Friday, January 27, 2012

ආයෙත් ලියන්න හිතුණා.....



ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්න හිතුණා....
මේ 2012 අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය.
අද ලියැවෙන මේ බ්ලොග් සටහන ලියැවෙන්නේ මාස 8ක විතර කාලයකින්.
මාස 8ක් කියන්නේ පොඩි කාලයක් නෙමේ.
ඉස්සරත් රනා වැඩිය මොකුත් ලිව්වේ නෑ. ඔහේ හිතුණාම ඇවිත් මොන මොනා හරි කුරුටු ගාලා යනවා. වැඩකට ඇති දේවලුත් නෙමේ. වැඩි හරියක් වෙලාවට මනස්ගාත.
ඒත් නොලියා ඉන්න එක අපරාදේ.

බ්ලොග් නොලියවෙන්න ප්‍රධානම හේතුව කාර්යබහුලකම හෝ ලියන්න දෙයක් නැතිවීම හෝ රටේ හෝ ගමේ හෝ සයිබර් ලෝකයේ සිද්ධවෙන දේවල්වලට සංවේදී නොවීම නෙමේ.
කම්මැලිකම!!!
රනා ගොඩාක් කම්මැලියි ලියන්න.
බ්ලොග් ලියන එක වෙනුවට බ්ලොග් කියවන එකනම් හැමදාම වගේ කරනවා.
කව්රුහරි ලියපු දෙයක් කියවන්න කිසිම කම්මැලිකමක් නෑ. ඒත් මොකක් හරි දෙයක් ගැන ලියන එක මහ එපා කරපු වැඩක්. හරියට නිකං මරණවා වගේ වැඩක්.

බ්ලොග් කියව කියව ඉන්නකොට වෙලාව යනවා නොදැනෙන එක රනාට තියෙන ලෙඩක්.
ඒ වගේම තමා පත්තර බැලිල්ල. උදේ නැගිටපු ගමන්ම දිවයින, ලංකාදීප, ලක්බිම, ලංකා ඊ නිව්ස්, ඊයේ පෙරේදා පටංගත්ත අද සහ ඕපදූප ටික කියවන එක තමා කරන්නේ. ඒ අතරින් පතර ඊ මේල් බැලිල්ලයි Facebook අඩවියේ එක එක්කෙනාගේ පුරාජේරු බැලිල්ලයි දෙකටත් සැළකියයුතු කාලයක් වියදම් වෙනවා. ඔය දේවල් ඔක්කොම ඉවර වෙනකොට පැය 2ක්ට කිට්ටු වෙලාවක් ගිහිං. ඉතිං කොහෙද ලියන්න වෙලාවක්.... ඒ එක්කම කම්මැලිකම සෙට් වෙච්ච ගමංම බ්ලොග් ලිවිල්ල හාන්සි.
ඉහතින් කියපු හේතුව රනාගේ බ්ලොග් නොලියවිල්ලට දායකවෙන සක්‍රිය හේතුවක්.

ඉස්සර තිබ්බ තවත් හේතුවක් තමා ෆිල්ම් එහෙම නැත්තම් බයිස්කෝප් බැලිල්ල.
සාපේක්ෂව ඒක පත්තර බැලිල්ලට වඩා සහ GMail හෝ Facebook කෙළියට වඩා හොදා.
ඕපදූප කියවනවට වඩා ඒක නාට්‍යානුසාරයෙන් බලන එක ටිකක් හොදයි.
හැබැයි ඉතිං කෙළිංම පැය 2කට විතර සොරි. සමහරවිට ඊටත් වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා.
ඉස්සර බයිස්කෝප් බැළුවේ පරණ CRT මොනිටරේ. ඒක 15". අවුරුදු ගාණක විශිෂ්ඨ සේවයකිං පස්සේ ඒක ගිය ඔක්තෝම්බර් නොවැම්බර් කාලයේදී අවසන් ගමන් ගියා. ඊට පස්සේ දෙසැම්බර්වලදී නත්තල් සේල් අල්ලලා ගත්තා LED මොනිටර් කෑල්ලක්. දැං ඒකෙං පුළුල් තිරේ පිචර් බලනවා. ඔය අස්සේම තවත් මරු අයිටම් එකක් සෙට් උනා. Projector එකක්. ටිකක් පරණ උනාට ගින්දර වගේ වැඩ. ඒකෙං රනා ගෙවල් පැත්තෙම ඉන්න මිනිස්සුංට බයිස්කෝප් පෙන්නනවා. ඒ වැඩේ නැගලා යනවා. ඔය වගේ වැඩ කරන එක අනාගතේටත් ටිකක් විතර හොදයි.
මේ හේතුවත් රනාගේ බ්ලොග් නොලිවිල්ලට බලපාන වැදගත් හේතුවක්.

බ්ලොග් ලියනවානං ලියන්න දේවල් ඕනෙ තරං.
රනා සංවේදී දේවල් ගත්තොත් දේශපාලනය, සංගීතය, සමාජ සම්බන්ධතා, වේදිකා නාට්‍ය, ගුරු වෘත්තිය, දහම් පාසල්, ලිනක්ස් ගැන ලියන්න දේවල් ඕනේ තරම්. ඒ වගේම බ්ලොග් ලියන අනිත් මිනිස්සු විසින් කාලෙන් කාලෙට ඇතිකරන Trends එහෙමත් නැත්තම් රැළි ගැනත් ලියන්න දේවල් ගොඩක් ලියනවා. ඒත් කෝ ලියන්න උවමනාවක්.....
උදාහරණයක් විදියට ගත්තොත් මේ දවස්වල Trend එක වෙලා තියෙන ලිංගික කුහකත්වය සහ ඒ ආශ්‍රිත සමාජ සම්බන්ධතා ගැන හරි එහෙමත් නැත්තන් සීග්‍රයෙන් සිදුවන බ්ලොග්කරුවන්ගේ සයිබරයෙන් සමුගැනීම සහ ආපසු ඒම ගැන ලියන්න පුළුවං.
වෙලාවකට ඔය කෙහෙල්මලවල් ගැන නොලියා ඉන්න එකත් හොදයි කියලා හිතෙනවා.
ලිව්වත් වැඩකට නැහැනේ.

ඔන්න ඕක තමා ඇත්තම කතන්දරේ.
මේ 2012 අවුරුද්දේ අලුතෙන් පටංගත්ත මේ ලිවිල්ල කොච්චර සාර්ථකවේවිද කියලා.
කොහොමත් හැමදාම ලියන්නේනම් නෑ.
අඩුමගානේ මාස දෙකකට සැරයක් හරි... මොනා හරි.... කුරුටුගාලා යන්න තියේනම්....

බලමු!!!

ජය වේවා!!!

21 comments:

  1. කෝ යකෝ මේකේ කොමෙන්ට් සබ්ක්‍රයිබ් කොරන බොත්තම..ඒක පේන්න නැහැ නෙව...

    අඩේ ඒක තියෙන්න ඕන හරියට ගිහිං ක්ලික් කලාම වැඩේනං වෙනවා..ඒත් ඒක පේනනේ නං නැහැ..

    ReplyDelete
  2. මොකාද යකෝ අර කොමෙන්ට් වලට විචාර කියලා දාපු එකා..අපිට පිස්සුද මෙව්වට විචාර ලියන්න..මේක සාහිත්‍ය පාඩමක්ද..?

    ReplyDelete
  3. මදෑ කියවන්න ආව . . . . . රුපියල් පා කේව . . .!!!

    ReplyDelete
  4. ඉදලා ඉදලා ඇවිල්ලා මගුලක් ලියලා... වැදගත් දෙයක් ඇති කියලා හිතලා කියවන්න ආවෙ. උඹ උන්නත් මලත් අපිට මොකැ බන්.. අපිට පාන්ද උඹ ලිව්වෙ නැහැ කියලා.. දාපන් තව පොස්ට් එකක් ලිංගික ටොපික් එකක්ට දාල

    ReplyDelete
  5. රනායියා ඔයා බ්ලොග් අවකාසෙං සමුගන්න එහෙම හිතාන ඉන්නවනම පෝස්ට් එකක් දාලාම යන්න හොඳේ!

    ReplyDelete
  6. ලියන්ට ලියන්ට...අපි ආසයි කියවන්ට......

    ReplyDelete
  7. @ඔබ නොදු‍ටු ලොවක්...

    මොනවදං බං මේකේ ආසාවෙන් කියවන්ට තියෙන්නේ..?

    (අගය කිරීම නොව හෙලා දැකීම් වඩා වැදගත්ය යන ලේබලය යටතේ දමන ලදි..තරහා අවසර..)

    ReplyDelete
  8. මාස අටකින් ලියනව කියන්න මම ලියන්න පටන් ගන්නකොටම නවත්තල... :D :D

    ReplyDelete
  9. එලකිරි.. මට මතක හැටියට උඹ ඉස්සරම ලිව්ව FOSS ගැන.. ඒ ගැනත් ලියපන් ටිකක්.

    ReplyDelete
  10. ආයේ ලගදී චන්දයක් වගේ නේද

    ReplyDelete
  11. හික් හික් මුගේ හිත හැදෙන්න කිව්වේ...ඇත්තටම කියවන්න දෙයක් නෑ.....

    ReplyDelete
  12. මුංට ඇත්තම කියහං මචං..නැත්තං හැදෙන්නේ නැහැ..:D

    ReplyDelete
  13. රනා උඹට බ්ලොග් එකකුත් තියෙනව ද.... :D

    ReplyDelete
  14. ආමි.
    කියැවීමි.
    යමි.

    ලියපිය.......... !!!!!!!

    ReplyDelete
  15. ෂික් ගන්න දෙයක් නෑනේ.. අනේ ඔය ඇති බං වෙන නං ලියන්න ලෑස්ති වෙන්න එපා..

    ReplyDelete
  16. කෝක උනත් ආයෙම ලියන්න පටං ගත්තු එක හොඳා ඕං!

    ReplyDelete
  17. කියවීමි
    රහක් නැත
    මීට හිතවත්
    අසේල

    ReplyDelete
  18. ආයෙම ලියන්න පටං ගත්තු එක හොඳා

    ReplyDelete
  19. හුරේ රනා බැක් අගේන්.. කමෝන් මන්තිරි තුමා... ලියපාපාපාන්න්....

    ReplyDelete
  20. හික් හික් මෙන්න මෙයා ඇවිත්.....

    ReplyDelete
  21. රද්දොළුවාණෙනි රද්දොළුවාණෙනි...
    කම්මැලිකම ගව්වක් පන්නා...
    ඡන්ද ලබන්නට... මනාප ගන්නට...
    ලියවිල්ලත් කරපන් මලයා...

    ReplyDelete