Saturday, January 30, 2010

කඩේ ගිය තරමක්....



2009 වසරේ නොවැම්බර් මස 25
න් පසුව ලියැවෙන පළමු සටහන මෙයයි. හරියටම මාස 2ක් මුකුත්ම නොලිව්වෙමි. ඒ සදහා මූලිකම හේතුව මගේ කම්මැලිකම වූ අතර දෙවන හේතුව ලෙස වැඩ ගොඩකට කරගැසීම දැක්විය හැක. මේ උත්සාහය ඒ ගතවූ කාලය පිළිබදව කෙටි සටහනක් තැබීමටය.

SBU සාදය මගහැරීම

2009 දෙසැම්බර් මස 19 දින SBU සාදය පැවැත්වූ බව ඔබ මම ඇතුලු අපි සැම දන්නා කරුණකි. මේ සාදය ගැන මම ඉස්සෙල්ලාම විස්තර දැනගත්තේ අපේ හිත මිතුරු කතන්දරකාරයාගෙනි. ඇත්තටම මේ ගැන විස්තර අසමින් මම කතන්දරේට අසමාන වදයක් වුනෙමි. ඊට මූලිකම හේතුව වූයේ ඒ වනවිටත් මම සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයෙක් නොවීමයි. අන්තිමේ මගේ වදෙන් බේරෙන්නටම බැරි තැන කතන්දරකාරයා මගේ අන්තිම බ්ලොග් සටහනේ කොමෙන්ටුවක් ලෙසත් සාදය පිළිබදව ලිව්වේය. කරුමෙකට එය මා දැක්කේ සෑහෙන්න කාලෙකට පස්සේය. කොහොම කොහොමහරි විස්තර ඔක්කොම දැනගෙනත් මම සාදයට නොආවෙමි. කිතුලට ගිය එකාටත් ඒකට කියන්න හේතුවක් ඇත්තා සේ මටත් දැක්වීමට හේතු ඇත. සිදුවූයේ මෙයයි. රනා නම් වන මම තවමත් ඉගෙන ගන්නා සිසුවෙක්මි. ඉගෙන ගන්නවා යනු පිටරටක උපාධියක් අපේ රටේ සිට කරමි. සියලු සිසුවන්ට පොදු කරුණ වූ අභාග විභාග මටත් එමට තිබේ. හරියටම දෙසැම්බර් 20 ඒ වගේ අභාගයක් තිබුණි. ඉගෙනගත් කිසිම දෙයක් ඔලුවේ තිබුණේ නැති නිසා 19 දවසම පොතේ තිබුණ දේවල් ඔලුවට ක්‍රෑම් කළෙමි. ඒ නිසා සාදයට නාවෙමි. මගේ කම්මැලිකම නිසා (කළින් පාඩම් නොකිරීම) සාදයට නොඒමෙන් සිදුකළ වරදට ඔබ සියලු දෙනාගෙන් මෙළෙස සමාව ඉල්ලමි.


2010 ජනාධිපතිවරණය (කඩේ ගිය තරමක්....)

2010 ජනාධිපතිවරණය සදහා වැඩ කළෙමි. කොහොමත් මට අතීතයේ සිටම තදබල දේශපාලන උණක් ඇත. මෙවර එය සහලෝල උණ බවට පත්විය. මෙම බ්ලොග් සටහනේ අරමුණ වූයේ එළෙස මම කොච්චර කඩේ ගියාද යන්න පැවසීමය. කඩේ ගියේ කාටද යන්න පැවසීම මගේ යුතුකමකි. මම කඩේ ගියේ මහින්ද මාමාටය. ඊට හේතුව මම හෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වීමය. මගේ කඩේ යාම පහත ලෙස දැක්විය හැක.

සහභාගී වූ ලොකු රැස්වීම් සංඛ්‍යාව - 2 (මේවාට ජනාධිපතිතුමා සහභාගී වූයේය.)
සහභාගී වූ මැතිවරණ කමිටු රැස්වීම් සංඛ්‍යාව - 4 (අපේ ගමෙන් පිට)
මගේ සහභාගීත්වයෙන් පිහිටවනු ලැබූ මැතිවරණ කමිටු සංඛ්‍යාව - 4 (අපේ ගම තුළ)
මම කතා පවත්වන ලද මීටිං සංඛ්‍යාව - 6 (මේවා පොඩි පොකට් මීටිංය. 1ක සෙනග උපරිමයෙන් 150ක් සිටින්නට ඇත.)
පෝස්ටර් ගැසීම (ටිකක් විතර)
කැන්වසිං යාම (ගෙවල් 500ක් පමණ)

මැතිවරණය පැවැත්වූ ජනවාරි 26 දින සෑහෙන්න වෙහෙස වුණෙමි (කඩේ ගියෙමි). අපේ ගමේ ඡන්ද මධ්‍යස්ථාන(Polling Booth) 4ක් ඇත. මේවාට ඡන්ද පොළ නියෝජිතයන්(Polling Agents) පත්කලේ මගේ නායකත්වයෙනි. ඊට අමතරව එම නියෝජිතයන්හට උදේ/දිවා ආහාර ගෙනගොස් දීම, තේ සහ සිසිල් පැන් දීම, රහස් උපදෙස් දීම(ඡන්ද මධ්‍යස්ථානය තුළදී කළ යුතු දේවල්) යන මේ හැම දේම කළෙමි. එමෙන්ම දවල් වනතුරු ඡන්දය පාවිච්චි නොකළ අපේ පාක්ෂිකයන්ගේ නිවෙස්වලටම ගොස් ඔවුන්ගෙන් ඡන්දය ඉක්මනින් දාන ලෙස ඉල්ලුවෙමි (ඔවුන් බොහෝ දෙනෙක් එම ඉල්ලීමට එකග චිය). අවසානයේ ඡන්ද පෙට්ටි රැගෙන යන වෙලාවේ රතිඤ්ඤා පත්තු කිරීමද කළෙමි. මේ සියලු කටයුතු බොහොම සාමකාමීව සිදුකරගැනීමට හැකිවීම ඇත්තටම හිතට සහනයක් විය.
මෙතැනින් නොනැවතුන මම ඡන්ද ගණන් කිරීමටද (Counting) ගියෙමි. එම මධ්‍යස්ථානයේ සිටි නිලධාරී මහත්ම මහත්මීන් ඡන්ද ගණින ආකාරය මුලදී හෙන උද්යෝගයෙන්/පසුව නිදිකිරමින් බලා සිටියෙමි. අවසානයේ අපේ කලාපයේ ඡන්ද ප්‍රතිඵලයත් (හරියට), ආසනයේ ඡන්ද ප්‍රතිඵලයත්ම (හරියට), දිස්ත්රික්කයේ ඡන්ද ප්‍රතිඵලයත්(ආසන්න), සමස්ත ඡන්ද ප්‍රතිඵලයත්(ආසන්න) දැනගෙන 27 උදේ 6.30ට විතර ගෙදර ආවෙමි. අපේ මහන්සිය ගගට කැපූ ඉනි නොකරමින් මහින්ද මාමා විශිෂ්ඨ ලෙස ජයගෙන තිබුණි. ගෙදර ආව ගමන් නිදා ගත්තෙමි. ජනවාරි 25 උදේ නැගිටීමෙන් පසු 27 උදේ වෙනකම් කිසිම නින්දක් නොලැබීම හේතුවෙන් සවස් වෙනකම්ම හොදට නිදාගත්තෙමි. හවස නැගිටින විට මැතිවරණ කොමසාරිස්තුමා ටීවී 1 කතා කරමින් සිටි අතර ඉතිරි වී තිබූ රතිඤ්ඤා ටිකද පත්තු කළෙමි. කටයුතු සියල්ලම එලටම වීම ගැන මට අම්බානකට සන්තෝස හිතුණි.

වැදගත්ම කරුණ මේ එකක්වත් නොවේ. ජනාධිපතිවරණය වෙනුවෙන්ම අලුතෙන් බ්ලොගයක්ද පටන් ගතිමි. මාස 2ක් තිස්සේ මගේ මේ බ්ලොග් 1 තියෙනවාද නැත්දවත් කියා නොබැලූ මම ඒ බ්ලොග් 1ට පෝස්ට් 6ක්ම ලිව්වෙමි (මේක පටන් ගත්තේ මැතිවරණයට හරියටම සතියක් තිබියදීය). ඉන් 2ක් කෙළගා ඇලවූ ඒවා වූ අතර අනික් 4 හෙන කැපවීමෙන් ලියපු ඒවා විය. බ්ලොග් 1 සිංඩියටත් කොත්තුවටත් දැමූ අතර කොත්තුවේ එය පහුවෙනිදාම පළ විය. දින 14ක් ඇතුළත එය සිංඩියට ඇතුළත්කරන බවට SBU 1න් දැනුම්දීමක් ලැබුණි. මගේ අනෙක් බ්ලොග් 1 ටත් ගිහින් බලන්න කියා කාරුණිකව ඉල්ලමි.

දැන් ඉතින් සියල්ල අවසානය. මාර්තුවලදී මහ මැතිවරණය පවත්වන බවට රාවයක් ඇත. එතෙක් සුපුරුදු පරිදි ජීවත්වෙමි. උවමනාවක් ඇතිවූවොත් මහ මැතිවරණයටත් මෙළෙසම කඩේ යමි.

එතෙක් ඔබට සුබ අනාගතයක්...

මගේ කඩේ යාමට ජය වේවා...

16 comments:

  1. ඔබටත් සුභ අනාගතයක්!!!

    ReplyDelete
  2. සුභ අනාගතයක්! අපි නම් කල්තියාම දන්නව මහින්ද මාමා දිනන බව. :)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මා හිතන විදියට ශ්‍රී ලංකා කාරයෙක් හෝ යූඇම්පී කාරේ‍රක් හෝ ජේවීපී කාරයෙක් හෝ තමන්ගේ පක්‍ෂයට වැඩ කිරීම කඩේයාමක් නොවේ.

    කඩේ යාම යනු තමන් සතු පෙර ජනප්‍රියභාවයක් හෝ සිවිල් බලයක් හෝ උපයෝගී කරගෙන තම රසික පිරිස හෝ පාඨක පිරිස හෝ අනුගාමික පිරිසට තමන් ගේ මතය පොවන්නට තැත් කිරීමයි.

    ඔබ රැස්වීම් වල කතා කළ ද, සමිති හැදුවද, කැන්වසින් කළ ද, ඔබ කඩේ ගොස් නැත.

    ඔබ අඩුතරමින් රණා ගේ අඩවිය හෝ ජනාධිපතිවරණය සඳහා භාවිතා නොකර වෙනත් බ්ලොග් එකක් ඇරඹීමෙන් මෙය තවදුරටත් සනාථ වේ.

    ඔබ නැති වූවාට මහරජා ට කඩේ ගිය ඇත්තෝ එමට මෙහි සිටියහ.

    වෙල්කම් බැක්!

    කතන්දරකාරයා

    ReplyDelete
  5. එල කඩේ යෑමක්... ඔහොම යං... ඔහොම යං... සුබ අනාගතයකට සුබ පැතුම් !!!

    ReplyDelete
  6. කඩේ ගියපු එක පාඩු නෑනේ....

    ReplyDelete
  7. කඩේ කෙසේ වෙතත් අර 19-20 විබාගේ කේස් එකනම් තේරුම් ගන්න පුලුවන්.. මේ දවස් වල අපි කරන්නෙත් ඕකම තමයි :D

    දිගටම ලියමු..

    ReplyDelete
  8. MR aduma gaanea 5 lakcs walin dinnawa kiyalaa man ottuwakuth dammaa....

    :)

    ReplyDelete
  9. @Prabath
    ඔබටත් සුබම සුබ අනාගතයක්...

    ජය වේවා...

    @ශාකුන්තල
    සුබම සුබ අනාගතයක්...
    මම හිතාගෙන හිටියේ ඡන්ද ලක්ෂ 8-10 අතර ගානකින් දිනාවි කියලා. රජ්ජුරුවෝ ගහන එක ඔලුවටම ගැහුවා...

    ජය වේවා...

    @කතන්දර කාරයා
    බොහොම ස්තූතියි කඩේ යාම ගැන හරි අදහසක් දුන්නාට. මම ඇත්තටම හිතාගෙන හිටියේ කඩේ යනවා කියන්නේ කාට හරි වැඩ කරන 1ට කියලා.
    වෙල්කම් බෑක් කිව්වට ස්තූතියි.

    ජය වේවා...

    @කணிshක Hennayake
    සුබම සුබ අනාගතයක්...
    එලටම කඩේ ගියා.

    ජය වේවා...

    @ගලා
    කඩේ යන්න විදපු මහන්සිය අපතේ ගියෙ නෑ. ජනපති යළිත් ජනපති නේ.

    ජය වේවා...

    @chamila_dealwis
    අභාග විභාග වලදී හැමෝම එකම සෙන්ටෙන්ස් 1 තමා කරන්නේ. ඔලුවට දාගන්න ටික හරියටම දාගන්න.
    සුබ අනාගතයක්...

    ජය වේවා...

    ReplyDelete
  10. @බිඟුවා...!
    එලනෙ.
    මාත් ඔට්ටුවක් දාගන්න හෙව්වා හෙව්වා ඒත් සෙට් උනේ නෑ. අපරාදේ අයේ කාලෙකින් ඔය වගේ චාන්ස් 1ක් එන්නේ නෑ. මහ ඡන්දෙටඔවත් ඔට්ටුවක් දාගන්න ඕනේ.

    ජය වේවා...

    ReplyDelete
  11. අභියෝගයන්ට ආදරය කරමු !!!

    ela ela

    ReplyDelete
  12. දැන් ඉතින් අවුරුදු 8ක් කාපල්ලා පරිප්පු .....!! :P

    ReplyDelete
  13. හප්පේ මේ ඇවිත් ඉන්නෙ. මම බැලුව මට තර්ජනේ දාලා ලියන්නෑ කියල උබ කොහෙද අතුරුදහන් උනේ කියලා.

    බලං ගියාම රනා hard core නිල් පොරක් නෙ. ;)

    ReplyDelete
  14. අප්පටසිරි. මේ ඇවිත් ඉන්නේ කොල්ලා.

    මම නම් උඹ වගේ hardcore නිල් නෙවෙයි. ඒත් අපි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන.

    මේ පාර අපට කලින්ටත් වඩා මහන්සි වෙන්න ඕන.
    ඒ මේ තක්කඩි බලවේග අලුත් තුරුම්පුවක් හොයාගෙන ඉන්න නිසා නෙවෙයි. මේ රටේ සැබෑ වෙනසක් කරන්න ‍මේ වියරු දේශපාලන තරඟය අවසන් කරන්න ව්යිවස්ථා සංශෝධනයකට තුනෙන් දෙකක් ගන්න ඕන නිසයි.

    ReplyDelete
  15. මල්ලි කඩේ යවන්න හොද කොල්ලෙක් කියල මහානාමෙ සයන්ස් සොසයිටියෙ වැඩ කරන කාලෙම මමනම් දැනගත්තා... බලන්න මාව මතකද කියලා....

    ReplyDelete
  16. උබ දේශපාලුවොන්ට පුක දෙන ඩයල් එකක් ද???

    ReplyDelete