Tuesday, June 30, 2009

ඉතුරු සල්ලි....

අවුරුදු 30ක් තිබුණ යුද්දෙ ඉවරයි. දැං රටම අලුත් වෙන වෙලාව. අලුතෙන් හිතන්න පටං ගන්න වෙලාව. අලුත් වෙන්නේ මොනවාගෙන්ද? තාක්ෂණෙයන්ද නැත්තං ආකල්ප වලින්ද.... තාක්ෂණෙයන් අලුත් වෙන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ණය,පොළී ඔය වගේ ගොඩක් දේවල් ඒකට එකතු වෙනවා. ඒත් ආකල්ප වලින් අලුත් වෙන්න වියදමක් යන්නේ නෑ. හැබැයි ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මේ සටහන අන්න ඒ ආකල්ප වලින් අලුත් වෙන්න, සංවර්ධනය වෙන්න අපිට කරන්න පුලුවං දේවල් ගැන සාකඡ්චා කරන්න මම ගත්ත පොඩි උත්සහයක්.

අපි ගමනක් යන්න නගින්නේ බස් එකකට (ගොඩක් අය). ඒ නගින බස් 1 ලංගම හරි පුද්ගලික හරි වෙන්න පුලුවන්. ඊළගට අපි අනිවාර්යයෙන්ම යන දුරට හරියන ගාස්තුවක් දීලා ටිකට් 1ක් ගන්නම ඕනෙ. ඒක තමා රටේ නීතිය. අපි ටිකට් 1 ගාන හරියට දුන්නට ඇත්තටම කීයෙන් කීවතාවද හරියටම ඉතුරු සල්ලි අපිට දෙන්නේ. පුද්ගලික බස් වලදි මේක ගොඩක් වෙලාවට වෙන දෙයක්. ලංගමේදිත් නොවෙන්නේමත් නෑ. ඉතුරුවෙන රුපියල,රුපියල් දෙක කොන්දොස්තර මහත්වරු කීයෙන් කීදෙනාද හරියට දෙන්නේ. අපේ ඉතුරුවෙන රුපියල,දෙක තියාගත්තා කියලා කොන්දොස්තර මහත්තයා කවදාවත් මාළිගාවක් හදන්නේ නෑ. තමන් ළග කොච්චර මාරු සල්ලි තිබුනත් ඒක මගියට දෙන්නේ නෑ. කොන්දොස්තර මහත්තයා ළග ඇත්තටම නැත්තේ මාරු සල්ලිද නැත්තම් අවංකකමද? ඕක තමා යහපත් ආකල්පවල තියෙන අඩුව. එහෙමත් නැත්තම් මදිකම. මේ අඩුව පුරවනේ කොහොමද? කොන්දොස්තර මහත්වරු ඔක්කෝම එක තැනකට එකතු කරලා දචසක වැඩ මුලුවක් පවත්වන්න බෑ. ඒත් මට හිතෙන විදියට අපේ ජනමාධ්‍යය වලට මෙතනදි දෙයක් කරන්න පුලුවන්. මොකද ගොඩක් බස් වල FM නාළිකා අහන නිසා. බස් 1 යන මගියාගේ ඉතුරු සල්ලි හරියටම දෙන්න ඕනේ කියන යහපත් ආකල්පය කොන්දොස්තර මහත්වරු හැමෝම ළග තියෙනවානම් මගියෝ කවදාවත් කොන්දොස්තර මහත්තයාගේ නමට ඉස්සරහින් "හොරා" කියන විශෙෂන පදය දාන්නේ නෑ.
ඒක එහෙමයි නේද...

අනික් අතට බස් මගියො වන අපේ තත්වෙත් ඕකම තමා. පුලුවන් තරම් බලන්නේ බස් 1 හොරෙන් යන්න. එහෙම නැත්තම් ගාස්තුව අඩුවෙන් දීලා යන්න. බස් වලදි ඉබ්බෝ කැස්බෑවෝ දාන්න අපිත් හරිම දක්ෂයිනේ. එහෙම කරලා දැනට කීයක් ඉතුරු කරගෙන තියෙනවද? එතනත් තියෙන්නේ අපේ ආකල්පවල මදිකමම තමා. වෙන දෙයක් නෙමේ. ඒ අයහපත් ආකල්ප නැතිකරගන්න පුලුවනුත් ඉතින් මේ අපිටම තමා. වෙන කාටවත් අපිව වෙනස් කරන්න බෑ.

අපේ රට අලුත් වෙන්න හදද්දි, ඒ රටේ ඉන්න පුරවැසියන් වෙන අපි හොද ආකල්ප වලින් යුතු පුරවැසියන් උනොත් අපේ රට ගොඩක් ලස්සන රටක් වේවි. අපි වෙනස් වුනොත් රටත් වෙනස් වෙනවාමයි. මට හිතෙන්නේ එහෙමයි.

අපේ රටට ජය වේවා!!!!

මේ ගැන ඔයලාටත් හිතෙන දේවල් කියන්න.

Tuesday, June 23, 2009

පෙර වදන......

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

පිදුම.....

පළෙවනිම දේ තමා,මම බ්ලොග් කියවන්න පුරුදු වුනේ ලිනක්ස් නිසා. ඇත්තටම මම ලිනක්ස් පාවිච්චියට ආවේ නැත්තං කවදාවත් මළාටවත් බ්ලොග් කියවන්නේවත් ලියන්නේවත් නෑ. ඉතිං 2008 සැප්තැම්බර් මාසෙ දවසක (දවස හරියටම මතක නෑ) ලිනක්ස් ගැන ඉස්සෙල්ලාම කියලා දෙන්න වැඩිය ලිනක්ස් හාමුදුරුවන්ටත් ලිනක්ස් ගැන ගොඩක් දේවල් කියලා දීපු සුචේත. බඩ්. අනුරාධ. චමිත් අයියලාටත් මගේ මේ බ්ලොග් සටහන් පුදන්න කැමතියි...

ඊළ‍ගට, එදා එතනින් දුන්න Ubuntu 8.04 CD 1 උස්සගෙන ගෙදර ආවට මොකද අපේ කොම්පියුටරේ ඒක දාගන්න ඉඩක් තිබුනේ නෑ. ඔය ගැන හිත හිත ඉන්නෙකාට මගේ යාලුවෙක් තමා මට 6 GB HDD 1ක් දුන්නේ. ඒ UCSC-Colombo 1 දෙවෙනි අවුරුද්දෙ ඉන්න මනුල තන්තිරිවත්ත මල්ලි. දාන සෙල්ලං ඔක්කොම තාම දාන්නේ ඒ HDD 1ම තමා. මනුලටත් මේ බ්ලොග් සටහන් පුදන්න කැමතියි...

ඊළගට, තමන්ට කරපු පුංචිම පුංචි උදව්වකට මට Fedora 10 DVD 1ක් දීපු ඩනිශ්ක නවීන් අයියාටත් මගේ බ්ලොග් මම පිළිගන්වනවා....

අවසාන වශෙයන් මේක කියවන ඔය හැම දෙනාටමත් බොහොම කැමැත්තෙන් මගේ මේ බ්ලොග් සටහන් මම පිළිගන්වන්න කැමතියි...


එහෙනං "රනා ලියන බ්ලොග්" තුළින් හමුවෙමු....

ඔබට ජය...