Wednesday, July 28, 2010

ගොරකා

අපේ ගෙදර අය මේ දවස්වල ගොරකා වේලනවා. අව්ව සැර නිසා ඉක්මනට වේලෙනවා. ඇත්තම කියනවානම් රනා ගොරකා වේලනවා දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. පැදුරක වේලෙන්න දාලා තිබුණ වෙලේ ඉර අව්ව වැටිලා ලස්සනට තිබුණ නිසා ෆොටෝ ටිකක් ගහන්න හිතුනා.











වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.

කොහොමද ගොරකා පැදුර

8 comments:

  1. මේ ගොරකය ගොරකත් දමල බ්ලොග් එකට බ්ලොග් කියවන සින්ඩියත් එක්ක ඇඹුල් රසයි...සික්....

    ReplyDelete
  2. ආතල් එකට කමෙන්ට් එක දැම්මෙ මඩකට නෙමෙයි බොසා...

    ReplyDelete
  3. එතකොට ඔයා නම් ගොරක ගෙනල්ලා? ලස්සන ෆොටෝ ටික

    ReplyDelete
  4. හැම තැනම වෙන දෙයක් තමයි ලාබෙට තියෙන ගොරක ගනන් උස්සවන එක. අන්තිමට වේලිලා යනවා.

    ReplyDelete
  5. shaaa . mewwaye lassana ban . .. . .

    ReplyDelete
  6. ෂා... ලස්සනයි..... ඇත්තටම අතීතය මතක් උනා මටත්, අපේ ආච්චිව මතක් උනා..... ආච්චි තම්යි ඉස්සර අපේ ගෙදර ගොරකා වෙලුවේ, දැන් නම් ඔහේ ගස් යට ඉබේම වේලිලා යනවා. ඕවා ඔහොම වේලලා දුමේ දාලා වේලනවානේ, එතකොට තමයි කලු පාට වෙන්නෙ. දවසක් අපේ ආච්චි ගොරකා ටික දුමට දාල මට පැවරුවා දුම් ගස්සන්න. මොකට ලෝබ වෙනවද කියල හිතලා හොඳට පොල් ලෙලි දාලා මම ගියා... ටික වෙලාවකින් එක ගාල ගෝට්ටියයි, දුමට ගිනි ඇවිලිලා... හික් හික් හික්... හොඳ වෙලාවට දුම තිබ්බෙ ගෙදරින් වෙන් කරලා හදපු කුස්සියක.නැත්නම් ගෙදරම ගිනිගන්නවා... හික් හික් හික්

    ReplyDelete
  7. ane apoi ape rana ayyath photos dala tiyenne hariyata eya goraka welanawa wage. eth itin eyanam oya wadak karana ekak natiwa athi. Photo tika lassanai rana ayye.

    ReplyDelete