Monday, April 12, 2010

බ්ලොග් මැරතන් දුවමි...



අන්තිමටම බ්ලොග් පෝස්ට් 1ක් ලියලා හෙටට හරියටම මාස 2යි. ලියන්න දේවල් ඕනෑතරම් තිබ්බත් ඒවා නොලියන්න හේතු කාරණා නම් බොහොමයි. ඔක්කොටම වඩා තියෙන ලොකුම හේතුව තමා මගේ මහා කම්මැලිකම. මොන ලෙඩේට බෙහෙත් තිබුනත් මගෙ හිතේ, කම්මැලිකම කියන ලෙඩේටනම් බෙහෙත් නෑ. තියෙනවානම් කොමෙන්ට් 1ක් විදියට කියලා යන්න. ඒක ලොකු උදව්වක් වේවි මගේ ඉදිරි බ්ලොග් ලිවිල්ලට.

අද මේ සටහන ලියන්නේ කාරණා කීපයක් දැනුම් දෙන්නයි.

මූලිකම දේ තමා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් සංවිධානය කරනු ලබන මහා බ්ලොග් මැරතන් දිවිල්ලට රනා නම්වන මමත් සහභාගී වන බව දැනුම් දීම. මැරතන් දිවිල්ලට එනවාද නැද්ද කියලා ගොඩ දවසක ඉදලා හිත හිත හිටියේ. හේතුව තමා පැයකට ලිපි 4ක් ලිවීමේ අභියෝගය. ඒත් අපේ හිතවත් කතන්දර කාරයාගේ කොමෙන්ට් 1ක් දැක්කට පස්සේ කොරන්න ඕනේ මොකක්ද කියන දේ වැටහුනා. කොමෙන්ට් 1 දැක්ක තැන මතක නෑ. කොහොමහරි ලිපි සම්බන්දව අදහසක් දීපු කතන්දරට මගේ බලවත් ඉස්තූතිය මේ වෙලාවේ පුදකරනවා. මැරතන් දිවිල්ලට මූලිකවම අවශ්‍ය කරුණු කාරණා (රෙජිස්ටර් වීම, බ්ලොග් 1 මැරතන් බැනර් 1 දැමීම) මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. ඊට පස්සේ තමා අමාරුම හරිය. ඒ කියන්නේ බ්ලොග් ලිවිල්ල. ලියන දේවල් කාණ්ඩ ආකාරයට ලියන්න තමා හිතාන ඉන්නේ. මේ තියෙන්නේ ඒ ටික.

1. රනා අහපු කතා.
2. රනා කියපු කතා.
3. රනා කියෝපු කතා.
4. ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කරුණු.
5. රනා ලියන කලා විචාර.
6. රනා ලියන කවි.

දැන් මේ කාණ්ඩ ටික විස්තර සහිතව.

1. රනා අහපු කතා
මේකට අයිති වෙන්නේ රනා ඔය මළ ගෙවල්වල, මගුල් ගෙවල්වල, බණ ගෙවල්වල, දානේ ගෙවල්වල, බස් හෝල්ට්වල, කෝච්චි ඉට්ටේසම්වල, අතන මෙතන මෙකී නොකී හැම තැනකදීම අහපු දැකපු කතා සහ සිදුවීම්. රස කතා, විහිලු කතා, ආදර කතා, ඥාන කතා වගේම දුක හිතෙන කතාත් බොහොමයි. ඇත්තම කියනවානම් නියම ඕපදූප ටිකක් මේ කැටගරිය යටතේ දැක බලාගන්න පුලුවන්.

2. රනා කියපු කතා.
කළින් කියපු හැම තැනකදීම සහ කළින් නොකියපු තැන්වලදී රනා කියපු කතා තමා මේ කාණ්ඩෙට අන්තර්ගත වෙන්නේ. රනා කඩේ ගිය කතාව ගොඩක් අය දන්නවා මගෙ හිතේ. කඩේ යද්දි කියපු කතාත් මෙතෙනින් දැක බලාගන්න පුලුවන්.

3. රනා කියෝපු කතා.
රනා පොඩි එකා කාලේ ඉදලම පොත් පත්තර එහෙම කියෝනවා. ඒ කියවද්දි අහුවුන හොදයි කියලා හිතෙන ඒවා රනා එකතු කරගෙන තියාගෙන ඉන්නවා. එහෙම කියෝපු ලිපි කීපයකුත් මුල් රචකයාගේ නම සහ ඒ ලිපිය පළවෙච්ච පත්තරේ/පොතේ නම, කලාපය වගේ දේවල් එක්ක පළකරන්න රනා බලාපොරොත්තු වෙනවා. මීට අවුරුදු 10-15 කළින් කියෝපු දේවල් ආයේ දැකබලාගන්නත් ඔන්න බ්ලොග් මැරතන් 1 දී පුලුවන්.

4. ගූගල් කොරලා හොයාගත්ත ටෙක්නිකල් කරුණු.
තුරුදැලේ ඉන්නකොට නිතරම රනාගේ පිහිටාරස්සාවට ඉන්නේ ගූගල් දෙයියා තමා. එහෙම ගූගල් දෙයියා හොයලා දීපු කරුණු කාරනා ටිකකුත් මැරතන් 1දී දුවවන්න තමා කල්පනාව.

5. රනා ලියන කලා විචාර
මීට කළින් රනා ලියපු කලා විචාරේට ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒකෙන් ඇතිවෙච්ච මෝටිවේෂන් 1ත් එක්ක තව විචාර 2ක් විතර ලියන්න පටන් ගත්තා. ඒත් කම්මැලිකම නිසාම ඒවා තාම කොට උඩ. ඒ බාගෙට ලියපු කලා විචාරත් සම්පූර්ණ කරලා දාන්න තමා හිතාන ඉන්නේ.

6. රනා ලියන කවි
ජීවිත කාලෙටම රනා ලියලා තියෙන්නේ කවි 5ක් විතර. ඒ ටික හොයාගන්න පුලුවන් උනොත් දාන්නම්. බොහෝ දුරට හොයාගන්න ඇහැකි වෙයි.

මීට අමතරව කඩේ ගිය දවස්වල පටන්ගත්ත බ්ලොග් 1ත් අප්ඩේට් කරන්න තමා හිතාන ඉන්නේ. ඒ බ්ලොග් 1 තුළින් අපේ රටේ හැමෝටම බොහොම වැදගත් වෙන ලියවිල්ලක් පළකරන්න බලාපොරොත්තු වෙනවා.

මීටත් අමතරව දශක 2කටත් වැඩි කාලයක් තිස්සේ රනා ජීවත් වෙන ගම ගැනත් ලිපි සීරීස් 1ක්ම ලියන්න රනාගේ ලොකු ආසාවක් තියෙනවා. ඒ ආසාව කොහොමහරි මේ මැරතන් 1 පිහිටෙන් ගොඩදාගන්න තමා උත්සාහය.

එහෙනම් රනාගේ සිංහල බ්ලොග් මැරතන් ප්ලෑන ඔහොමයි. කියන්නනම් ලේසියි. බලමුකෝ ඕක කොරන හැටි.



අවුරුදු කටේ හින්දා කොරන්න වැඩ කටයුතු බෝමයි. ඒක නිසා දැන් යන්න වෙලාව හරි. එහෙනම් මැරතන් දවසේ ඉට්ටාට් ලයිං 1 උඩදී අනිවා හමුවෙමු. පුලුවන් උනොත් ඊට කළින් ඇවිත් යන්න එන්නම්.

ඔබ සියලු දෙනාට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...




ජය වේවා...

6 comments:

  1. 1. මැරතන් දිවිල්ලට සුබ පැතුම්
    2. අලුත් අවුරුද්දට සුබ පැතුම්
    [{ 3. මේ කමෙන්ට් එක දාපු මට සුබ පැතුම් }]

    ReplyDelete
  2. මාත් එන්නම් කො වතුර පාරක් ගහන්න....

    ReplyDelete
  3. මමත් දුවන්න තමයි හිතන් උන්නේ. ඒත් කොහෙද සෙනසුරාදා රෑ ඉඳන් ඉරිදා රෑ වෙනකම් අහුවෙන්නේ මට නෙට් නැති දවසක්නේ. :(

    උඹට සුබ පතනවා සහෝ ඒත් වතුර පාරක්වත් ගහන්න එන්න වෙන්නෙ නැති එකටනම් කණගාටුයි.

    ප.ලි.
    නරකද ඕකටම අල්ලලා ඇන්ත්‍රැක්ස් එක්ක උඹේ තියෙන කුමන්ත්‍රණයය ගැනත් ලිව්වනම්. ;) දන්නෝ දනිති. :)

    ReplyDelete
  4. මැරතන් දිවිල්ලට සුබ පැතුම් සහෝ.... වතුර ගහන්න එන්නම් කට්ටියත් එක්ක........ :) ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.......

    ReplyDelete
  5. සුභ පතනව දිවිල්ලට. අපිත් වට පිටාවෙ ඉඳී. මමත් දුවනවනෙ. කට්ටිය සෙට් වෙලා දුවමුකො එහෙනම්.

    ReplyDelete
  6. කමෝන් රනා... මාත් එනව වතුර බාල්දි පෙරලන්න. මොටර් සයිකලෙත් අරන්ම එන්නම්. නැත්තම් ඔයා යන වේගෙට වතුර ගහන්න එන්න බැරි වෙයි මට....

    ආහ්...... ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා ආයිබෝන්....

    ReplyDelete