Wednesday, June 3, 2015

හකා | The Maori War Cry


හකා කියන්නේ මොකක්ද? 
සරළම පිළිතුර යුධ නැටුමක්... කාගෙද ඒ නැටුම? කව්ද හකා ලෝකෙට හඳුන්වා දුන්නේ? නවසීලන්තේ ආදිවාසීන් වෙන මඕරි ජාතිකයන්. ඔවුන් හකා නැටුම නැටුවේ යුද්දෙකට කළිං යුද්ද භූමියේදී. ඒ නැටුමේ අරමුණ තමයි යුද්දෙට පෙර තමන්ගේ ප්‍රතිවාදියාව මානසිකව වැට්ටවීම... ප්‍රතිවාදියාව මානසිකව පරාජය කිරීම යුද්දය ජයග්‍රහණය කිරීමට පහසුවක් වෙන බවට විශ්වාසයක් මඕරි ජාතිකයන් තුළ තියෙන්න ඇති. ඒක හොඳ යුධ උපක්‍රමයක්. 

හකා වර්තමානයට එන්නේ කොහොමද. ඒකත් යුධ නැටුමක් විදියටම තමයි. හැබැයි යුද්දේදී නෙමෙයි.. ක්‍රීඩාවේදී. හකා යුධ නැටුම ජාත්‍යන්තරයට ගෙනයෑමේ ගෞරවය හිමිවෙන්නේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායමට. ඕල්බ්ලැක්ස් නමින් හඳුන්වන්නේත් ඔවුන්වම තමයි. තමන් ක්‍රීඩාකරන සෑම ජාත්‍යන්තර තරඟයකටම කළිං ඔවුන් හකා යුධ නැටුම ඉඳිරිපත් කරනවා. ලෝකය පුරාම ප්‍රේක්ෂකයෝ අති බහුතරයක් දෙනා මේ නැටුම බොහොම ආදරයෙන් වැළඳගන්නවා.  ඒ නැටුම ඒ තරමටම ගොඩක් ලස්සනයි...

දැං මට ඇයි හකා ගැන ලියන්න හිතුනේ... පොඩි හේතුවක් නිසා... වර්තමාන කාලයේදී අපේ රටේත් රගර් ක්‍රීඩාවේ ලොකු පිබිදීමක් තියෙනවා... ක්‍රීඩා සමාජ මට්ටමේදී වගේම පාසල් අතරත් රගර් ක්‍රීඩාව දැං සෑහෙන්න ජනප්‍රියයි. රගර් ක්‍රීඩාව හා සමානවම හකා නැටුමත් ඒ අය අතර ඉතා ජනප්‍රියයි...

පහුගිය දවසක ෆේස්බුක් එකේදී මම දැක්කා ඔය වගේ පාසල් රගර් කණ්ඩායමක හකා එකක්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් කණ්ඩායම තමයි ඒ හකා එක ඉඳිරිපත් කළේ. ඒ ළමයි කට්ටිය බොහෝම සාර්තකව ඒ හකා එක ඉඳිරිපත් කළා... ඉතා හොඳට පුහුණුවෙලා, බොහොම ගාම්භීර විදියට ඔවුන් කරපු ඒ හකා එක කරද්දි  ලොකු ගැම්මක් ඒ ළමයින්ට වගේම වටේ බලාගෙන ඉන්න අයටත් එන්න ඇති. හැබැයි ඒ වීඩියෝ එක බලලා එතන තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බ බොහෝ දෙනා තුළ තිබ්බ පොදු අදහස තමයි, මොන පිස්සුවක්ද මේ කියන එක. එහෙම උනේ ඇයි...


ඇත්තම කතාව කියනවනං, ඒ හකා එකේ එක වචනයක්වත් මට තේරුණෙත් නෑ. සමහරවිට හකා එක කරපු ළමයින්ටත් එහෙම වෙන්න ඇති. ඔවුන් කළේ තමන් නොදන්න, තමන්ට නොතේරෙන භාෂාවකින් තියෙන් වචන මාලාවක් කටපාඩම් කරගෙන රඟපාමින් ඒක් ඉඳිරිපත්කිරීමක්... ඕක තරඟබිමේදී ඉඳිරිපත්කලාම ඒකෙන් බලාපොරොත්තු වෙන දේ අනිත් පැත්තේ ඉන්න කණ්ඩායමෙන් ලැබෙයි කියලා මම නං කීයටවත් හිතන්නේ නෑ... බයවෙනවා වෙනුවට මොන විකාරයක්ද මේ කියලා හිනායන එකනං වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඇත්තටම ඒ වීඩියෝ එක බලද්දි මමත් සෑහෙන්න හිනා උනා...
 
දැං මේ ළමයි ටික විහිළුවක් වෙච්ච එකේ වැරැද්ද තියෙන්නේ කොතනද? හකා එකේද? එහෙම් නැත්තං ඒ ළමයින්ගෙද? එහෙමත් නැත්තං ඒ ළමයින්ට ඒක ඉගැන්නුව අයගෙද? 

මගේ පෞද්ගලික මතයට අනුව, ඒ ළමයින්ගේ කිසිම වැරැද්දක් නෑ. ඒ ළමයි ටික බොහොම ලස්සනට ඒ ඉඳිරිපත්කිරීම කරනවා. ඒ ළමයි විහිළුවක් වීමේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ඔවුන්ට ඒක් පුරුදු පුහුණු කරපු අය කියන එකයි මගේ අදහස. ඇයි එයාලට බැරි උනේ මේ හකා එක වෙන විදියකට කරන්න. 

 
ප්‍රතිවාදියාව කටෙන් බයකරන්න ඕනේ නං, අසභ්‍ය වචන පාවිච්චියක්  නැතුව ඒ දේ කරන්න පුළුවං වචන ඕනේ තරං සිංහල භාෂාවේ තියෙනවා.

"තොපි කොහෙද යකෝ අපි එක්ක හැප්පෙන්නේ, මේ පැත්තට අඩියක් තිබ්බොත් තොපිව දෙකට කඩනවා දැනගනිව්!!!" කියලා හරි
"අපි ආවේ දිනන්න යකෝ! අපි දිනලා මිස යන්නේ නෑ යකෝ!!!" කියලා එකපාර එක හඬින් 20ක් විතර කෑ ගහලා කිව්වනං, නොදන්න මාඕරි වචනවලට වඩා ලොකු ගැම්මක්, ලොකු ශක්තියක් ඒ කියන ක්‍රීඩකයන්ට එනවා කියලයි මට හිතෙන්නේ. අනික ආයේ බයවෙන්න දෙයක් නෑ පිට්ටනියේ බලාගෙන ඉන්න හැමෝටමත් හොඳටම තේරෙනවා කිව්වේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා. ඇයි මේ අය එහෙම කරන්නේ නැත්තේ?

අනුකරණය කරන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ ගැලපෙන විදියට. ඕනෙම දෙයක් අපිට ගැලපෙන විදියට හදාගන්න අපි දැනගන්න ඕනේ. එහෙම නැති උනාම ඒ අනුකරණය නිසා සමස්ත සමාජය ඉඳිරියේ අපි ලොකු විහිළුවක් බවට පත්වීම  වළක්වන්න බෑ. අපි ඒ බව තේරුම්ගන්නේ කවදාද?

ඡායාරූප දෙකම අරගත්තේ අන්තර්ජාලයෙන්... ඒ ඡායාරූප අන්තර්ජාලයට එකතු කරපු හැමෝටම ස්තූතියි...

11 comments:

  1. අන්තිමට මැච් එකට මොකද උනේ. ට්‍රිනිටි උන් කෑවද බඩ යන්න හැක්.. අර කියුවත් වගේ අපිට කොච්චර ක්‍රම තියෙනවද ප්‍රතිවාදියා බය කර ගන්න ක්‍රම.. රනා පුළුවන්නම් ඔය නැටුමේ ලින්ක් එකක් දාපන් බලන්න

    ReplyDelete
  2. ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් හොඳයි. එච්චරයි. හැබැයි නවසීලන්තය වගේ ලෝකයේ අංක එකේ කණ්ඩායමක හකා එකක් දැක්කම මයිල් කෙලිං වෙන්න පුළුවන්.
    හකා තියනව නවසීලන්තය, සමෝවා, ෆීජි සහ ටොංගා වල.(වර්ල්ඩ් කප් ගහන අයගෙන්) ඔය ටීම් හතරෙන් දෙකක් සෙට්වෙන වෙලාවට බලාගන්න පුළුවන් ඩබල් හකා තමයි නියම.
    ශ්‍රීලංකන් හකා කියල බලපං පට්ට වීඩියෝ ටිකක් යූ ටියුබ් එකේ තියනව.

    ReplyDelete
  3. මේකට මඕරියො කියන්නේ 'හාකා' කියල.

    ReplyDelete
  4. අැනෝ හරි. ඛකට කියන්නෙ "හකා" නෙවෙයි, "හාකා" කියලා.
    (අපේ සෙට් එකේ "ර"යන්න කියවෙන්නෙ නැති එකෙක් "හරකා" කියන්න ගිහිං "හාකා" කියවුණේ; ඒත් වාසනාවට උෟ රග්බී ක්‍රීඩකයෙක් නිසා උෟ "හාකා" නමින් ම ලියාපදිංචි වෙලා ඉන්නෙ දැං. මාත් දැනගත්තෙ ඒ සිද්ධිය නිසා)

    ReplyDelete
  5. මේ වීඩියෝ එකනම් මම දැක්කේ නෑ.. කිවුවත් වගේ නොතේරෙන භාශාවකින් ඕක කිවුවාය කියලා ඇති වැඩක් නෑ නේන්නම්. සංදර්ශනාත්මකව හිතුවොත් නම් ඉතින් ලස්සන ඇති. ඊට වඩා දෙයක් ඇත්තම හාකා එකකින් බලාපොරොත්තු වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

    ReplyDelete
  6. අනුකරනය ඔඩුදුවන්නේ ස්වාධීන චින්තනයක් නැති තැන...
    පහසුවටත් වාසිඇතත් නිසා අනුකරනය කරනවා...
    අතේ තියෙන දේ අඩුපාඩුම කිය කිය පිටින් එන දේ දෝතින් ගන්න එක වික්‍රමයක් වෙලා නෙව...
    අන්තිමට ඒක දන්නෙත් නෑ හරියට මේක දන්නෙත් නෑ හරියට...
    ටී බී ඉලංගරත්න මහත්තයව දන්නේ නෑ ස්ටීව් ජොබ්ස් ව දන්නවා...
    සී ද එස් කුලතිලක දන්නේ නෑ ඒ ආර් රහමන්ව දන්නවා
    විමලසුරේන්ද්‍රව දන්නේ නෑ ටෙස්ලාව දන්නවා..
    ලොකු ලැයිස්තුවක් හදත හැකි...
    අපේ දේවල් ගැන කථා කලහම කියන්නේ කොදෙව් මානසිකයෝ කියලලු...
    අපට ස්වාධීන චින්තනයක් තිවුණහම තමා ගන්නේ මොකක්ද නොගන්නේ මොකක්ද කියල තීරණය කරන්න හැකි
    අඩි කෝදුවක් නැතිව යමක් දිගයි කොටයි කියන්නෙ කොහොමද???

    සින්දු දෙකක කෑලිත් මතක් වෙනව

    1. සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න - අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න
    ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න - ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න

    2.අ - අප රට අර බල
    ආ - ආන්තරාවක
    ඇ - ඇදී ඇදී යත
    ඈ - ඈතින් ඈතට
    ඉ - ඉහමොල මද නැති
    ඊ - ඊලඟ පරපුර
    උ - උන්ගේ ලෝකයෙ
    ඌ - ඌරන් වූ හැටි

    අප රට අර බල
    ආන්තරාවක
    ඇදී ඇදී යත
    ඈතින් ඈතට
    ඉහමොල මද නැති
    ඊලඟ පරපුර
    උන්ගේ ලෝකයෙ
    ඌරන් වූ හැටි

    ක ඛ ජ ට ද න ත ධ
    පැන පැන යනවිට
    ය ර ල ව සරලව
    පරලොව යන රඟ
    උන්ගේ අං මැද
    අපටයි අඃ අන්තිමේ!!!

    ReplyDelete
  7. මේක අපේ ගම - අපි උපන්න ගම
    අපි හැදුනේ මේ ගමේ - අපි මැරෙන්නේ මේ ගමේ
    පිටින් ඇවිත් දිනන්න බෑ - හැමදාමත් අපි දිනුම්
    අපේ හයිය හිතේ හයිය - අපේ හයිය ගතේ හයිය
    අපේ හයිය මොළේ හයිය - අපේ හයිය සමගි හයිය

    ඔන්න ඔයවගේ එව්වා ටිකක් කියලා පෙන්නුවානම් හොඳයි නේද?

    ReplyDelete
  8. මඕරි වරුන්ගේ දෙයක් නවසීලන්තයෙන් ජාත්‍යන්තරයට ගෙන ඒම තම රටේ ස්වදේශික උරුමය පිළිබඳ දෙයක්. අපිටත් පුළුවන් නම් අපේ පාරම්පරික දෙයක් (ඔය කොතෙකුත් තියෙන්නෙ ගෝත්‍රික නැටුම් වලට වඩා ගොඩක් දියුණු) ඔයවගේ ඉදිරිපත් කරන්න, වඩා හොඳයි. මාත් රනා එක්ක එකඟයි...

    ReplyDelete
  9. හාකා වගේ තවත් යුධ නර්තන තියෙනවා ෆිජී, සැමෝවා වගේ ශාන්තිකර කොදෙව් රටවල් තරඟයට පෙර ඉදිරිපත් කරන. නමුත් ඒවා මේ නර්තනයට වඩා වෙනස් ඔවුන්ට ආවේණික ඒවා. අපේ අය මේවා කරන්නන් වාලේ කරාම අර මුල් එකේ තියෙන වටිනාකමත් අඩු වෙනව වගේ දැනෙනවා. අමාරුවෙන් කෑගහල ඕක අනුකරණය කරන්න යන ශක්තිය ඉතිරි කරගත්ත නම් අඩු ගානේ තරඟයේදි ටිකක් හරි ඒ ශක්තියෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  10. https://www.youtube.com/watch?v=lOe85U-F2Vk

    මේකේ මේ අනිත් ටීම් එක එයාලා එක්ක රණ්ඩුවට එන්නේ ඇත්තටමද? නැත්තං ඒකත් හාකා එකේ කොටසක්ද?

    ReplyDelete