Friday, July 3, 2009

Ubuntu වලට password නැති user account 1 ක් හදමු...

Ubuntu වලට password නැතිව log වෙන්නේ කොහොමද කියන 1 කාලෙක ඉදං මට හිතුන දෙයක්. සුපුරුදු විදියට පැය ගොඩාක් වියදම් කරලා හෙව්වම ubuntu forum 1 ක තිබිලා උත්තරේ හොයා ගත්තා. දැං වැඩේ කරන විදිය බලමු.

1. ඉස්සෙල්ලාම සාමාන්‍ය විදියට user account 1ක් හදාගමු. ඒකට
Terminal 1 ට ගිහින් පහත command 1 type කරන්න. මම හදන user account එකේ නමත් user.

useradd -d /home/user -s /bin/bash user

මේකේ -d වලින් වෙන්නේ අපි හදන user ගේ home directory 1 හදන 1. සාමාන්‍යයෙන් home directory 1 පහත විදියට දෙන්න පුලුවන්.

/home/user

-s වලින් වෙන්නේ අපේ user ගේ login shell 1 හදන 1. උදාහරණයක් විදියට :

/bin/bash

එතකොට සම්පූර්ණ command 1 type වෙන්නේ මෙහෙමයි.

useradd -d /home/user -s /bin/bash user



2. ඊළගට Terminal 1 ට ගිහින් පහත command එක type කරන්න.

sudo vi -B /etc/shadow

මේ shadow කියන file 1 තමා අපි හදන user ලාගේ usernames සහ passwords ඔක්කොම save වෙලා තියෙන්නේ.

3. ඒ file 1 ඇතුලේ තියෙනවා අපේ user ගේ විස්තර ටික. ඒක ටිකක් මේ වගේ. ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. ඒක එච්චර අවුලක් කරගන්න එපා.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::




4. ඉහත දක්වපු අපේ user ගේ record එකේ දෙවෙනියට තියෙන කොටස මම bold කරලා තියෙන්නේ.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::

bold කරපු කොටස වෙනුවට පහත bold කරලා තියෙන කොටස paste කරන්න.

user:U6aMy0wojraho:13721:0:99999:7:::




5. ඊළගට file එක, save කරලා exit වෙන්න.

දැං අපිට පුලුවන් ඒ හදපු user account 1ට password 1ක් නොදී log වෙන්න.

කරලා බලන්න.....

ජය වේවා....


2 comments:

  1. ඊළඟට visudo ගිහින් ඒ userට sudo පාවිච්චි කිරීමේ ඉඩ අහුරන්න. නැත්තං සොරි තමා!

    ReplyDelete
  2. @ශාකුන්තල

    ඔව් ඒකත් ඇත්ත තමා. ඒත් sudoers file 1 ට user ව default add වෙන්නේ නැහැ නේද? මම කළාමනම් එහෙම තමා වුනේ.

    ReplyDelete