http://goo.gl/GnKsFB |
ගිය අවුරුද්දේ (2014) අග ඉඳලා පෙන්නන්න පටං ගත්ත මහරජ ගැමුණු ෆිල්ම් එක මෙතන
ඉන්න ගොඩ දෙනෙක් බලන්න ඇති... මමත් හෝල් එකටම ගිහිං බැලුවා... ආරංචි විදියට
ඒක ආදායම් වාර්තා අලුත් කරාලු... හැබැයි මට අනුව ඒ ෆිල්ම් එක පට්ට ෆේල්!!!
බැරිවෙලාවත් ඔය ෆිල්ම් එක මම හැදුවානං, ඒක කොහොම එකක් වෙයිද? මේ තියෙන්නේ ඒ ගැන මගේ රෝඩ්මැප් එක.
පළවෙනිම දේ තමයි, ගැමුණු රජ්ජුරුවංගේ කතාව එක පැය 3කින් වට කරන්න බෑ... ඒක
ඊට වඩා ගොඩාක් විශාලයි... අනිවාර්යයෙන්ම ෆිල්ම් කීපයක් හදන්න වෙනවා
සම්පූර්ණ කතාව ආවරණය කරන්න.
1. පළවෙනි ෆිල්ම් එක...
මේකේ ගැමුණු කුමාරයා නෑ!!!
හැබැයි විහාරමහාදේවීගේ තාත්තා අර රහතන් වහන්සේ නම මරපු එක,
කාවන්තිස්ස රජ්ජුරුවෝ රුහුණේ රජකම ගන්න එක,
අසේළ රජ්ජුරුවෝ මරලා එළාර රජ්ජුරුවෝ වෙන එක,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා...
ක්ලයිමැක්ස් එක විදියට මුහුද ගොඩගලන සීන් එක ගන්නවා...
විහාරමහාදේවීව නැවක නග්ගලා මුහුදට බිළිදෙන එකෙන් ෆිල්ම් එක ඉවර කරනවා...
http://www.nation.lk/2009/03/01/eye1pic1.jpg |
2. දෙවෙනි ෆිල්ම් එක...
මේකේ ෆිල්ම් එක පටංගන්නේ විහාරමහාදේවීගේ නැව ,
රුහුණෙන් මතුවෙන එකෙන්...
කාවන්තිස්ස රජ්ජුරුවෝ එයාව රැජිණ කරගන්න එක සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්දෙට ලෑස්ති වෙන එක,
දසමහා යෝධයෝ සෙට් වෙන විදිය,
කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හැදෙනවා.
විශේෂයෙන් විහාරමහාදේවීගේ දොළදුක වෙනුවෙන්,
වේළුසුමන යෝධයා කරපු මෙහෙයුම එහෙම දානවා...
ඒ වගේම දසමහා යෝධයෝ වෙනුවෙන් වැඩි වෙලාවක් වෙන් කරනවා...
ගැමුණු කුමාරයා උපදින එකෙන් ෆිල්ම් එක ඉවර කරන්න පුළුවං...
http://www.sundayobserver.lk/2008/03/16/jun08.4.gif |
3. තුන්වෙනි ෆිල්ම් එක
මේකේ බේස් වෙන්නේ ගැමුණු කුමාරයාගේ ළමා කාලය.
ශිල්ප ඉගෙන ගන්න එක,
විශේෂයෙන් රට එක්සේසත් කරන්න ඕනේ කියන ආකල්පය,
ගැමුණු කුමාරයට එන විදිය,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා...
ඒ වගේම වයසින් ලොකු වෙද්දී ගැමුණු කුමාරයා සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ අතර ඇතිවෙන ආරවුල්...
ගැමුණු කුමාරයා තරහ වෙලා මාළිගාවෙන් යන සිද්දිය,
ගිහිං කොත්මලේ නැවතිලා ගෙවපු ජීවිතේ ගැන පෙන්නනවා...
කාවන්තිස්ස රජ්ජුරුවෝ මැරෙන එක,
ඊළඟ රජකමට ගැමුණු කුමාරයා සහ,
තිස්ස කුමාරයා අතර වෙන යුද්දෙ වගේ දේවල් එක්ක ඇවිත්
ගැමුණු කුමාරයා රජ වෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...
http://www.gossipsonline.com/wp-content/uploads/2014/04/maha-raja-gamunu-25-1024x768.jpg |
4. හතරවෙනි ෆිල්ම් එක
මේකේ තියෙන්නේ තනිකරම යුද්දේ...
ගැමුණු රජ්ජුරුවෝ ප්රමුඛ සේනා,
රුහුණේ ඉඳං පිහිටි රටට ගිහිං යුද්ද කරන එක...
යුද්දෙ එක්ක බැඳුන සේරම සිද්දි...
දසමහා යෝධයෝ දක්වපු සූර වීර වැඩ...
යුද්දේ දිනන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...
http://www.ticketslk.com/movie_items/0001/0827/wallpaper_4.jpg |
http://www.sithmakiri.com/art/images/54755972606_dutu%20gamunu%20%2823%29.jpg |
5. අන්තිම ෆිල්ම් එක...
මේකේ තියෙන්නේ යුද්දෙන් පස්සේ,
ගැමුණු රජ්ජුරුවෝ රට පාලනය කරපු හැටි...
කරපු ආගමික සහ ශාසනික සේවාව...
සාලිය කුමාරයාගේ කතා, මේ වගේ දේවල්...
අන්තිමේදී ගැමුණු රජ්ජුරුවෝ මැරෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා...
http://upload.wikimedia.org/wikipedia/commons/a/aa/Ruwanwelisaya.jpg |
අවුරුදු දෙකකට සැරයක් හරි,
එකහමාරකට සැරයක් හරි වගේ එක ෆිල්ම් එකක් රිලීස් කරනවා...
අවුරුදු කීපයක් යයි ඔක්කෝම ඉවර වෙන්න...
හැබැයි කොලිටි ප්‍රොඩක්ට් එකක් අන්තිමේ ඉතුරු වෙනවා...
ඔය කිව්වේ දුටුගැමුණු කතාව ෆිල්ම් එකක් කළානං,
මම ඒක කරන විදිය...
හොඳවෙලාවට මම ෆිල්ම් හදන එකෙක් නෙමේ... :)
ලෝර්ඩ් ඔෆ් ද රින්ග් කතා මාලාවක් වගේ වේවි එහෙම. දැන් හැබැයි එක කියල ඒ විදියෙන් බලන්න ආසාවක් ආව :D
ReplyDeleteසිරාවට අයියා හදන්න ට්‍රයි එකක් දෙන්නකෝ
ReplyDeleteමේ අයියා කවදාවත් පිලුම් එකක් හදන හෝ නිස්පාදකයෙකු හොයාගන්න කෙනෙකු නොවේ.. හිටහං කෙන්ජට කියන්න.. මෙතක දේශපාලන ක්‍රමන්ත්‍රණයක් යනවා කියලා. හැක්.
ReplyDeleteමං හිතුවා 4 සහ 5 අතරේ චැනල් ෆෝ එකෙනුත් එකක් හදලා දේවි කියලා!
ReplyDeleteවේළුසුමනව හිරේ දාන සීන් එක තියෙන්නේ 5 වෙනි කොටසේ ද?
ReplyDeleteවේළුසුමන සුදු කොඩි කතාවක් කියල රජකම ගන්න කුමන්ත්‍රණ කරන සීන් එක 4 වෙනි කොටසේ නම් ඔය කියන එක 5 තියේවි.
Deleteරනා, ඔබේ දැක්ම අපූරුයි !
මුල් හතර විතරක් ඇති වෙයි. පස්වෙනියට ඊට වඩා අඩු එකක් කලාම ගතියක් නෑ.
ReplyDeleteඇයි ගැමුණු කුමාරයාගේ කොත්මලේ ප්‍රේම කතාව... ඒකෙත් සිද්ධි දෙක තුනක් ගත්තානම් පැය එකහාමාරක හොද ලව් ස්ටෝරියක් කරලා දාන්න තිබ්බා පෙබරවාරි 14 වෙනිදාට...!
ReplyDeleteහැදුවා නම් ම්ල් හතයි
ReplyDeleteමෙගා ටෙලියක් වගේ තියෙයිද මංදා. දස්සකමනම් ඉතිං ඔය ඔක්කොම පැය තුනෙන් කරල 'පාස්' වෙන එක තමයි :)
ReplyDeleteමේ ප්ලොට් එකනං මරු! මෙච්චර ෆේල් ෆිල්ම් එකක් වෙලත් මහරජ ගැමුණු රෙකෝඩ් තියෙන එකනේ වැඩේ!
ReplyDeleteෆිලුමකට කෙසේ වෙතත් ටීවී සීරීස් එකකට නම් මරු ප්ලොට් එක..
ReplyDeleteමට චිත්‍රපටය බලන්න බැරි වුනාට පොත කියෙව්වා...පොතේ නම් ඔයා දක්වල තියන හැමකොටසක් ගැනම වගේ විස්තර වෙනවා....
ReplyDeleteඔය අදහසත් මරු...
Deleteපොත ගැන විස්තර ටිකක් ඕනේ...පැහැදිලි විස්තරයක් තියනවාද..?
Deleteඔය කියන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ පොතද..?
Sahathika eththa kathaawak. 😊😊😊
ReplyDeleteසහතික ඇත්ත බං මමත් ආසාවට ගිහිං බැලුවා කිව්වා වගේම පට්ට පේල්.මොන ආකාරයට ආදායම් වාර්තා අලුත් කළාද මංදා.
ReplyDeleteසංකල්පය නරකම නැහැ
ReplyDeleteගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ සෑහෙන්න දිගට ඇදිලා යාවි නේ එහෙනම්..
ReplyDeletepuka thamaa. ohoma puluwanada oyi film hadanna
ReplyDeleteඑතකොට ඒවා නම් කරන්නේ MRG - 1 , MRG - 2 , MRG - 3 , MRG - 4 වශයෙන්ද ?
ReplyDeleteමමනම් හෝල් එකකට ගිහින් පිලුම් එකක් බලපු කාලයක් මතක නැහැ...
ReplyDeleteඋඹගේ අදහසත් නරක නැහැ, හැබැයි ෆිල්ම් තුනකින් වගේ ඉවර උනානම් තමා හොඳ...
ඒ වගේම අවුරුද්දට හමාරකට එකක් ගානේවත් පිලුමක් එළියට දැම්මොත් හොඳයි.
නැත්නම් උඹ කියපු විදිහට කොටස් පිලුම් 5 පෙන්නන්න අඩුම ගානේ අවුරුදුම දහයක් යනවනේ.
ඕකේ පළවෙනි කොටහ බලපු උන්ගෙන් බාගෙට බාගයක් ඒ වෙද්දී සෙත්තපෝච්චි වෙලා ඉන්නත් බැරි නැහැ...
හොඳ අදහස...
ReplyDeleteයකෝ ටීවී සීරීස් එකකටයි හරියන්නෙ.
ReplyDeleteඓතිහාසික කතාන්දරයක් චිත්‍රපටියකට ගනිද්දි තමුන්ට අවශ්‍ය කෑල්ල විතරයි ගන්නෙ. ෆේල් වෙනවද නැද්ද කියන එක නං ඉතිං කියන්න බෑ.
මම නම් ෆිල්ම් එක බලල නෑ. හැබැයි මම හිතන්නෙත් ඔය අපේ රජකතා ඉතිහාස කතා හදද්දී කොටස් වලට හදන්න ඕනේ කියන එක. එච්චර කැපවීමක් තියෙන අධ්‍යක්ෂක ල සහ නිෂ්පාදකලා ඉන්නවා ද කියල සැකයි ඉතින් ලංකාවේ.
ReplyDeleteමොලේ ඇති කතාවක්. තවම බිස්නස් එකක් පටන් ගත්තේ නැත්ද?
ReplyDeletehttp://nelumyaya.com/?p=3153
ReplyDelete