මහා ලොකු කොම්පියුටර් ගීක් කෙනෙක් නොවුනත් ඒ FOSS අමාරුවට පිං සිද්ධවෙන්න රනා මේ වෙනකොට හාරපන්සීයකට විතර FOSS සහ ලිනක්ස් උගන්නලා තියෙනවා. ඒ වගේම ඒ ඉගෙනගත්ත අයගෙන් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලිනක්ස්කාරයන් වෙච්ච එකත් රනාට ලොකු සතුටක්. දැං මේ ලියන්න යන්නේ රනාගේ FOSS අමාරුව නිසා කරදරේ වැටිච්චි එකෙක්ව ගොඩදාන්න දීපු නවතම ගේම පිළිබදවයි.
සිද්ධියේ නිදාන කතාව මෙහෙමයි.
රනාගේ ගෙදර ඉන්නවා රනාගේ මල්ලී කෙනෙක්. හරියටම නෑදෑකං කියනවානං රනාගේ ලොකු අම්මාගේ පුතා.
පොර හෙන ජනෙල්වාදියෙක්.
රනාගේ තෙල බෙදිල්ලට සහ ලිනක්ස් පුරාජේරුව ඉවසගෙන ඉන්න බැරිමතැනද කොහෙද දවසක් පොරගේ ලැපට ලිනක්ස් OS එකක් install කරන්න පොර රනාට අවසර දුන්නා.
සුපුරුදු පරිදි එකසිය ගාණට පොර ටෝක් දෙමින් රනා ඒකට ලිනක්ස් ඉන්ස්ටෝල් කළා. ඊට පස්සේ සතියක් විතර මල්ලී ලිනක්ස් පාවිච්චි කළත් ඊට පස්සේ පොර ඒක පාවිච්චි කරනවා රනා දැක්කේ නෑ.
මොනා කරන්නද. කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑනේ.
ඔය සිද්ධිය උනේ මීට මාස තුනකට හතරකට කළිං.

දැං තමා වර්ථමාන කතාව.
ඊයේ පෙරේදා දවසක මල්ලීගේ ලැපේ හාඩ් එකේ ඉඩ මදි මදි කියලා පොර ඇවිත් රනාගෙන් ඇහුවා ලිනක්ස් පාටිෂන් එක ඩිලීට් කරන්නේ කොහොමද කියලා.
ඕකේ ආයේ අහන්න දෙයක් තියෙනවැයි. කෙළිංම My Computer රයිට් ක්ලික් කළා, Manage ගියා, Diks Management ගියා පාටිෂන් දෙක (root පාටිෂන් එකයි swap එකයි) ඩිලීට් කරන්නයි තියෙන්නේ.
මේ හාඩ් එකේ පාටිෂන් ටේබල් එක හදලා තිබ්බේ මහාම මහා කම්මැලිම කම්මැලි විදියට.
ඒ කියන්නේ ලිනක්ස් වල root පාටිෂන් එකයි swap පාටිෂන් එකයි විතරයි.
පාටිෂන් හදන්න කම්මැලිම කම්මැලි හරි, එහෙම නැත්තං හාඩ් එකේ එච්චර ඉඩක් නැති වෙලාවක හරි ඔය පාටිෂන් දෙකෙං උනත් ගොඩ යන්න පුළුවං.
හරිම විදියට පටිෂන් හදන හැටි සිංහලෙංම මෙතන තියෙනවා...

කොහොමින් කොහොමින් හරි රනා පොර සේ අර පාටිෂන් දෙක ඩිලීට් කළා.
මල්ලීගේ ප්‍රශ්නෙටත් උත්තර ලැබුණා. ඇයි ඉතිං 20 GB විතර ඉඩක් ආවානේ. ඉතිං මල්ලිටත් සන්තෝසයි.
හැමෝම සතුටිං විසිර ගියා.
මල්ලීගේ ප්‍රශ්නෙටත් උත්තර ලැබුණා. ඇයි ඉතිං 20 GB විතර ඉඩක් ආවානේ. ඉතිං මල්ලිටත් සන්තෝසයි.
හැමෝම සතුටිං විසිර ගියා.
නියම අවුල ආවේ අද උදේ.
මල්ලිකාරයා කොම්පියුටරේ ඕන් කොරන කොට Windows ලෝඩ් වෙන්නේ නැතුව එනවා මෙන්න මෙහෙම සිරාම සිරා message එකක්.
මල්ලිත් උදේ පාන්දර කියලා බලන්නේ නැතුව දුවගෙන ආවා මහ ලොකු අයියා ලගට.
"ඒයි, මේකේ මෙන්න grub rescue කියලා දානයක් එනවා..."
අප්පට සිරි... කාලා හමාරයි...
වෙලා තියෙන දේ ගැන සම්පූර්ණ වැටහීමක් රනාගේ ඔළුගෙඩියට එන්න තත්පර විස්සක්වත් ගියේ නෑ.
මොකක්ද වෙලා තියෙන්නේ?Windows සහ ලිනක්ස් Dual Boot කරනකොට (Dual Boot යනු Operating System එකකට වඩා වැඩි ප්‍රමාණයක් එකම හාඩ් ඩිස්ක් එකක install කර අවශ්‍ය විට ඉන් කැමති Operating System එකක් භාවිතා කිරීම වේ) Boot Loader එක විදියට By Default එන්නේ ලිනක්ස් වල තියෙන GRUB එක. මේ GRUB එක මගින් හාඩ් එකේ තියෙන Linux OS එකට හෝ Windows OS එකට පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි ඔහුව යොමු කිරීම සිදුකරනවා. මේ GRUB file එක තියෙන්නේ ලිනක්ස් පාටිෂන් එකේ.
ඉතිං රනා ගොනා වගේ ලිනක්ස් පාටිෂන් එකට කෙළෙව්වම ආයේ කොහෙන් කියලා හොයාගෙන Windows ලෝඩ් කරන්නද?
ඔන්න ඕකයි අද උදේ රනාගේ මල්ලී සහ රනා මුහුණ දුන්න උභතෝකෝටික ගැටළුව.
ඉතිං රනා ගොනා වගේ ලිනක්ස් පාටිෂන් එකට කෙළෙව්වම ආයේ කොහෙන් කියලා හොයාගෙන Windows ලෝඩ් කරන්නද?
ඔන්න ඕකයි අද උදේ රනාගේ මල්ලී සහ රනා මුහුණ දුන්න උභතෝකෝටික ගැටළුව.
දැං මොනා හරි ගේමක් දීලා ආයෙත් Windows Boot Loader එක මතුකර ගත්තොත් වැඩේ ගොඩ. ඕක තමයි උත්තරේ.
ඒත් කොහොමද එහෙම කරන්නේ???
ඒත් කොහොමද එහෙම කරන්නේ???
ප්‍රශ්නේ මොකක්ද, ඒකට උත්තරේ මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියට උත්තරේ ක්‍රියාත්මක කරන ක්‍රමේ මොකක්ද කියලානං රනා අවංකවම දැනගෙන හිටියේ නෑ.
තමංගේ හිතේ තියෙන ඕනෙම ප්‍රශ්නෙකට උත්තරේ ගොඩාක් වෙලාවට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවං කියලා රනා අත්දැකීමෙංම දන්නවා.
රනා දෙපාරක් හිතුවේ නෑ. ගත්තා රනා ලග තිබ්බ උබුන්ටු Live CD එකක්. මල්ලීගේ ලැපෙංම ඒක ලෝඩ් කරගෙන ගියා අන්තර්ජාලෙට.
රනා දෙපාරක් හිතුවේ නෑ. ගත්තා රනා ලග තිබ්බ උබුන්ටු Live CD එකක්. මල්ලීගේ ලැපෙංම ඒක ලෝඩ් කරගෙන ගියා අන්තර්ජාලෙට.
හෙව්වා හෙව්වා බරටම හෙව්වා...
අන්තිමේ සොයන්නාට සම්බවුනා!!!
කොහොමද වැඩේ කරන්නේ?
අවශ්‍ය ද්‍රව්‍ය
මේකට අවශ්‍ය එකම එක දෙයයි.
Windows Boot CD/DVD එකක්.
තමංගේ තියෙන Windows OS එක අනුව ඕනේ කරන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ කියන්නේ XP නම් XP එකක්, Vista හෝ 7 නම් ඊට හරියන එක.
Windows Boot CD/DVD එකක්.
තමංගේ තියෙන Windows OS එක අනුව ඕනේ කරන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ කියන්නේ XP නම් XP එකක්, Vista හෝ 7 නම් ඊට හරියන එක.
සාදන ක්‍රමය
Windows CD/DVD එකෙං Boot කරන්න.
Boot උනාම එන window එක Next කරන්න. (Windows කට්ටියට ඉතිං හරි පුරුදුයිනේ ඕක)
Boot උනාම එන window එක Next කරන්න. (Windows කට්ටියට ඉතිං හරි පුරුදුයිනේ ඕක)
ඊළගට එන්නේ මෙහෙම Window එකක්.
ඕකෙං තෝරන්න Command Prompt එක.
එතකොට Command Prompt එක open වෙනවා මෙහෙම.
දැං හරි.
දැං ඒකෙං යන්න ඕනේ C:\ පාටිෂන් එකට.
ඒක කරන command එක මෙහෙමයි.
X:\Sources>C:\
එතකොට යනවා C පාටිෂන් එකට.
දැං එතනින් යන්න ඕනේ boot කියන ඩිරෙක්ට්‍රියට. එහෙමත් නැත්තං Folder එකට.
C:\>cd boot
එතකොට අපි ඉන්නේ මෙතන.
C:\boot>
ඊළගට කරන්න තියෙන්නේ MBR (Master Boot Record) එක සහ Bootloader එක ෆික්ස් කරන එක. පොඩි command දෙකක් දෙන්න තියෙන්නේ.
C:\boot>bootrec /fixmbr
ඒක success කියලා message එක ආවම
C:\boot>bootrec /fixboot
ඒකත් success කියලා message එක එයි.
වැඩේ ගොඩ!!!
Restart කරලා ගත්තම එනවා මෙන්න මේ window එක.
ඔතනින් එහාට කරන්න ඕනේ දේ මම කියන්න ඕනේ නැහැනේ නේද....
උගත් පාඩම්...
- Dualboot කර තිබෙනා විට Windows තුළින් ගොස් ලිනක්ස් පාටිෂන් Delete කිරීම සිදු නොකළ යුතුය.
- කොච්චර Windows විරෝධියෙකු වුවත් අවශ්‍ය අවස්ථාවකදී පාවිච්චිය සදහා Windows පිටපත් කීපයක් (තියෙන version හැම එකකිංම වගේ)තබා ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
- අපට ඇති ඕනෑම ගැටළුවකට විසදුම් හෝ අඩුමගානේ විසදුම හොයාගන්නා ක්‍රමයක් හරි අන්තර්ජාලයේ ඇත. අවශ්‍යවන්නේ එය සොයා ගැනීමට අප තුළ නිබිය යුතු උනන්දුව පමණි.
- බැහැ හෝ දන්නේ නෑ කියා දෙයක් මෙලොව නැත. අද උදේ වෙනතෙක් ඔය වැඩේ කරන්න නොදැන සිටි රනා දවල් 12 වෙන්නත් කළිං ඒ ගැන ලිපියකුත් ලියා අවසාන වී ඇත.
කව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, රනා නං ලිනක්ස්!!!
ජයවේවා FOSS!!!
වැඩිදුර:
grub rescue> prompt එකේදී අප දන්නා බොහොමයක් ලිනක්ස් command ප්‍රතිචාර දක්වන්නේ නැත.
හරි ගිය එකම command එක වන්නේ ls පමණි.
ඉන් හාඩ් එකේ ඇති පාටිෂන් ටික පෙන්වීය.
Windows තුළින් ගොස් සාර්ථකව ලිනක්ස් පාටිෂන් ඉවත් කළ හැකි ක්‍රමයක්ද ඉහත සොයා ගැනීම් සිදු කරද්දී රනාගේ ඇස ගැටුණි.
ඒ වෙලාවේ අවශ්‍යතාවය එය නොවූ නිසා වැඩිදුර පස්සෙන් පැන්නුවේ නැත.
පස්සේ වෙලාවක ඒකත් කරලා බලමු....

තවත් වැඩිදුර:
මේ ලිපියේ අන්තර්ගත ඡායාරූප එකක්වත් රනා විසින් ගත් ඒවා නොවේ. ඔක්කෝම අන්තර්ජාලයෙන් සොයාගත් ඒවා වේ. එම නිසා සෑම ඡායාරූපෞඅකටම ඉහළින් එය උපුටා ගත් තැනට සබැදියක් එක්කර ඇත.
ඉවැන්ජලික ලිනක්ස් පරිශීලකයෙකු/ගුරෙකු දකින්න ලැබීමත් සතුටක්!
ReplyDeleteඉවැන්ජලික යන වදනෙහි තේරුම දැනගැනීමට කැමති.
Deleteමාද ලිනක්ස් භාවිත කරන්නේ වසර තුන හතරක සිටයි...මගෙන් ලිනක්ස් උණ ගෙන භාවිත කරන්නන් හතර පහක් ම සිටී...ලිනක්ස් ඕ එස් එකක තියන ලස්සන සහ ස්පීඩ් එක අනික් ඒවයි මට එන්නෙ නෑ...
ReplyDeleteහාහාහා මටත් ඕක උනෝ :D :D මම කරපු දේ නම් කියන්න විලි ලැජ්ජයි.. ඒක නිසා කියන්නෙ නැ..
ReplyDeleteකව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, හාවත් ලිනක්ස්!!!
:D
ඔය කට්ට මාත් දෙතුන්පාරක් ම කාලා තියෙනවා.අමතක වෙලා.හැබැයි මම නම් වැඩේ ගොඩ දාගත්තේ මොකද්ද පොඩි ටූල් එකකින්.වැඩේ කියන්නනේ දැන් නම අමතකයි නේ...
ReplyDeleteමටත් ඕකම උනා.... උපදෙස් පැතුවෙ ඔය උඩ ඉන්න එකාගෙං. ඌ දුන්න උත්තරෙත් ඌම දාල තියනව නේ.....!!
ReplyDeleteකව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, මංනං dual boot!!!
රනා ඔයාට පුලුවන්ද උබුන්ටු ස්ථාපනය කරන හැටි පොස්ට් එකක් දන්න.. (වින්ඩොව්ස් 7 උබුන්ටු Dual boot කරන හැටි) මමත් උබුන්ටු දන්න ගියාම හඩ් ඩිස්ක් එක Partition කරන්නන තෙරන්නේ නැ..එක කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
ReplyDeleteකොහොමත් රනා අයියා වැඩ කාරයානේ......
ReplyDeleteඅයිය නම් දෙයියෙක් නෙමේ දේවාලයක්....මමත් ඔය පුරස්නෙට මූණ දීලා ඉන්නේ...දැන් 40GB වැඩ කරන්වන්න විදියක් නැතු ඉන්නවා....හෙටම මේක කරන්න ඕනේ....
ReplyDeleteඑළ එළ මමත් ලැපාට උබුන්‍ටු දාලා අයින්කරා.....ගෙදර එක්කෙනා කිව්වා මේ මොකක්ද උඹලකඩ ද මොකක්ද එකක් ලෝඩ් වෙනවා කියලා....ලැජ්ජාවට අයින් කරේ.....
ReplyDeletemamat Linux tamai
ReplyDeletethanks rana.........
ReplyDeleteRana wagema Bima th LINUX ...!!!!!!!!!1
ReplyDeleteමට ඔය මංගල්ලය දවසක් උනා. මම ඉතින් මෙලෝ මලදානයක් දන්න එකෙක් යැ .ආයෙත් දැම්මා. මට තියනවා පුරැද්දක් ඔන කරන එව්වා dvd එකකට දාලා තියාගන්න. ඒක හින්දා අවුලක් නැ.
ReplyDeleteහම්මේ මටත් ඕක linux වලට ආපු මුල්ම කාලේ උනා :) ඒ දවස් වල මාර මාර ප්‍රශ්න ආවේ ,
ReplyDeleteSuper grub disk hybrid,resctax කියන tool දෙකෙන්ම linux,windows grub දෙකම fix කරනවා.
ReplyDelete