Wednesday, March 6, 2013

ඔබට සුබ ගමන් මගේ මිත්‍රයා... | Good Bye Comrade...


මම ඔබව කවදාවත් දැකලා නැහැ... 
කතාවක් අහලත් නැහැ...
අඩුම ගානේ, ඔබේ කතාවක් කියවලාවත් නැහැ...
ඒත්,
ඔබ මම ගරු කරන පුද්ගලයෙක් විදියට හැමදාම හිටියා...
ලෝකෙම ලොක්කගේ අල්ලපු ගෙදර ඉඳගෙන,
ලොක්කාගේ පදේට නටන්නේ නැතුව,
ඔබේ පදේට ඔබ නටද්දි,
මගේ ලෝකයේ ඔබ වීරයෙක් උනා...
ඔබ විශ්වාස කරපු දේශපාලන දර්ශනය,
මම එකහෙළා විශ්වාස නොකරත්,
ඔබේ දේශපාලනය,
මගේ දේශපාලනය එක්ක සමපාත නොවුනත්,
හැමදාම මම ඔබේ කඳවුරේ හිටියා...
ඒ ඔබ ඔබම නිසා...

අද ඔබ නැති උනාම,
ඒ සන්තෝසෙට,
කිරිබත් කන අය, රතිඤ්ඤා පත්තුකරන අය,
ඔබේ රටෙත් ඇති...
ඒ දේශපාලනයේ හැටි...
පරිනත නායකයෙක් වෙච්ච ඔබ,
ඒ බව දන්නා බව මම දන්නවා...

එසේනම් මගේ ආදරණීය මිත්‍රයා,
හියුගෝ චාවේස්....
අපි හැමෝම යන ගමනක්,
ඔබ අපිට කළිං ගියා...
ආයෙත් කවදාකහරි දවසක,
ඔබත් අපිත් හමුවේවි...
අන්න එදාට,
ලොක්කාගේ පදයට නටන්නේ නැතිව,
ඔබේ පදයට නටන ඔබ දිහා බලාගෙන,
සන්තෝසෙන් ඉන්නං...
ඔබට සුබ ගමන්...

6 comments:

  1. මමත් ආදරය කල මනුස්සයෙක්... නිර්භීත කමට... මම හිතන්නෙ උඹ කියන්නෙත් ඒක... ප්‍රතිපත්තිය අදාල නෑ...

    ReplyDelete
  2. ප්‍රතිපත්තියක් නෙමේ මේ මනුස්සයා පුදුමාකාර එඩිතර කෙනෙක්,,, මමත් ගොඩක් ගරු කලා මේ මනුස්සයට

    ReplyDelete
  3. ආයෙත් කවදාකහරි දවසක,
    ඔබත් අපිත් හමුවේවි...
    අන්න එදාට,
    ලොක්කාගේ පදයට නටන්නේ නැතිව,
    ඔබේ පදයට නටන ඔබ දිහා බලාගෙන,
    සන්තෝසෙන් ඉන්නං...
    ඔබට සුබ ගමන්...
    පුළුවන්නම් මේ දෙරනට වඩින්න

    ReplyDelete
  4. ඔබ විරුවෙකි. රටට, ජනතාවට ආදරය කළ අයෙකි. මේ මා අසා ඇති ආකාරයයි. ඔබ වැනි ජනතාවාදී නායකයන් තව බිහි වේවා.

    ReplyDelete
  5. නිර්භීත මනුස්සයෙක්...කොන්දක් තියන නායකයෙක්. සුභ ගමන්!

    ReplyDelete
  6. :( හරිම දුකයි .
    මමත් ගරු කරන පුද්ගලයෙක්

    ReplyDelete