Tuesday, April 29, 2014

නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes


සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 20 ඉරිදා දවස පුරාම බත්තරමුල්ල පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම සන්තෝසජනක දවසක්...

ඒ වගේම අවුරුදු උත්සවේට ආපු බොහෝදෙනෙක් ඒ වෙනුවෙන් සටහන් එක්කරලා තිබ්බා. ස්තූති ප්‍රශංසා වගේම සාධනීය විවේචනත් තිබුණා. ඒ හැම දෙයක්ම බොහොම ස්තූති පූර්වකව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපි භාරගන්නවා. විශේෂයෙන්ම ඔබ පෙන්වා දුන්න ඒ අඩුපාඩු සම්පූර්ණ කරගත්තනම්, අවුරුදු උත්සවේ මීට වඩා සාර්ථකව පවත්වන්න තිබුණා. ලබන වතාවකදී ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සංවිධායක මණ්ඩලේ උත්සාහ ගනීවි...

මේ පැවැත්වුණ සයිබර් සිහින බක්මහ උළෙල එක දවසකින්, සතියකින්, මාසෙකින් සංවිධානය වෙච්ච දෙයක් නෙමේ. මේ අවුරුද්දේ ජනවාරිවල ඉඳංම වගේ කට්ටිය එක්කහුවෙලා, සංවිධායක මණ්ඩලයක් හදාගෙන, ඒ සංවිධායක මණ්ඩලේ කීපවතාවක්ම එක්කහු වෙලා, කතා බහ කරලා, තීන්දු තීරන අරගෙන, ඒවා වෙනස් කරලා, බොහෝ කාලයක් අරගෙන තමයි මේ උත්සවේ ඔබ වෙත ගෙන ආවේ. ඔබ සැම වෙනුවෙන් එහෙම සුන්දර අත්දැකීමක් ගේන්න තිරය පිටිපස්සේ ඉඳං මහන්සි වෙච්ච පිරිස බොහෝමයි. විශේෂයෙන්ම දිවා රෑ නොබලා, තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරගෙන, කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් සංවිධායක මණ්ඩලේ හිටියා. ස්තූති ප්‍රශංසා බොහොමයක් තිබ්බත්, ඒ හැම එකක්ම පොදුවේ සංවිධායක මණ්ඩලේ ගිණුමටයි බැරවුනේ. එහෙම වෙද්දි සංවිධායක මණ්ඩලේ තිරෙන් පිටිපස්සේ හිටිය පිරිස හඳුන්වා දෙන එක අපේ යුතුකමක්. ඉතිං පෙරහැරේ යන්නේ නැතුව කොට ඇද්ද අලි ටික හඳුන්වා දෙන්නයි මේ සටහන වෙන්වෙන්නේ.

චතුමිතු - චතුරිකා දුලාංජලී

පහුගිය අවුරුදු උත්සව කීපයකම සංවිධායක මණ්ඩලේ හිටිය, නිහඬ, නමුත් සෑහෙන්න බරක් ඇද්ද චරිතයක්. මේ අවුරුදු උත්සවේ ලිපි ලේඛණ කටයුතු සියල්ල සිදුකළේ මෙතුමිය තමයි. විශේෂයෙන්ම අවුරුදු උත්සවේ දවසෙදි සංවිධායක මණ්ඩලේ කාර්යාලය තුළ වැඩකටයුතු සියල්ල බලාගෙන, ඒ වගකීම් අකුරටම ඉටුකරමින්, සමස්ත අවුරුදු උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොකු දායකත්වයක් චතුමිතු දැක්වූවා...

 






ගයාන් සම්පත් ගුණවර්ධන

අපේ නිල මුද්‍රණ සහකරු. අවුරුදු උත්සවය වෙනුවෙන් අපපාවිච්චි කරපු හැම ලිපියක්ම, ඩිජිටල් ෆ්ලෙක්ස් පුවරුවක්ම, ටිකට් එකේ ඉඳං හැම දෙයක්ම, නොමිලේම මුද්‍රණය කරලා දුන්නේ ගයාන්. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවේ දවසේ, පැමිණි පිරිසව රෙජිස්ටර් කරන වැඩේ, නියමෙටම සිදුකරලා, ඒ බර අනිත් සංවිධායකයන්ගේ ඔලුවෙන් අයින් කළේ මෙතුමා තමයි. අවුරුදු උත්සවේ සාර්ථකත්වය වෙනුවෙන් නිහඬවම ගයාන් කරපු වැඩ කොටස අපමණයි...

 




සසිඳු නිර්මාල්

 සංවිධායක මණ්ඩලේ ජීවය... සංවිධායක මණ්ඩලේ වෙනුවෙන් හදල තිබ්බ ෆේස්බුක් ගෲප් එක සජීවීව තියාගත්තේ සසිඳු. හැමෝටම වැඩ කටයුතු භාරදීලා, ඒවා හරියට වෙලාවට කෙරෙනවද කියලා හොයලා බලලා, නොකෙරෙනවානං අදාල පාර්ශව දැනුවත් කරලා, වැඩේ හරියට ගෙනියන්න ලොකු බරක් ඇද්ද කෙනෙක්. විශේෂයෙන්ම පණිවිඩ සැපයීමේදී සසිඳු දක්වපු සම්බන්ධීකරණ හැකියාව විශිෂ්ඨයි...

 






වින්දික තිලක්ෂණ

තවත් හොඳ සංවිධායකයෙක්. මූලික සංවිධාන වැඩවලදී සෑහෙන්න මහන්සියක් වෙලා වැඩ කරපු පුද්ගලයෙක් තමයි මෙතුමාත්.

 












රුවන් රංගනාත්
 මේත් සෑහෙන්න කොට ඇද්ද අලියෙක්. රැස්වීම්වලට සහභාගීවීමේ ඉඳලා, තමන්ට භාර දෙන වගකීම අකුරටම ඉටුකරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්.

 







සමීර සඳරුවන්
අවුරුදු උත්සවේ වෙනුවෙන් සිදුවෙච්ච කතා බහවලදී, තමන්ගේ අදහස් දක්වලා නිකං ඉන්නේ නැතුව, ඒ අදහස් ක්‍රියාත්මක කරවන්න ලොකු මහන්සියක් ගත්ත කෙනෙක්.

 













ජනිත් අරන්දර
 අවසාන දවස් කීපයේ තමයි සංවිධායක මණ්ඩලේට එක්කහු උනේ. හොඳ සංවිධායකයෙක්. විශේෂයෙන්ම තරඟ සංවිධාන කටයුතුවලදී සෑහෙන්න ලොකු දායාකත්වයක් දැක්වුව කෙනෙක්.









මංජුල සමරසේකර
අවසාන දවස් කීපයේ සංවිධායක මණ්ඩලේ ඒකමතික තීරණයක් අනුව අපේ කණ්ඩායමට බලෙන් ඇදලා දාගත්ත පුද්ගලයෙක්. දහසක් වැඩ රාජකාරි තිබ්බත්, ඒවා කරන ගමන්ම, අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න විශාල දායකත්වයක් දැක්වුව කෙනෙක් මෙතුමා. විශේෂයෙන්ම, ඒ වෙලාවේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, මංජුල තමන්ට කරන්න පුළුවං හැමදේම සිදුකරපු ආකාරය අපි දැක්කා. ලොකු වැඩ කොටසක් සිදුකරපු, ලොකු බරක් ඇද්ද කෙනෙක්...

 









ඒ වගේම සංවිධායක මණ්ඩලේ නැතිඋනත්, එදා දවස ලස්සන කරන්න මහන්සි වෙච්ච තව බොහෝ දෙනෙක් සිටියා. විශේෂයෙන්ම අපේ හිතවත්කම්වලට, තමන්ගේ විනෝදය සතුට පැත්තකින් තියලා, සංවිධාන කටයුතුවලට දායක වෙච්ච පිරිස බොහෝයි. බස් රේඩියෝ කණ්ඩායම, ජනරඟ, රාජ්, පසන්, අනුරාධ, වැප්, ලිෂාන්, පූසා, හර්ෂන, තරියා, දේවා මගේ මතකයට එන නම් කීපයක් විතරයි. ඒ වගේම එදා දවසේ ප්‍රථමාධාර කටයුතු භාරව සිටිමින් ඒ වගකීම ඉටුකළ නෙරංජිවත් මේ අවස්ථාවේදී ඉතාම කෘතවේදීව සිහිකරනවා. තව බොහෝ පිරිසක් අපිට එහෙම උදව් උපකාර කළා. එහෙම උදව්කරපු අනිත් අය තමන්ව අමතක කළා කියලා මාත්තෙක්ක අමනාප නොවේවි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් වෙච්ච ප්‍රදීප්, නලීන්, දුලිප් වගේ අය ගැන මම මොකුත් නොලිව්ව එක ගැන ඔවුන් මා එක්ක අමනාප වෙන එකක් නැහැ... ඒ සංවිධායක මණ්ඩලේ විදියට ඔවුන්ව හැමෝම අඳුරගත්ත නිසා සහ ගොඩක් බ්ලොග් සටහන් හරහාත් ඇගයීමකට ලක්කර තිබූ නිසා. නමුත් සංවිධායක මණ්ඩලේ හිටිය මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ කීපදෙනාට නිසි ඇගයීමක් සිදුවෙනවා දැක්කේ නැහැ. එදා ඔබ ඒ වින්ද සතුට ඔබ වෙත ගෙන එන්න විශාලම දායකත්වය දැක්වූවේ මොවුන්. ඔවුන්ට ඒ නිසි ඇගයීම දිය යුතුයි...

සිංහල බ්ලොග්කරුවන්ගේ ඉතිහාසයේ, සාර්ථකම අවුරුදු උත්සවය සංවිධානය කරන්න හැකිවීම පිළිබඳව සංවිධායක මණ්ඩලය විදියට අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට ගෙන එන්න විශාල දායකත්වයක් දක්වපු, 2014 සයිබර් සිහින බක්මහ උළෙලේ නිහඬ වැඩකාරයෝ සියළුම දෙනාට සමස්ථ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ස්තූතිකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා...

එහෙනං, ආයෙත් දවසක හමුවෙමු...

57 comments:

  1. රසික
    සංවිධායක මණ්ඩලයෙ ඉදල ඉල්ලා අස්උන නෙරන්ජි ගැනත් සදහන් උනා නං හොදයි නේද ????

    ReplyDelete
    Replies
    1. ඔව්...
      ඇය ගැන සඳහන් කරන්න නොහැකිවීම අඩුවක්...
      ඒ වගේම එදා දවසේ ප්‍රථමාධාර කටයුතු භාරව සිටියේත් ඇයයි...
      මගේ අතින් වරදක් සිදුවී තිබෙනවා...
      ඒ වරද නිවැරදි කරන්නම්...
      ස්තූතියි පෙන්වා දීම ගැන...

      Delete
    2. ප්‍රථමාධාර තමා.. අර ස්පීඩියාද කියන එකා දුවල කලන්තෙ දාල ඉද්දි මේක මට කියපි ගිහින් ග්ලූකෝස් අරන් වර කියල. දුවල දිනපු එකාට වඩා වේගෙන් මම දිව්ව යකෝ බමන මතේ ග්ලුකෝස් හොයන්න..

      Delete
    3. රනා අයියා ප්‍රදීප් අයියා ඕනෙ අයියා චතුමිතු අක්කා ඇතුළු නංගිලා මල්ලිලා අයියලා අක්කලා බොහොම ලස්සන මතක හිටින හොඳ වැඩක් කළා. ඒකට අපි ස්තූති වන්ත වෙනවා.

      Delete
  2. මේ පාර ඕනයා මුකුත් කොලේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඕනයා බොන්ඩ බැරි උන්ට උදව් කරන්ඩ ඇති උන්ගෙ කොටහත් බීලා :-D

      Delete
  3. එලස්... චතුමිතු & ගයාන් උදෙන්ම වැඩ කරනවා දැක්කා.. වින්දිකත් ගස්ලබ්බේ ඇට ගණන් කරන තැන එහෙම වැඩ කරනවත් දැක්කා :v අනික් කට්ටියත් හොදටම වැඩ කරා ..හොද සාර්ථක අවුරුදු උත්සවයක් ...

    ReplyDelete
  4. අර අන්තිමට ඉන්න චේ ගුවේරාකාරය ඇරුනම ඔය එකෙක්ගෙ වත් බ්ලොග් අඩවි මම දන්නෙ නෑ නෙව. දාන්න බැරිද ලින්ක්.

    ReplyDelete
  5. අතපසු වෙමින් ගිය ලොකුම අඩුපාඩුවක් ඔබ නිවැරදිව මගහැර තිබෙනවා. ඒ පුංචි කොල්ලන්ව ඇගයුමට ලක් වුණා මදි තමා. දැන් ඒක හරි.

    ReplyDelete
  6. ඉතාම සතුටුයි අලුත් මුහුණු ටිකක් දැක ගන්න ලැබීම.. ඊටත් වඩා සතුටුයි මුන් ටික පොඩි උන් විදිහට වැඩේ ගොඩ දාපු එකට

    (දැන් ඉතින් මංජුල මහත්තයා උබත් පොඩි උන් ගොඩට වැටුනා ඈ)

    ReplyDelete
    Replies
    1. මු යන යන හැම තැනම ඉන්නවනේ ඩො :3

      Delete
    2. රජයේ නිවාඩු දවස් සහ වැසිකිළියේ ගතකරන වෙලාව අඩුකළාම මාත් 18+ තමා වැපා.

      Delete
  7. මුලින්ම බොහොමත් ස්තුති රනායියේ , වැඩි දායකත්වයක් ලබා දෙන්න බැරි උන එක නම් මගෙන් උන ලොකු අඩුවක් ,
    අනිත් හැමෝම වගේ ඇත්තටම බැහැල වැඩ කරපු නිසා විශේෂයෙන් මෙතන නම් සදහන් කරලා නැති අය ටිකත් , ඔනෙයා , රනා, නලින් අයියා, ප්‍රදීප් නොහිටින්න වැඩේ නොවෙන්නම තිබ්බ කියලයි මගේ අදහස :)

    ReplyDelete
    Replies
    1. මේපාර වැඩි දායකත්වයක් දෙන්න බැරි උනා නම් 2015 ඒ අනගි භවනීය අවස්ථාව ඔයැයිට උදා වෙනවා :D

      Delete
    2. දැන් ඉතින් ලොකු පුටුවකට ගැලැපෙන අත්දැකිම් ගොඩක් තියන මනුස්සයෙක්නේ. ඊලග පාර මේ පාර කරා මදි කියලා හිතුනාන්ම් ඔන්න චානස් එක

      Delete
    3. අනිවා ලබන වසරේ මහ පුටුවටම සියලු සුදුසුකම් මේ වන විට පෙන්වා තිබෙනවා රුවන් මලයෝ...

      Delete
    4. අනිවා රුවන් මලයෝ 2015 මහ පු‍ටුව.. කොළඹ හිට්යොත් අනිවාරයෙන් බැහැලම සහයොගය දෙනවා.. නුවර හිටියොත් දුක තමා.. එදා දවසවත් සුවර් නෑ.. :(

      Delete
    5. රුවානා තමයි ඔතනට උචිත . කිසිදු තර්කයකින් තොරව රුවානා මහා එකා කරමු

      Delete
    6. අඩේ සුවන හොදයි තමා . මරු මරු

      Delete
  8. ෆොටෝ වලින් දැක්කා උත්සවය බොහෝම ඉහලින් සංවිධානය කරල තිබ්බ බවක් . . . ඒ වෙනුවෙන් කැපවුනු මේ හැම දෙනාටම ස්තූති කරන්න ඕන බ්ලොග් අවකාශය වෙනුවෙන් කල ඒ අයගේ කැප කිරීම වෙනුවෙන් . .

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එතකොට ප්‍රදීප්? නලින්?

      …ජනිත් සංවිදානය කලේ අර කාමරේ ඇතුලෙ ටික වෙන්ඩ ඕන... අපිත් ඉතින් ඩිංගක් අනුමත උනා නොවැ....

      …අඩෝලා තොපිලා ලබන පාර XXL ටී සෝට් වැපුර ගහපිය. මම අන්තිමට M ඇන්දෙ 8 වසරෙදි..

      Delete
    2. …ජනිත් සංවිදානය කලේ අර කාමරේ ඇතුලෙ ටික වෙන්ඩ ඕන

      Delete
    3. කාමරේ ඇතුලේ ටික කිවේ . කාමරෙකත් මුක්ක හරි උනාද

      Delete
  10. ඉතා හොඳ ස්තූති කිරීමේ ලිපියක්.. අගය කල යුතු අයමයි....

    ReplyDelete
  11. පට්ට පට්ට.. අපි හෙනට විනෝද උනා උබල නිසා... ගොඩාක් කස්ටිය අදුර ගත්ත ඒ උබල නිසා...උබලට තව තවත් මේ වගේ දේවල් කොරන්න හත්තිය ලැබේවා...

    ReplyDelete
  12. ඔබලා සියලු දෙනාට බොහොමත්ම ස්තුතී... ඒ වගේම ඉදිරි වසරවලත් මේ උත්සවය මේ ආකාරයට පැවැත්වීමට ශක්තිය සහ ධෛර්ය ලැබේවායි පතමි...

    ReplyDelete
  13. ඇත්තටම නියමයි.. හැමෝටම ප්‍රණාමය

    ReplyDelete
  14. අවුරැදු උලලේ ගැන ලියවුන වෙනස්ම විදිහේ ලිපියක්. වටිනවා ඉතාමත් වටිනවා

    ReplyDelete
  15. චතු මිතු මම හිතන්නේ ඩොකි ගෙන් පස්සේ ඒ වැඩේ බාර අරගත්තට පස්සේ දිගටම අවුරුදු 3ක් විතර ඔය බර අදිනවා. එක නම් අගය කරන්නම ඕනා. සසිදුවා ඉතින් බුකියේ වැඩ ටික සම්බන්දිකරනය සුපිරියට කරනවා දැක්කා.

    නලින් අයියා. ප්‍රදිප් අයියා , ඕනයා අයියා , දුලාන් , ජනරග , වැපා , රසික අයියා , ගයාන් ඩබලම . ගොඩාක් මහන්සි වෙනවා එතනට ආව කෙනෙක් විදිහට අපි දැක්කා. මොනවා උනත් තිරයේ පිටිපස්සේ අයව මෙහෙම අගය කරපු එක පට්ට විදිහට වටිනවා. ඒ වගේම සුපි‍රි දවසක් හොද ප්ලැන් එකක් ඇතිව විදින්න ඉඩ හදලා දුන්නාට ගොඩාක් තැන්ක්ස්. අන්තිම අයිටම් ටික පටන් ගන්න ලේට් වැඩි උනා කියන එක මට දැනුනා. මොනවා උනත් සුපිරියට වැඩේ කරපු හැමෝටම ගොඩාක් තැන්ක්ස්

    ReplyDelete
  16. වැඩේ සුප්පා..

    මම ස්තුති කරපු ලිපියේ එකෙක්ගෙවත් නම් දැම්මෙ නැත්තෙ කාට හරි අහිතක් හිතෙයි කියල.

    ජය වේවා.

    ReplyDelete
  17. අවුරුදු උත්සවෙයි අලියි ගැන දැක්කම මට හිතුනෙ මේ අපි වගේ උන් ගැන ලියලය කියල. වෙරි ඩිසපොයින්ටඩ් රනා ඈ. :D
    මේ ගොඩක් උන් සිරාවට බැහල වැඩ කරනව දැක්ක. අඩු පාඩු කෙසේ වෙතත් වැඩේ එළටම තිබ්බා.

    ReplyDelete
  18. අවුරුදු උත්සවෙයි අලියි ගැන දැක්කම මට හිතුනෙ මේ අපි වගේ උන් ගැන ලියලය කියල. වෙරි ඩිසපොයින්ටඩ් රනා ඈ. :D
    මේ ගොඩක් උන් සිරාවට බැහල වැඩ කරනව දැක්ක. අඩු පාඩු කෙසේ වෙතත් වැඩේ එළටම තිබ්බා.

    ReplyDelete
  19. වටිනා වැඩක් රනා. අවුරුදු උත්සවයේ බොහොමයක් දේවල් සිද්ධවුනේ මොවුන් අතින්. චතුමිතු, ගයාන් පහුගිය අවුරුදු වලත් විශාල වැඩ කොටසක් කලා. අනිත් හැමෝමත් විශාල දායකත්වයක් ලබා දුන්නා. වැප්, දේවා, නලීන් අයියා කියපු විදියට රුවන්ට ලබන අවුරුද්දේ විශාල දායකත්වයක් ලබා දෙන්න අවස්ථාව තියෙනවා. ජය...!

    ReplyDelete
  20. මගෙත් උත්තමාචාරය,

    ReplyDelete
  21. මෙතනදි අයියලගෙ කාර්යභාරය මතක් නොකරම බෑ අයියල නිසා තමා අවුරුදු උත්සවේ සාර්ථක කරගන්න ලැබුනේ :)

    ReplyDelete
  22. ලස්සන වැඩක් අවසානයේ ලස්සන ඇගයීමක් ...

    ReplyDelete
  23. නලියා, ඕනෙයා, රනා, ප්‍රදීප්...නොසැලෙන පවුරු...

    ඒ අයියලා හරි හොදයි..මට 18යි. :-D

    ReplyDelete
    Replies
    1. //ඒ අයියලා හරි හොදයි..මට 18යි. :-D\\
      හුකෑස් :D

      Delete
    2. 18 + වැප් අයියේ ඒ කතාව මුක්ක්ද

      Delete
    3. ඒ කතාව දන්නේ මංජුල(The Modern Patriot) මල්ලි තමයි

      Delete
    4. //ඒ අයියලා හරි හොදයි..මට 18යි. :-D\\

      හුකෑස් :D 2

      Delete
  24. අන්න දැන් වැඩේ අංග සම්පූර්ණයි.. තව අර ලේ දෙන දවසේ කල අනිත් යෝජනාව ගැනත් ඊ ළග එකේදී අමතක කරන්න එපා...

    ඔන්න බලහං මෙතැනින් සමහර උන් සංවාධියක මංණ්ඩලේ හිටියා කියලා හීනෙකින්වත් හිතුවේ නැති උන්දලා.. කිහිප දෙනෙක්ව අදමයි දැන ගත්තෙත්... මේක නොදා හිටියනං හෙන අඩුපාඩුවක් නෙව... මෙයින් චතුමිතුවනං නොකා නොබී වැඩ කියලා මං දැක්කා..

    ReplyDelete
  25. රනා, අවුරුදු උත්සවය හා බොහෝ සයිබර් දේවල් දිහා නිහඬවම බලාගෙන හිටපු කෙනෙක් විදියට මමත් ඔබගේ මේ ක්‍රියාව බොහෝම අගේ කරනවා. අගය කලයුතු ලොකු හෝ පොඩි කියලා නෑ කලයුතුමයි. ඒක ඔබ වගේ කෙනෙක්ගෙන් වුනාම තවත් වටිනවා. මේ පොඩි එවුන්ව අගය කරන තරමට අපිට හෙට දිනට හොඳ වගකිවයුතු නායකයින් පිරිසකුත් බිහි වෙනවා කියලා අපි කිසිසේත් අමතක කලයුතු නෑ.
    Hats off to all you guys who took a part here.

    ReplyDelete
  26. රනා අනිවා 2015 සෙට් එක ස්ථාවර කරල විවේක ගනිං ජය.!!! කොට ඇද්ද කොල්ලනේ කෙල්ලනේ උඹලට ස්තුතියි.!!! අඩේ අගොස්තුවේ හරි දෙසැම්බරේ හරි මොනාහරි වෙන්ඩ ඔනෑ ඔං.....! එකනෙව ලබන අවුරුදු උත්සවේට ගන්න පලමු පිම්ම......!!!

    ReplyDelete
  27. ඇත්තට අර උද කමෙන්ටුවේ කියන විදිහට රුම් එකක් ඇතුලේ මුක්ක හරි එකක් වෙලාද එදා

    ReplyDelete
  28. වැඩේ නියමෙට කෙරුණා. ඒ ගැන සංවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි.

    2015 දී අඩු පාඩු අවම කරගන්න පහසු වෙන්න යෝජනා අපිත් දෙන්නම්.

    ReplyDelete
  29. රනා වෙච්ච ලොකුම් අඩුපාඩුව හැදුවා . එක වටිනවා . උඹට ස්තුතියි අනික යට වගේම

    ReplyDelete
  30. සටහනට ස්තුතියි.නැවත හමු වෙමු.

    ReplyDelete
  31. බොහොම හොඳ වැඩක්... කොට ඇදපු අලින්ටත්, කොට ඇදපු ඇලි මතක් වෙච්ච පෙරහැරේ අලියා(?) ටත් ස්තූතියි. ඉස්සරහට ඔයින් එකකට සහභාගි වෙන්න උත්සාහ කරන්නම්..

    ReplyDelete
  32. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  33. අමුමිරිස් මඟුලක් පටන් අරන් නන්නත්තාර වෙලා හිටපු අභීතයාව ගොඩ දැම්මා නේද? ඌ ඒකෙන්වත් ඉන්දිකයගේ සල්ලි දෙයිද බන්......

    ReplyDelete