Sunday, April 25, 2010

ස්තූතියි...

තව මිනිත්තු 8කි ඇත්තේ
අවසන් බ්ලොග් සටහනයි මේ
කුමක් කියන්නද
කුමක් ලියන්නද

සතුටක් දැනේ
දුකක්ද දැනේ
ජීවිතේ හැටි එහෙමද?

බ්ලොග් ලියපු,
වතුර ගහපු,
චැට් කරපු,
පාළු කපපු
මෙකී නොකී මේ හැමෝටම
බොහෝමත්ම ස්තූතියි.

"රනා ලියන බ්ලොග්"
මැරතන් ලිවිල්ල
මෙතැනින් නිමයි.

ස්තූතියි...

නැද්ද මං අහන්නේ???

දිනයකින් හරි අඩක්
පුටුවක් උඩට වී සිටියෙමි
කිසිදාක නොකල විළසින්...

මා පමණක් නොව
තවත් සයිබර් සහෘදයින් බොහෝ දෙනෙක්
එළෙස කළ බව මම දනිමි...

බ්ලොග්කරණයේ අපූර්වත්වය එයයි
සැමදා විඳගමු මේ අසිරිය
හැමදාම නැතිවුනත්
අවුරුද්දකට සැරයක් හරි
මැරතන් 1ක්නම් දුවන්නම ඕනේගගග

නැද්ද මං අහන්නේ???

අපි එකම රෑනෙ කුරුල්ලෝ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නේ අපි
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව තුළ සැඟවෙන්න නොවේ
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

අවසානය ඉදිරිපිට

මීට වසර ගණනාවකට පෙර
මට මෙළෙසම සිතුණි...
ඒ තවත් එක් තරඟයක
අවසාන මිනිත්තු කීපයේදීය
මාස ගණනක මහන්සිය,
කැපවීම,
උත්සාහය,
එක මිටකට කැටිකොට
එතැන මුදා හැරියෙමි...
ජය පරාජය කෙසේ වුවත්
සිතට සතුටක් දැනුනි...

අදත් එළෙසම හැගේ...
පැය ගණනාවක වෙහෙස,
දෑසේ විඩාව,
සියල්ල පරයා හිතට නැගෙන්නේ
එකම සිතුවිල්ලකි...
ඒ තවත් එක සාමුහික ගමනක
අවසානයේ ඇතිවන
සතුටයි...

සොයුරු සොයුරියනි,
එයට දායක වු ඔබ සැමට
බොහෝමත්ම ස්තූතියි...

48

මේ ලියැවෙන්නේ
හතළිස් අටවන මැරතන් පෝස්ටයයි...

මීට පෙර ලියැවුණු
ලිපි හතළිස් හත පුරාම
රනා අහපු කතා,
රනා කියපු කරා,
රනා කියවපු කතා,
රනා ලියපු කවි,
සහ
ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කෑලි
පත අට එකට සිඳුවා නැති වුවත්
යහමින් තිබුණි...

නීතිය වූයේ
පැයකට සතරක් වුවද
සමහර පැයකදී එය සයක් විය
තව විටෙක ඉන් අඩක් විය
ඒ බ්ලොග්කරණයේ හැටිය...

ඒ කෙසේ වෙතත්
මැරතනය ඇරඹී
හෝරා එකොළොසකට පසු
සතළිස් අටවන පෝස්ටය
මෙසේ පළවේ...

පලි:

මැරතනයේ ඉලක්කය නිමි
වෙලාව නොනිමි
එමනිසා තව සිටිමි
සැමට ජය පතමි.

දවසේ සිතුවිල්ල

ජීවිතයේ දීප්තිමත් දිනයන් මෙන්ම අඳුරු දිනයන්ද තිබේ. අහසේ අදුරු ස්වභාවයක් දිස්වූ පමණින් සූර්යයාගේ ඇති වටිනාකමෙහි අඩුවක් වන්නේ නැත. ඇතැම් විට අපිට කණගාටුවෙන් යුතුව දවස ගත කිරීමට සිදුවේ. නමුත් ඔබගේ හදවත තුළ සූර්යයා නිරන්තරව දීප්තිමත්ව තබා ගන්න. එය ඔබව අපරාජිතයෙකු කරනු ඇත.

දයිසකු ඉකෙදා
සභාපති
සෝක ගක්කායි ජාත්‍යන්තර සංවිධානය

උපුටා ගත්තේ

දවසේ සිතුවිලි
දයිසකු ඉකෙදා

අපි ආපු දුර

මෙපමණ දුරක් අවුත්
දැන් යන්න යන්න තතනති
අයෙක්...

මිතුරනි, මිතුරියනි,
යාමට ඇත්තේ තව ටික දුරකි...
දැන් හිරුද පායා ඇත
කුරුල්ලෝද කෑ ගසයි
ඉදින් නිදන්නේ කිම
මැරතනය අවසාන නොකර...
එසේ කිරීමට මට නොහැකිය
ඔබටත් එය එසේම බව
මම හොදින්ම දනිමි...
මේ අන්තිම ටික දුවමු
ඔබට ජය...

අනේ කාලේ වනේ වාසේ

මුලින්ම එකෙක් ගෙනාවේය
ඒ හිතවතෙකුගෙනි...

ඊළගට අනිකා ආවාය

ඒ පාරෙනි...

උන් දෙදෙනා ටික කලක් සිටියෝය

ඊළගට තුන්වෙනියාත් ආවේය
ඒ මුලින් ආ එකාගේ පුතා වීම නිසාය...

කොහොම ආවත් මුන් ඔක්කෝම

මළ කරදරය...
ඉවර වෙන පාටකුත් නෑය...
අනේ කාලේ වනේ වාසේ
කිව්වේ මේවාටය...

අලුත් දවසක්

තවත් අලුත් දවසක්...

වෙනදා නැගිටින වෙලාවට
අද නිදන්න යනවා...
උදේට තේ බීලා
රෑට නිදාගත්තේ
උසස් පෙළ කරපු කාලේ...

ඒ මතකයත් අවදි කරගෙන
දුවමු දිගටම මැරතන්...
කෝකටත් තියෙන්නේ
තව පැය 2යි....

SPIRIT

රෑ එළිවෙනකම්
කොම්පියුටරේ ඉස්සරහා
හිටපු උන්
මේන් දැන් යන්න හදනවා
නිදිමතයිළු...

එහෙම කොහොමද
ආවේ මැරතන් දුවන්න..
රෑ අටේ ඉදන් උදේ අට වෙනකම්
ගිය එවුන් ගියාදෙන්,
ආව එවුන් ආවදෙන්,
මෙච්චරවෙලා දුවපු උන්
ඉතින් අට වෙනකම්ම ඉමු...

ඒකයි නියම SPIRIT 1
මේ වගේ දේකින් ඉගෙන ගන්න...

පිස්සුද?


මට පිස්සුද?
නැත්තම් හැටිද?
මට හිතාගන්න බෑ
ටිකක් හිතන්න

පැය කාලෙන් කාලට
බ්ලොග් පෝස්ට් ලිය ලියා...
හෙඩ් පෝන් 1 කනේ ගහගෙන
(ගෙදර එවුන්වත් නිදාගන්න ඕනේ නිසා)
මළ විකාර අහ අහ
රෑ එළි වෙනකම්
නිදිමරපු මාව දැකලා,
උදේ පාන්දරම අපේ අම්මා
තක්බීර් උනා...

අනේ අපේ පුතා
උදෙන්ම නැගිටලා කියලා
හිතලා...

ආයෙත් වතුර

සීතලේ බැරුවා...

ඇයි ඒ?
වටෙන්ම වතුර වදිනවා...
හිතාගන්නවත් බැරි විදියට
ලොකු හයියක්...

තව ටික දුරයි
හරියටම කියනවානම්
පැය 3 යි
දුවමු...
දුවලාම නතරවෙමු...
නියම සිංහල බ්ලොග්කරුවන් විදියට...

තුන්කාල

තුන්කාලක් ඉවරයි
ඉතුරු තව කාලයි
ඒ කාල ඉවර උනාම,
ඔක්කොම ඉවරයි...

ඒ කියන්නේ
මේ කාල ඉවර උනාම,
2010 බ්ලොග් මැරතනුත් ඉවරයි...

අපරාදේ,
වෙලාව යන්නේ නැතුව ඉන්න තිබ්බේ.....

ඇත්තටම අපරාදේ...

චීන උපමා කතා VIII

මසුරු මිනිසා

බොහෝ මසුරු මිනිසෙක් දවසක් වෙනත් පෙදෙසක වෙසෙනා තම නෑයින් බැලීමට සිතා මහ රෑම පයින් පිටත් විය. මෙසේ ඔහු පයින්ම ගමන යෑමට පිටත් වූයේ තම බිරිඳ සමග වාහනයකින් ගියහොත් මුදල් වැයවන නිසාය.
ගමනින් අඩක් ගෙවා අවසාන වනවිට තමා නිවසින් බැහැරව එද්දී තමන්ගේ කාමරයේ පහන පත්තුකර පැමිණි බව ඔහුට සිහිපත් විය.
"අපරාදේ තෙල් ටික පිච්චිලා නාස්තිවෙලා යනවා..." යි සිතූ ඔහු ගමන නතරකර ආපසු නිවස වෙත පැමිණ බිරිඳට කතා කළේය.
"මේ හාමිනේ, මගේ කාමරේ ලාම්පුව පත්තු වෙනවා. ඔය තෙල් ටික නාස්තිවෙන්න ඉස්සෙල්ලා ඕක නිවා දමාපන්" යි කෑගසා කීවේය. නින්දෙන් පිබිදුණ බිරිඳ දොර විවෘත කිරීමට පැමිණෙන බව ඔහුට වැටහුනි.
"නෑ නෑ දොර අරින්න ඕනේ නෑ. හැම තිස්සෙම දොර අරින්න වහන්න ගියාම යතුරු තහඩු ගෙවිලා යනවා. ඉක්මනට ගිහින් ලාම්පුව නිවහන්".
"අනේ අනේ තමුසේ වගේ මිනිහෙක්. තමුසේ ඔය විදිහට එහෙටයි මෙහෙටයි ගියාම සපත්තු 2 ගෙවිලා නාස්තිවෙලා යනවා නේද?" නිවස ඇතුලේ සිට බිරිඳ පැවසුවාය.
"හහ්.. හහ්.. හා.. තමුසේ හිතුවද මම එච්චර මෝඩයෙක් කියලා. මම ආපහු එද්දී සපත්තු දෙක ගලෝගෙන අතේ ගෙනාවේ..." ඔහු ජයග්‍රාහී ලෙස පිළිතුරු දුන්නේය..

51

වරක් මට මෙසේ සිතිණ
"ඇත්තටම 50කට යයිද?"
තව දිනක මෙසේ සිතිණ
"කොච්චර කල් යයිද?"
මෙසේත් නොසිතුනා නොවේ
"පැය කීයක් තිස්සේ ටයිප් කරන්නද"
ඒ සියල්ල අතීතයට අයත්ය...

අවසානයේ,
බ්ලොග් කෙරුවාව පටන් ගෙන
හරියටම දස මසකට පසු
"රනා"
ලිපි 50ක් ලියා ඇත.
මේ ලියැවෙන 51වන ලිපිය
ඒ සතුට සමරනු පිණිසමය....
වෙන කිසිවක් සඳහාම නොවේ....

අමාරුම ඉසව්ව ඉවරයි

වතුරත් නැතුව...
කියවන්න එකෙක්වත් නැතුව...
ලියන එකාම කියෝ කියෝ...
හිට් කවුන්ටරේ ඉබි ගමනින් දිව්ව,
බ්ලොග් මැරතන් තරගයේ
අමාරුම ඉසව්ව
දැන් ඉවරයි...

ඉතින් ලියමු
තව ටික දුරයි
තව පැයකින්
ජය කණුව පේන්න
පටන් ගනීවි
සපෝට් කරන්නන් වහීවි

ඉතින් දුවමු
අන්තිම වෙනකම්ම...

අමාරුම හරියේදීත්,
තරගය අතැර නොගිය ඔබ සැමට,
රනා ලියන බ්ලොග්
ප්‍රණාමය...

චීන උපමා කතා VII

දෙකොණ මාරු කිරීම

සුං පළාතේ වඳුරන් පුහුණු කරන්නෙක් සිටියේය. තමා කියන දෙය කිරීමට ඔහු වඳුරන්ට පුරුදු කළේය. වඳුරන් කියන දෙයද මොහුට හොදින් අවබෝද වෙයි. තම නිවසට ගෙන එන අහාරවලින් කොටසක් වඳුරන්ට දීමටද ඔහු පුරුදු වී සිටියේය.
ආහාර අහේනියක් වීම නිසා වඳුරන්ට දෙන ආහාර ස්වල්පයක් අඩු කිරීමට ඔහු කල්පනා කළේය. නමුත් දිනපතා දෙන ආහාර සලාකය අඩු කිරීමෙන් සතුන් කුපිත විය හැකි බවටද ඊළගට ඔහුට කල්පනා විය.
"මීට් පස්සේ මම උඹලාට උදේට පළතුරු ගෙඩි 3ක් දෙනවා, හවසට පළතුරු ගෙඩි 4ක් දෙනවා". ඔහු එළෙස පැවසූවිට වඳුරෝ සියලුදෙනාම එයත විරෝධය පළකරමින් කෑගසන්නට විය.
"හරි හරි මම උඹලාගේ ඉල්ලීම පිළිගන්නම්. එහෙමනම් මම උදේට පළතුරු ගෙඩි 4ක් දෙන්නම්, හවසට පළතුරු ගෙඩි 3ක් දෙන්නම්... ඒකට කැමතිද?" ඔහු වඳුරන්ගෙන් ඇසුවේය.
එයින් ඉතාමත් සතුටට පත්වූ වඳුරෝ ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

වසීලීසා...

මැරතන් තරගයේ 8 වෙනි පැය ගෙවිලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී රනා දෙනවා තවත් රනාගේ කැමතිම ගීත වලින් 1ක්. මේකත් කසුන් කල්හාරගේමයි.
බාගෙන අහලා බලන්න.

රන් වන් හිරු කිරණින්
පැහැය හොරෙන් අරන්
නුඹෙ කෙහෙරැලි මද පවනේ
නැටුවාවේ...
වසීලීසා... වසීලීසා... වසීලිසා... වසීලීසා...

ගිරි මුදුණේ හිම බින්දු දියවෙනා
උණුහුමට මිටියාවතේ
කැකුළු මල්යාය ඇහැරිලා
ජීවිතේ... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

කටු අකුලේ පැටැලී
සිනිදු දෙපාවල කටු ඇණුනා
නෙතු කඳුලින් පිරුණා
ලස්සනට යටින් පොළොවේ
ගිණියම් ලෝදිය පිරුණා
ඉඳ හිට හිත රිදුන
ජීවිතේ.... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

මෙතැනින් බාගන්න.

තරු කැටයක් වී....

තවත් රනා ආසම ගීයක්. රනා මුළින්ම මේ ගීය ඇහුවේ රනාගේ අතීත ආදරවන්තියකගේ ජංගම දුරකතනයේ Ringing Tone 1 විදියටයි. ඒ හින්දමද කොහෙද රනා මේ ගීයට ගොඩක් කැමතියි. මේ ගීතයේත් ගායකයාව විතරයි රනා දන්නේ. ඒ කසුන් කල්හාර. පද රචකයා සහ සංගීතය කාගෙද කියලා කව්රුහරි කෙනෙක් කියනවානම් ගොඩක් වටිනවා.

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා තරුව වෙලා
මේ ජීවිතේ... මේ ජීවිතේ......

මෙතනින් බාගන්න

තාමත් දුවන මැරතන්

වතුරත් නැතිව,
හිට්ස් ද නැතිව,
කතරක් මැද සිටිනවා සේ හැගෙනා
බ්ලොග් මැරතනේ...

මේ අදින්නේ
අමාරුම හරියයි...

තාමත් දුවන සැමටම ජයම වේවා...

චීන උපමා කතා VI

දේසේ සහ බාසේ

බකමූණෙක් නැගෙනහිර දෙසට පියාසර කරමින් සිටියේය.
අතර මගදී ඔහුට වටුවෙක් මුණ ගැසුනි.
"කොහෙද මේ යන්නේ" වටුවා ඇසීය.
"මම මේ නැගෙනහිරට යනවා" බකමූණා පැවසීය.
"ඇයි හදිස්සියේම නැගෙනහිරට යන්නේ?"
""මම ඉන්න පැත්තේ මිනිස්සු මගේ හඬට කැමැති නැහැ. මිනිස්සු කියන්නේ මගේ හඬ හුගාක් රළුයි කියලයි... ඒ හින්දා මම වෙන පළාතකට යනවා."
"එහෙමනම් කොහෙවත් නොගියට කමක් නෑ. ඔබ කරන්න ඕනේ ඔබේ කටහඬ වෙනස් කරගන්න එක. එහෙම නොවුනොත් නැගෙනහිරදීත් මිනිස්සු ඔබව පිළිකුල් කරාවි" යනුවෙන් වටුවා පැවසීය.

එක දවසක් හැන්දෑවක

මේකත් මම තවත් ආසම ගීතයක්. ගායනා කරන්නේනම් අතුල අධිකාරී. පද රචනය සහ සංගීතය කාගෙද කියලානම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.

එක දවසක් හැන්දෑවක
කණා මැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ දුර හිදිනාවිට
සුළන් පොදක්වත්
හැරුණු දොර පියනින් ආවානම්
සිහිනයේ සුව අරන්
නන්නාදුනනා දෑසක්
නිවී නිවී දිළිසුන මොහොතක්...

සුහද ආරාදනාවක් අරන් ඈ ඇවිත්
දොරකඩට
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාසයන් වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ...

එක දවසක් හැන්දෑවක
කණා මැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාඉන් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන

මා අසළ ලැගුම් ගනු පොරොතුව
මා තුළට මොහොතකට
එබුනානම්
පැහැදිළිව දකින්නට තිබුණා
මා තුළම... මා තුළම...
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද....

මෙතනින් ගීතය බාගන්න.

ඉවාන් පවුලූෂා

මේක රනා බොහෝම ආස කරනා ගීතයක්. සමහරවිට ඔබත් බොහෝම කැමති ඇති. අද දවසේ මැරතන් දුවන හැමෝම එක්ක බෙදාගන්න හිතුනා.

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

අප්සරා ද සිල්වා
චාරුක සුරවීර
ප්‍රියන්ත ඩිරෙක්ස්

ගීතයේ පද රචනය හා අනෙකුත් විස්තර හොයාගන්න මේ බ්ලොග් අඩවිය සෑහෙන්න උදව්වක් කලා.

මෙතනින් බාගන්න.

චීන උපමා කතා V

රන් හොරා...

එක්තරා මිනිසෙකු රත්තරන් ලබාගැනීමේ තදබල ආසාවකින් පෙලුනේය. නමුත් ඒ සදහා ඔහු සතුව මුදල් නොවිය. ඔහු දිනක් හොදින් හැද පැලදගෙන රන් අලෙවි සැලකට ගොඩවැදී කිසිදු සැකයක් හෝ බිය නොමැතිව රත්තරන් පැහැරගන්නට විය.
රන් අළෙවිසැල අයිතිකරු වහා ඔහු අල්ලාගෙන නිලදාරින්ට බාර දුන්නේය.
"මිනිස්සු මෙච්චර ඉන්න තැනක, මහ දවල් හොරකම් කරන්න හිතුවේ ඇයි?" ඔව්හු සොරාගෙන් ඇසූහ.
"මම දැක්කේ රත්තරන් විතරයි. මිනිස්සු හිටිය බවක් මම දැක්කේ නැහැ" සොරා පිළිතුරු දුන්නේය.

හරි අඩක්

තව ටික වෙලාවකින්
හරි අඩක් ඉවරයි...

පටන් ගත්ත පිරිසෙන්
හරි අඩක්වත් දුවනවාද
මට ඇත්තටම සැකයි...

කියලා ගිය අය
,
නොකියා ගිය අය,
ගිහින් ආපු අය අතරේ
අපි තවමත් දුවන්නෙමු
එක හිතින්....

අවසාන ඩොලරය ~ අවසාන කොටස

ඔබ සන්තකයේ ඇති එකම නෝට්ටුව අසරණයෙකුට දෙන්න ඔබ පෙළඹෙනවාද?
පසුගිය කොටස...


ඊළඟ දවසේ කැම් උත්තරය හොයා ගත්තා. කැම් කාර් 1 ළඟට ගියා. ඇතුළත සිටි පුද්ගලයා වීදුරුව පහත්කරලා ඔහුව හඳුන්වා දුන්නා. ඔහු කාරය තුළ දවස් 3ම ඉඳ ඇත්තේ කෑම හා මුදල් නැතුවය.

කැම් කිව්ව විදියට ඔහු ඇවිත් තියෙන්නේ ටවුමෙනුත් එහා දුර ඉඳන් රැකියාවක් හොයාගන්න. දින 3කට කළින් ආවත් ඔහුට රැකියාවක් ලැබී නැහැ.

බොහොම අකමැත්තෙන් ඔහු ඇහුවා ණයට ඩොලර් 1ක් ගන්න තියෙනවාද කියලා. බීමක්වත් බොන්න හෙට වෙනතුරු. රැකියාවක් කරලා ගත්ත ණය ගෙවන්නත් ඔහු පොරොන්දු වුණා.

"මගේ ළඟ ඔහුට දෙන්න ඩොලර් 1ක් තිබුණේ නෑ. මා ලඟ සල්ලි තිබුණේ යන්තම් පෙට්රල් ගහගෙන ගෙදර යන්න විතරයි. මගේ තත්වය ඔහුට පැහැදිලිකරලා දීලා කාර් 1 ලඟට ඇවිදගෙන ගියේ මොහුට කොහොම හරි උදව් කල යුතුයි යන සිතිවිල්ලෙන්."

කැම්ට මතක්වුනා "ග්රෑන්ඩ් ඕල්ඩ් ඔප්රි" ඩොලර් 1. ඔහු හෘද සාක්ෂියත් එක්ක බොහෝ වෙහෙසී පිළිතුරක් ලබා ගත්තා. පසුම්බිය රැගෙන ඩොලර් නෝට්ටුව එළියට ගත්තා. කහපාට රථය ලඟ ගොස් එය ඔහුට දුන්නා.

"කව්රුහරි මේකේ හැම තැනම ලියලා..." ඒ මනුස්සයා කිව්වා. නමුත් ඔහුට තේරුණේ නෑ මෙහි දුසිම් ගණන් අත්සන් තැබුණ සමරු කොළයක් බව. ඔහු එය අරගත්තා.

ඊළඟ පාන්දර ගෙදර ආවාම කැම් කළේ ඒ සිදුවූ දෙය අමතක කර දමන්න. හැමදේම වෙනස්වෙන්න පතන්ගත්තේ ඉන්පස්සේ.

ටෙලිෆෝනය නාදවුනා. ශබ්දාගාරයට කැම්ව අවශ්‍ය වෙලා. වෙළද දැන්වීමකට ඩොලර් 500ක් ගෙවන්න ඔවුන් පොරොන්දු වුනා. ඊළඟ දවස් කීපයේදීම ඔය වගේ අවස්ථාවන් කීපයක්ම කැම්ට උදාවුනා. බොහොම ඉක්මනින්ම කැම් දෙපයින් සිටගත්තා.

ඕකයි කැම්ගේ කතාව. දැන් ඔවුන්ට දියණියකුත් ඉන්නවා ජොෂුවා කියලා. කැම් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒවගේම නගරයේ හොඳ ගෙයකුත් හැදුවා. මේ සේරම වුනේ එදා උදේ රථ නැවතුම්පොළේ පුද්ගලයාට අවසන් ඩොලරය දුන්නාට පසුවයි.

කැමරොන්ට නැවත කිසිදා එම පුද්ගලයාවත්, එම වාහනයවත් හමුවී නැහැ. සමහර වෙලාවට කැම් පුදුම වෙනවා ඒ හිඟන්නෙක්ද නැත්තම් දේව දූතයෙක්ද කියලා.

කෙසේ වෙතත් එය විභාගයක්නම් කැම් එයින් සමත්.

පහන් නවරත්න
මුතුහර
1995 ඔක්තෝම්බර්

මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 1995 ඔක්තෝම්බර් මස මුතුහර සගරාවෙනි.

අවසාන ඩොලරය

ඔබ සන්තකයේ ඇති එකම නෝට්ටුව අසරණයෙකුට දෙන්න ඔබ පෙළඹෙනවාද?

කැමරන් මොන්ග් හා මම තරුණ වියේ සිටම හොඳ මිතුරන්. ඒ වගේම අපි දෙන්න සංගීතයට ප්‍රිය කළා. ද්විතීය අධ්‍යාපනය හමාර වූ පසුව කැම් ප්‍රියසාදවල සංගීතය සපයන්නෙක් වූයේ ඒ නිසයි.

මෑතකදී ඔහු මට පැවසුවා ඔහු සතුව තිබූ අන්තිම ඩොලරයත් ගිලිහුණු කතාව. එදින ඔහුගේ වාසනාවත් ජීවිතයත් වෙනස්වූ බවයි ඔහු මට කිව්වේ.

මේ කතාව පටන් අරන් තියෙන්නේ 1970වේ මුල් හරියේ. ඒ කාලයේ කැම් නිවේදකයෙක් වගේම සංගීතය සපයන්නෙක් ලෙස ටෙක්සාස්වල හොඳ කීර්තියක් අත්කරගෙන හිටියා. විවිද රටවල ජන ගී ගායනා ශිල්පීනුත් හමුවන්න ඔහුට අවස්ථාව ලැබුනා. ඒ වගේම ඔහු සමාගමට අයත් අහස් යානයෙන් එහි ප්‍රධානියා සමග නාෂ්විල් යෑමටත් ඔහු ඉතා ප්‍රිය කළා.

එක් රාත්රියක නාෂ්විල්හි රයිමන් ශ්‍රවනාගාරයේ පැවතුණු "ග්රෑන්ඩ් ඕල්ඩ් ඔප්රි" හි අවසාන දර්ශනය රඟ දැක්වූවා. එම කණ්ඩායම නැවත ඇමරිකාවේ ඔප්රිලන්ඩ් වලට යාමට පෙර දැන ඇඳින ගැනීම පිණිස වේදිකාව පිටුපසට සියළු ඔප්රි නළු නිළියන්ටත් ආරාධනා කළා.
"මා ලඟ කිසිම කොලයක්වත් තිබුනේ නෑ සමරු පොතක් ලෙස පාවිච්චි කරන්න. ඉතින් මම ගත්තේ ඩොලර් නෝට්ටුවක්..." කැම් කීවා. රැය ගෙවෙන්නට කලින් කැම් සැබැවින්ම ඔප්රිහි සිටි සෑම කෙනෙකුගේම අත්සන ලබාගත්තා.

"මම එම ඩොලරය ආරක්ෂා කළා වගේම හැම තැනමත් රැගෙන ගියා. මම හිතුවා එය හැම තැනටම වටිනා දෙයක් කියලා..." කැම් කිව්වා.

ඉන්පසුව කාර්යාලය විකුණන්න දැම්මා. බොහෝදෙනෙකුට එයින් රැකියාව නැතිවුනා. කැම් අර්ධකාලීන රැකියාවක් ලබාගත්තා. ඉන්පසු කැම් තීරණය කළා හැකිතරම් කාලයක් එහි රැඳී සිටින්නට.

1976-77 කාලයේ සීත සෘතුව බොහෝම දැඩිව පැවතුනා. කැම්ගේ පරණ කාරයේ ඇති හීටරය එය තිබීමට සාධකයක් පමණයි. සීතලවත් හිමවත් මඟහැරීමට කිසිම අංගයක් එහි තිබුණේ නැහැ.

ජීවිතය බොහෝ දුෂ්කර වුනා. සුපිරි වෙළදසැළක සිටි මිතුරෙක් සාංකාව බාධාකරමින් කැම්ව සහ බිරිදව පරණ කාලේ රෑ කෑමකට එක්ක යනවා. එයින් කැම්ගේත් බිරිදගේත් බඩගින්න නිවුනත් ජීවත් වෙන්න ඔවුන්ට සල්ලි තිබුනේ නෑ.

එක් උදෑසනක කැම් රේඩියෝ ස්ටේෂමෙන් පිටත්ව යනවිට දැක්කා තරුණයෙන් කහ පාට පැරණි රථයක් තුළ ඉඳගෙන රථ නැවතුම් පොළේ සිටිනවා. කැම් ඔහුට අතවනමින්ම රිය පදවාගෙන ගියා. නැවත රාත්රියේ වැඩට එනවිටත් ඔහු එතන. දින 2කට පසුව ඔහුට වැටහුනා මේ රථය නොසෙල්වී මෙහිම රැඳෙන්නක් බව. ඇතුළත සිටින පුද්ගලයා ඔහු යන එන සෑම විටකම කාරුණිකව අත වනනවා. මේ මනුස්සයා හිම මුසුවන මේ තරම් තද සීතලේ දවස් 3ක් තිස්සේ කාර් 1 ඇතුළේ මොනවා කරනවාද?

එතැන් සිට ඊළඟ ලිපියෙන් කියවමු...

අමාරුම ඉසව්ව


බ්ලොග් මැරතන් තරඟය පටන් අරගෙන දැනට පැය 5ක් ගෙවිලා ගිහින් තියෙනවා. හරියටම කියනවානම් මැරතන් තරඟයේ අමාරුම හරිය තමා දැන් යන්නේ. තව පැය 4ක් කොහොම හරි ඇදගත්තොත් ලේසියෙන්ම අවසාන පැය කීපය ගෙවා දමන්න පුළුවන්. තරඟයේ යෙදී සිටිනා සියළුම බ්ලොග් සහෘදයන්ට ඉදිරි පැය 4 පහසුවෙන් ගෙවාගන්න ලැබේවා කියා පතනවා. බොහෝ විට ඔය පැය 4 ඇතුළත වතුර සපෝට් ගොඩාක් අඩුවෙයි. ඒත්... අපි තාමත් තරඟයේ. නොනැවතී දුවමු. මේ අපි ගෙවන්නේ තරඟයේ අමාරුම ඉසව්වයි.

ඔබ සැමට ජය...

වැඩවල හැටි

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ලින්ඩන් බී ජොන්සන් හදිසියේම ධවල මන්දිරයේ එක් එක් කාර්යාලවලට කඩාවැදී එහි සේවය කරන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පිළිබදව සොයා බැලීමට පුරුදුව සිටියේය.
දිනක් ජනාධිපති ජොන්සන් හදිසියේ ධවල මන්දිරයේ ප්‍රවෘත්ති උප ලේකම් මැල්කම් ක්ලිඩෆ්ගේ කාර්යාලයට කඩා වැදුණි. මැල්කම්ගේ මේසය මත එකම කඩදාසියක්වත් නොවීය.
හිස් මේසය දුටු ජොන්සන් "මැල්කම් තමුසෙගේ ඔළුවත් මේ මේසේ වගේම හිස් නැතුව ඇතැයි මම හිතනවා" පවසමින් කාර්යාලයෙන් පිටවිය.
නැවත දිනක ජොන්සන් හදිසියේම පැමිණීමට ඉඩ ඇතැයි සිතූ මැල්කම් තම ලියන මේසය පුරා පොත් පත්, ලිපි ආදිය පුරවාගෙන රාජකාරි කිරීමට පටන් ගත්තේය. මැල්කම් ක්ලිඩෆ් සිතා සිටි ආකාරයටම ජනාධිපතිවරයා නැවතත් මැල්කම්ගේ කාර්යාලයට පැමිණියේය.
මේසය පුරා විසිරී ඇති ලිපි ලේඛන දුටු ජනාධිපතිවරයා ගත් කටටම මෙසේ පැවසීය.
"මට පේන විදියට තමුසේ ඔක්කොම වැඩ ගොඩගහගෙන වගේ..."

චීන උපමා කතා IV

චීන උපමා කතා සදහා ඉතා හොද ඉල්ලුමක් 2010 බ්ලොග් මැරතන් තරගයේදී දක්නට ඇති නිසා තවත් උපමා කතා කීපයක්ම පළ කිරීමට අදහස් කළෙමි. ඉන් පළමුවැන්නයි මේ...

වෙළද ගැට

චූ පළාතේ පළිහ සහ හෙල්ල අලෙවි කරන එළෙන්දෙක් විය.

"මගේ මේ පළිහ බොහොම ශක්තිමත්. මොනම ආයුධයකින් ඇන්නත් එය සිදුරු කරන්නට බැහැ. ඊට දෙවෙනි නැහැ හෙල්ලය. හරිම මුවහත්. මේකෙන් ඇනලා සිදුරු කරන්න බැරි මොකවත් නැහැ." වෙළෙන්දා තමන් අළෙවි කරනා භාණ්ඩ ගැන විස්තරයක් කළේය.

"එතකොට උබේම පළිහකට උබේම හෙල්ලකින් ඇන්නොත් මොකද වෙන්නේ?" එය අසා සිටි කෙනෙක් ඇසුවේය.

එයට පිළිතුරු නුදුන් වෙළෙන්දා එය නෑසුන ලෙස සිටියේය.

වාහනේ

එක්තරා සැදෑවක නගරයේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරියට පැමිණි පැරණි මෝටර් රථයකි. එහි වහලේ වූ කැන්වස් රෙද්ද තැනින් තැන ඉරී තිබූ අතර යකඩින් තැනූ කොටස් දිරා මළකඩ කා තිබුණි. මූඩියක් නොතිබුණ රේඩියේටරයෙන් දුම්රියකමෙන් දුම් පිටවෙමින් තිබුණි. හෝටලය අසළ සිටි තරුණයෙක් ඇමතූ රථ හිමියා මෙසේ ඇසීය.
"මල්ලී, මම ටෙලිෆෝන් කෝල් 1ක් ගන්නකම් මේක පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද?"
තරුණයා ඊට එකඟ වූ අතර රථයේ අයිතිකරුවා විනාඩි කීපයකට පසුව නැවත ආවේය.
"මල්ලිට වාහනේ බලාගත්තාට කීයද?"
"රුපියල් 1000යි"
තරුණයා පිළිතුරු දුන්නේය.
"හැහ්... මේක මහා මංකොල්ලයක්නේ. විනාඩි 5ක් වාහනේ බලාගන්න රුපියල් 1000ක් ඉල්ලනවානේ..."
රථයේ අයිතිකරු අවට සිටියවුන්ට ඇහෙන්නත් එක්කම කීවෙය.
තරුණයාද නිකම් හිටියේ නැත. හැමෝම පෙන්වමින් ඔහු මෙසේ කීවේය.
"වාහනේ බලාගත්තාට මට සතයක්වත් එපා. රුපියල් 1000 මම විඳපු අපහාසෙට. දැක්ක දැක්ක එකා හිතුවේ මේ කබල මගේ කියලා..."

සුබ දවසක්

පැය 12න්
පැය 4ක්
දැනටම ඉවරයි
දුවනා උන්ට වඩා
හැළුන උන් වැඩි වග
සිතේ...
දැනේ...
ඉදිරියටම යමු,
අවසානය දක්වාම...
මැරතන් දුවනා බ්ලොග් සහෘදයිනි
වතුර බෙදන හිතවතුනි
ඔබ සැමට
සුබ දවසක්.....

Saturday, April 24, 2010

වතුර

මීට බොහෝ කළකට පෙර
බැලීමි රූපවාහිනී වැඩසටහනක්
එහි නම "අල" විය...
පෙන්වීය එහි එක් නාටකයක්,
අවුරුදු උත්සවේක මැරතන් තරගයක්
එකෙක් තරඟෙට දුවයි...
වතුර ගසමින්
දෙදෙනෙක් මොටෝ සයිකලයක යයි...
වට 3කින් පසු,
තරඟකරු තවමත් දුවයි...
වතුරකරුවන් හති වැටී වැටෙයි...
දැන් යන හැටියට
මේකත් එහෙමදෝයි සිතෙයි....

චීන උපමා කතා III

නොනිමි වෑයම

දකුණු චීනයේ එක්තරා ගමක යූ සුන් නම් මහලු මිනිසෙකු වාසය කළේය. ඔහුගේ නිවස ඉදිරිපිට සුවිසල් ගල් පර්වතයක් විය. මෙම මහලු මිනිසා ගල් කටුවක් සහ මිටියක් ගෙන සෑම දිනයකම මෙම ගල් පර්වතය කඩමින් සිටිනු ඒ අසල පාරේ ගමන් කරන්නවුන්ට නිතරම පෙනෙයි.
"අනේ නාකි මනුස්සයෝ, බැරි බැරි ගානේ උඹ ඔය මහා ගල්කන්ද කවදා කඩලා ඉවර කරන්නද? ඔය මෝඩ වැඩේ අතහැරලා දාපන්" පාරේ යන එන අය ඔහුට කීහ. එය පයිසෙකටවත් ගණන් නොගත් යූ සුන් නොනවත්වාම දිනපතාම ගල ටික ටික කැඩුවේය.
"අනේ නාකි මනුස්සයෝ ඕක අතෑරලා දාපන්. උඹට කවදාවත් ඔය වැඩේ කරන්න බැහැ" මග තොට යන එන අය පැවසූහ.
"ඔව්, මට බැරිඋනොත් මගේ පුත්තු ඔය ගල කඩාවි. පුතාලට බැරි උනොත් මුණුපුරාලා කඩාවි... ගල ටිකක් ලොකුයි තමයි. ඒත් අපේ පරම්පරාව බෝ වෙන ඉක්මනට මේ ගල ලියලන්නේ නැති බව මට විශ්වාසයි" යූ සුන් කීය.

ලස්සන

හමුදා කඳවුරක් අසළ වූ තැපැල් කාර්යාලයකට කෝප්‍රල්වරයෙකු සමග ගොඩවැදුනු හමුදා මේජර්වරයෙකු එහි සිටි තරුණ ස්ථානාධිපතිනිය දැක ඇයගේ අවදානය දිනාගනු සඳහා ඔහුගේ ගාම්භීරත්වය දැක්වීමට උත්සාහ කළේය.
"අයිසේ කෝප්‍රල්, මේ මිස් හරිම ලස්සනයි නේද?"
"ඔව් සර්, මම ඒකට එකඟයි. ඒ නිසාමයි මම එයාව කසාද බැන්දෙත්..."

මැරතන් සින්ඩිය හෙමින් ඇයි

ටික වේලාවකසිට
මෙය දැනුනි මා හට
මැරතන් දුවන අපේ සින්ඩිය
ටිකක් විතර ස්ලෝ වී ඇත.....
අපිට වගේ වතුර නැති නිසා
සර්වර් 1ට හතිද?
ඇඩ්මින්වරුනි,
මේ ඔබේ අවධානය පිණිසයි!!!!

අනේ මන්දා

හිතුවා හරියටම හරිය...
නැවතත් දෙපැත්ත ගිනිගෙන ඇත...
එකෙක් එකක් කියයි...
අනිකා උත්තර බඳියි....
ඔය අතරේ,
ගිනිගත්ත රැවුලෙන්
සුරුට්ටු පත්තු කරනා අමනයින්ද සිටී...
එළිවෙන්න තව බෝ දුරයි,
තව දුර අපි යා යුතුයි,
එය හිතේ තබාගෙන,
මැරතන් දිව්වොත් හොඳයි.....

පවට ඇබ්බැහිවිම

වසර ගණනාවක දුෂ්කර සේවයෙන් පසු පැවැති උත්සවයකදී පැරණි මිතුරෙකු වූ පූජකයින් සිව්දෙනෙකු මුණ ගැසුනි.
"ඔයාලට කිව්වම මොකද මම ලොකු පවකට ඇබ්බැහිවෙලා ඉන්නේ. මම දැන් සූදුවට වැටිලා ඉන්නේ..." එක් පූජකයෙක් කිව්වා.
"මමත් එහෙම්මමයි. මට දැන් මැත්පැන් නැතුවම බෑ." දෙවැනි පූජකයත් කිව්වා.
"මට තියෙන්නේ ඊටත් වඩා නරක පුරුද්දක්. මට පූජාස්තානයට එන බැඳපු ගෑනු පෙන්නන්න බෑ. කොහොමහරි යාළු කරගන්නවා..." තෙවැනි පූජකයාත් පැවසුවා.
සිව්වැනි පූජකයා නිහඩව සිටිනු දුටු අනිත් පූජකයින්ට එය මහත් ගැටළුක් වුනා.
"ඔබ නිහඩවම ඉන්නේ ඔබ අතින් පවක් නොකෙරෙන නිසාද?" අනිත් අය ඇහුවා.
"නෑ... නෑ... මගේ ලොකුම දුර්වලකම අනුන්ගේ ඕපදූප තැන් තැන්වල කිය කිය ඇවිදින එක. මට දැන් මෙතැනින් පිටවෙලා යනකම් ඉවසුමක් නෑ..." යි අවසාන පූජකයා පැවසුවා.

පොලිස් බල්ලා

මොන ජාතියේ බල්ලෙක්ද ඕකා...?
මූ පොලිස් බල්ලෙක්...
එහෙම පාටක් පේන්න නැහැනේ...
මූ රහස් පොලීසියේ...

තවත් චීන උපමා කතාවක්...

පාවහන් මිම්ම

චෙන්ග් පළාතේ එක මිනිහෙකුට පාවහන් යුවලක් මිලදී ගැනීමට අවැසි විය. ඔහු ඒ සදහා තම දෙපයේ මිම්ම ගත්තේය. එහෙත් ඔහුට සපත්තු ගන්නට නගරයට යනවිට අර මිම්ම ගෙන යෑමට අමතක විය. එය සිහිපත් වූයේ නගරයේ සපත්තු සාප්පුවට ඇතුළත් වූ පසුය.
"චැහ්, මිම්ම ගේන්න අමතක උනානේ. මම ඒක අරගෙන එන්නම්". ඔහු ආපසු සිය නිවස වෙත ගියේය.
පෙරළා නිවසට ගොස් මිම්ම ගෙන එන විට සාප්පුව වසා තිබුණි.
මේ බව දුටු එක් මිනිසෙක් "ඔබ සාප්පුවට ගොස් පාවහන් පයේලාගෙන හරි නොයන වග බැලුවේ නැත්තේ ඇයි" යනුවෙන් ඇසීය.
"මම මා ගැන විශ්වාසය තබනවාට වඩා මගේ මිම්ම ගැන විශ්වාසය තබන්නට කැමතියි" ඔහු පැවසීය.

චීන උපමා කතා I

ලෝක ශිෂ්ඨාචාරයේ චීනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. චීන ජාතිකයින් සතුව ඈත අතීතයේ සිටම රැගෙන ආ දියුණු ජන සාහිත්‍යයක්ද විය.
චීන ජන සාහිත්‍යයෙහි උපමා කතාවලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. පැරණි චීන ජන සාහිත්‍යකරුවා ජීවිතය දෙස බැලුවේ කිසියම් ගැඹුරකින් මෙන්ම උපේක්ෂා සහගත හැගීමකින්ද යුතුවය. චීන සාහිත්‍ය කෘතීන් බොහොමයක කිසියම් ගැඹුරු අරුතක් ස්වනිත කරවන ජීවන දර්ශනයක් විදහා දැක්වෙන්නේ එම නිසාය.

හාස්‍යය මුසුවූ උපහාසය චීන උපමා කතාවල අනිවාර්ය අංගයක් විය. මෙනිසාම සමාජ අසාධාරණයන් හා සමාජ විෂමතාවයන් කෙරෙහි මෙන්ම ඒවා ජනිත කරවන පුද්ගලයන් සහ ආයතන කෙරෙහිද කෝපයෙන් ද්වේශයෙන් නොව හාස්‍යය මුසුවූ උපහාසයෙන් බැලීමට චීන උපමා කතාකරුවාට හැකිවිය.

තමාගේ බහුශ්‍රැත බවත්, වාග් චතූර්යයත් කතිකත්වයත් උපමා කතාවලින් පැවසූ සාහිත්‍යකරුවන් අතරින් ලෙයි ට් සූ චූ, ටෙක්ට්සු තුන්, පිට්සු ලූ පුවේ, ලාඩට්සේ, සින්පාට් ආදීන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

අන්තිම පාඩම

චාන්ග් චුන්ග් අසනීප වී සිටින බව ලාඕට්සේට දැනගැනීමට ලැබුණි. ඔහු තම ගුරුවරයා බැලීමට ගියේය. ගුරුවරයා ජීවිතයේ අවසානයට සමීපව ඇතිබව දැනගත් සිසුවා තම ගුරුවරයා මියැදෙන්නට පෙර අන්තිම අවවාදයක් ලබන්නට සිතා යහන අසලට සමීප වී "ගුරුතුමානනි, ඔබගේ කීකරු ශිෂ්‍යයා පැමිණ සිටී. ඔහුට අවසාන වශයෙන් දෙන අවවාදය කුමක්ද?" යි ඇසීය.

චාන්ග් චුන්ග් හිස ඔසවා ලාඕට්සේ හඳුනාගෙන මෙසේ ඇසීය.

"කෙනෙක් තම පැරණි ගමට එනවිට රථයෙන් බැසිය යුතුයැයි සිරිතක් පවතී. එහි තේරුම මොකක්ද?"

"එම සිරිතෙන් අපි අදහස් කරන්නේ තම උත්පත්තිය අමතක නොකළයුතු බව නොවේද?"

"ඔබ නිවැරදියි. එසේනම් කිසිවෙක් උස් ගසක් යටින් යද්දී දිවිය යුතුයැයි යන පැරණි කියමනෙන් කුමක් අදහස් කරන්නේද?"

"එයින් කියැවෙන්නේ අප වැඩිහිටියන්ට ගරු කළයුතු බවයි."

"දෙවෙනි වරටත් ඔබ නිවැරදිය. දැන් මගේ දිව තිබේදැයි බලන්න", චාන්ග් චුන්ග් තම මුව විවර කොට ලාඕට්සේට දැක්වීය.

"එසේය තිබේ"

"දත් තිබේද?"

"නැත"

"දිව තිබියදී දත් පමණක් වැටෙන්නට හේතුව කුමක්දැයි කිව හැකිද?"

"දිව වැඩි කාලයක් පවතින්නේ එය මුදු නිසාය. දත් ඉක්මනින් වැටෙන්නේ ඒවා තද නිසාය"

චාන්ග් චුන්ග් තෙවන වරටත් තම ගෝලයා ගැන සතුටු විය. ඔහුගේ අතගෙන, "ඔබ දැන් ලෝකය පිළිබදව හැම ප්‍රතිපත්තියක්ම දනී. එබැවින් අලුතින් ඉගැන්වියයුතු යමක් නැත" යි කීය.

Terminal සංගීතය

රනා දැන් ගොඩ කාලෙක ඉදලා පාවිච්චි කරන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් කියලා "රනා ලියන බ්ලොග්" කියෝන හැමෝම වගේ දන්නවා. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක තියෙන බල සම්පන්නම මෙවලමක් එහෙමත් නැත්තම් තේරෙන හිංගලෙන් කියනවානම් tool 1ක් තමා Terminal 1. එහෙමත් නැත්තම් "අග්‍රය". ලිනක්ස් මතදී Terminal 1න් නොකරන්න බැරි දෙයක් තියෙනවානම් ඒ බොහෝම පොඩ්ඩක් වෙන්න ඕනෙ. දැන් මේ කතා කරන්න යන්නේ කොහොමද Terminal 1 විතරක් පාවිච්චි කරලා සංගීතය රස විඳින්නේ කියලයි.

මුලින්ම අපිට මේ සදහා පොඩි මුදුකාංගයක් පිහිටුවාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ මුදුකාංගය තමා "mpg321". මතක තියාගන්න මේකෙන් අපිට අහන්න පුළුවන් වෙන්නේ mp3 විතරයි. ගොඩක් ලිනක්ස් බෙදාහැරීම්වල (උබුන්ටු, ෆෙඩෝරා) මේ මුදුකාංගය පෙරනිමියෙන්ම එන්නේ නෑ. හැබැයි ඒවාගේ repositories වලින් කෙළින්ම පිහිටුවාගන්නට පුළුවන්.

මුදුකාංගය පිහිටුවාගන්නේ මෙහෙමයි.

Terminal 1 open කරගන්න.

මුලින්ම root වෙලා හිටියානම් ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
sudo bash කියලා ටයිප් කරලා එන්ටර් කළාම ඔබේ මුර පදය අහයි. ඒක දුන්නම දැන් ඉදලා ඔයා තමා root.

දැන් මුදුකාංගය පිහිටුවමු.

උබුන්ටු හෝ වෙනත් ඩේබියන් නිපැයුමක
apt-get install mpg321

Red Hat, CentOS සහ ෆෙඩෝරා සදහා
yum install mpg321



දැන් වැඩේ හරි. දැන් කරන්න තියෙන්නේ අපේ කොම්පියුටරයේ mp3 ගොනු තියෙන තැනකට යන්න. උදාහරණයක් විදියට මගේ කොම්පියුටරේ mp3 ගොනු තියෙන්නේ
/home/rana/සංගීත/Audio/Sinhala Songs කියන තැන.

එතැනට යමු මෙහෙම.
cd /home/rana/සංගීත/Audio/Sinhala\ Songs



දැන් තියෙන්නේ හිතේ හැටියට සංගීතය රස විඳින 1යි. ඒකට පාවිච්චි කරන්නේ mpg123 කියන command 1.

mpg123 (කැමති සංගීත කණ්ඩයේ නම).mp3



බලන්නකෝ ඇහෙන ලස්සන...

මේ විදියට තනි තනිව වගේම සංගීත කණ්ඩ කීපයක්ම එකපාර අහන්න, තේරෙන හිංගලෙන්නම් Play List 1ක් Play කරවන්නේ මෙහෙමයි.

මුළින්ම අපි Play List 1ක් හදාගමු. ඒක Text File 1ක් විදියට තමා හදාගන්න ඕනේ.

ඔබ කැමති Text Editor 1කින් හදාගන්න. මම පාවිච්චි කරන්නේ gedit.
ඊට පස්සේ ඒකට ඔබ කැමති සංගීත ගොනු එකතු කරගන්න. ඊට පස්සේ ඒ Text File 1 කැමති තැනක save කරන්න. මතක තියාගන්න මේ Text File 1 save කරද්දී File Extension 1 විදියට දෙන්නේ ".lst".
උදාහරණයකින් පෙන්නුවොත්

ගී.lst







ඔබේ mp3 ගොනු තියෙන Folder 1මනම් ගොඩක් හොදයි. වෙන තැනක උනත් කිසිම අවුලක් නෑ.

දැන් තියෙන්නේ mpg123 command 1න් අපේ Play List 1 ලෝඩ් කරලා ඉතුරු ටික කරන්න Terminal 1ට බාරදෙන්නයි.
ඒක මෙහෙම කරමු.

mpg123 --list ගී.lst





දැන් ඉතින් හිතේ හැටියට අහගෙන ඉන්නයි තියෙන්නේ.

මෙහෙම Terminal 1න් සංගීතය රස විඳින 1 තියෙන වැදගත්කම මොකක්ද?
අපි ගොඩක් වෙලාවට සංගීතය රස විඳින්න පාවිච්චි කරන්නේ GUI players. නමුත් සමහර අවස්ථාවලදී මේ GUI players සදහා වැඩි සම්පත් ප්‍රමාණයක් කොම්පියුටරයෙන් ලබාගන්නවා. ඒක නතර කරන්න පුළුවන් හොදම විදියක් තමා මේ Terminal mp3 player 1. සාමාන්‍යයෙන් නිතරම වගේ Terminal 1 open කරගෙන ඉන්න කෙනෙක්ට ඒකෙම තවත් පටිත්තක් (tab) විවෘත කරගැනීම මඟින් තමන්ට කැමති සංගීතය රසවිදීමට හැකියි.
ඊළග වැදගත්ම අවස්තාව තමා තනිකරම Terminal 1න් වැඩකරන වෙලාවට සංගීතය රසවිදින්න පුළුවන් වීම. උදාහරණයක් විදියට මේ දවස්වල රනා පාවිච්චි කරන සමහර මුදුකාංග ලේසියෙන් වැඩකරවගන්න ඕනේ නිසා රනා කොම්පියුටරේට ලොග් වෙන්නෙම Terminal 1න්. ඉතින් ඒ වගේ වෙලාවට සින්දුවක් කාරිය අහගෙන ඉන්න තියෙනවානම් මොන සැපක්ද නේද?

අද මැරතන් 1 අතරතුරේදී රනා ආසම කරන පරණ (90 ගණන්වල) ගීත ටිකක් කට්ටිය එක්ක බෙදා හදා ගන්නයි රනාගේ බලාපොරොත්තුව. මැරතන් දුවන ලිනක්ස්කාරයෝ ඉන්නවානම් මේ විදියට ඒ ටික අහන්න try 1ක් දෙමු.

එහෙනම් කට්ටියටම ජය වේවා...

පෙනීම

උපතින්ම අන්ධ ඌරු මීයෙක් තම මවට තමන්ගේ ඇස් පෙනෙන බව කීවේය.
තම පැටියා බොරු කියනවායැයි සිතූ ඌරු මීයාගේ මව ඌ ඉදිරියෙන් කේජු කෑල්ලක් තැබුවාය.
"මේ මොනවාද?" ඌරු මීයාගේ මව ඇසුවාය.
"ගලක් නේ..."
"උඹට දැන් ඇස් නොපෙනෙන එක විතරක් නෙමේ... උඹේ ඉව ඇල්ලීමේ හැකියාවත් නැතිවෙලා..." මව කීවාය.

බිහිරි චර්චිල්

බ්‍රිතාන්‍යයේ කීර්තිමත්ම අගමැතිවරයෙකු වූ සර් වින්ස්ටන් චර්චිල් එම ධූරයේ කටයුතුකරනා විට අසූහතර හැවිරිදි මහල්ලෙකු විය. මේ නිසා ඔහුගේ කන් ඇසීම අඩුවී තිබුණි. මේ නිසා එම අඩුව සපුරා ගැනීමට ඔහු ශ්‍රවනාධාර යන්ත්රයක් පැළද සිටියේය. නියෝජිත මන්තිරි මණ්ඩලයේ සමහර සැසිවාරවලදී මෙම ශ්‍රවනාධාර යන්ත්රයේ ස්විචය ක්‍රියා විරහිත කර තිබීම ඔහුගේ පුරුද්ද විය. බොහෝවිට ඔහු මෙසේ කළේ පුටුවකට හේත්තු වී පුංචි නින්දක් ලබා ගැනීම සඳහාය. ඔහුගේ එම සිරිත පාර්ලිමේන්තුවේ සියලුම මන්තිරිවරු දැන සිටියහ.
දවසක් චර්චිල් මෙලෙස පුටුවකට හේත්තු වී දෙනෙත් වසාගෙන හිටියේය. ඔහුගේ පිටුපස සිටි මන්තිරිවරු දෙදෙනෙකු මෙය දුටුවෝය. ඔවුන් දෙදෙනා සිතුවේ වින්ස්ටන් චර්චිල් ශ්‍රවනාධාර යන්ත්රයේ ස්විචය ක්‍රියා විරහිත කර ඇති බවකි.
"මිනිහා දැන් මේ වැඩවලට හරි නැහැ. අයිසෙ මිනිහගේ වයස පැනලා, මිනිහා දැන් පැන්ෂන් ගන්න ඕනේ..." දෙදෙනා කීහ.
අවාසනාවකට මෙන් චර්චිල් ශ්‍රවනාධාර යන්ත්රය ක්‍රියා විරහිත කර ත්බුණේ නැත. එක්වරම මන්තිරිවරු දෙදෙනා දෙසට හැරුන චර්චිල් මෙසේ කීය.
"ඒක ඇත්ත. මිනිහාට දැන් කන් ඇහෙනවත් අඩුයිනේ...."

කෝට් 1

තරුණ ඒබ්‍රහම් ලින්කන් ඉලිනොයිස්හි නීතීඥයෙකුව සිටියදී තමන් සඳහාම අශ්වයෙකු තබා ගැනීමට තරම් වත්කමක් නොවීය. එමනිසා ඔහු සෑම තැනකම ගියේ පා ගමනිනි.ඔහු දිනක් මෙලෙස යනවිට අශ්වරථයක යන පුද්ගලයෙකු දැක එය නැවැත්වීය.
"කරුණාකරලා ඔබට පුලුවන්ද මගේ මේ ඕවර්කෝට් 1 නගරයට අරන් යන්න..." ලින්කන් ඇසීය.
"ඇත්තෙන්ම පුලුවන්. ඒත් ඔබ කොහොමද ඒක ආපසු අරගන්නේ..." රියදුරා විමසීය.
"ඒක සුළු දෙයක්නේ. මම කෝට් 1 ඇතුලට වෙලා ඉන්නම්කෝ..." ලින්කන් පිළිතුරු දුනි.

තට්ටයේ මහිමය II

තට්ටයේ මහිමයේ මුල් කොටස කියවූ ඔබට මෙන්න එම ලිපියේ දෙවන කොටස.

තට්ට හිසෙන් ඔබට වෙන අවාසි.

1. ඔබේ දෙකන් ඔබට නොගැලපෙයි නම් ඒවා වසාගැනීම අසීරුය.
2. ඔබේ හිස කැසීමට සිදුවෙනවායැයි සිතන්න. එවිට නොදැනුවත්වම ඔබ තට්ටය කසන බැවින් පිටතට ඔබව පෙනෙන්නේ විහිලු කාරයෙක් ලෙසය.


ඔබට සිදුවෙන වාසි.

1. යමෙක් හදිසියේම ඔබව හමුවීමට පැමිණියහොත් ඔබට කිරීමට ඇත්තේ ටයි පටිය සැකසීම පමණි.
2. එය ඉතා පිරිසිදුය. අනලස්ය.

අප නිතරම තට්ට හිසැති ව්‍යාපාරිකයින් ගැන සිතුවත් ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට යෑමට අදහස් කරන පිරිමින් තට්ටය පෑදීම වළක්වා ගැනීම නුවණට හුරුය. මීට කදිම නිදසුනක් වන්නේ උතුරු කැරොලිනාවේ වෙළද සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා මුඩු හිසැති සේවා නිලධාරීන්ට බොරු කොණ්ඩා පැළදීමට අණ කිරීමයි. මින්පසු සිදුවූයේ සිතාගැනීමටත් අසීරු දෙයකි. එනම්, වෙළදාම අපේක්ෂා නොකළ ලෙසට වැඩිවීමය.

තට්ටය පෑදීම වළක්වාගැනීමට ක්‍රමයක් තිබේද? බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ එකී ප්‍රශ්නයට කෙළින්ම පිළිතුරු සපයා ඇත. තට්ටය පෑදීම වැළැක්වීමට කිසිදු ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් නොමැත. එම පිළිතුර කෙසේවෙතත් විවිධ කාලවල විවිධ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගෙන ඇත.

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ තට්ටය පෑදීමට පටන් ගත්තේ වයස 23 දීය. වරක් ඔහු රුසියාවේ සාර් රජු මුණගැසුනේ යුරෝපයේ අනාගතය පිළිබදව සාකච්චා කිරීමටය. නායකයින් දෙදෙනාගේ මෙම සාකච්චාව කෙළවර වූයේ තට්ටය පෑදීම වැළැක්වීමට නවතම ඖෂධ ගැන කතාවකිනි. වසර 4000ක් පැරණි ඊජිත්තු බෙහෙත් වට්ටෝරුවක තට්ටය පෑදීම වළක්වාගන්නා ඖෂධය සාදාගන්නේ මෙසේය.
සිංහයෙකුගේ, හිපපොටේමසෙකුගේ, කිඹුලෙකුගේ, පාත්තයෙකුගේ, නරයෙකුගේ හා එලුවෙකුගේ මේද පටක මිශ්‍ර කිරීමෙනි.
තවත් ප්‍රතිකාර ක්‍රමයක් නම්, බල්ලෙකුගේ ගාත්, රට ඉඳි හා බූරුවෙකුගේ කුර මිශ්‍ර කර සාදාගත් ඖෂධ හිසේ ගැල්වීමයි.

හිප්‍රොක්‍රටීස් මුඩු හිසැයි වෛද්‍යයවරයෙක් විය. ලිලී හෝ රෝස මලේ සාරය ඕපියම් සමග මිශ්‍ර කර, එය වයින් අමු ඔලිව් තෙල් හෝ ඇකේෂියටා යුෂ සමග මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය හිසකෙස් වැටීම පාලනය කිරීමට නියම කරන ලදී.

සර්පයෙක් තම්බා ලැබෙන දියරය තට්ටය පෑදුන ස්ථානවල ගැල්වීමෙන් එය වළක්වා ගතහැකි බවට පළමු සියවසේදී මතයක් විය.

මෑතක සිට දිනපතා හිසට කළයුතු ව්‍යායාම වෛද්‍යයවරු අනුමත කර ඇත. හිස සම්බාහනය කිරීම, සූර්ය ප්‍රතිකාර ක්‍රම, හිස්වැසුම් පැළදීමෙන් වැලකීම, දිනකට 100වරක් තට්ටය පීරීම ඒවාගෙන් සමහරකි. මෙයින් කුමක් කළත් ලැබෙන ප්‍රතිපල පිළිබඳවනම් සෑහීමකට පත්විය නොහැක. මේ ගැන පැවසෙන කදිම ප්‍රස්තාව පිරුළක් බෙල්ජියමේ තොංගෝ ජනවහරේ ඇත.

"තට්ට හිසැති මිනිහෙක් කොච්චර උත්සාහ කලත් ඔහුට කිසිසේත් නැවත කොණ්ඩය වැවිය නොහැක".

නිමාලි ද සිල්වා
මුතුහර සගරාව
1998 මැයි

මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 1998 මැයි මස පළවූ මුතුහර සගරාවෙනි.

තට්ටයේ මහිමය I

රනා කියෝපු කතාවක් ගෙන එන්නයි මේ සූදානම. මේ කතාව කියෙව්වේ 1998 මැයි මාසේ මුතුහර සගරාවෙන්. ලියලා තියෙන්නේ නිමාලි ද සිල්වා කියන ලේඛිකාව. එහෙනම් කොණ්ඩේ තියෙන අයයි, නැති අයයි, හැමෝම කියවන්නකෝ තට්ටේ ගැන.

හිසේ කෙස් නොමැතිවීම බොහෝ දෙනා සලකන්නේ අභාග්‍යයක් ලෙසයි. නමුත් මුඩු හිසේ ගුප්ත සුන්දරත්වයක් ඇති බව බොහෝ දෙනා නොදනිති.

"අතීතයේ එක් දිනක සැම්සන් නම් පුද්ගලයෙක් ජීවත් විය. අශ්වයෙක් සේ ශක්තිමත් ඔහු මිනිසුන් දහසක් ගිල දැමුවේ ඇඟට පතට නොදැනීය. නමුත් ඩෙලයිලා නම් රජු සැම්සන්ගේ හිසකෙස් කපාදැමීමෙන් පසු ඔහු ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන්නට විය. පසුකලක ඔහුට කුඩා කුකුලු පැටවෙකුවත් ගිලගැනීමට තරම් ශක්තියක් නොවීය." පුරාවෘතයක එන ඉහත සිදුවීම ඇත්තක් හෝ බොරුවක් හෝ වුවත් මුලින්ම හිසකෙස් ගැලවී යනවිට මිනිසුන් ක්‍රියා කරන්නේ එක්වරම විශාල ජවයක් ලැබුනා සේය. වෛද්‍යයවරුන් මෙම තත්වය හදුන්වන්නේ alopecia (ඇලොපීසියා) යනුවෙනි.

මීට වසර කීපයකට පෙර තට්ටය පෑදුන මගේ මිතුරෙක් අකලට පැසී ඇති මගේ හිසකෙස් ගැන අවඥා සහගතව විහිලු කළේය. මා එයට පිළිතුරු දුන්නේ කෙස් පැහෙන 1 හොඳයි ගැලවෙනවාට වඩා යනුවෙනි. එම පිළිතුර දුන් මම ඒ වෙලේ වීරයෙකු මෙන් සිටියත් එහි පළවිපාක දැන් විඳින්නෙමි. එනම් මගේ හිසකෙස් අකලට සුදු වෙනවා පමණක් නොව දැන් හැලී යන්නටද පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ලිපියෙන් මම පහදා දීමට උත්සාහ කරන්නේ මුඩු හිසක් ගැන ඔබේ ඇති ආකල්ප බොහෝ විට වැරදි වියහැකි බවයි.

ලිංගික එක්වීම මගින් හිස මුඩුවේ යැයි ඇරිස්ටෝටල් සිතුවේය. සමහර පූජකවරු පැවසුවේ දෙවියන්වහන්සේ තෝරාගත් කීපදෙනෙකුට ආගම් ප්‍රචාරය කිරීමෙහි යෙදෙන ලෙස ඇඟිල්ල දිගුකොට අණ කළ බවයි. දෙවියන්වහන්සේ එසේ තෝරාගත්තවුන්ගේ හිස් ස්පර්ශ කළ ස්ථානයේ තට්ටය පෑදෙන බව ඔව්හු වැඩිදුරටත් තර්ක කළහ.

මනෝ විද්‍යාඥයින් දෙදෙනෙක් කළ පර්යේෂනවලින් හෙලිවී ඇත්තේ සිනහව තට්ටය ඇතිකරන සතුරු බලවේගය බවයි. හිසේ මාංශ පේශීන් ක්‍රියාකිරීම පාලනය කරන්නේ මුහුනේ සිට දිවෙන ස්නායුවේ ශාඛා වලිනි. ඔබ සිනාසෙන විට හෝ බුම්මාගෙන සිටින විට පේශී දැඩිවෙයි. මේ නිසා හිසකෙස්වලට ඇති රුධිර සැපයුම අඩාලවෙයි. නිසි පෝෂණය නොලැබෙන හිසකෙස් හැලී යයි.

නමුත් සාම්ප්‍රදායික වෛද්‍යය විද්‍යාවට අනුව හිසකෙස් සම්පූර්ණයෙන්ම හැලී යන්නේ වෙනත් හේතු නිසා වේ. තාවකාලික කරුණු නිසාද මෙම තත්වය ඇතිවිය හැක. එනම් අධික උණ, ශල්‍ය කර්මයකට භාජනය වීම, දරු උපතක්, එක්වර බරෙහි විශාල අඩුවීමක් හා මානසික ආතතිය වැනි කරුණු මීට බලපායි. තට්ටය පෑදුන අයගෙන් 95% කටම වෛද්‍යයවරු හේතු දක්වන්නේ එය පිරිමින්ට ආවේනිකවූ හිසකෙස් හැලීයාමක් ලෙසයි. තට්ටය පෑදීමට ඉතාමත් නිවැරදි හේතුවක් දැක්වීමට තවමත් නොහැකිවී තිබේ. නමුත් පැහැදිලි ලෙසම යාන්ත්රණ 2ක ක්‍රියාකාරීත්වය මීට හේතුබව පැවසුවොත් නිවැරදිය. එනම් ආවේනික හේතු සහ ඇන්ඩ්රෝජන නම් පුරුස හෝමෝනයේ බලපෑමය. මින් අදහස් වන්නේ පවුලේ තට්ටය පෑදීමේ ලක්ෂනය පවතීනම් ඕනෑම පිරිමියෙකුට එම තත්වය උරුම වන බවයි.

තට්ටය හෙවත් Bald යන්න ඉංගිරිසි බාසාවට එක්වී ඇත්තේ මධ්‍යතන යුගයේදීය. එය ඉංගිරිසියෙන් Balled හෙවත් සුදු හිස පෙදෙස් යන පදයෙන් බිදී ආ බවට අනුමාන කළ හැක.

පහළොස්වන සියවසෙහි විසූ විලියම් කැන්ස්ටන් නම් ලේඛකයා සිය ලිපියක "ජූලියස් සීසර්ගේ තට්ටය පෑදුන පසු ඔහු සිටියේ මහත් පසුතැවිල්ලෙනි" යන්න සදහන් කර ඇත. මුල් යුගයේ තට්ටය පෑදීම අවඥාවට ලක්වුන අතර එය මහලුවියට එළඹි බවට දක්වන්නට පෙර නිමිත්තක් ලෙස සලකනු ලැබීය.

"ඔබේ හිසකෙස් සියල්ල අංකනය කර ඇත." බයිබලයේ එන මෙම වැකිය පවසන්නේ මැතිව් ය. මැතිව්ගේ මෙම කියමන නියම පදනමක් සහිතය. කලු හිසකෙස් ඇති කෙනෙකුට සාමාන්යයෙන් හිසකෙස් 1,000,000ක් පමණ ඇත. සුදු පාට කෙස් ඇත්තවුන්ට ඊට මදක් වැඩි ගණනක් ඇත. නමුත් රතු හිසකෙස් ඇත්තන්ටනම් ඇත්තේ ඊට වඩා අඩු හිස කෙස් සංඛ්‍යාවකි. ඔබට වුවත් මෙහි ඇත්ත නැත්ත පරික්ෂා කර බැලිය හැක.

අප සමාජයේ කොපමණ මුඩු හිස ඇත්තවුන් සිටීද යන්න තවමත් නිශ්චිතව සොයාගෙන නැත. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ තට්ටය පෑදීමට පටන්ගන්නා මොහොත නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වීමයි. තට්ටය පෑදීමේ ක්‍රියාවලියේදී ඒ බවට කෙරෙනා මුල්ම ඉඟිය හිස පිටුපස හිසකෙස්වල ඝනත්වය තුනී වීමට පටන් ගැනීමයි. මෙය සමහරවිට හිසේ සෙසු ප්‍රදේශ වලින් වෙනස් වූ තිතක් ලෙස දිස්වේ. පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ තට්ටය පෑදීම ආරම්භ වන්නේ අවුරුදු විසිගණන්වලදීය. තවත් පහෙන් 1කගේ හිසකෙස් අඩුවීමක් දක්නට නොලැබේ. අනෙක් තුන්දෙනාගේද කල්යාමේදී තට්ටය පෑදීමට ලක් වේ. සමහර කාන්තාවන්ගේද සැළකියයුතු හිසකෙස් ප්‍රමාණයක් වැටීයාම දක්නට ලැබේ. කාන්තාවන් 15% ආර්තවයට පෙර හිසකෙස් හැලීම ඇරඹේ. ආර්තවයට පසු 50% කගේ හිසකෙස් හැලීම සිදු වේ. මීට හේතුව වන්නේ ආර්තවයට පසු සමයේදී සිරුර නිපදවන ඇන්ඩ්රෝජන් ප්‍රමාණය වැඩිවීමයි. නමුත් කාන්තාවන්ගේ තට්ටය සම්පූර්ණයෙන්ම පෑදෙන්නේ කළාතුරකිනි.

1947 බටහිර වර්ජිනියාවේ විසූ R.J විල්කින්ස් නම් නගර සභිකයාගේද තට්ටය පෑදී තිබුණි. ඔහු කරණවෑමියන්ට තට්ටය පෑදුණු පුද්ගලයින්ගේ කොණ්ඩය කැපීමේදී සම්පූර්ණ ගාස්තුව අයකළ නොහැකිය යන නීතිය පැනවීමට උත්සාහ කළේය. නමුත් එය අසාර්ථක විය. මේ කාලයේ විසූ එක් කරණවෑමියෙක් තම බාබර් සාප්පුව අසලින් ගමන්ගත් තට්ටය පෑදුන පුද්ගලයින්ට මෙසේ පැවසීය. "එන්න ඇතුලට, ඒත් ඔයාට නම් තවත් නැතිවෙන්න හිස කෙස් නෑනේ".

සමහර කරණවෑමියෝ අන් අයව රැවටිය හැකිසේ කොණ්ඩය සැකසීමේ (Illusion Styling) දක්ෂයෝය. මෙයින් අදහස් කරන්නේ කෙනෙකුගේ හිසකෙස් පිටතට පුම්බා තට්ටය පෑදුන පෙදෙස් වසා දමා කලාත්මකව කොණ්ඩය සැකසීමයි. නමුත් මෙය පවතින්නේ එම පුද්ගලයා කිඹුහුම් නොඅරින තෙක් පමණි.

මා විසින් පවත්වන ලද නිල නොවන එමෙන්ම විද්‍යාත්මක නොවන පර්යේෂනයකට අනුව බොහෝ දෙනා තට්ටය සිත් ඇදගන්නා සුලු දෙයක් නොවන බව සිතූහ. ඇත්ත වශයෙන්ම තට්ටය නිසා කෙනෙක් සිනහ උපදවනසුලු වෙයි.

තෝමස් ඩෙකර් නැමැත්තා තට්ටය ගැන මෙසේ පවසා ඇත. "තට්ටය කොතරම් අවලස්සනද? හරියට නාසය ඕනෑ මුහුණක් වගෙයි..." එසේ වුවත් මගේ නිල නොවන සමීක්ෂනයෙන්ද තට්ට හිසැති පුද්ගලයෙක් සමග සමීප ඇසුරක් පවත්වන කාන්තාවකගෙන් ඇසූ ප්‍රශ්නයකට මට ලැබුනේ වෙනස් පිළිතුරකි. ප්‍රශ්නය මෙසේය. "ඔයා හිතනවාද තට්ට මිනිස්සු ලිංගිකත්වය අවුස්සනවා කියලා?". "ඇත්තෙන්ම මට ලේඩ් හමුවෙනකම් මම එහෙම හිතුවේ නෑ..." ඇය පැවසුවාය.

ඉතිරි කොටස ඊළග පෝස්ට් 1න් බලාපොරොත්තුවන්න.

නව සොයාගැනීම්

ලෝකයේ අරුම පුදුම අලුත් සොයාගැනීම් සහ නිපදවීම් කෙරෙන්නේ කෙසේදැයි දිනක් දෙදෙනෙකු ඇල්බට් අයින්ස්ටයින්ගෙන් ඇසුවේය.
"හයියෝ... ඒක හරිම සුළු දෙයක්නේ. මොකක්හරි බඩුවක් හරි දෙයක් හරි හදන්න හරි හොයාගන්න හරි කොහොමටවත් බැරි විත්තිය හුඟදෙනෙක් දන්නවා. නමුත් ඒක කරන්න බැරිබව නොදන්නා අහක ඉන්න මිනිහෙක් ඕක කරන්න බලනවා. මෙන්න බොලේ අන්තිමේදී අර බැරිය කියපු දේ අර මිනිහා කරලා, එහෙම නැත්තම් හොයාගෙන". ඇල්බට් අයින්ස්ටයින් පිළිතුරු දුනි.

පූර්ණ අවධානය

ව්‍යාපාරිකයා පල්ලියට ගියේ තම කටයුත්ත සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන ගණනක මුදල ලබාගැනීමට උපකාර වන ලෙස දෙවියන් යැදීමටය. අහම්බෙන් මෙන් ඔහු දණ ගැසූ තැන සිටි මිනිසා තමාට ඩොලර් 100ක් ලබා ගැනීමට උපකාරී වන ලෙසට දෙවියන් යදිමින් සිටියේය. ව්‍යාපාරිකයා තම පොකැට්ටුවෙන් අර මිනිසාට ඩොලර් 100ක් දුන්නේය. එම මිනිසා යන්නට ගියපසු ඔහු යළිත් දෙවියන් යදින්නට විය.
"දෙවියනි, දැන් ඔබගේ සම්පූර්ණ අවධානය මා වෙත යොමුකරනු මැන..."

මැතිවරණ කතා

රනාට සුව කළ නොහැකි දේශපාලන රෝගයක් තියෙනවා කියලා "රනා ලියන බ්ලොග්" කියෝන ගොඩක් අය දන්නවා. කට්ටියටම මතක ඇති පහුගිය ජනාධිපතිවරණේ දවස්වල රනා කඩේ ගිය කතාව. ඒ බ්ලොග් පෝස්ට් 1 රනා ඉවර කළේ "මහමැතිවරණයටත් මෙළෙසින්ම කඩේ යමි" කියලයි. කිව්වත් වගේ රනා මහමැතිවරණයටත් හොඳට කඩේ ගියා. අවාසනාවකට වගේ ජනාධිපතිවරණේදී වගේ සයිබර් කඩේ යැවිල්ලක් යන්න බැරි උනත් අනිත් හැම ජාතියකම කඩේ යැවිලි හොඳටම යන්න මෙදා පාර පුළුවන් වුනා. මේ කියන්න හදන්නේ ඒ කඩේ ගිය ගමනේ අන්තිමටම වගේ වෙච්ච සිදුවීමක්. හරියටම කියනවානම් මහමැතිවරණයදා වෙච්ච දෙයක්.

මෙදා පාරත් රනා ගියා ඡන්ද ගණින වැඩේට. ගණිනවා කිව්වාට ඇත්තටම රජයේ නිලධාරීන් ගණින 1 බලාන ඉන්න එක තමා කරන්න තියෙන්නේ. කොහොමත් රෑ 12 විතර වෙනකොට ඡන්දේ ගැනලා ඉවරයි. ඊට පස්සේ තමා මනාප ගණන් කිරිල්ල පටන් ගන්නේ. ඔය ඡන්ද ගණිනවා බලන්න යන රනාලා වගේ උදවිය කරන දේ තමා ඡන්ද ගැනලා ඉවර උනාම ඒ ගණින කාමරයෙන් එළියට වෙලා ඉන්න 1. මොකද ඡන්ද ගැනලා ඉවර උනාම දිනපු පැත්ත මොකක්ද කියලා දන්නවානේ. ඉතින් සැහැල්ලු සිතින් එළියට වෙලා ඉන්නයි තියෙන්නේ. අනික ඒ කාමර ඇතුළේ හරිම රස්නෙයි. ඒ නිසා ගොඩක් Countig Agents ලා එළියට වෙලා තමා ඉන්නේ මනාප ගණින වෙලාවට. මේ "රනා අහපු කතාව" ඇහුනේ එහෙම ඉන්න අතරේදීයි.

මෙදා පාර ඡන්ද ගණින්න රනා එක්ක ගිය කට්ටිය අතරේ හිටපු බොහෝ දෙනෙක් ප්‍රාදේශීය සභා එහෙමත් නැත්තම් නගර සභා මන්තිරිවරු. සමහරු වසර 10කටත් වඩා ඒ ඒ මහජන නියෝජිත ආයතනවල මහජන නියෝජිතයින් වෙලා ඉන්න අය. ඔය අතරේ හිටපු එක් මන්තිරි කෙනෙක් තමා මේ කතාව කිව්වේ. අපි එයාට "සුදූ" කියලා කියමු (කොහොමත් ඔය පොඩි පොඩි මන්තිරිතුමන්ලාගේ නම් ඔහොම තමා). සුදූ මන්තිරිතුමා කට්ටිය හිටපු තැනට ටිකක් එහායින් හිටපු කෙනෙක්ව පෙන්නුවා.

"අරූව පේනවා නේද?"
"ඕව්"
"ඕකා දැන් ඔය අපේ පැත්තට Countig ඇවිල්ලා ඉන්නේ"
"ඉතින්"
"උඹලා එකෙක්වත් දන්නවද ඕකා කව්ද කියලා"
බොහෝ අය නැති බව අඟවමින් හිස වනයි. සුදූගේ ගමෙන් පැමිණ සිටින දෙදෙනෙක් සිනාසෙයි.
"ඕකා ගිය ඡන්දෙදි වැඩ කළේ හංසයාට"
"නෑ" රනා ඇතුළු එතැන සිටි බොහෝ දෙනෙක් එහෙම කිව්වා.
"ජනාධිපතිවරණේ දවසේ උදේ මමයි තව කොල්ලෝ ටිකකුයි අපේ ගමේ පාරවල්වල ඇදලා තිබ්බ හංසයෝ මැකුවා. මූ අපේ නම් ලිස්ට් 1 අරගෙන තිබ්බේ අපිට ගේම දෙන්න. බැරි වෙලාවත් හංසයා දින්නානම් එහෙම අපි ඉවරයි. නැද්ද?" සුදූ තම ගමේ පුද්ගලයින් දෙදෙනාගෙන් ඇහුවා.
හ්ම්....
"එහෙම කරපු මේකා මෙදා පාර ___ මහත්තයාගේ Office 1 වැඩ." (හිස් තැනට එන්නේ මෙවර සමස්ත දිවයිනෙන්ම වැඩිම මනාප ගත් අපේක්ෂකතුමාගේ නමයි).
"මම එතෙන්ට ගියාම මූ මගෙන් ඇහුවානේ ඇයි ආවේ කියලා.... මට දේශපාලනේ තිත්ත උනා බං" සුදූ මන්තිරිතුමා අවසාන වශයෙන් කිව්වා.
එතනින් එහාට කව්රුත් ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ.

ඒ කතාව එතනින් ඉවරයි.

ඒ වගේම තව කතාවක් ඊළග ලිපියෙන් දාන්නම්.

ගෙදර උදවියගේ ලිනක්ස් භාවිතය

මීට පෙර දවසක ලියූ "වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time" යන ලිපියට අපේ හිතවත් සරදියෙල් ලියූ කොමෙන්ටුවක් දැක මෙම ලිපිය ලිවීමට සිත් විය. අපේ ගෙදර මිනිස්සු සහ ඔවුන්ගේ ලිනක්ස් පාවිච්චිය ගැන මා ලිපියක් ලිවීමට සිතා සිටියේ මීට සෑහෙන්න කලකට කළිනි. නමුත් දවසින් දවස එය අතපසු විය. අද ලියමි.

රනාගේ ලිනක්ස් භාවිතය ගැන මෙතන කතා කරලා තේරුමක් නැහැ. කොටින්ම කියනවානම් රනාගේ සමීපතම මිතුරන් සමහර වෙලාවල්වලට රනාට තමන්ගේ කොම්පියුටරේ ඕන් කරන්නවත් දෙන්නේ නෑ (මේ දේවල් දන්නෝ දනිති). කොහොම උනත් කොම්පියුටරයක් එක්ක රනා කරන ගනුදෙනු වලින් 95%ක්ම වගේ වෙන්නේ ලිනක්ස්වලදී තමා.

රනාගේ මල්ලී

රනාගේම එක කුස උපන් සොහොයුරා නොවුනත් දැනට වසර 2කටත් වැඩි කාලයක සිට මොහු වාසය කරන්නේ රනාගේ නිවසේය. මොහු තමන්ගේ එදිනෙදා කොම්පියුටර් කටයුතුවලින් කීපයක් හැර අනෙත් හැම එකක්ම කරන්නේ ජනෙල් මත ඉදගෙනය. ඇත්තෙන්ම කියනවානම් රනාගේ මල්ලී ලිනක්ස් මත සිට කරනා එකම වැදගත් වැඩේ "ටොරන්ට්" මගින් පිචර් බෑමය. ඔහු කියනා ආකාරයට උබුන්ටු සමගින් එන "Transmission BitTorrent Client" 1 තරම් හොද ටොරන්ට් software 1ක් තවම ඔහුට හමුවී නොමැත. මීට අමතරව ඔහු ආරක්ෂිතව file copy කිරීමටත් ලිනක්ස් පාවිච්චි කරයි. පාවිච්චි නොකරම ඉන්නවාට වඩා ඔහොම හරි ලිනක්ස් පාවිච්චි කරන 1 ගැන රනාට ඇත්තේ අප්‍රමාණ සතුටකි.

රනාගේ නංගී

උග්‍ර ජනෙල් වාදියෙකි. ලිනක්ස් අරහංය. මැයට ලිනක්ස් ඉගැන්වීමට රනා අසාර්ථක උත්සාහයන් කීපයක්ම දැරුවේය. නමුත් ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය. සමහරවිට මැය ලිනක්ස්වලට මෙච්චර අකමැති රනා එය කියලා දෙන්නට යාම නිසා විය යුතුය. නංගිලාගේ හැටි කොහොමත් ඔහොමය. ඉඳලා හිටලා දවසක (අවාරේට අඹ වැටෙන්නාක් මෙන්) ගිනිනරියා පිටේ තුරුදැලේ සංචාරය කිරීම හැර ලිනක්ස් සමග වෙන කිසිම ගනුදෙනුවක් ඇයට නොමැත.
පලි : රනාගේ නංගී වෘත්තියෙන් Graphic Designer කෙනෙකි. එමනිසා ඇය ඇඩෝබි කාරයා සහ බිල්ව දේවත්වයෙන් අදහයි. හැබැයි පාවිච්චිකරන්නේ හොරකොපිය.

රනාගේ පුංචි අම්මා

මැයට කොම්පියුටර් ඉගැන්වීමේ ගෞරවය හිමිවන්නේ රනාටය. ඇයට කොම්පියුටරයේ "අ" යනු "ආ" යනු කියාදෙන ලද්දේ ලිනක්ස් මත දීය. එබැවින් ඇය දන්නේ ලිනක්ස්ම පමණි. තමාගේ එදිනෙදා කොම්පියුටර් කටයුතු (තුරුදැලෙන් පත්තර බැලීම, ලිපි ලිවීම, OpenOffice Calc සමග කරනා ගනුදෙනු)සෑම එකක්ම වාගේ ඇය කරන්නේ ලිනක්ස්මත සිට වීම රනාට හෙන සතුටකි. රනා නිසා ලිනක්ස්හි රස බැලීමට පැමිණි අතේ ඇඟිලි ගාණට වඩා 1ක් වැඩි පිරිස අතරෙන් මැය ඉඳිරියෙන්ම සිටී.

වැදගත්...

රනාගේ මව සහ පියා මොනම හේතුවක් නිසාවත් ගෙදර ඇති කිසිම කොම්පියුටරයකට අත නොතබයි. එමනිසා ඔවුන්ට ජනෙල් හෝ ලිනක්ස් කියා ඒ හැටි වෙනසක් නොමැත.

ඔබෙන් ඉල්ලන්නේ....

ඔබ ලිනක්ස් රස විඳින්නෙක්නම් ඔබේ ගෙදර අයටත් එහි රස බැලීමේ අවස්ථාව අදම ලබාදෙන්න. මුලදී ටික ටික රස බලා අවසානයේදී ඔවුන්ද පූර්ණ ලිනක්ස් ලෝලීන් බවට පත්වනු ඇත.
ඔබ තවමත් ලිනක්ස් රස බලා නැත්නම් අදම රස බලන්න. බොහෝවිට ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.

රනාගේ ගෙදර මිනිසුන්ගේ ලිනක්ස් පාවිච්චිය ඔන්න ඔය ආකාර වේ. සරදියෙල්ට පිළිතුරක් ලැබුණායයි සිතමි.

ජය වේවා...

ඇරඹුමට පෙර


ආයුබෝං කිව්වා එහෙනම් හැමෝටම.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලැබූ 2010 බ්ලොග් මැරතන් (පොඩි) තරඟය සහභාගීවන "රනා ලියන බ්ලොග්" බ්ලොග් අඩවියේ පළමු මැරතන් පෝස්ටය මෙයයි.

මීට වසර 15කට පමණ පෙර දිවූ අවසාන මැරතන් දිවීමෙන් පසු අද තමාගේ ජීවිතයේ මුල්ම වතාවට රනා සයිබර් අවකාශයේ මැරතන් දුවයි.

මේ මැරතන් තරඟය සදහා සහභාගී වන පබළු, මලින්ත, Confiuzd ප්‍රෝග්‍රැමර්, Anything & Everything, ප්‍රභාෂ්ගේ සටහන්, සමීර ශාකුන්තල, දමිත් : Lahiru, ලක්ෂික ගයාල්, මාධව හබරකඩ, බිඟුවා...!, දිනුෂ්ක උදාර | රොකියා, තරිඳු, ප්‍රසාද් රණතුංග, දේවා, සජීව විජේවීර, S.D.Buthpitiya, අමිල ඩිලංක, ජේ.ඩී, මධූ වීරකෝන්, අරුනෝද, සුදාරක, නෙරංජි සුලක්ඛනා ඒකනායක, තමීර
අනුරාධ ජයතිලක, ඉදුනිල් රංග, චරිත දිසානායක, දුටුගැමුණු, ප්‍රභාෂ්වර, සසිත් නුවන්ත, කතන්දරකාරයා, යසිත් මියුරංග, ඉෂාන් තිළිණ, රන්දිකා රණවීර යන සියළුම සහෝදර සහෝදරියන්ට සුබ පතන්නටත් මේක අවස්තාවක් කරගන්න රනා කැමතියි.

මීට පෙර ලිපියක ලියූ පරිදි රනා අහපු කතා, කියපු කතා, කියෝපු කතා, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් දේවල් ඉදිරි පැය 12 තුළදී මැරතන් 1 තුළින් කියවන්න ලැබෙයි.

එහෙමනම් සාමයෙන්, සතුටින්, සැනසීමෙන් යුතුව මේ මොහොතින් ඇරඹෙන බ්ලොග් මැරතන් තරඟයේ දුවන්නට ඔබ සැමට ආරාධනා...

සිංහල බ්ලොග් මැරතන් තරගයට ජයවේවා...

පලි : උඩින් නම සදහන් නොවිච්ච කවුරුහරි සහෝදර සහෝදරියෙක් ඉන්නවානම් (එහෙම ඉන්න තියෙන ඉඩ වැඩියි) රනා එක්ක තරහ වෙන්න එපා. මැරතන් දුවන හැමෝටම රනා වතුර සපෝට් 1 දෙනවා.

ජය වේවා...

Tuesday, April 13, 2010

වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time

මෙය ටිකක් පරණ සිදුවීමකි. එහි අන්තර්ගත හාස්‍යය සහ එයින් ගත හැකි ආදර්ශ බොහොමයක් වන නිසා සිදුවූ හැම දේම මෙලෙසින් අකුරු කිරීමට සිතුවෙමි.

රනා ලග printer 1ක් නැත. එම නිසා ලියුමක්, Assignment 1 ක් යනාදී ලෙස වූ මෙකී නොකී ඕනෑම ලියවිල්ලක Hard Copy 1 ක් ලබා ගැනිමටනම් communication center 1 කට හෝ කොම්පියුටර් කඩයකට ගොඩවැදීමට සිදුවීම අනිවාර්ය කරුණක් වේ. මේ කියන්නට යන සිදුවීම එසේ printout 1ක් ලබාගැනීමට අපේ ගමේ ලොකුම කොම්පියුටර් කඩේට ගොඩවැදුන විට රනා මුහුණදුන් අත්දැකීමයි.

වෙලාව හරියටම රෑ 8යි. (කම්මැලිකම නිසා රනා කඩේකට යන්නෙත් යක්කු ගස් යන වෙලාවට ටිකකට කළින්)
ස්ථානය රනාගේ ගමේ ඇති ලොකුම කොම්පියුටර් කඩේ.

රනා වීදුරු දොර ඇරගෙන කඩේට ඇතුලු වෙයි. ඒ වෙලාවේ කඩේ වැඩ කරන අක්කා සුන්දර සිනාවකින් රනාව පිළිගනී. ඉතා කළාතුරකින් අත්දකින සිදුවීමක් වූ "කාන්තාවක් රනා සමගින් සිනා වීම" යළිත් සිදුවූ නිසා රනාට ෆුල් හැපී ය.

කඩේ තුළ සිදුවූ දෙබස මෙසේය.

රනා :- අක්කේ printout 1ක් ගන්න ආවේ. පුලුවන් නේද?
කඩේ අක්කා :- පුලුවන්. මොකේද අරගෙන ආවේ?
රනා :- පෙන් 1 දාගෙන ආවේ. අවුලක් නැහැ නේ?
කඩේ අක්කා :- නෑ නෑ. දෙන්න පෙන් 1. වර්ඩ් විදියට හදාගෙනද ආවේ? (අක්කාගෙන් අතුරු ප්‍රශ්නයක්)
රනා :- නෑ, මම PDF එකක් විදියට හදාගෙන ආවේ. (රනා පාවිච්චි කරන ගොඩක් fonts කොම්පියුටර් කඩවල හෝ communication center වල නැති නිසා වර්ඩ් විදියට ලිපි ගෙනයන ගොනාව රනා විකුණලා දාලා දැනට ගොඩක් කල්ය)
කඩේ අක්කා :- ඉන්න මල්ලි ටිකක්. printout 1 අරගෙන දෙනකම්.
රනා :- හා...

විනාඩි 10කට පසු.

රනා :- මොකද අක්කේ printer 1 ලෙඩක්වත්ද?
කඩේ අක්කා :- ඔයාගේ පෙන් 1 ගොඩක් වයිරස් තියෙනවානේ මල්ලි. මගේ මැෂින් 1ත් ස්ලෝ උනා. තාම ඒක ස්කෑන් කරනවා. ටිකක් වෙලා යයි. කොහෙන්ද ඔච්චර වයිරස් දාගත්තේ?
රනා :- :) (මෝඩ හිනාවක් දමා මුවින් නොබැන ඉවසා සිටී. එයාට මොකෝ මගේ පෙන් 1 මම කොහේ ගැහුවත්...)

තවත් විනාඩි 20කට පසු. දැන් වෙලාව හරියටම රෑ 8.30

රනා :- මොකද අක්කේ තත්ත්වේ?
කඩේ අක්කා :- තාම ස්කෑන් කරනවා මල්ලී. අනේ මන්දා පුදුම වයිරස් තොගයක්නේ තියෙන්නේ. (අක්කා ප්‍රසිද්ධම වයිරස් ගාඩ් 4ක නම් කියයි) ඔය හැම 1 කින්ම ස්කෑන් කළා. ඒත් තාම ස්කෑන් වෙනවා. ඔයාගේ පෙන් 1 කොච්චරක්ද?
රනා අතින් 8 ඉලක්කම ඇද පෙන්වයි.
කඩේ අක්කා :- ආපෝ... තව ගොඩක් වෙලා යයි එහෙනම්. (අක්කා ඒකනම් කියුවේ ඇත්තටමය. රනාට දැන්නම් ඇතිම වෙලාය. කොල 5ක් print කරගන්න දැනටම විනාඩි 30ක්. අපොයි රනාගේ වටිනා කාලය)

තව විනාඩි 10කට පමණ පසු

රනා :- අක්කේ මොකෝ තත්ත්වේ?
කඩේ අක්කා :- :(
රනා :- මේකට විසඳුමක් නැද්ද ඔයාලා ලග?
කඩේ අක්කා :- මොකටද මල්ලි?
රනා :- මේ වෙලාව යන වැඩේට. බලන්නකෝ මම දැන් විනාඩි 40ක් තිස්සේ මෙතනනේ.
කඩේ අක්කා :- ඉතින් ඔයාගේ පෙන් 1 වයිරස් නේ.
රනා :- එහෙම නෙමේ ඉතිං, මම ඉල්ලලා වයිරස් දාගත්තේ නැහැනේ. මම අර කතාව ඇත්තටම ඇහුවේ.
කඩේ අක්කා :- ස්කෑන් කරන 1ම තමා මල්ලි. නැත්තම් බෑනේ මේවා බේරගන්න. (අක්කා මේසය මත වූ කොම්පියුටරය පෙන්වමින් පවසයි)
රනා :- අපෝ ඕකට ඔයිට වඩා ලේසි විසදුම් ඕනෙ තරම් තියෙනවා.
කඩේ අක්කා :- මොනාද?
රනා :- ලිනක්ස් OS 1ක් දාගන්නකෝ. වයිරස් වලින් කිසිම අවුලක් නෑ ඒවට. (ඔය පැන්නේ මොකාද එකා මල්ලෙන් එළියට)
කඩේ අක්කා :- ලිනක්ස් ද?
රනා :- ඔව්. වයිරස් අවුලකුත් නෑ. ඔරිජිනල් OS 1. ඔයාගේ වැඩ ඕනෙම 1ක් කරගන්නත් පුලුවන්. අනික මාරම ස්පීඩ්. කියලා වැඩක් නෑ.
කඩේ අක්කා :- අපි කරන වැඩ ලිනක්ස් වලින් කරන්න බැහැනේ මල්ලි. ඉස්සර මෙහේ මැෂින් 1ක ඕක දාලා තිබ්බා. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ අයින් කලා.
රනා :- ඒ ඉස්සරනේ. ඒකට දැන්. සුපිරියි. (රනා මූනෙනුත් ලිනක්ස්වල යහපත් බව පෙන්වයි)

ඔය අතරේ එතැනට තවත් පුද්ගලයෙක් පැමිණේ. රනා ඔහුව හදුනයි. නමුත් ඔහු රනාව හදුනන්නේ නැත. ඔහු එම කොම්පියුටර් කඩේ හිමිකරුය. එම කොම්පියුටර් කඩේ කොම්පියුටර් පාඨමාලාද පැවැත්වේ. ඒවායේ උගන්වන්නේ එම පුද්ගලයාය. කඩේ අක්කා ඔහුව අමතන්නේ sir කියාය.

කඩේ අක්කා :- අපි ඉස්සර ලිනක්ස් පාවිච්චි කළා නේද සර්?
සර් :- ඔව්,ඒත් අපිට ඒක හරි ගියේ නෑ.
රනා :- (සර් ගෙන්) මොනාද පාවිච්චි කරපු flavors?
සර් ගේ මුහුණ ලාවට කලු පාට විය.
සර් :- ඒ කිව්වේ මල්ලී?
රනා :- ඒ කියන්නේ අර උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවාගෙන් මොනාද පාවිච්චි කළේ?
සර් :- ආ.. අපි ඔය දෙකම පාවිච්චි කළා. කෝ මේවගේ drivers ඒවාට ගන්නේ නැහැනේ.
රනා :- මොනාගේ drivers ද?
සර් :- අපේ ස්කෑනර්වල, printer වල එහෙම.
රනා :- හැබැයි දැන්නම් එහෙම නෑ. ගොඩක් ඒවගේ drivers නිකම්ම ගන්නවා.
සර් :- ඒ උනාට අපිට හරි ගියේ නෑ මල්ලී.
කඩේ අක්කා :- අපි පාවිච්චි කරන software එක්ක හරි යන්නෙත් නෑ නේද සර්.
රනා :- මොනාද සර්ලා පාවිච්චි කරන්නේ?
කඩේ අක්කා :- අපි ඉතින් මෙතන කරන්නේ ඔය Photoshop, Corel Draw, Type Setting වගේ ඒවානේ. අනික Skype වගේ ඒවා වැඩ කරන්නෙත් නැහැනේ. ඉතින් බෑ කරන්න. (එයා දන්න තරම)
සර් :- (අක්කාගෙන්) මේ මල්ලි ඇයි මෙතන?
කඩේ අක්කා :- printout 1ක් ගන්න. තාම මෙයාගේ පෙන් 1 ස්කෑන් කරනවා. ඒකෙ පුදුම වයිරස් තොගයක් තියෙන්නේ.
රනා :- දැන් ගොඩ වෙලාවක ඉදලා මම මෙතන ඉන්නේ. තාම ස්කෑන් වෙලා ඉවර නැද්ද?
කඩේ අක්කා :- තාම 70%. ඔයාට තව ඉන්න වෙනවා.
රනා :- මෙහෙ ඉන්ටනෙට් තියෙනවා නේද? (ස්ටෑන්ඩ් 1ක ඇති රවුටරය පෙනි පෙනී රනා අසයි. කව්ද දන්නේ ඒ කෙහෙල්මල වැඩ කරනවාද කියලා.)
කඩේ අක්කා :- ආ ඔව්, තියෙනවා.
රනා :- එහෙනම් මට මෙහෙ ඊමේල් 1 දෙන්නකො. මම ගෙදරින් මේල් 1ක් දාන්නම්.
කඩේ අක්කා රනාට ඊමේල් ලිපිනය ලියා දුන්නාය.
පැයකට විනාඩි 10ක් අඩු කාලයක් කොම්පියුටර් කඩේ තැප, ගිය වැඩේ කෙළවරකුත් නොදැක රනා ගෙදර ගියේය.

කතාව එතනින් අවසානය.

Moral

1. ගෙදර printer 1ක් නැත්තම් අදම 1ක් ගැනීම.
2. Internet Cafe, Communication center වලින් printout ගැනීමට යනවිට 8GB පෙන් වෙනුවට 128MB පෙන් 1ක් ගෙනයෑම.

ඉහත සිදුවීමෙන් ගත හැකි දේවල් බොහොමයකි.

1. ලිනක්ස්කාරයින් වන අප වයිරස් ගැන ඒ හැටි නොතැකුවාට වයිරස් මත්තේම නැහෙන, ඒත් ඉන් බේරීමක් නැති අනන්ත ප්‍රමාණයක් වූ මිනිසුන් සිටින බව.
2. එයින් මිදීමට ඔවුන්ට කිසිදු උවමනාවක් නොමැති බව.
3. තමන්ගේ ඇති බය, නොදන්නාකම හෝ උඩඟුකම යන හේතු නිසා සාර්ථක සහ ආරක්ෂාකාරී වෙනත් විසදුම් කෙරෙහි මිනිසුන් යොමු නොවීම.
4. කොච්චර හොද නැති වුවත් හොර කොපි සහ Trial Version සඳහා ඉහළ ඉල්ලුමක් තාමත් සමාජයේ පවතින බව. (එම කොම්පියුටර් කඩේ පාවිච්චි කරන සියලුම මුදුකාංග හොර හෝ Trial Version බව රනාට පැවසූයේ එහි උගන්වන රනාගේ මිතුරෙකි. ඔහු මෙවන් දේවල් සඳහා බොරු නොකියයි.)
5. වෙනස් වීමට මිනිසුන් ඉතාම අකමැති බව.

ඉල්ලීමක්.

මෙම ලිපිය කියවන ඔබ Internet Cafe, Communication center 1ක් පවත්වාගෙන යන හෝ එම ස්ථානයක සේවය කරන්නෙක්නම් ඔබෙන් එකම එක ඉල්ලීමක් කරමි.
ඒ ඔබ එහි printout ලබාදීම කරනවානම් කරුණාකර එක කොම්පියුටරයකට හෝ ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් දමා තබන්න. එය ඔබේ කොම්පියුටරයේ ආරක්ෂාවටත්, ඔබේ ගනුදෙනුකරුගේ කාලය ඉතිරි කරගැනීමත් සඳහා ගන්නා ඉතා යහපත් පියවරකි.
ඔබ වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන් ගෙනැන USB පෙන් වලින් 99.5%කම වයිරස් අන්තර්ගත විය හැක. එම වයිරස් ඔවුන් උවමනාවෙන් දමාගත් ඒවා නොවේ. ඔබ එම USB පෙන් 1 ස්කෑන් කර අවසානවනතෙක් බලා සිටීමට තරම් කාලයක් ඔවුන්ට නැතිවීමට ඇති ඉඩ ඉතා වැඩිය.
හැකිනම් එම ඉල්ලීම ඉටු කරන්න. එයින් ඔබට ලාබයක් සිදුවන බවනම් ඉඳුරාම කිව හැකිය.

ඔබ වයිරස්වලින් දැඩිසේ පීදා විදින්නෙක්නම් සහ Trial Version අත්හදා බලා විඩාවට පත්වූ කෙනෙක්නම්, මේ ඔබට වඩාත් යහපත් කොම්පියුටර් ජීවිතයක් සඳහා වෙනස් වීමට හොදම කාලයයි.
වෙනස අත්විදින්න.

වයිරස්වලින් නිදහස් ලෝකයක් පතමු.

ජය වේවා...

Monday, April 12, 2010

බ්ලොග් මැරතන් දුවමි...



අන්තිමටම බ්ලොග් පෝස්ට් 1ක් ලියලා හෙටට හරියටම මාස 2යි. ලියන්න දේවල් ඕනෑතරම් තිබ්බත් ඒවා නොලියන්න හේතු කාරණා නම් බොහොමයි. ඔක්කොටම වඩා තියෙන ලොකුම හේතුව තමා මගේ මහා කම්මැලිකම. මොන ලෙඩේට බෙහෙත් තිබුනත් මගෙ හිතේ, කම්මැලිකම කියන ලෙඩේටනම් බෙහෙත් නෑ. තියෙනවානම් කොමෙන්ට් 1ක් විදියට කියලා යන්න. ඒක ලොකු උදව්වක් වේවි මගේ ඉදිරි බ්ලොග් ලිවිල්ලට.

අද මේ සටහන ලියන්නේ කාරණා කීපයක් දැනුම් දෙන්නයි.

මූලිකම දේ තමා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් සංවිධානය කරනු ලබන මහා බ්ලොග් මැරතන් දිවිල්ලට රනා නම්වන මමත් සහභාගී වන බව දැනුම් දීම. මැරතන් දිවිල්ලට එනවාද නැද්ද කියලා ගොඩ දවසක ඉදලා හිත හිත හිටියේ. හේතුව තමා පැයකට ලිපි 4ක් ලිවීමේ අභියෝගය. ඒත් අපේ හිතවත් කතන්දර කාරයාගේ කොමෙන්ට් 1ක් දැක්කට පස්සේ කොරන්න ඕනේ මොකක්ද කියන දේ වැටහුනා. කොමෙන්ට් 1 දැක්ක තැන මතක නෑ. කොහොමහරි ලිපි සම්බන්දව අදහසක් දීපු කතන්දරට මගේ බලවත් ඉස්තූතිය මේ වෙලාවේ පුදකරනවා. මැරතන් දිවිල්ලට මූලිකවම අවශ්‍ය කරුණු කාරණා (රෙජිස්ටර් වීම, බ්ලොග් 1 මැරතන් බැනර් 1 දැමීම) මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. ඊට පස්සේ තමා අමාරුම හරිය. ඒ කියන්නේ බ්ලොග් ලිවිල්ල. ලියන දේවල් කාණ්ඩ ආකාරයට ලියන්න තමා හිතාන ඉන්නේ. මේ තියෙන්නේ ඒ ටික.

1. රනා අහපු කතා.
2. රනා කියපු කතා.
3. රනා කියෝපු කතා.
4. ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කරුණු.
5. රනා ලියන කලා විචාර.
6. රනා ලියන කවි.

දැන් මේ කාණ්ඩ ටික විස්තර සහිතව.

1. රනා අහපු කතා
මේකට අයිති වෙන්නේ රනා ඔය මළ ගෙවල්වල, මගුල් ගෙවල්වල, බණ ගෙවල්වල, දානේ ගෙවල්වල, බස් හෝල්ට්වල, කෝච්චි ඉට්ටේසම්වල, අතන මෙතන මෙකී නොකී හැම තැනකදීම අහපු දැකපු කතා සහ සිදුවීම්. රස කතා, විහිලු කතා, ආදර කතා, ඥාන කතා වගේම දුක හිතෙන කතාත් බොහොමයි. ඇත්තම කියනවානම් නියම ඕපදූප ටිකක් මේ කැටගරිය යටතේ දැක බලාගන්න පුලුවන්.

2. රනා කියපු කතා.
කළින් කියපු හැම තැනකදීම සහ කළින් නොකියපු තැන්වලදී රනා කියපු කතා තමා මේ කාණ්ඩෙට අන්තර්ගත වෙන්නේ. රනා කඩේ ගිය කතාව ගොඩක් අය දන්නවා මගෙ හිතේ. කඩේ යද්දි කියපු කතාත් මෙතෙනින් දැක බලාගන්න පුලුවන්.

3. රනා කියෝපු කතා.
රනා පොඩි එකා කාලේ ඉදලම පොත් පත්තර එහෙම කියෝනවා. ඒ කියවද්දි අහුවුන හොදයි කියලා හිතෙන ඒවා රනා එකතු කරගෙන තියාගෙන ඉන්නවා. එහෙම කියෝපු ලිපි කීපයකුත් මුල් රචකයාගේ නම සහ ඒ ලිපිය පළවෙච්ච පත්තරේ/පොතේ නම, කලාපය වගේ දේවල් එක්ක පළකරන්න රනා බලාපොරොත්තු වෙනවා. මීට අවුරුදු 10-15 කළින් කියෝපු දේවල් ආයේ දැකබලාගන්නත් ඔන්න බ්ලොග් මැරතන් 1 දී පුලුවන්.

4. ගූගල් කොරලා හොයාගත්ත ටෙක්නිකල් කරුණු.
තුරුදැලේ ඉන්නකොට නිතරම රනාගේ පිහිටාරස්සාවට ඉන්නේ ගූගල් දෙයියා තමා. එහෙම ගූගල් දෙයියා හොයලා දීපු කරුණු කාරනා ටිකකුත් මැරතන් 1දී දුවවන්න තමා කල්පනාව.

5. රනා ලියන කලා විචාර
මීට කළින් රනා ලියපු කලා විචාරේට ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒකෙන් ඇතිවෙච්ච මෝටිවේෂන් 1ත් එක්ක තව විචාර 2ක් විතර ලියන්න පටන් ගත්තා. ඒත් කම්මැලිකම නිසාම ඒවා තාම කොට උඩ. ඒ බාගෙට ලියපු කලා විචාරත් සම්පූර්ණ කරලා දාන්න තමා හිතාන ඉන්නේ.

6. රනා ලියන කවි
ජීවිත කාලෙටම රනා ලියලා තියෙන්නේ කවි 5ක් විතර. ඒ ටික හොයාගන්න පුලුවන් උනොත් දාන්නම්. බොහෝ දුරට හොයාගන්න ඇහැකි වෙයි.

මීට අමතරව කඩේ ගිය දවස්වල පටන්ගත්ත බ්ලොග් 1ත් අප්ඩේට් කරන්න තමා හිතාන ඉන්නේ. ඒ බ්ලොග් 1 තුළින් අපේ රටේ හැමෝටම බොහොම වැදගත් වෙන ලියවිල්ලක් පළකරන්න බලාපොරොත්තු වෙනවා.

මීටත් අමතරව දශක 2කටත් වැඩි කාලයක් තිස්සේ රනා ජීවත් වෙන ගම ගැනත් ලිපි සීරීස් 1ක්ම ලියන්න රනාගේ ලොකු ආසාවක් තියෙනවා. ඒ ආසාව කොහොමහරි මේ මැරතන් 1 පිහිටෙන් ගොඩදාගන්න තමා උත්සාහය.

එහෙනම් රනාගේ සිංහල බ්ලොග් මැරතන් ප්ලෑන ඔහොමයි. කියන්නනම් ලේසියි. බලමුකෝ ඕක කොරන හැටි.



අවුරුදු කටේ හින්දා කොරන්න වැඩ කටයුතු බෝමයි. ඒක නිසා දැන් යන්න වෙලාව හරි. එහෙනම් මැරතන් දවසේ ඉට්ටාට් ලයිං 1 උඩදී අනිවා හමුවෙමු. පුලුවන් උනොත් ඊට කළින් ඇවිත් යන්න එන්නම්.

ඔබ සියලු දෙනාට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...




ජය වේවා...