Wednesday, October 7, 2009

හැමෝටම මනුස්සකම අරගෙන 9.10 එනවා...

මනුස්සකම හැමෝටම - 9.10 ~~~ 9.10 - මනුස්සකම හැමෝටම...
මොකක්ද මේ?

අද ඉදලා ගැන්නොත්, තව දවස් 22යි. (වෙන දේ දැනගන්න ==>දකුණ බලන්න)

හරි හරි. මේකයි වැඩේ. ඉන්න පැහැදිලි කරලා දෙන්නම්. මහ ලොකු දෙයක් නෙමේ...



මොකක්ද මේ මනුස්සකම හැමෝටම?
උබුන්ටු කියන අප්‍රිකානු වචනයේ ඉංග්‍රිසි අදහස Humanity Towards Others. ඒක සිංහලෙන් තමා "මනුස්සකම හැමෝටම" කියලා කිව්වේ.

එතකොට 9.10?
9.10 කියන්නේ උබුන්ටු වල නවතම සංස්කරණය. අපි දන්නවානේ උබුන්ටුකාරයා මාස 6න් 6ට අලුත් සංස්කරණ එළියට දානවා කියලා. හැමෝම දන්න දෙයක් අයේ කියන්නම්.
මේකෙ 9 කියන්නේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරපු අවුරුද්ද. ඒ කියන්නේ 2009.
එතකොට 10 කියන්නේ නිකුත් කරපු මාසේ. ඔක්තෝම්බර්.
මතකනේ මේ අවුරුද්දෙම අප්‍රෙල් වලත් සංස්කරණයක් එළියට අවා. අපේ ගොඩක් අය හාවෝ ඇල්ලුවේ. මේ ලියන්නෙත් හාවාගෙ උඩ ඉදගෙන තමා.

අලුත් කෙනාගේ නම මොකක්ද?
උබුන්ටු වල හැම සංස්කරණයකටම එයාලා නමක් දෙනවා. ඒක දෙන්නේ සුද්දගේ හෝඩියේ පිළිවෙලටයි. 2006 ඉදලා තමා පටන් ගත්තේ. හැබැයි පටන් ගත්තේ A අකුරෙන් නෙමේ. ඉස්සෙල්ලාම එහෙම නමක් දුන්නේ D අකුරෙන්. එතන ඉදලා හරි පිළිවෙලට දෙනවා. මෙදා පාර තියෙන අකුර තමා "K". ඉතින් දුන්නා නමක්.

Karmik Koala ~ කර්මික් කෝලා.

Karmik කියන වචනේ තේරුම අපේ භාෂාවෙන් ගන්න ගියාම අලි අමාරුවක වැටුනා. සිංහල වචනේ විදියට තියෙන්නේ "කර්මය". ඕක ටිකක් ලේසි කරලා ගත්තම කරුමය, කරුමේ වගේ එන්න පුලුවන්. හැබැයි ඔය කියන කරුමෙට හොද අර්ථකතනයක් බුදු දහමේ දීලා තියෙනවා.
ඒක තමා "හේතුව හා ඵලය". මට හිතෙන හැටියට උබුන්ටු ලොක්කො ටික Karmik කියන වචනේ දෙන්න ඇත්තේ ඒ අර්ථකතනයෙන්ම තමා (මේක මගේ අදහස විතරයි).

කෝලා කියන්නේ වලස් පවුලේ පොඩි සතෙක්. ඕස්ට්‍රෙලියාව තමා නිජබිම.

ඔහොම තමා හැමෝටම මනුස්සකමේ නවතම සංස්කරණයට නම වැටුනේ.

ඉතින් මේකට මම දෙනවා මට හිතෙන නමක්. "හේතු ඵල කෝලා". ඔයාලටත් කැමති නමක් දෙන්න. අවුලක් නෑ. නිදහස් නේ...

මේකේ ටෙස්ටින් කටයුතු දැන් ලෝකෙ පුරාම වෙනවා. ඇල්ෆා සංස්කරණ වලට පස්සේ දැන් බීටා සංස්කරණයත් එළියට දාලා ඉවරයි. බීටා Edition 1 එළියට දැම්මේ ඔක්තෝම්බර් 1 වෙනිදා. ටෙස් කොරලා බලන්න කැමතිනම් www.ubuntu.com වලින් බාගත කරගෙන ටෙස් කොරන්න පුලුවන්.
කොහොම වෙතත් මේ මාසේ 29 ඒ කියන්නේ තව දවස් 22කින් "හේතු ඵල කෝලා" නිදහස් වෙනවා.
ඊට පස්සේ ඉතින් බාගන්න හරි නැත්තම් ගෙදරටම ගෙන්න ගන්න හරි පුලුවන්.

මොනවද කෝලාගේ තියෙන විශෙෂතා...

බූට් වෙන්න යන වෙලාව පුලුවන් තරම් අවම කරන 1 උබුන්ටුලාගේ 1 අරමුණක්. තත්පර 10කින් මේ වැඩේ කරන්න තමා එයාලා උත්සාහ කරන්නේ. ඒකට මූලික පියවර තිබ්බේ 9.04 දී.
ඒ තත්පර 35 - 40 කින් බූට් කරලා. කෝලාගෙන් බලාපොරොත්තු වෙන වෙලාව තත්පර 25ක්.
2010 දී එළිදක්වන සංස්කරණයෙන් අපිට තත්පර 10න් බූට් වේන මෙහෙයුම් පද්ධතියක් දෙනවා කියලා තමා කියන්නේ. බලමු.

මේකේ ෆයිල් සිස්ටම් 1 එන්නේ ext4 (Default). මෙච්චරකල් ආවේ ext3 නේ.

ඊළග වැදගත් දේ තමා කෝලා එක්ක එන අලුත් බූට් ලෝඩරේ. මේක GNU ගේ අලුත් version 1. නම් කරලා තියෙන්නේ GRUB2 කියලා.
ගිනි නරියා 3.5 තමා default web browser 1.
GNOME මෘදුකාංග ගොඩක අලුත් සංස්කරණත් එළි බහිනවා කෝලා එක්කම.
තව අලුත් දේවල් ගොඩක් තියෙනවා. ඒවා ගැන පස්සේ කතා කරමු.

ඒවගේම කෝලාව ස්තාපනය කරන කොට බිල් මාමාගේ ජනෙල්වල වගේම පොඩි විස්තරයක් දෙනවා. (XP වල විදියට)

මේ තියෙන්නේ තව ලස්සන ෆොටෝ කෑලි ටිකක්.

ඩෙස්ක්ටොප් 1 සහ මෙනු 1 පේන්නේ මෙහෙමයි...




මේ තියෙන්නේ Software Center 1. Add/Remove Programs වෙනුවට තමා ඒක තියෙන්නේ.



මේ ගිනි නරියා ගැන විස්තරේ...




මේ තියෙන්නේ Kubuntu 9.10.



ෆොටෝ සදහා සාදර දායකත්වය දැක්වූ www.downloadsquad.com වෙබ් අඩවියට ගොඩක් පිං.

එහෙනම් ඉතින් හේතු ඵල කෝලාව ගන්න මේ මාසේ 29 වෙනකම් බලාගෙන ඉමු.

මේ හැම දෙයක්ම හොයා ගත්තේ ගූගල් දෙයියන්ගේ පිහිටාරස්සාවෙන්. ඔයාලත් හොයලා බලන්න.
වැදගත් ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්.

හේතු ඵල කෝලාට ජය වේවා...

4 comments:

  1. මේ කොපූටරේ ගැන වැඩියමක් ම්ම්ම් නෑ මෙලෝ දෙයක් නොදන්න මට කෙසේ වෙතත් අලුත් පරම්පරාවේ කට්ටියට වටින කියන ලිපියක් වගේ . ..

    ReplyDelete
  2. මම නං දැනටම කරුමෙට ඉඩ දීලා තියෙන්නේ (බීටා). හාවට වඩා වේගෙං කෝලට දුවන්න පුළුවං කිසි කෝල කමක් නැතුව.

    ReplyDelete
  3. sorry for commenting in english macho. really appreciate about writing a review on this. nice work buddy..

    ReplyDelete
  4. @දුකා
    අලුත් පරම්පරාවේ කියන්න දුකා මොකෝ පරණ කෙනෙක්යැ. අනික කොම්පියුටරේ ගැන දන්න නිසානේ බ්ලොග් කාරිය එහෙම ලියන්නේ.
    ඔහොම යමු.. ඔහොම යමු...

    ජය වේවා...

    @සුපුන්
    එල එල. මමනම් තාම ඉන්නේ හාවා උඩ. කෝලාගේ බීටාව දුවවන්න මා ලග තියෙන සම්පත් මදි. VM 1 වත් දුවවන්න හාඩ් කෑල්ලේ ඉඩ නෑ. මෙහෙම ඉමුකෝ 29 වෙනකම්. දෙන්නම් බැටේ එතකොට.

    ජය වේවා...

    @änthräX
    එල එල...
    හිතුනා, ලිව්වා.
    තව මේක ගැන ලියන්න තොගයක් තියෙනවා. ඊළග පෝස්ට් 1න් ඒ ගැන ලියනවා.

    ජය වේවා...

    ReplyDelete