Wednesday, November 25, 2009

සිරස සුපර් ඉස්ටාර් සහ අල්ලපු ගෙදර නංගී


දින බොහෝ ගණනකට පසු ලියැවෙන පළමු බ්ලොග් සටහන මෙයයි. මෙච්චර කල් ලියපු බ්ලොග් ගොඩක (ගොඩක් කිව්වට ඔක්කොම තියෙන්නෙත් 7යි) ලිව්වේ ටෙක්නිකල් දේවල්. අද ලියන්න යන්නේ ටෙක්නිකල් නැති දෙයක්. මගේ බ්ලොග් 1 තේමාව තියෙන්නෙත් "එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට" කියලානේ. මේකත් ඉතින් එහෙම දැකපු දෙයක්. මේ කතාකරන්න යන දේ වෙලාත් දැනට මාසයක් විතර වුනත් ඒක ඒ දවස් වලම මේ ගැන ලියන්න බැරි වුනේ වැඩ ගොඩ ගැහිලා තිබුන හින්දාම නෙමෙයි. මගේ කම්මැලිකම නිසාමයි. කොහොම උනත් දවස් ගානක ඉදලා ලියන්න ඕනෙමයි කියලා හිතාගෙන හිතපු දේ දැන් නම් ලියලම දාලා තමා පස්ස බලන්නේ...

හැමෝම දන්නවනේ අපේ රටේ තියෙන ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන " සිරස සුපර් ඉස්ටාර්" ගැන. කතාව පටං ගන්නේ එතනින්. කතා නායිකාව අපේ අල්ලපු ගෙදර නංගී. එයා මීට කළින් තිබුන Super Star Season දෙකටම ගිහින් තියෙනවා. මෙදා පාරත් තරග කළා. සෑහෙන්න මහන්සි උනා. නංගී විතරක් නෙමේ. ගෙදර අයත් හරියට මහන්සි උනා නංගී වෙනුවෙන්. එයාගේ තාත්තා දැන් පෙන්ෂන්. අම්මා නම් රැකියාවක් කළේ නෑ. මූළික වටයේ තරග තිබුනේ අපේ ගෙවල් වල ඉදලා කිලෝමීටර් 200කටත් වඩා දුරින්. ඉතින් මේ දුර ගෙවාගෙන තරගය වෙනුවෙන් එයාලා සිරස ආයතනය සුපර් ඉස්ටාර් තරගේ තිබ්බ හැම තැනටම ගියා. නිකම්ම නෙමේ, මම සුපිරි තරුවක්ම වෙමි කියන දැඩි අධිෂ්ඨානයෙන්.

හැමදේම හොදට ගියා. නංගී ගොඩක් දක්ෂයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වටවලින් සමත්වෙලා 4 වෙනි වටේටත් අවා. ඒ කියන්නේ අන්තිම 1000න් සුපිරිම 100 තෝරන වටේ. මේකේ තේරීම් තිබුනේ වේයන්ගොඩ පැත්තේ තැනක. බලපු කට්ටිය දන්නවා ඇති තැන මොකක්ද කියලා. මට ඒක මතක නෑ. කොහොම හරි රෑ 10 විතර වෙනකම් එයාලව තියාගෙන ඉදලා අන්තිමට ප්‍රතිඵල ලබා දුන්නා. අපේ අල්ලපු ගෙදර නංගී අන්තිම 100ට සුදුසු වෙලා තිබුනා.

මේ වෙනකොට නංගී රස්සාව කළේ පුද්ගලික ආයතනයක ගිණුම් සහයිකාවක් (Account Assistant) හැටියට. අවුරුදු 2ක විතර පළපුරුද්දකුත් තිබුනා. රැකියා ස්ථානයෙනුත් හොද සහයක් එයාට ලැබුනා. කතාවේ තීරණාත්මක කොටස පටන් ගන්නේ දැන්.

ඔයාලට මතක ඇති අන්තිම 100ට තේරුන තරගකරුවන්ට සිරසෙන් වැඩමුලු කීපයක්ම සංවිධානය කළා කියලා. මේවට තරගකරුවන් සහභාගී වීම අනිවාර්යවුනාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් සහභාගීත්වය තරගයේ ඉදිරියට යන්න වැදගත් කියලානම් ඒක රූපවාහිනියෙන් බලද්දී තේරුනා. මේ දවස් 10යේ වැඩමුලුව සදහා නංගී නිවාඩු ඉල්ලුවත් රැකියා ස්ථානයෙන් ඒකට අවසර ලැබුනේ නෑ. වෙච්ච දේ නංගී රැකියාවෙන් අස්වෙලා වැඩමුලුවට සහභාගී වීම සහ සුපර් ඉස්ටාර් සිහිනය ඇත්තක් කරගන්න full time වැඩ කිරීම.

නංගී දිගටම පුහුණුවීම් කළා. තමන්ගේ ගායනය තරගයේදී ලස්සනට ඉදිරිපත් කළා. අපිත් ගෙදර ඉදන් බොහොම ආසාවෙන් එදා සුපර් ඉස්ටාර් බැලුවා. අන්තිමේ ප්‍රතිඵල ලබාදුන්නා. කොච්චර හොදට ලස්සනට ගීතය ගායනා කළත්, ඉතාමත්ම අවාසනාවන්ත විදියට නංගිගේ සුපර් ඉස්ටාර් සිහිනය බොද වුනා. අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් කියලා චන්ද්රිකා සහ සමිතා මහත්මීන් පැවසුවත් අවසාන 48 දෙනා අතරට එන්න එයාගේ දක්ෂතා ප්‍රමානවත් නෑ කියලයි අමල් සහ රාජු මහත්වරු පැවසුවේ. අවසානයේ අපේ අල්ලපු ගෙදර නංගී සිරස සුපර් ඉස්ටාර් තරගයෙන් ඉවත් වුනා.

කොහොමින් කොහොමින් හරි දැන් අපේ අල්ලපු ගෙදර නංගී සුපර් ඉස්ටාර් වීමේ සිහිනය සහ රැකියාව කියන මේ දෙකම නැතිව ගෙදරට වෙලා ඉන්නවා. මේ සිදුවීම වෙච්ච දවස්වල එයා හිටියේ පුදුම විදියට මානසිකව වැටිලා. ගෙදරින් එළියටවත් අවේ නෑ. ඒක එහෙම තමා. තමන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන සැරිසරපු සිහින ලෝකෙ කඩාගෙන ආයෙත් මේ මහ පොළොවටම වැටුනම තදබල විදියට මානසිකව වැටෙන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක අපි හැමෝටම පොදුයි. නංගී තාමත් රැකියාවක් හොයනවා. ඉක්මනටම රැකියාවක් ලැබුනොත් හොදයි. ඒක එයාගේ වැටුන මානසිකත්වයෙන් ආයෙත් නැගිටින්න හොද අවස්තාවක් වෙයි.

මේ කතාව මම ලිව්වේ මේකෙන් අපි හැමෝටම ගන්න ගොඩාක් දේවල් තියෙන නිසයි. මිනිස්සු වෙන අපි හැමෝටම නොයෙක් විදියේ සිහින තියෙනවා. සමහර සිහින අපි සැබෑ කරගන්නවා. සමහර සිහින නිකම් සිහිනම විතරයි. ඒත් සිහිනයක් පස්සෙන් දිවීම වෙනුවෙන් තමන් සතුව තියෙන සහ තමන්ව ආරක්ෂා කරන දේවල් අත්හරින 1 හරි උගස් කරන 1 හරි එච්චර බුද්ධිමත් දෙයක් නෙමේ. උදාහරණයක් විදියට තමන්ගේ රැකියාව වගේ දෙයක් අතහැරලා දාලා සිහින පස්සේ දිවීමනම් අනුමත කරන්නම බැරි දෙයක්. සමහරවිට මේක කියවන ඔබත් සුපර් ඉස්ටාර් තරගෙට සහභාගී වුන, තාමත් තරගයේ ඉන්න හෝ ඉස්සරහට එන්න තියෙන සීසන් 1කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. තරගෙකට ඉදිරිපත් වෙන 1 හොදයි. නමුත් ඔබ සතුව තියෙන අනිත් වැදගත්ම දේවල් අත්හැරල දාලා නම් ඒක කරන්න එපා. එහෙම අත්හරිනවානම් අඩුම ගානේ අන්තිම 12ටවත් ආවම එහෙම කරන්න. එතකොට යම්කිසි විදියකට ඔබ ආරක්ෂිතයි. හැබැයි ඒ හැමදාටමනම් නෙමෙයි. මොනවා කළත් අන්තිමේ "සිරස මාව කෑවා" කියන තත්වෙටනම් වැටෙන්න එපා. මොකද වළ කපාගත්තේ අපිමයි. සිරස සුපර් ඉස්ටාර් වලට විතරක් නෙමේ, මේක අනිත් හැම රූපවාහිනී නාළිකාවකින්ම කරන "සිහින තරු" තෝරන වැඩසටහන් වලට පොදුයි.

එහෙනම්, ගිහිං එන්නං.

ජය වේවා...

Wednesday, October 7, 2009

හැමෝටම මනුස්සකම අරගෙන 9.10 එනවා...

මනුස්සකම හැමෝටම - 9.10 ~~~ 9.10 - මනුස්සකම හැමෝටම...
මොකක්ද මේ?

අද ඉදලා ගැන්නොත්, තව දවස් 22යි. (වෙන දේ දැනගන්න ==>දකුණ බලන්න)

හරි හරි. මේකයි වැඩේ. ඉන්න පැහැදිලි කරලා දෙන්නම්. මහ ලොකු දෙයක් නෙමේ...



මොකක්ද මේ මනුස්සකම හැමෝටම?
උබුන්ටු කියන අප්‍රිකානු වචනයේ ඉංග්‍රිසි අදහස Humanity Towards Others. ඒක සිංහලෙන් තමා "මනුස්සකම හැමෝටම" කියලා කිව්වේ.

එතකොට 9.10?
9.10 කියන්නේ උබුන්ටු වල නවතම සංස්කරණය. අපි දන්නවානේ උබුන්ටුකාරයා මාස 6න් 6ට අලුත් සංස්කරණ එළියට දානවා කියලා. හැමෝම දන්න දෙයක් අයේ කියන්නම්.
මේකෙ 9 කියන්නේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරපු අවුරුද්ද. ඒ කියන්නේ 2009.
එතකොට 10 කියන්නේ නිකුත් කරපු මාසේ. ඔක්තෝම්බර්.
මතකනේ මේ අවුරුද්දෙම අප්‍රෙල් වලත් සංස්කරණයක් එළියට අවා. අපේ ගොඩක් අය හාවෝ ඇල්ලුවේ. මේ ලියන්නෙත් හාවාගෙ උඩ ඉදගෙන තමා.

අලුත් කෙනාගේ නම මොකක්ද?
උබුන්ටු වල හැම සංස්කරණයකටම එයාලා නමක් දෙනවා. ඒක දෙන්නේ සුද්දගේ හෝඩියේ පිළිවෙලටයි. 2006 ඉදලා තමා පටන් ගත්තේ. හැබැයි පටන් ගත්තේ A අකුරෙන් නෙමේ. ඉස්සෙල්ලාම එහෙම නමක් දුන්නේ D අකුරෙන්. එතන ඉදලා හරි පිළිවෙලට දෙනවා. මෙදා පාර තියෙන අකුර තමා "K". ඉතින් දුන්නා නමක්.

Karmik Koala ~ කර්මික් කෝලා.

Karmik කියන වචනේ තේරුම අපේ භාෂාවෙන් ගන්න ගියාම අලි අමාරුවක වැටුනා. සිංහල වචනේ විදියට තියෙන්නේ "කර්මය". ඕක ටිකක් ලේසි කරලා ගත්තම කරුමය, කරුමේ වගේ එන්න පුලුවන්. හැබැයි ඔය කියන කරුමෙට හොද අර්ථකතනයක් බුදු දහමේ දීලා තියෙනවා.
ඒක තමා "හේතුව හා ඵලය". මට හිතෙන හැටියට උබුන්ටු ලොක්කො ටික Karmik කියන වචනේ දෙන්න ඇත්තේ ඒ අර්ථකතනයෙන්ම තමා (මේක මගේ අදහස විතරයි).

කෝලා කියන්නේ වලස් පවුලේ පොඩි සතෙක්. ඕස්ට්‍රෙලියාව තමා නිජබිම.

ඔහොම තමා හැමෝටම මනුස්සකමේ නවතම සංස්කරණයට නම වැටුනේ.

ඉතින් මේකට මම දෙනවා මට හිතෙන නමක්. "හේතු ඵල කෝලා". ඔයාලටත් කැමති නමක් දෙන්න. අවුලක් නෑ. නිදහස් නේ...

මේකේ ටෙස්ටින් කටයුතු දැන් ලෝකෙ පුරාම වෙනවා. ඇල්ෆා සංස්කරණ වලට පස්සේ දැන් බීටා සංස්කරණයත් එළියට දාලා ඉවරයි. බීටා Edition 1 එළියට දැම්මේ ඔක්තෝම්බර් 1 වෙනිදා. ටෙස් කොරලා බලන්න කැමතිනම් www.ubuntu.com වලින් බාගත කරගෙන ටෙස් කොරන්න පුලුවන්.
කොහොම වෙතත් මේ මාසේ 29 ඒ කියන්නේ තව දවස් 22කින් "හේතු ඵල කෝලා" නිදහස් වෙනවා.
ඊට පස්සේ ඉතින් බාගන්න හරි නැත්තම් ගෙදරටම ගෙන්න ගන්න හරි පුලුවන්.

මොනවද කෝලාගේ තියෙන විශෙෂතා...

බූට් වෙන්න යන වෙලාව පුලුවන් තරම් අවම කරන 1 උබුන්ටුලාගේ 1 අරමුණක්. තත්පර 10කින් මේ වැඩේ කරන්න තමා එයාලා උත්සාහ කරන්නේ. ඒකට මූලික පියවර තිබ්බේ 9.04 දී.
ඒ තත්පර 35 - 40 කින් බූට් කරලා. කෝලාගෙන් බලාපොරොත්තු වෙන වෙලාව තත්පර 25ක්.
2010 දී එළිදක්වන සංස්කරණයෙන් අපිට තත්පර 10න් බූට් වේන මෙහෙයුම් පද්ධතියක් දෙනවා කියලා තමා කියන්නේ. බලමු.

මේකේ ෆයිල් සිස්ටම් 1 එන්නේ ext4 (Default). මෙච්චරකල් ආවේ ext3 නේ.

ඊළග වැදගත් දේ තමා කෝලා එක්ක එන අලුත් බූට් ලෝඩරේ. මේක GNU ගේ අලුත් version 1. නම් කරලා තියෙන්නේ GRUB2 කියලා.
ගිනි නරියා 3.5 තමා default web browser 1.
GNOME මෘදුකාංග ගොඩක අලුත් සංස්කරණත් එළි බහිනවා කෝලා එක්කම.
තව අලුත් දේවල් ගොඩක් තියෙනවා. ඒවා ගැන පස්සේ කතා කරමු.

ඒවගේම කෝලාව ස්තාපනය කරන කොට බිල් මාමාගේ ජනෙල්වල වගේම පොඩි විස්තරයක් දෙනවා. (XP වල විදියට)

මේ තියෙන්නේ තව ලස්සන ෆොටෝ කෑලි ටිකක්.

ඩෙස්ක්ටොප් 1 සහ මෙනු 1 පේන්නේ මෙහෙමයි...




මේ තියෙන්නේ Software Center 1. Add/Remove Programs වෙනුවට තමා ඒක තියෙන්නේ.



මේ ගිනි නරියා ගැන විස්තරේ...




මේ තියෙන්නේ Kubuntu 9.10.



ෆොටෝ සදහා සාදර දායකත්වය දැක්වූ www.downloadsquad.com වෙබ් අඩවියට ගොඩක් පිං.

එහෙනම් ඉතින් හේතු ඵල කෝලාව ගන්න මේ මාසේ 29 වෙනකම් බලාගෙන ඉමු.

මේ හැම දෙයක්ම හොයා ගත්තේ ගූගල් දෙයියන්ගේ පිහිටාරස්සාවෙන්. ඔයාලත් හොයලා බලන්න.
වැදගත් ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්.

හේතු ඵල කෝලාට ජය වේවා...

Saturday, September 19, 2009

අද නිදහස් මෘදුකාංග දිනයයි...

අද ගොඩාක් වැදගත් දවසක්. හේතුව ඔයාලා දැනටමත් දන්නවා. අද (2009-09-19) ලෝක නිදහස් මෘදුකාංග දිනයයි... එහෙම නැත්තම් Software Freedom Day කියන්නේ අදටයි.
මේ ලිපියෙන් මම අදහස් කරන්නේ නිදහස් මෘදුකාංග දිනයේ ඉතිහාසය ගැනවත් ඒකේ වැදගත් කම ගැනවත් ලියන්න නෙමෙයි. ඒ ගැන විස්තරයක් වෙන වෙලාවක දාන්නම්. මගේ මේ උත්සාහය නිදහස් මෘදුකාංග දිනය ගැන මට හිතෙන දේවල් කියන්නයි.

මීට හරියටම අවුරුද්දකට කළින් තමා මම නිදහස් මෘදුකාංග ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ. ඒ ගැන මම මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් 1න්ම කිව්වා. එදා ඉදලා අද වෙනකම් නිදහස් මෘදුකාංග වලින් මට දැනිච්ච දේවල් ටිකක් කියන්නම්.

අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා.

ලිනක්ස් කර්නල් 1 ලෝකෙට හදුන්වා දුන්න ලීනස් ටෝර්වල්ඩ්ස් වගේම නිදහස් මෘදුකාංග සංකල්පය ඇතිකළ රිචඩ් ස්ටෝල්මන් ඇතුලු FOSS මිනිස්සු දෙවිවරු නෙමේ. ඒත් සෑහෙන්න උතුම් අරමුණක් වෙනුවෙන් එයාලා කැපවුනා. ඒකේ ප්‍රතිපල තමා අද මම මේ විදින්නේ.

බිල් ගේට්ස්ට සිහිනයක් තිබුනා. ඒ ලෝකේ පාවිච්චි කරන හැම කොම්පියුටරේකම වින්ඩෝස් OS 1ත් මයික්‍රොසොෆ්ට් මෘදුකාංගත් වැඩකරනවා දකින්න. ගේට්ස් ඒ සිහිනේ යතාර්තයක් කරගත්තා. ඒත් ඒ ලෝකේ නිදහස නෑ.

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?

නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.

නිදහස් මෘදුකාංගවලට ජය වේවා...

Thursday, August 6, 2009

බිත්තර....

මේ බ්ලොග් 1 ලියන්නේ වෙන වැඩක් කතන අතර මග. කරන මූළික වැඩේ ටිකක් හොර වැඩක්. ඒත් හොර වැඩක් උනත් ඒකෙන් කාටවත් හානියක් නැත්තම් (භෞතික හෝ ශාරීරික හෝ මානසික) අවුලක් නෑ කියන මතයෙයි මම ඉන්නේ. හෝව් !! හෝව් !! ඉන්න ටිකක් කියනකං මොකක්ද හොර වැඩේ කියලා. නැත්තම් කට්ටිය මගේ දිහා බලයි "හොර" පාට කණ්ණාඩියක් දාගෙන.

මෙහෙමයි කතාව. (මේ අතුරු කතාව බව කරුණාවෙන් සළකන්න)
මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා තාම ඉගෙන ගන්නවා (මාත් එහෙම තමා) . අපි ඉගෙන ගන්න ආයතන වල පුරුද්දක්නේ එක එක පැවරුම් දෙන 1. පැවරුම් වලට සිංහලෙන් කියන්නේ Assignments කියලා. විශ්ව විද්‍යාල ප්රජාව මේක ගැන හොදට දන්නවා. ඉතින් අපේ යාලුවාටත් එහෙම පැවරුමක් එහෙම දීලා හෙට (7) භාර දෙන්න. මෑන්ස් ඊයේ රෑ ඒක උස්සගෙන අවා අපේ ගෙදර. මම හිතුවේ මොනා හරි උදව්වක් අරගන්න වෙන්න ඇති කියලා, බලද්දී මට කියාපි "මචං මේක කරලා දෙන්න" කියලා. මාත් ඉතින් හද පතුලෙන්ම බුර බුරා නැගුනු මිත්ර ස්නේහයෙන් යුතුව මගේ අනිත් වැඩ සියල්ල පසෙක නබා ඒ මොහොතේ සිට මේ දැන් ටිකකට කලින් දක්වා ඒක කෙරුවා. තව කරන්නත් තියෙනවා. කරන්න තියෙන්නේ program කෑලි ටිකක් ලියන 1. භාෂාව C++. කෑලි ටිකක් කිව්වට මේවා මාර ආතල්. ඒ වැඩේ ඇතිවෙනකම්ම කළාට පස්සේ තමා නියම කතාවට අදාළ වැඩේ මගේ හිතට අවේ. මෙච්චර වෙලා කිව්වේ බයිලා නේ. දැන් යමු වැල් බයිලා වලට.....

(නියම කතාව මෙය බව කරුණාවෙන් සළකන්න)
මීට කාලෙකට කලින් තමන්ගේ post 1ක අපේ änthräX අයියා (නම කිව්වට තරහා වෙන 1ක් නෑ මගෙ හිතේ :) මම පස්සේ උපුටා ගැනීම ගැන අවසර ඉල්ලා ලිපියක් එවන්නම්. ;) ) "Easter Eggs" ගැන ලිව්වා කියෝපු කට්ටියට මතක ඇති. බිල් මමාගේ ජනෙල් වල බිත්තර ගැන දැනගෙන හිටියට දැන් පාවිච්චි කරන Ubuntu වල තියෙන බිත්තර ගැන මම කළින් හිතලාවත් තිබුනේ නෑ. එමනිසාම änthräX අයියා නිර්දේශ කරපු විදියටම ඔය බිත්තර ගැන මම ගූගල් දේවතාවාගෙන් අංජනමක් බැලුවා. මේ ලියන්නේ ඒ අංජනමෙන් පෙනුන ඒවා තමා. ඊට කළින් කරුණු 3ක් කියන්න ඕනේ...

1. මේ ගැන දන්නා ඇත්තෝ සමා කර කියවත්වා.... නොදන්නා ඇත්තෝ කියවා කර බලත්වා....
2. මෙහි ලියා තිබෙනා සියලුම දේවල් මවිසින් test කර බලන ලද අතර තවම මගේ කොම්පියුටරයට මේ හේතුවෙන් කිසිම හානියක් සිදුවූයේ නැත.
3. මේ 1 බිත්තරයක්වත් මම දැමූ ඒවා නොවන අතර (මට බිත්තර දාන්න බැරිය) සියල්ල ගූගල් අංජනමට පෙනුන ඒවා වේ.

හරි... පටන්ගමු........

පළමු බිත්තරය... (ඉල්ලගෙන කෑම)

Terminal 1 කියන්නේ Ubuntu පාවිච්චි කරනකොට අපිට ගොඩාක් උදව් වෙන මෙවලමක් නේ. Terminal 1 මාර්ගයෙන් root විදියට log වෙන්න කට්ටිය දන්නවානේ. කරන්න තියෙන්නේ sudo bash කියලා type කරලා ඊළගට තමන්ගේ password 1 දෙන 1යි. එතකොට root විදියට log වෙනවා. සාමාන්‍යයෙන් ඔය වෙලාවට අපි type කරන password 1 වැරදුනාට කවුරුත් මුකුත් කියන්නේ නැහැ නේ. ඒත් ඔයාලාට ආසමනම් වරද්දන පාරට 1 ගානේ මොනා හරි අහගන්න පුලුවන්. ඒකයි මේ බිත්තරේට "ඉල්ලගෙන කෑම" කියලාම නම දැම්මේ.

ඉල්ලගෙන කන්නේ මෙහෙමයි.
# Terminal 1ට ගිහින් sudo visudo කියලා type කරන්න. එතකොට file 1ක් open වෙයි.

# ඒකෙ Defaults වලට පස්සේ පහත කොටස type කරන්න. !lecture,tty_tickets,!fqdn,insults

#
එතකොට සම්පූර්ණ line 1ම පේන්නේ මෙහෙමයි.
Defaults !lecture,tty_tickets,!fqdn,insults

# ඒ file 1 save කරලා අයින් වෙන්න.

# ඊළගට sudo -K කියලා type කරලා sudo session එක clear කරන 1 කෝකටත් හොදයි.

දැන් නිකමට වගේ root විදියට log වෙන වෙලාවක වැරදි password 1ක් දෙන්නකෝ. මම ඊට වඩා මුකුත් කියන්නෙ නෑ.


දෙවන බිත්තරය... (පිං අතේ වැඩ)

අපි ඉතින් කොහොමත් පිනට දහමට කැමති උදවිය නිසා කට්ටිය මේකට කැමති වේවි. මේ පින කොහොමත් මාරම ගති.

#Keyboard 1දී Alt + F2 press කලාම එන dialog box 1 "free the fish" කියලා "" නැතුව type කරන්න.

# ඊළගට enter කරන්න.

ලස්සන මාලුවෙක් අපේ Desktop 1 හරහා පීනනවා බලන්න පුලුවන්. මෙයා ගැන කියනවානම් මෙයාගේ නම "Wanda". මෙයා ගෑනු මාලුවෙක් කියලායි ආරංචිය. ඇත්තටම එච්චරයි එයා ගැන දන්නේ. එයා එනකොට එයාගේ උඩ click කළාම වේගේ වැඩි කරළා screen 1 ළගම කෙළවර හොයාගෙන පීනන හැටිනම් හරිම ලස්සනයි.

හැබැයි ඉතින් කොච්චර ලස්සන උනත් මෙයා වදයක් වෙන වෙලාවලුත් තියෙනවා. එළවගන්න ඕනේනම් මෙච්චරයි කරන්න තියෙන්නේ.

#Alt + F2 press කලාම එන dialog box 1 "killall gnome-panel" කියලා "" නැතුව type කරන්න. ඒකෙන් gnome panel එක restart උනාට අපේ applications වලට මුකුත් වෙන්නේ නෑ.


තෙවන බිත්තරය... (බෝම්බ දාන හරක්...)

මේක තමා නියමම බිත්තරේ. බෝම්බ දාන (කකුල් 4) හරක් ගැන්සියකට අහුවුනාම කොහොමද?
අහුවෙලාම තමා බලන්න ඕනේ.

#Alt + F2 press කලාම එන dialog box 1 "gegls from outer space" කියලා "" නැතුව type කරන්න.

#පුලුවන්නම් හරක් ටික පරාද කරන්න. එහෙම කරලා මටත් කියන්න (මට ගේම ඉවර කරන්න බැරි උනා. අපිට වෙන වැඩ නැහැනේ නේද...).

ඒක කම්මැලි වෙලාවට සෙල්ලමට ගන්න හොද බිත්තරයක්.


සිව්වන බිත්තරය... (අලි ගිලින නයි )

මේක ටිකක් අමුතු බිත්තරයක්. Terminal 1න් තමා බිත්තරේ ගන්න තියෙන්නේ. මෙහෙමයි කරන්නේ.

# Terminal 1 මේ command 1 type කරන්න.
aptitude -v moo

# මේකේ තියෙන v අකුරු 1 ඉදලා 6 වෙනකම් වැඩිකර කර බලන්න. ඔයාලාටත් පුලුවන් වෙයි අලි ගිලින නයෙක්ව බලාගන්න. පරිස්සමෙන් හොදේ....


අන්තිම බිත්තරේ... (Terminal 1 න් ඔබව දැකීම)

කිව්වා වගේම තමා. ඔයාවම බලාගන්න පුලුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ.

#Terminal 1 මේ command 1 type කරන්න.
apt-get moo

ඔයා ගොඩාක් ලස්සනයි නේද... :)

එහෙනම් කට්ටිය මේ බිත්තර ටික කාලා බලන්න. ගුණ අගුණත් කියන්න. ආයේ වෙලාවක OpenOffice වල තියෙන බිත්තර ගැන කියන්නම්.

වැදගත්ම දේ...
ඔයාලා දන්න වෙන බිත්තර එහෙම තියෙනවානම් අනිවා කියන්න හොදේ.

එහෙනම්.. පස්සේ හමුවෙමු.

බිත්තරවලට ජයවේවා....

Wednesday, July 29, 2009

පෙනුම වෙනස් කළෙමි...

අවසාන වරට සටහනක් තැබුවේ ජූලි 3 වෙනිදා. ඊට පස්සේ අද මේ දැං වෙනකම් මුකුත්ම ලිව්වේ නෑ. ලියන්න දේවල්නම් බොහොමයි. ඒත් ලියන 1 ටිකකට නතර කරලා කියවන්න පටන් ගත්තා. සින්ඩියේ තියෙන බ්ලොග්වලින් 75% විතර මේ දවස් ටිකේ කියෙව්වා. ඉතුරු ටිකත් ඉක්මනටම කියෝලා ඉවර කරන්න ඕනේ. තේරුන විදියට බ්ලොග් අවකාශයෙනුත් අපි ජීවත් වෙන සමාජය හරි ලස්සනට නිරූපණය වෙනවා. සාමාන්‍ය සමාජයේදි අපි දකින හැම චරිතයක්ම මෙතනදීත් ඒ විදියටම දකින්න පුලුවන්. ඒත් වෙනස, මෙතනදී අපි පෙනී හිටින්නේ ගොඩක් වෙලාවට අන්වර්ත නමකින් වීමයි. ඒ නිසා ඇත්ත ජීවිතේදී මූණට හමුවෙලා කතා කළත් දන්නේ නෑ මේ සින්ඩියේ ඉන්න අහවලා කියලා(ළගදී එහෙම වැඩක් උනා).


මෙච්චර වෙලා කිව්වේ අතුරු කතාවක්. මේකයි ප්‍රධාන කතාව. බ්ලොග් 1 පෙනුම වෙනස් කරන්න හිතුනා. ඉස්සර තිබුන පෙනුම හරියට පරණ ලොරියක වගේ. දැං 1ත් ලාවට ඒ වගේ තමා. ඒත් ඉතින් තාම අලුත් නේ. මේකේ ලියන ඒවා අනං මනං ඔක්කොම ජාති මට හොදට පේනවා. ඒත් ඒකෙන් සත 5ක වැඩක් නෑ. මේකෙ ලියපුවා පේන්න ඕනෙ ඔයාලාට. ඒක නිසා පෙනුම වෙනස් කරපු මගේ බ්ලොග් 1 වර්ථමාන දර්ශන තත්වය ගැන ඔයාලාගේ අදහස ඉඩ තියෙන වෙලාවක හෙමින් සීරුවේ කියන්න.

එහෙනම්, හෙට අනිද්දට තව සටහනක් එක්ක "රනා ලියන බ්ලොග්" තුළින් හමුවෙමු.

එතකම්,
ජය වේවා....

Friday, July 3, 2009

Ubuntu වලට password නැති user account 1 ක් හදමු...

Ubuntu වලට password නැතිව log වෙන්නේ කොහොමද කියන 1 කාලෙක ඉදං මට හිතුන දෙයක්. සුපුරුදු විදියට පැය ගොඩාක් වියදම් කරලා හෙව්වම ubuntu forum 1 ක තිබිලා උත්තරේ හොයා ගත්තා. දැං වැඩේ කරන විදිය බලමු.

1. ඉස්සෙල්ලාම සාමාන්‍ය විදියට user account 1ක් හදාගමු. ඒකට
Terminal 1 ට ගිහින් පහත command 1 type කරන්න. මම හදන user account එකේ නමත් user.

useradd -d /home/user -s /bin/bash user

මේකේ -d වලින් වෙන්නේ අපි හදන user ගේ home directory 1 හදන 1. සාමාන්‍යයෙන් home directory 1 පහත විදියට දෙන්න පුලුවන්.

/home/user

-s වලින් වෙන්නේ අපේ user ගේ login shell 1 හදන 1. උදාහරණයක් විදියට :

/bin/bash

එතකොට සම්පූර්ණ command 1 type වෙන්නේ මෙහෙමයි.

useradd -d /home/user -s /bin/bash user



2. ඊළගට Terminal 1 ට ගිහින් පහත command එක type කරන්න.

sudo vi -B /etc/shadow

මේ shadow කියන file 1 තමා අපි හදන user ලාගේ usernames සහ passwords ඔක්කොම save වෙලා තියෙන්නේ.

3. ඒ file 1 ඇතුලේ තියෙනවා අපේ user ගේ විස්තර ටික. ඒක ටිකක් මේ වගේ. ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. ඒක එච්චර අවුලක් කරගන්න එපා.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::




4. ඉහත දක්වපු අපේ user ගේ record එකේ දෙවෙනියට තියෙන කොටස මම bold කරලා තියෙන්නේ.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::

bold කරපු කොටස වෙනුවට පහත bold කරලා තියෙන කොටස paste කරන්න.

user:U6aMy0wojraho:13721:0:99999:7:::




5. ඊළගට file එක, save කරලා exit වෙන්න.

දැං අපිට පුලුවන් ඒ හදපු user account 1ට password 1ක් නොදී log වෙන්න.

කරලා බලන්න.....

ජය වේවා....


Tuesday, June 30, 2009

ඉතුරු සල්ලි....

අවුරුදු 30ක් තිබුණ යුද්දෙ ඉවරයි. දැං රටම අලුත් වෙන වෙලාව. අලුතෙන් හිතන්න පටං ගන්න වෙලාව. අලුත් වෙන්නේ මොනවාගෙන්ද? තාක්ෂණෙයන්ද නැත්තං ආකල්ප වලින්ද.... තාක්ෂණෙයන් අලුත් වෙන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ණය,පොළී ඔය වගේ ගොඩක් දේවල් ඒකට එකතු වෙනවා. ඒත් ආකල්ප වලින් අලුත් වෙන්න වියදමක් යන්නේ නෑ. හැබැයි ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මේ සටහන අන්න ඒ ආකල්ප වලින් අලුත් වෙන්න, සංවර්ධනය වෙන්න අපිට කරන්න පුලුවං දේවල් ගැන සාකඡ්චා කරන්න මම ගත්ත පොඩි උත්සහයක්.

අපි ගමනක් යන්න නගින්නේ බස් එකකට (ගොඩක් අය). ඒ නගින බස් 1 ලංගම හරි පුද්ගලික හරි වෙන්න පුලුවන්. ඊළගට අපි අනිවාර්යයෙන්ම යන දුරට හරියන ගාස්තුවක් දීලා ටිකට් 1ක් ගන්නම ඕනෙ. ඒක තමා රටේ නීතිය. අපි ටිකට් 1 ගාන හරියට දුන්නට ඇත්තටම කීයෙන් කීවතාවද හරියටම ඉතුරු සල්ලි අපිට දෙන්නේ. පුද්ගලික බස් වලදි මේක ගොඩක් වෙලාවට වෙන දෙයක්. ලංගමේදිත් නොවෙන්නේමත් නෑ. ඉතුරුවෙන රුපියල,රුපියල් දෙක කොන්දොස්තර මහත්වරු කීයෙන් කීදෙනාද හරියට දෙන්නේ. අපේ ඉතුරුවෙන රුපියල,දෙක තියාගත්තා කියලා කොන්දොස්තර මහත්තයා කවදාවත් මාළිගාවක් හදන්නේ නෑ. තමන් ළග කොච්චර මාරු සල්ලි තිබුනත් ඒක මගියට දෙන්නේ නෑ. කොන්දොස්තර මහත්තයා ළග ඇත්තටම නැත්තේ මාරු සල්ලිද නැත්තම් අවංකකමද? ඕක තමා යහපත් ආකල්පවල තියෙන අඩුව. එහෙමත් නැත්තම් මදිකම. මේ අඩුව පුරවනේ කොහොමද? කොන්දොස්තර මහත්වරු ඔක්කෝම එක තැනකට එකතු කරලා දචසක වැඩ මුලුවක් පවත්වන්න බෑ. ඒත් මට හිතෙන විදියට අපේ ජනමාධ්‍යය වලට මෙතනදි දෙයක් කරන්න පුලුවන්. මොකද ගොඩක් බස් වල FM නාළිකා අහන නිසා. බස් 1 යන මගියාගේ ඉතුරු සල්ලි හරියටම දෙන්න ඕනේ කියන යහපත් ආකල්පය කොන්දොස්තර මහත්වරු හැමෝම ළග තියෙනවානම් මගියෝ කවදාවත් කොන්දොස්තර මහත්තයාගේ නමට ඉස්සරහින් "හොරා" කියන විශෙෂන පදය දාන්නේ නෑ.
ඒක එහෙමයි නේද...

අනික් අතට බස් මගියො වන අපේ තත්වෙත් ඕකම තමා. පුලුවන් තරම් බලන්නේ බස් 1 හොරෙන් යන්න. එහෙම නැත්තම් ගාස්තුව අඩුවෙන් දීලා යන්න. බස් වලදි ඉබ්බෝ කැස්බෑවෝ දාන්න අපිත් හරිම දක්ෂයිනේ. එහෙම කරලා දැනට කීයක් ඉතුරු කරගෙන තියෙනවද? එතනත් තියෙන්නේ අපේ ආකල්පවල මදිකමම තමා. වෙන දෙයක් නෙමේ. ඒ අයහපත් ආකල්ප නැතිකරගන්න පුලුවනුත් ඉතින් මේ අපිටම තමා. වෙන කාටවත් අපිව වෙනස් කරන්න බෑ.

අපේ රට අලුත් වෙන්න හදද්දි, ඒ රටේ ඉන්න පුරවැසියන් වෙන අපි හොද ආකල්ප වලින් යුතු පුරවැසියන් උනොත් අපේ රට ගොඩක් ලස්සන රටක් වේවි. අපි වෙනස් වුනොත් රටත් වෙනස් වෙනවාමයි. මට හිතෙන්නේ එහෙමයි.

අපේ රටට ජය වේවා!!!!

මේ ගැන ඔයලාටත් හිතෙන දේවල් කියන්න.

Tuesday, June 23, 2009

පෙර වදන......

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

පිදුම.....

පළෙවනිම දේ තමා,මම බ්ලොග් කියවන්න පුරුදු වුනේ ලිනක්ස් නිසා. ඇත්තටම මම ලිනක්ස් පාවිච්චියට ආවේ නැත්තං කවදාවත් මළාටවත් බ්ලොග් කියවන්නේවත් ලියන්නේවත් නෑ. ඉතිං 2008 සැප්තැම්බර් මාසෙ දවසක (දවස හරියටම මතක නෑ) ලිනක්ස් ගැන ඉස්සෙල්ලාම කියලා දෙන්න වැඩිය ලිනක්ස් හාමුදුරුවන්ටත් ලිනක්ස් ගැන ගොඩක් දේවල් කියලා දීපු සුචේත. බඩ්. අනුරාධ. චමිත් අයියලාටත් මගේ මේ බ්ලොග් සටහන් පුදන්න කැමතියි...

ඊළ‍ගට, එදා එතනින් දුන්න Ubuntu 8.04 CD 1 උස්සගෙන ගෙදර ආවට මොකද අපේ කොම්පියුටරේ ඒක දාගන්න ඉඩක් තිබුනේ නෑ. ඔය ගැන හිත හිත ඉන්නෙකාට මගේ යාලුවෙක් තමා මට 6 GB HDD 1ක් දුන්නේ. ඒ UCSC-Colombo 1 දෙවෙනි අවුරුද්දෙ ඉන්න මනුල තන්තිරිවත්ත මල්ලි. දාන සෙල්ලං ඔක්කොම තාම දාන්නේ ඒ HDD 1ම තමා. මනුලටත් මේ බ්ලොග් සටහන් පුදන්න කැමතියි...

ඊළගට, තමන්ට කරපු පුංචිම පුංචි උදව්වකට මට Fedora 10 DVD 1ක් දීපු ඩනිශ්ක නවීන් අයියාටත් මගේ බ්ලොග් මම පිළිගන්වනවා....

අවසාන වශෙයන් මේක කියවන ඔය හැම දෙනාටමත් බොහොම කැමැත්තෙන් මගේ මේ බ්ලොග් සටහන් මම පිළිගන්වන්න කැමතියි...


එහෙනං "රනා ලියන බ්ලොග්" තුළින් හමුවෙමු....

ඔබට ජය...