා. අපි මහන්සි වෙලා වැඩ කරමු. එතකොට පුලුවන් අපි දකින්න කැමති නිදහස් ලෝකෙ හදන්න.

    ජය වේවා...

    @Kanishka | කණියා
    එළකිරි...
    නිකම් ඉන්න වෙලාවක හාඩ් 1 ඉඩ තියෙනවානම් Linux OS 1ක් දාගෙන බලන්න. එහෙම කළා කියලා වරදින 1ක් නෑ.

    ජය වේවා...

    ReplyDelete
  6. ගෙදරට එන උන් මොකක්ද ඔය දාලා තියෙන්නේ කියලා අහනවා.

    මම පපුව පුම්බගෙන ආඩම්බරයෙන් දාලා තියන එකේ නම කියන්ඩ හදන කොට මගේ චූටී කෙල්ල කෑගහලා කියනවා

    හන්තාන ලීනක්ස්

    ReplyDelete