Thursday, July 22, 2010

වර්ෂ මාස පූර්ණය....

මීට අවුරුද්දකටත් මාසෙකට පෙර දිනක රනා බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තා.
එම බ්ලොග් 1ට දැමීමට නමක් රනාගේ ඔළුවට ආවේම නෑ.
අන්තිමේ එය "රනා ලියන බ්ලොග්" නම් වුනා.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ ආරම්භයයි.
ඊට පස්සේ බොහොම අමාරුවෙන් මාසෙකට බ්ලොග් පෝස්ට් 1ක් 2ක් රනා ලිව්වා.
ලියන්න දේවල් අනන්තවත් තිබුණත් රනාගේ කම්මැලිකම ඊට වඩා ගොඩාක් වැඩියි.
ගිය දෙසැම්බරයේදී රනා එකම සටහනක්වත් ලිව්වේ නෑ.
ඒ කාලේ රනා කඩේ ගියා.
ඇත්තම කියනවානම් රනා ලියන බ්ලොග් ට අවුරුද්දක් පිරුණේ ගිය මාසයේදීයි.
පහුගිය ජූනි මාසයටම රනා එකම බ්ලොග් සටහනක් හෝ ලිව්වේ නෑ.
මේ ජූලි මාසයටත් උපරිම බ්ලොග් සටහන් 2ක් හෝ 3ක් ලියැවෙනු ඇති.
ඒ රනාගේ හැටි.
රනාගේ හිතේ බ්ලොග් සටහන් ලිවීම උදෙසා නැගෙනා අදහස් හිත ඇතුලේම මියැදී,
ඒ අදහස් වැළලූ තැන ගසුත් පළවී, එම ගස්වල හටගත් ගෙඩිවලින් තවත් ගස් ද හටගෙන ඇතුවා නිසැකයි.
ඔයවගේ දේවල් රනාට සිම්පල්.
දවල්ට කෑවේ මොනාද කියා කවුරු හෝ ඇහුවොත් එය මතක නැති රනාට
බ්ලොග් 1 උපන්දිනය අමතකවීම මහ දෙයක් නෙමෙයි.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ කතාවයි.

රනාත් සමගම වාගේ බ්ලොග් ලියන්නට පැමිණි බොහෝ අය අද බ්ලොග් අවකාශයේ පතාක යෝධයෝ...
දුකා, කතන්දරකාරයා, තමීර, මුචලින්ද
ඒ අතරින් කීප දෙනෙක්.
ඔවුන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් රනා තව වතාවක් සුබ පතනවා.
ඒ වගේම තවත් සමකාලීනයෙක් වන
රනාගේ සදාදරණීය මිත්‍ර ඇන්ත්‍රැක්ස්,
බ්ලොග් අවකාශය නිසාම දැනහඳුනාගත්
රනාගේ අල්ලපු ගමේ පොරක්...
(දැන් මේක දැකලා කඩප්පුලි රොයිලි මොනාවත් නොකිව්වොත් වැඩක් නෑ...)
ඒ වගේම මේ දිනවල බොහොම උනන්දුවෙන් බ්ලොග් ලියන
දුරු රටක ඉන්න
"සීත සමීරත්" රනාගේ ගමේම පොරක් (බලමු සමීරයා රනාව අදුරගනීද කියලා).
ඒ විතරක් නෙමේ,
සන්සරසිඳුත් රනාගේ ඉස්කෝලෙන් ආපු පොරක්.
හැබැයි සීත සමීර වගේ නෙමේ සන්සරසිඳු රනාව අඳුරන්නේ නෑ...
රනා නිසා බ්ලොග් කියවන්න,ලියන්න පටන්ගත්ත
එකෙක් දෙන්නෙකුත් ඉන්නවා...
ඒ ගැන රනාට තියෙන්නේ
හෙන සතුටක්...
හැබැයි උනුත් රනා වගේම තමා,
මාසෙටම බ්ලොග් පෝස්ට් 1යි.
උපරිම 2යි....

රනාගේ පළමු බ්ලොග් සටහනේ නම පෙරවදන.
ඒකෙදී රනාට බ්ලොග් ලිවීමට අතහිත දීපු හැමෝටම
රනා "රනා ලියන බ්ලොග්" පිළිගැන්වුවා...
ඒ කතාවත් කියවලා බලන්න.

එහෙනම්,
අවුරුද්දකුත් මාසයක් පුරාවට
රනා ලියන බ්ලොග්
කියවපු
කොමෙන්ට් කරපු
ෆලෝ කරපු
හැමොටම
රනාගේ ස්තූතිය.....

රනාගේ බ්ලොග් කෙරුවාවට ජයවේවා....

5 comments:

  1. අනේ ඔව් වදේ මගේ බ්ලොග් රෝලේ ඔයා ඉන්නවා රනා ලියන බ්ලොග් කියලා මං හිතන්නේ යටම තමයි ඉන්නේ. ඇයි ඉතිං කාලෙකින් ලියලා නැහැනේ. මං හිතන්නේ රනා කැලේ පනිනවාද කොහෙද කාලෙන් කාලෙට ආරච්චිට බයේ (දඬුබස්නාමානානානනාමානයේ {මේ ඒ කාලේ අපේ නංගි කියපු විදිහ හොඳේ} රනා කියලා උපකල්පනය කරමි)

    ආරච්චි මළා රනා බය නැතිව බ්ලොග් ලියාපාං මලේ

    ReplyDelete
  2. ආ මග කෙටී..යායුතු මග දුරයි..
    සුබපැතුම් මචෝ. ලිව්වෙ නෑ ලිව්වෙ නෑ කියන්න එපා, උබ එලි වෙනකම් මැරතන් දිව්වෙ. ඒ මදෑ අවුරුද්දටම. ;)
    එල පෝස්ට් එකක් දාන්න තියෙන්නෙ අද හෙටම කල් යල් බලලා. ජයවේවා කිව්වා

    ReplyDelete
  3. ජය වේවා ලොකු අයියා!

    ReplyDelete
  4. සුභ පැතුම්..

    ReplyDelete
  5. දිගටම ලියපන් මචන් . .

    මමත් දැන් වෙලාව හදාගන්නේ හරිම අමාරුවෙන් . . ඒත් මට නම් මේ ලඟකදී ලැබුනු හොඳම විනෝදාංශේ තමයි මේ බ්ලොග් ලිවීම . . .

    නතර කරන්න එපා මචන් දිගටම ලියපන් . ..

    අහ් අර කියපු පතාක ලිස්ට් එකේ මම නෑ බන් . . . සිරාවටම මට එහෙම හිතෙන්නේ නෑ . . .විස්වාස කරපන් . .. .

    ReplyDelete