Saturday, February 13, 2010

Sherlock Holmes (2009) - Review



අද දවසට ලියන දෙවෙනි බ්ලොග් ලිපියයි මේ. ටික දවසක ඉදලා මේ ගැන ලියන්න අදහසක් තිබුනා. එහෙම ලියන්න ඕනේ කියලා හිතුන 1 තවත් වැඩිවුනා "තිලාන්ගේ ලෝකයේ" තිබුන මේ ලිපිය කියෙව්වාම. ඇත්තම කියනවානම් මේක මම තිලාන්ගේ ඒ පෝස්ට් 1ට දාන්න කියලා ලියපු කොමෙන්ට් 1. ඒත් කොමෙන්ට් 1 ලියලා ඉවර වුනාම මේක කොමෙන්ට් 1ක් විදියට දාන්න මට ලෝබ හිතුනා. රනා තාම රහත් වෙලා නැහැනේ. රහත් වෙනවා තියා රනා මතක ඇති කාලෙකින් පෝයටවත් පන්සල පළාතේ ගියේ නෑ. ඒක අතුරු කතාවක්. ඒක නිසා තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේක බ්ලොග් පෝස්ට් 1ක් බවටම පත් කලා. දැන් රනා කලා විචාර හිටං ලියනවා. එහෙනම් කියවන්නකෝ හා හා පුරා කියලා රනා ලියන කලා විචාර.

සෑහෙන්න කාලෙකින් බලපු නියම ෆිල්ම් 1ක් විදියට ෂර්ලොක් හෝම්ස් දක්වන්න පුලුවන්. මේ ෆිල්ම් 1 හොද කොපියක් ලබා දුන්න 1 ට මුලින්ම ගුරා,ගෝලයා ඇතුලු බයිස්කෝප් සෙට් 1ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ෆිල්ම් 1 ගැන මට හිතෙන දේවල් ටිකක් මෙහෙම කියන්නම්.

තිලාන්ගේ ලිපියේදී මතුකරලා තිබුන එක අදහසක් තමා ෆිල්ම් 1දී ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය හදලා තියෙන හැටි එච්චර හරි නෑ කියන කාරණාව. ඒක තිලාන් කියලා තිබුනේ මේ විදියට.
"ඒ වගේමයි මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගා ඇති ආකාර​ය පිලිබද ෂර්ලොක් හෝම්ස් රසිකයන් වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ කියලයි මගෙ අදහස". ඇත්ත. ඒකට හේතුව මේකයි.
අපි ෂර්ලොක් හෝම්ස් කියවලා තියෙන්නෙ ගොඩක්ම පොත් වලින්. ඒවගෙනුත් මම නම් 1ක් ඇර අනික් ඔක්කොම කියෙව්වේ චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කරපු පොත්. ඒ පොත්වලින් අපි දැක්කේ දෙවියෙක් වගේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක්. කවදාවත් වරදින්නේ නැති, හැමදේම හරියටම කරන, කොටින්ම කියනවානම් පරමාදර්ශී චරිතයක්. ඒත් මේ ෆිල්ම් 1දි ෂර්ලොක් හෝම්ස්ගේ ඒ පරමාදර්ශී චරිතය වෙනුවට ඔහුගේ අපි දන්න විශේෂ හැකියාවන්ගෙන් යුක්ත සාමාන්‍ය මිනිහෙක්ව යොදවලා තියෙනවා. ෆිල්ම් 1 ෂර්ලොක් හෝම්ස් කියන්නේ මේ අපි වගේම අත්වැරදීම් සිදුවෙන, පිස්සු කෙළින ඒත් හරි මාර්ගයේ ගමන් කරන චරිතයක්. ඒ වගේම ඔහු කොමඩියකුත් නෙමේ (බොක්සිං සටන කොහොමද?). පොත්වල කවදාවත් හෝම්ස්ව කොමඩියක් කරලා නෑ. ඒත් ෆිල්ම් 1 එහෙම නෙමේ. ඒ අතින් බලනකොට පොත්වල ඉන්න හෝම්ස්ට වඩා ෆිල්ම් 1 ඉන්න හෝම්ස්ව වැළදගන්න ලේසියි කියලා හිතෙනවා. මොකද පොතේ ඉන්නේ අසමසම චරිතයක්. හරියට දෙයියෙක් වගේ. ඒත් ෆිල්ම් 1 ඉන්නේ විශේෂ හැකියාවන් තියෙන, ඒවා හරියටම පාවිච්චි කරන, අන්තිම සාමාන්‍ය කෙනෙක්.



වොට්සන් ගැන තිලාන් මෙහෙම අදහසක් දක්වලා තිබුණා.
"ඒ කොහොම වුනත් දොස්තර වොට්සන්ට නම් වැඩි ගෞරවාන්විත බවක් දී ඇති බවයි ම​ට හිතුනෙ." ඒකත් ඇත්ත. පොතේ වොට්සන්ගේ දායකත්වය හරිම අඩුයි. ඇත්තටම වොට්සන් කරන්නේ හෝම්ස් කරනදේ ලියන 1 විතරයි. ඒත් ෆිල්ම් 1 දි හෝම්ස්ට තරම්ම තැනක් වොට්සන්ටත් දීලා තියෙනවා. මම ඒකටත් කැමතියි. වෙනදා නිකම්ම නිකම් වාර්තාකාරයෙක් වෙච්ච වොට්සන් ෆිල්ම් 1දි හරි හරියට ගහගනිද්දී මාර ආතල්.

තිලාන්ගේ පෝස්ට් 1 වෙනුවෙන් ලියපු කොමෙන්ට් 1 එතනින් ඉවරයි. මේ ඊට පස්සේ ඒ කොමෙන්ට් 1 පෝස්ට් 1ක් කරන්න එකතු කරපු දේවල්.

සියලුම නලු නිළියන්ගේ රගපෑම නම් ඉහළම තැනක තියෙනවා. ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ. විශේෂයෙන්ම හෝම්ස්ගේ චරිතයට පණදෙන Robert Downey Jr, දොස්තර වොට්සන්ගේ චරිතය කරන Jude Law, දුෂ්ඨයා එහෙමත් නැත්නම් බ්ලැක්වුඩ් සාමි වන Mark Strong, හෝම්ස්වත් පරද්දන සුරූපී අයිරින් ඇඩ්ලර්ගෙ චරිතය රගදක්වන Rachel McAdams යන ඒ හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් කියන ලෝකෙම ප්‍රසිද්ධ චරිතයට පණ දෙනවා කියන්නේ විශාල අභියෝගයක්. මේ අභියෝගය Robert Downey Jr ඉහළින්ම ජයගෙන තිබෙන බව ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොදම නලුවා වෙනුවෙන් වන සම්මානය දිනා ගැනීමෙන්ම දක්වන්න පුලුවන්. ඒ වගේම අනිත් සියලුම නලු නිළියන් ඔහුට ඉතා හොද සහයෝගයක් ලබා දෙනවා.

මේ ෆිල්ම් 1 සංගීතය බාවිතා කර ඇති ආකාරය පිළිබදව නම් ලිවිය යුතුමයි. පසුබිම් සංගීත සංයෝජනයත් (Background Score) උපරිම තලයක තියෙනවා. සංගීත සංයෝජනය කිරීමේදී ෆිල්ම් 1 පෙන්වන 1880 දශකයේ තිබෙන්නට ඇතියි අප සිතන සංගීතය මනාව සපයා තිබෙනවා. ඒ වගේම සංගීතය සැපයීම සදහා යොදාගෙන තිබෙන සංගීත උපාංගත් ෆිල්ම් 1ත් එක්ක නියමෙටම ගැලපෙනවා. උදාහරණයක් විදියට වයලීනය, සෙලෝව, බටනළාව, පියානෝව යන සංගීත භාණ්ඩ මගින් ඉතාම සුමට සහ සාර්ක සංගීත සංයෝජනයක් සිදුකරලා තියෙනවා. පරණ කාලය ගැන නිපදවන ගොඩක් ෆිල්ම් අනාගන්න තැන තමා පසුබිම් සංගීතය නූතන සංගීත රටාවන්ගෙන් පුරවන්න හදන 1. නමුත් මෙහි සංගීතය සපයන Hans Zimmer ඒ තත්වය නියමාකාරයෙන් පාලනය කරලා තිබෙන බව පැහැදිලියි. මේ වතාවේ ඔස්කාර් සම්මාන සදහා මොහු නිර්දේශ වුනා. ඒවගේම අපි කවුරුත් දන්න Gladiator ෆිල්ම් 1 සංගීතය සංයෝජනය කරලා තියෙන්නෙත් Hans Zimmer ම තමා.

ෆිල්ම් 1 පසුබිම (Background Set) 1890 කාලය මනාව නිරූපණය වෙන විදියට හදලා තියෙන බව පැහැදිලියි. ඒ කාලයට ගැලපෙන ලෙස නිවාස, පාරවල්, වාහන විතරක්ම නෙමේ රූපරාමු කීපයක් විතරක් තිබෙන හෝටල් කාමරයේ පසුබිම පවා ගොඩක් උවමනාවෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම නලු නිළියන් සදහා වන ඇදුම් නිර්මාණයත් ඒ කාලයට හරියටම ගැලපෙන පරිදි සිදුකරලා තියෙනවා. වඩාත් අවදානයෙන් බැලුවොත් ඔබට පෙනේවි පසුබිමේ සිටිනා සමහර කාන්තාවන් ඉතා දිගු ගවුම් ඇද ඇති බව (පාර අතුගාගෙන යන සයිස් 1). ඒ විලාසිතාව ඒ කාලයේ ඉතා ජනප්‍රිය වූ එකක්. මේ ෆිල්ම් 1 කලා අධ්‍යක්ෂිකාව වන Sarah Greenwood සහ පසුබිම් නිර්මාණය කළ Katie spencer යන මේ දෙදෙනාම ඔස්කාර් සම්මාන සදහා නිර්දේ වීමෙන් ඔවුන්ගේ සාර්කත්වය අපට මැනගත හැකියි නේද.

කැමරාකරණය සහ ආලෝකකරණය කියන මේ දෙකම ඉහළ තත්වෙක තියෙනවා. කැමරාකරණයේදී තනි දර්ශන, චලන දර්ශන කියන මේ හැම එකක්ම බොහොම ශූර විදියට පාවිච්චි කරලා තියෙනවා. කැමරා කෝණ සෑහෙන්න ඉක්මනට මාරු කරනවා. ඒ වගේම කැමරාව පාවිච්චි කරලා තියෙන ආකාරයත් උපරිමයි. උදාහරණයක් දක්වනවානම් අර පුද්ගලයෙක් ජනේලය කඩාගෙන එළියට වැටෙන අවස්තාවේදී කැමරාව ස්ථානගත කරලා තියෙන්නේ කොතනින්ද කියන 1 එකපාරටම වැටහෙන්නේ නෑ. ඒක හරියටම තේරුම් ගන්න මම දෙපාරක් බැලුවා. කොටින්ම කියනවානම් ෆිල්ම් 1 බලනකොට ඇහැට කිසිම මහන්සියක් නෑ. ඒක දක්ෂ කැමරාකරණයේ එක් ලක්ෂණයක්.

අඩුපාඩුවකට කියන්න තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් කතාවක අවසාන මොහොත දක්වාම අපි විදින කුතුහලය ෆිල්ම් 1න් වැඩිය විදින්න නොලැබෙන 1 තමා. ඒ සමහරවිට දුෂ්ඨයා කවුද කියලා අපි මුල ඉදළම දන්න නිසා වෙන්න ඇති. ඒ වගේම 3D animation කරලා තියෙන ඒවාගේ තත්වය මදි බවයි මගේ හැගීම. ඇත්තම කියනවානම් ෆිල්ම් 1 අනිත් දේවල් එක්ක සංසන්දනය කරනකොට 3D animation කරලා තියෙන 1නම් සෑහෙන්න පහළ තත්වෙක තියෙන්නේ.

කොහොමින් කොහොම හරි සෑහෙන්න වියදම් කරලා, සෑහෙන්න මහන්සි වෙලා හදලා තියෙන ඒ වගේම සෑහෙන්න හම්බ කරන්න පුලුවන් ෆිල්ම් 1ක් විදියට මේ ෆිල්ම් 1 දක්වන්න පුලුවන්.

කොහොම උනත් ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් 1 නියම ෆිල්ම් 1ක්. ඒකෙ ආයේ 2ක් නෑ. ෆිල්ම් 1 එළ නැත්තම් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලැබෙයි යැ. ඔස්කාර් සම්මානවලට නිර්දේශ වෙයියැ.

රනාගේ කලා විවාරේ මෙතනින් ඉවරයි. මගේ කලා විචාරේ ගුණදොස් එහෙම කියන්න. මේකෙ මගහැරුණ තැනක් තියෙනවානම් ඒකත් කියන්න. වැදගත්ම දේ, තාම මේක බැලුවේ නැත්නම් දැන්ම බාගෙන හරි සල්ලි දීලා අරගෙන හරි බලන්න. මෙන්න ලින්ක් 1.

බොක්සිං ෆයිට් 1 වෙලාවේ යන Rocky Road to Dublin කියන අයිරිෂ් සිංදුව මෙතනින් ගන්න පුලුවන්. ඒකත් මරු සිංදුව.

ජය වේවා...

12 comments:

  1. මචන් ලිපිය ගොඩක් වටිනවා. මමනම් ෆිල්ම් එක බලපු කෙනෙක් විදියට ඕකෙ අඩුපාඩුවකට දකින්නෙ, Sherlock Holmes කියන බැරෑරුම් චරිතයට විහිලු කෑලි එකතු කරල තියන එක අවුලක් විදියට. හැබැයි ඒකෙ මේක ගලාගෙන යන විදියටනම් අවුලක් නෑ.

    මචන් ඔයාගෙ බ්ලොග් පොස්ට් එක දානකොට font size එක large දාල ලියන්න. එතකොට සිංහල අකුරු ටිකක් පැහැදිලිව පෙනෙයි. නැතිනම් අකුරු ගොඩක් පොඩි වැඩියි.

    ReplyDelete
  2. කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. මොකද මමත් බැලුවා මේක ආපු දවස් වලම. මචං මම කාලයක් තිස්සේ හොයපු Rocky Road to Dublin සින්දුව තමා මේ උඹ දාලා තියෙන්නේ. ඒත් මේ ලින්ක් එක දිගේ බාන්න යනකොට රෙජිස්ටර් වෙන්න කියා ඉල්ලනවා නේ..?
    මේ තියෙන තොරතුරු වලට තුති..!

    පොඩ්ඩක් මේ පහල තියෙන ලින්ක් එක බලන්න
    http://bit.ly/9rrrHh

    ReplyDelete
  3. @රොකියා|Udara
    ඔයා කියන කතාවට මම එකගයි. හෝම්ස් කියන චරිතේ බැරෑරුම් කරලා තියෙන්නේ පොතේ. මම හෝම්ස්ගේ ඉංග්‍රීසි පොත් නම් කියෝලා නෑ. ඒත් මට හිතෙන්නේ සිංහල පොත්වල වගේම ඒවගෙත් හෝම්ස්ව බැරෑරුම් කරලා ඇති. කොහොම උනත් ෆිල්ම් 1 මම දකින්නේ වඩාත් සරළ චරිතයක්. හැබැයි අපි පොතෙන් බලාපොරොත්තුවෙන හෝම්ස් නම් නෙමේ ෆිල්ම් 1 ඉන්නේ.
    අකුරුවල සීන් 1 Layout 1 අලයක් මචා. ඔයා කිව්ව සීන් 1 මටත් පැහැදිලියි. මේක කියවන්නත් හෙන අමාරුයි නේද? කොහොමහරි කොච්චර අමාරුවෙන් උනත් මගේ විකාර කියෝනවට හෙනට ඉස්තූතියි. මේ Layout අවුල ගොඩ දාන්නම්.

    ජය වේවා...

    @LishWish
    අනේ පුතේ බොහොම සොරී වෙච්ච අවුලට. මේකයි උනේ. මා ෆිල්ම් 1 බලපු දවසෙමයි සින්දුව බෑවේ. මේක ලිව්වේ අද. සින්දුව බපු සයිට් 1 මගේ මතකෙන් මම දැම්මේ. අද ඒක හරිද කියලා ටැස් කොරන්න බැරි උනා. ඔයාගේ කොමෙන්ට් 1න් පස්සේ හරි සයිට් 1 හොයා ගත්තා. ටැසුත් කොරා. බඩු වැඩ. මේන් යූආර්එල් 1. http://abmp3.com/download/7083694-mp3.html මේකම මම උඩ තැනෙත් හදලා තියෙන්නේ. හෙනට පිං අවුල ගැන කිව්වට.

    ජය වේවා...

    ReplyDelete
  4. දෙයියා සින්දුවට!!!!

    මට එච්චරම අල්ලලා ගියේ නැහැ චිත්‍රපටිය. ෂර්ලොක් හෝම්ස් මොන වගේ චිත්‍රපටියක් වෙයි ද කියලා හිතේ කිසිම අදහසක් නැහැ. ඒත් මේකට වැඩිය හොඳ දෙයක් කරන්න තිබුනා කියලා හිතෙනවා.

    අනේ මන්ද!

    ReplyDelete
  5. මගේ විචාරයට තවත් විචාරයක් එකතු කලාට ස්තුතියි :p
    ෆිල්ම් එක ගැන නොදන්න තොරතුරු රැසක් දැනගන්න ලැබුනා.ස්තුතියි.
    වටිනා ලිපියක්.......

    ReplyDelete
  6. ආතර් කොනන්ඩොයිල්ගෙම ෂර්ලොක් හෝම්ස් නොවුනට, කිවුවත් වගේ මේක යතාර්ථයට සමීපයි. පොතේදි ඉන්නෙ හරි strict, කිසිදෙයක් වරදින්නෙ නැති, මනුෂ්‍යත්වයෙන් එහාගිය රහස් පරීක්‍ෂණ උපකරණයක් නේ.

    ReplyDelete
  7. මම මේ ෆිල්ම් එක තාම බැලුවේ නෑ. විචාරය දැක්කමනම් බලන්න හිතුනා. මමත් හොම්ස්ගේ හොඳ ෆෑන් කෙනෙක්. පොත් බලල මවාගත්තු ප්‍රතිරූපය මේක වෙනස්කරගන්න වෙයි වගේ නේද?

    ReplyDelete
  8. මගෙ අදහස නම් බොහොම සාධාරණ විචාරයක් දීලා තියනව කියන එකයි. පුංචි එකතු කිරීමක් දෙකක් කරන්න අවසර. ලන්ඩන් නගරය ප්‍රතිනිර්මාණය කරල තියන හැටි විශීෂ්ටයි නේද? පාලම එහෙම බාගෙට තියනකොට..

    වොට්සන්ව චන්ඩිය කරපු එක කතාවෙ ගලායාමට ලොකු පිටුවහලක් වෙලා තියනව කියලයි මම හිතන්නෙ. අනික පොතක් කියවල ලබන වින්දනය ඒ විදියටම විත්‍රපටියකට හරවන්න ලේසි නෑනෙ.

    මමත් චන්දන මෙන්ඩිස් මහත්මය ලියපුව තමයි ඔක්කොම කියවලා තියෙන්නෙ. (බොහොම අමාරුවෙන් Hound of the Baskervilles කියෙව්වට සිංහලෙන් නොකිව්වනං නන්නත්තාරයි). නමුත් චිත්‍රපටය‌ට නැගුනු ඒවා හැම එකක්ම අතුරෙන් මේක ඉදිරියෙන්ම තියන්න පුලුවන් නේද. (guy ritchie කොලුව ඉතිං දස්ස සිස්සය නෙ)

    මොරියාටිගෙ චරිතයත් බලෙන් ඔබ්බන්නෙ නැතුව ලස්සනට ටච් එක දීලා තියනව නේද?

    ReplyDelete
  9. ලිපියනං සෑහෙන වෙහෙසක් දරල ලියල තියෙනව රනා.බොහොම පුළුල් පරාසයක් ආවරණය වෙන්ඩත් එක්ක. කෝක වෙතත් චිත්තරපටිය බලනකං ගුණදොස් කියන්ට නං බෑ නෙව.‍
    විචාරෙනං ඉතිං ගුණ තමා.දොසක් නෑ.
    - ජය

    ReplyDelete
  10. ඔව් මචෝ හැම පැත්තෙන්ම මේක නියමයි. අපිත් trailer එක මුලින්ම බැලුවම් ඇතිවෙච්ච සමහර අදහස් බැලුවට පස්සෙ නැතිම වෙලා ගියා. සංගීතයත් නියමයි. මම නම ඉන්නෙ මේකෙ ඊලග එක එනකම්. ඒකෙ මහාචාර්ය මොරියාටිට පණ පොවන්නේ Brad Pitt.

    ReplyDelete
  11. චාටර් ෂර්ලොක් හොම්ස්ව සම්පුර්ණයෙන්ම විකුති කරලා ,අනිත් එක මේක බලාගෙන යද්දි පෙනෙවි මෙතන අන්තිමට වීරයා වුනේ අයිරින් ඇඩ්ලර් ,බොහොමියා රජාගේ පලහිලවෙන් පස්සෙ අයිරින් ඇඩ්ලර් රට පැන්නා මතකද ඉතින් ආයි ඒ ගෑණි ව ගත්තෙ මොන මගුලකටද ,මේක ෂර්ලොක් හොම්ස්ගේ පරික්ෂණය ,ඇත්ත මෙකෙ සංගීතය ,පසුතල දර්ශණ ,කාලයට අනුගතවීම ,සමකාලීන සිදුවීම් (පාලම හදන එක වගේ),මිනිසුන් ගේ හැසිරීම් වගේ ඒවා ඉතා විශිෂ්ඨ මට්ටමෙන් තියෙනවා ඒ වුනත් මම දකින්නෙ චරිත කතාවට රිංගවා ගැනිමේදි අඩුපාඩුවක් කර ඇති බවයි ,මගෙ අදහසට අනුව ඔය අයිරින් ඇඩ්ලර්ව යොදා ගැනීම මගින් බටහිරයන් කර ඇත්තෙ ස්ත්‍රී පුරුෂ සාමනාත්ව බාවය චිතරපටිය තුළ තුලනය කිරීමයි නමුත් ඇත්ත වශයෙන් ගත්කළ හොම්ස් චරිතය තමන්ගෙ පරික්ෂණයකට වොට්සන් ඇරුනු කළ පිටස්තරයන් සහබාගී කරගත්තෙ බොහොම අඩුවෙන් ඒක වුනත් පරික්ෂණයේ බොහොම සුලු තැනකදි.

    ReplyDelete
  12. චාටර් ෂර්ලොක් හොම්ස්ව සම්පුර්ණයෙන්ම විකුති කරලා ,අනිත් එක මේක බලාගෙන යද්දි පෙනෙවි මෙතන අන්තිමට වීරයා වුනේ අයිරින් ඇඩ්ලර් ,බොහොමියා රජාගේ පලහිලවෙන් පස්සෙ අයිරින් ඇඩ්ලර් රට පැන්නා මතකද ඉතින් ආයි ඒ ගෑණි ව ගත්තෙ මොන මගුලකටද ,මේක ෂර්ලොක් හොම්ස්ගේ පරික්ෂණය ,ඇත්ත මෙකෙ සංගීතය ,පසුතල දර්ශණ ,කාලයට අනුගතවීම ,සමකාලීන සිදුවීම් (පාලම හදන එක වගේ),මිනිසුන් ගේ හැසිරීම් වගේ ඒවා ඉතා විශිෂ්ඨ මට්ටමෙන් තියෙනවා ඒ වුනත් මම දකින්නෙ චරිත කතාවට රිංගවා ගැනිමේදි අඩුපාඩුවක් කර ඇති බවයි ,මගෙ අදහසට අනුව ඔය අයිරින් ඇඩ්ලර්ව යොදා ගැනීම මගින් බටහිරයන් කර ඇත්තෙ ස්ත්‍රී පුරුෂ සාමනාත්ව බාවය චිතරපටිය තුළ තුලනය කිරීමයි නමුත් ඇත්ත වශයෙන් ගත්කළ හොම්ස් චරිතය තමන්ගෙ පරික්ෂණයකට වොට්සන් ඇරුනු කළ පිටස්තරයන් සහබාගී කරගත්තෙ බොහොම අඩුවෙන් ඒක වුනත් පරික්ෂණයේ බොහොම සුලු තැනකදි.

    ReplyDelete