Monday, October 14, 2013

ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A


     පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්.
ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් හා මතවාද හොඳ පදනමක් වේවි කියල දැනුනා... තැන් තැන්වල තිබුණ ඒ අදහස්, මතවාද එක්කහු කරලා මේ විදියට පෝස්ට් එකක් බවට පත්කළේ ඒකයි...
මේ සංවාදය වඩාත් යහපත් සංවාදයක් බවට පත් කරන්න ඔබටත් පුළුවං...
එන්න, අපිත් එක්ක එකතුවෙන්න...


ඔය කිව්වට කවුද ඕවා සල්ලි දීලා ගන්නේ... අපි ජාතියක් වශයෙන්ම කම්බ හොරුනේ... 
මගේ හිතවතෙක් කිව්ව දෙයක්...

දුන්න පිළිතුර...
මේක මචං අර "රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුව දිය කෙළියේ…" කේස් එකක්...
පෞද්ගලික පරිගණකවලත් OS එක ජෙනුයින්ද කියලා බලන කාලේ වැඩි ඈතක නැහැ...
හොරබඩු නං,
රුපියල් ලක්ෂ 5ට අඩු දඩයක් හෝ, මාස 6කට අඩු සිර දඳුවමක් හෝ, දෙකම සෙට් වෙන්න පුළුවං...
මෙන්න උදාහරණ...

ඊළඟ එක,
හොර මෘදුකාංග සමඟ එන ආරක්ෂාව පිළිබඳ ගැටළු...
නිකමට කල්පනා කරලා බලන්න,
වයිරස් කේස් නිසා කොම්පියුටරේ ෆෝමැට් කරපු වාර ගාන...
ෆෝමැට්කරලා ඉවරවෙලා ආයේ අනිත් සොෆ්ට්වෙයා දාන්න වින්ද දුක...
වයිරස් නිසා නැතිවෙච්ච ඩේටා....
වින්ඩෝස් ජෙනුයින් උනාට මචං අනිත් සොෆ්ට්වෙයා ජෙනුයින්ද?
ඔෆිස්, ෆොටෝසෝප්, නීරෝ උනත් ජෙනුයින් නෙමේ...
මම ටක්කෙටම කියන්නං,
උඹේ කොම්පියුටරේ තියෙන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයා දෙකයි...
පළවෙනි එක ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම්...
අනික VLC/KPlayer/GomPlayer එක...
ඔය දෙකත් නිදහස් හා විවෘත මෘදුකාංග...
ඕනේ තරං විස්කි තියෙද්දි,
හිත යද්දි කසිප්පුවලටමනං,
ඒක විස්කිවල ප්‍රශ්නයක් නෙමේ මචං,
බොන එකාගේ මානසික ප්‍රශ්නයක්...

--මේ සංවාදයෙන් පසුව හිතවතා කිව්ව විදියට ඔහුගේ පරිගණකයේ තිබෙන්නේ ජෙනුයින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ඔහු එදිනෙදා අනෙකුත් පරිගණක ආශ්‍රිත වැඩ කටයුතු කරන්නේ ගූගල් සමාගමෙන් ලබාදෙන සේවාවන් ඔස්සේ... එමනිසා ඔහු පිළිබඳව කරපු උපකල්පනය වැරදියි...


ලිනක්ස් හොඳ ඇති. හැබැයි මට ඉතිං ඒක ඉගෙන ගෙන වැඩක් නැති වෙයි.... ඉස්කෝලෙන් කරන්න කිව්වොත් කරනවා..මම හිතන්නෙ නෑ ඕලෙවල් වෙනකං පොඩ්ඩන්ට ලිනක්ස් ඕනෙ වෙයි කියලා....
මගේ හිතවතියක්...

පිළිතුර...

පළවෙනි කාරණේ,
අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේකයක්ම නිකුත් කරලා තියෙනවා පාසැල් පරිගණක විද්‍යාගාරවලට මින් ඉඳිරියට ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ ජෙනුයින් මෘදුකාංග පමණයි කියලා... එතකොට ඔප්ෂන් දෙකයි... එක්කෝ සල්ලි දීලා ගන්න ඕනේ... නැත්තං නිදහස් මෘදුකාංගවලට යොමුවෙන්න ඕනේ...
OL/AL සිලබස් දෙකම බොහොම ලස්සනට ඉගෙන ගන්න පුළුවං නිදහස් මෘදුකාංගවලින්...

තියෙන පාඩම් ටික බලමු,

Word Processing, Presentation, Spreadsheet...
මේවා MS Office වලින් වගේම වෙන ඔෆිස් මෘදුකාංගවලිනුත් කරන්න පුළුවං... උදාහරණෙට LibreOffice වලින්...

Image Manipulating බොහොම පොඩ්ඩක් තියෙනවා..
ඒකට තමා ඔය හැමෝම ෆොටෝසෝප් ෆොටෝසෝප් ගාන්නේ... GIMP වලින් ඉගෙන ගන්න වැඩේ බොහොම අපූරුවට කරගන්න පුළුවනි...

තව HTML ටිකක් උගන්නනවා... ඒකට හොරෙං පාවිච්චි කරන Dreamviewer වෙනුවට ඔරිමජිනල් Geany පාවිච්චි කරන්න පුළුවං...

වැඩිය ඕනේ නැහැ... ප්‍රෝග්‍රෑමිංවලට තියෙන්නේ VB6 (මේක අධ්‍යාපන පද්ධතියට එක්කහු කරපු/කරන්න උපදෙස් දීපු කෙනාගේ හතරවරිගෙම නිවන් යන්න ඕනේ කරපු පිනේ බල මහිමෙට).. ඕකට VisualStudio 2000 ඕනේ නැහැ, Gambas වලින් VB6 ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවං...

ඔය කිව්වේ OL ගැන...

AL ගැන එකම දෙයක් කියන්නං...
ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න තියෙන භාෂාව Python...
වින්ඩෝස්වලදි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ...
ලිනක්ස් OS ඕනෙම එකක Default ඉන්ස්ටෝල්කරලා එන්නේ...

1වසරේ සිට 9 වසර දක්වා පොඩි පැංචොන්ට...
ඉගෙනගන්න උදව්කරන මෘදුකාංග දහස්ගාණක් තියෙනවා
චක්කරේ පාඩං කරගන්න, ගණං හදන්න, සමාජ අධ්‍යයනය ඉගෙනගන්න විතරක් නෙමේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නවානං ඒකට උනත් පාවිච්චි කරන්න පුළුවං මෘදුකාංග බොහොමයි... අපේ රටේ අපේ එවුංම හදන "හන්තාන ලිනක්ස්" OS එකේ ඒ මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල්වෙලාමයි එන්නේ... මේ තියෙන්නේ ඒ තියෙන මෘදුකාංග...


මේක ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ලිනක්ස් වලට එදා ඉඳන් උනේ ස්වාදීන කණ්ඩායම් හැදිලා තනි තනි ලෝක වල ජීවත් වීම ( ඩිවලොප් කිරීම ) ..
මගේ හිතවතෙක්...

පිළිතුර...

85% බොරු... 15% ඇත්ත...
ඒක තමයි මෘදුකාංගකරණයේ නිදහස කියන්නේ...
තමන්ට කැමති දේ තමන් හදාගන්නවා...
මෘදුකාංග හදාගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ (මමත් ඇතුළුව) ඒ හදලා තියෙන ඒවා පාවිච්චි කරනවා...
එකක් පාවිච්චි කරලා ඇති උනාම, ඒකට එහෙම පිටිංම වෙනස් වෙන එකක් පාවිච්චි කරනවා...
ඒකත් ඇති උනාම තවත් එකක් පාවිච්චි කරනවා...
මෘදුකාංග සංවර්ධනය කරන කිසිම පුද්ගලයෙක් කිසිම ආයතනයකට බැඳිලා නැහැ...
පාවිච්චි කරන පුද්ගලයොත් බැඳිලා නැහැ...
මේක එපා නං වෙන එකකට යන්න ඕනේ නිදහස උපරිමයෙන් තියෙනවා...
ඒ වගේම යන්න ඕනේ තරං වෙන ඔප්ෂනුත් තියෙනවා...
කිසිම මූල්‍යමය පාඩුවකින් තොරව...
Proprietary (හිමිකාරීත්වය ඇති) මෘදුකාංගවල නැති දේ තමයි ඕක...
ඒක නං ඒක විතරයි... ඒක කොච්චර ජරාව උනත් වෙන විකල්පයකට යන්න බැහැ...
බැහැ නෙමේ... යන්න පුළුවං... හැබැයි සල්ලි ඕනේ...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
අනිත් එක ලංකාවේ උන් ලිනක්ස් දාගෙන ඉන්නේ පොරත්වය සඳහා ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔව්... පොරත්වය සඳහාම තමයි...
ඔය කියන පොරත්වය නිසා වෙන්න ඇති,
ලංකාවේ ලිනක්ස් පාදක OS නිර්මාණය කරන/පාවිච්චි කරන බොහෝ දෙනෙක්, අවුරුදු ගාණක ඉඳං තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරගෙන,
රට වටේම ස්වේච්ඡාවෙන්,
ලිනක්ස් සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරය කර කර යන්නේ...
එහෙම කළේ නැත්තං තමන්ගේ පොරසිටිය හැදෙන්නේ නැහැ නේ...
නිදහස් හෝ වේවා හිමිකාරීත්වය ඇති හෝ වේවා,
මෘදුකාංගයක් පාවිච්චි කරන කෙනෙක්ව පොරක් විදියට දකින්නේ,
කොම්පියුටරේ කියන්නේ මහත් ඵල මහානිසංස ලබාදෙන,
මහාර්ඝ බලයකින් හෙබි මැෂින් රාජයෙක් විදියට දකින,
මැ**ක්ම තමා...


මේකත් ප්‍රශ්නයකට වඩා අදහස් දැක්වීමක්...
ඩ්‍රයිවර් , හාර්ඩ් වෙයාර් , ෆර්ම් වෙයාර් එකම ෆ්ලැට්ෆෝරම් එකකට එන දෙයක් කලේ නැහැ..
මගේ හිතවතෙක්...

පිළිතුර...
ඔබ මෘදුකාංග ඒකාධිකාරය පිළිබඳව තාම හරි හැටි වටහාගෙන නැහැ...
එහෙම එක කොම්පැණියකින්,
සියල්ල ලබාදෙන තත්ත්වයක් ආවොතින්,
පාවිච්චි කරන මිනිස්සු නිකංම ඒ කොම්පැණියේ,
රූකඩ වෙන එක අහන්න දෙයක් ද?
ඔන්න ඔය කාරණාව නිසයි,
එක සමාගමක් විදියට නැතුව,
වෙන වෙනම ස්වාධීනව සිටීමේ වාසිය,
පාරිභෝගිකයට ලැබෙන්නේ...
එක ලිනක්ස් OS එකකින් තමන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම්,
වෙන ලිනක්ස් OS එකකට මාරුවෙන්න පුළුවනි...
එතකොට තමන්ගේ OS එක මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි කියලා දැනෙද්දි,
OS එකේ නිර්මාපකයන් ඒකත විසඳුමක් ලබාදෙන්න ඉක්මන් වෙනවා...
නමුත් එකම තැනකින් නම් වෙන්නේ...
උඹලට ඕනෙනං පාවිච්චි කරහල්ලා, බැරිනං ඒත් පාවිච්චි කරහල්ලා,
කියලා අදාල සමාගම තමන්ගේ තනි කැමැත්තට වැඩ කරයි...
මිලියන ගාණක් පාරිභෝගිකයෝ,
කරකියාගන්න දෙයක් නැතුව උඩබලාගෙන ඉඳියි..

කොම්පියුටර් අල්ලලා දාන්න...
නිකං මතක් කරගන්න,
අපේ රටේ ජංගම දුරකතන ආපුම කාලේ,
සමාගම් දෙකකින් පාරිභෝගිකයව නටෝපු නැටවිල්ල...

ඊළඟ ප්‍රශ්නේ...
මේ ලෝකේ වින්ඩෝව්ස් , මැක් වලට සාපේක්ෂව ඇයි ලිනක්ස් මූලික වුණු OS සාමාන්‍ය මිනිස්සු අතර භාවිතයේ නැත්තේ ... ?
මගේ හිතවතෙක්...

පිළිතුර...
වැදගත් ප්‍රශ්නයක්...
සරළම පිළිතුර වෙළදාම...
වින්ඩෝස්, මැක් කියන්නේ වෙළඳ භාණ්ඩ...
ලිනක්ස් කියන්නේ තාමත් වෙළඳ භාණ්ඩයක් නෙමේ...
වෙළඳ භාණ්ඩ එක්ක එන පළවෙනි දේ තමා ප්‍රචාරන යාන්ත්‍රණය...
අන්තර්ජාලය පීරලා බලන්න ලිනක්ස් OS එකක් සඳහා කරලා තියෙන වෙළඳ ප්‍රචාරනය...
ඒ වගේම ඊට සාපේක්ෂව වින්ඩෝස්, මැක් සඳහා කරන ප්‍රචාරණය...
සහන් ඇතුළු බොහෝ දෙනෙක් ඔය කියන ප්‍රචාරණ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වෙලා
තියෙන්නේ...
මේ බණ දෙසන මමත් කාලෙකට කළිං එහෙම තමයි... හැබැයි දැං එහෙම නෙමේ...

හරි, අපි ඊළඟ පියවර ගැන හිතමු.
ලිනක්ස් වෙළඳ භාණ්ඩයක් කරන්න බැරිද?
අපොයි පුළුවං... දැනටම කරලා තියෙන්නේ...
ඇන්ඩ්‍රොයිඩ් OS... ඒවත් ලිනක්ස්ම තමා...
මම කියනවට විශ්වාස නොකර හොයලා බලන්න...
ඇන්ඩ්‍රොයිඩ් OS ලෝකෙට නිකුත් කළේ 2009...
අවුරුදු 4ක් යද්දී ලෝකේ ස්මාට්ෆෝන්වලින් 66.9%ක තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක...
ඒකත් එක්ක තරඟ කරන iOS මාකට් ශෙයා එක 2009 දී 18%.. අද 26%...
බ්ලැක්බෙරි එහෙමත් නැත්තං RIM 2009 දි 21%... අද 3.2%.
ලෝකෙම හොල්ලගෙන හිටිය Symbian (NOKIA OS) එක 2009 දී 47%.. අද ලොවෙත් නැහැ...
වින්ඩෝස් මොබයිල් OS එක ගැන අපි කතා නොකර ඉමු...
එතකොට ඒ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ අසාමාන්‍ය මිනිස්සුද?
සමහරවිට ඔබ අතෙත් මේ වෙනකොට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OSඑකක් තියෙන ජංගම දුරකතනයක් වෙන්න පුළුවනි...

ඊළඟ ප්‍රශ්නේ...
හරි ඔක්කෝම අමතක කරලා මට කියන්න සිංහල වැඩ කරන ( ටයිපින් කල හැකි ලිනක්ස් OS ටිකක්...( මන් මේ ඇහුවේ මට දාගන්න ඕනේ නිසා ...)


පිළිතුර
...
2008 ඉඳලා මම පාවිච්චි කරපු/කරන OS ඔක්කෝගෙංම මේ දේ කරන්න පුළුවං...
මම සිංහල යුනිකෝඩ් කොටන්න ඉගෙන ගත්තේත්, බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේත්,
ලිනක්ස් උඩදිම තමයි... මම පාවිච්චි කරපු/කරන OS ටික කියන්නං... කැමති
එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න... අමාරු තැනක්
තියෙනවානං අහන්න...

පාවිච්චි කරපු OS...
Ubuntu 8.04 / 8.10 / 9.04 / 10.04 / 11.04 ---> මේවා ඩවුන්ලෝඩ් කරන්න
මහන්සි වෙන්න එපා...
Fedora 10 / 14 / 15 / 16 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
LankaNet Linux 3 ---> මේකත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...
හන්තාන ලිනක්ස් 11 / 14 / 17 ---> මේවත් දැං ඩවුන්ලෝඩ් කරන්න එපා...

දැනට පාවිච්චි කරන OS
Ubuntu 12.04 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Fedora 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
Cent OS ---> ඩවුන්ලෝඩ් කරගන්න...
හන්තාන ලිනක්ස් 19 ---> ඩවුන්ලෝඩ් කරගන්න...
සහළාන ලිනක්ස් ---> ඩවුන්ලෝඩ් කරගන්න...

ඔය දීලා තියෙන OS හැම එකකම සිංහල ටයිපින් විතරක් නෙමේ,
එදිනෙදා ජීවිතයේදී කරන කියන හැම පරිගණක කටයුත්තක්ම,
අතිශය සර්ථකව, බොහොම පහසුවෙන් කරගන්න පුළුවං...

මේ සංවාදය තවම ඉවර නැහැ...
ඔබටත් ඒ සමඟ එකතු වෙන්න පුළුවං...
ඔබේ අදහසත් ඉඳිරිපත් කරන්න... අපි සාකච්ඡා කරමු...
ඒ සාකච්ඡා තුළින් අවසානයේදී,
වඩාත් යහපත් දේ සමාජයට ලැබෙයි...

මතක තියාගන්න...
ලිනක්ස් කියන්නේ,
බලලා කරන දෙයක් නෙමේ...
කරලා බලන දෙයක්...

ජයවේවා ලිනක්ස්!!!

32 comments:

  1. නියම පෝස්ට් එකක්.... ජය වේවා ලිනක්ස්.... :)

    ReplyDelete
  2. මේක ලියපු එක හොඳයි. තේරුම් ගන්න පුලුවන් උදවිය තේරුම් ගනීවි. මම නම් වින්ඩෝස් සහ ලිනක්ස් දෙකම භාවිතා කරනවා. මට එහෙමටමය කියල අපහසුවක් දැනිලා නෑ.
    මොනා කලත් පොටෝෂොප් ඕනම කියන අයට වයින් දාගන වින්ඩෝස් උඩ රන්වෙන ඕන ප්‍රොග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කරගන්න පුලුවනි.

    ReplyDelete
  3. ආයෙත් කියනව . . .

    ලිනක්ස් රොක්ස් !!!

    ReplyDelete
  4. අපි ඉක්මණට ලිනක්ස් වලට යන තරමට හොඳයි! නැත්තං රටේ ආදායමෙනුත් සෑහෙන කොටසක් පිටට යනවා! දැන් රජයෙන් උනත් දෙන්නෙ සේරම මුදලට ගත්තුවා! ඒත් අපේම කොල්ලොන්ට කියලා ලංකාවට ගැලපෙන ලිනක්ස් සිස්ටම එකක් හැදුවනම් මේ තියන ප්‍රශ්න ෂැහෙන්න අඩුයි අනිවාම!! මාත් කියන්නෙ ලිනක්ස් රොක්! හැමදාම!

    ReplyDelete
  5. Very good article! ඇට්ටි හැලෙන්න දීල තියෙනව නියමෙට :)

    ReplyDelete
  6. ජය වේවා.................. open source go head ,,,,,,,,,,,,,

    ReplyDelete
  7. ඉතා වැදගත් ලිපියක්. මමත් Linux වලට මාරු උනේ 2011දි.ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඇත්තටම මම ගත්තු ඒ තීරණේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. දැන් මම Windows භාවිතා නොකරන තරම්. සියළුම වැඩ Linux වලින්ම කරගන්නවා. මුලින්ම නම් අපහසුතා තිබුනා. නමුත් පුරුදු වෙද්දි Windows වලට වඩා පහසුවක් තියනවා.

    ReplyDelete
  8. මම උබුන්ටු භාවිතා කරනවා දැන් බොහොම කාලෙක ඉඳන්. කිසිම ප්‍රශ්නයක් නෑ. වේගය අඩුවීම්, හිරවීම් ප්‍රශ්න නෑ. සිංහලත් හොඳට වැඩ. ඇඟේ ලේ ටික පුච්චගන්නේ නැතුව මම වැඩකරගන්නවා උබුන්ටු වලින්

    ReplyDelete
  9. වැදගත් පෝස්ට් එකක්.... පෝස්ට් එකට වැඩිම දායකත්වයක් සපයපු කෙනෙක් විදිහට සතුටුයි ...මම මේක දැක්කේ දැන්... ඩනිෂ්ක අද දාපු කමෙන්ට් එකෙත් ගන්න දෙයක් තිබ්බා.. විශේෂයෙන්ම හන්තාන ගෙදරට ගෙන්වා ගැනීමේ ක්‍රමය ගැන....

    දැන් දිගටම කරන්න තියෙන්නේ ලිනක්ස් ලංකාවේ සාමාන්‍ය ජනයා අතරට ගෙන යාම සඳහා කටයුතු කිරීම.. මම මගේ බ්ලොග් එකෙත් බැනර් එකක් එල්ලගන්නම් මේකට ලින්ක් කරලා... පුළු පුළුවන් අය එහෙම හරි සහයෝගයක් දෙන්න ඕනේ මේවට...

    ReplyDelete
  10. මචන් රනා windows වල අපි ගහපු games linux වලත් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔව් පුළුවන් ගොඩක් දුරට සාමාන්‍යයෙන්

      Delete
  11. Thanks.. Few issues i see with Linux Based OS... 1. Hardware Driver Proglems 2. Games Play Support. 3. Limit in the Type of sofware that is available (eg.. illsutrator, flash, photoshop, dreamweaver (the alternates are not so powerful).. Yes true we have no issue as we do not BUY them.. if it comes to that situation yes moving to Linux would be the best. However it is true that wherever people are just using computers to word process or browse the internet.. specially at office environments.. best solution is to go for linux.

    so what is the best for personal use? Ubuntu, Cent OS or Fedora?

    ReplyDelete
    Replies
    1. If you are a beginner, Ubuntu is the best option.
      Fedora is also good. but little bit difficult than Ubuntu.
      I do not have an idea about Cent OS.

      Delete
    2. There are no hardware problems now. Now Linux has 99% hardware support. SteamOS is Linux based. So, AAA titles are coming to Linux. Even, battlefield director talked about Linux. There are many software alternatives. Most of us don't need specialized software to do our daily work..

      Delete
  12. මමත් ලිනක්ස් පාවිච්චි කරපු කෙනෙක්. අද උනත් මම කැමති ලිනක්ස් පාවිච්චි කරන්න එත් එකම ප්‍රශ්නේ තියෙන්නේ adobe suite එක. photoshop වලට gimp ආදේශකයක් උනාට එක 100% ක්ම ආදේශකයක් නෙමේ. illustrator වලට inscape 100% නෑ. after effect වලට තියෙන විකල්ප ගැන කතා කරලා වැඩක් නෑ. premire හා ඉතුරු ඒවත් එහෙමයි. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ alternative softwares වල features හදන්නේ adobe suite එකේ ඒවා ආවට පස්සේ. මමනම් කියන්නේ මේ වගේ ප්‍රශ්න නැත්තම් ලිනක්ස් පාවිච්චි කරන්න ගන්න එක හැමෝගෙම යහපතට හොදයි.

    ReplyDelete
    Replies
    1. linux waladith adobe suite eka onima nam http://www.codeweavers.com/

      Delete
  13. ගෑණු ළමයි අතරෙ ඇයි ලිනක්ස් එච්චර ජනප්‍රිය නැත්තෙ? මෝඩ ප්‍රශ්නයක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. මං අපේ වයිෆ්ට දාලා දුන්නා හන්තාන :D

      Delete
    2. ඇයි ලස්සන වංචාකාර කොල්ලන්ට ම ගෑනු ළමයි කැමති වෙලා අමරුවෙ වැටෙන්නේ? ඒ වගේ තමයි. Upgrade the Kernel :D

      Delete
  14. මගෙත් තියෙනවා විස්ටා කේස් එකක් හින්ද අප්සට් වෙච්ච ලැප් ටොප් එකක්... මට ඔය සොෆ්ට්වෙයාර් ඩිවෙලොප්මන්ට් වැඩ ඒ තරම් තේරුමක් නැති හින්ද මං අපේ මලයට කිව්වා විස්ටා හොයන්න දඟලන්න එපා, හන්තාන දාලා දෙන්න කියලා.. මොකද මට ඒ ලැප් එක ඕනෙ වෙන්නෙ ෆිල්ම් ටික බැක්අප් කරන්න විතරයි... ඒ නිසා මං මේ දුවන් ආවෙ හන්තාන එකේ VLC player එක වැඩ කරනවද කියලා අහන්න.. පේන හැටියට පුළුවන් වගේනේ... හි හි

    ඉස්සර වින්ඩෝස් පාවිච්චි කරන කාලේ ඇපල් කියන්නේ මාර අමාරු ගේමක්... දැන් ඇපල් යූස් කරන නිසා දන්නවා OS අනුව මේකෙ මහ ලොකු වෙනසක් නෑ කියලා.. ඒක නිසා දැන් නං මහා ලොකු බයක් නෑ ඕපන් සෝර්ස් වලට... හි හි ... ඒත් ඕපන් සෝර්ස් වල මට තියෙන එකම ප්‍රශ්නෙ තමයි මහ ගොඩක් තියෙන නිසා එකක් තෝරගන්න බැරි එක... එකෙක් හොඳයි කියන එක තව එකෙක් කියනවා ඒකට වඩා මේක හොඳයි කියල... හි හි.. කෝකටත් ඉතිං හන්තාන ගැන අහගන්න නං දන්න කියන එකෙක් දෙන්නෙක් ඉන්න නිසා හන්තාන හොඳයි කියලා හිතෙනව.. ( මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නං ඉතිං කෝල් එකක් අරං බනින්න හරි පුළුවන් නේ.. හි හි) මං හරි කැමතියි ඩනිෂ්කලගේ ඔය හන්තාන ලිනක්ස් ප්‍රෝග්‍රෑම් එකට... අපේ උන් හැමදාම එක එකා මත යැපි යැපි, අරක දියන් මේක දියන් කිය කිය ඉන්නවට වඩා තියෙන තරමින්, තමන්ට පුළුවන් දේ කරන්න පටන් ගත්ත දවසට තමයි දැං මේ හැම එකාටම කම්පියුටර් එකක් අරන් දුන්න එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්නෙ...

    තව එකක් තියෙනවා... ඒකත් මෙතනම කියන්නං... වින්ඩෝස් වල පොත් සහ වෙන වෙන ටයිප් සෙටින් වැඩ කරද්දි අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කීමෑන් (Keyman) කියල... මේක යුනිකෝඩ් එක නෙවෙයි.. සාමාන්‍ය සිංහල ෆොන්ට්ස් වල ඇලපිලි, ඉස්පිලි සම්බන්ධ කරලා එකපාරටම ටයිප් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.. ඔන්න ඕකට ඔල්ටනේටිව් ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් නම් හොදයි... දැනට කීමෑන් සිංහල වර්ෂන් එක මැක් වලට සපෝට් කරන්නෙත් නෑ.. මං හිතන්නේ ඉතිං අපේ මැක් භාවිතාවත් හරිම අඩුයිනේ... ඒක නිසා වෙන්නැති... ඒත් මැක් වලටත් සපෝට් කරන විදියට ඒ වගේ ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් නම් අපිට කීමෑන් පාවිච්චියත් අතෑරලා, ලංකාවේ කෙනෙක්ට අත හිත දෙන්න පුළුවන් වෙයි.. මං දන්න සොෆ්ට්වෙයාර් ඩිවෙලොපර්ලා කීප දෙනෙක්ටම කිව්වා.. ඒත් එයාලට මේක ගැන හැමපැත්තකම දැනුවත් බවක් තිබ්බෙ නෑ.. ඒක නිසා ඒ වැඩේ කෙරැනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මම ඕකට පුද්ගලිකව හදාගත්තු ක්‍රමයක් තියෙනවා.. මහා දෙයක් නෑ.. ඉතාම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්.. මේක බලන්න.. https://www.facebook.com/groups/omglinux/permalink/531564060233311/

      Delete
  15. guys i just give you tip, If you Ubuntu user there is a Q about update every day. so this is the solution -> Debian. Father of Ubuntu. you can get from there http://www.debian.org/distrib/ All the very best. Jayanath

    ReplyDelete
  16. ලිනක්ස් තමයි ලෝකයේ වැඩයෙන්ම භාවිතා වන මෙහෙයුම් පද්ධතිය. රූපවාහිනී යන්ත්‍ර, රේඩියෝ, (සෙටප්) Setopbox, (උදා. DIalog TV) දුරකථන, ටෝස්ටර්, අවන්, නිවෙස් ආරක්ෂණ පද්ධති, ජංගම දුරකථන, කාර් (බෙන්ස් කාර්වල දුවන්නේ ලිනකස්.. මේ වෙද්දී එයාලා හදලා තියෙනවා කාර් එක විසින්ම ධාවනය කරන එකක්, ඒක වැඩකරන්නේ උබුන්ටු වල) ගුවන් යානා, ගුවන් ට්‍රැෆික් පාලක පද්ධති, Stock markets, NASA, Google භාවිතා කරන්නේ උබුන්ටු පමණයි, Facebook එකේ සර්වර් ඔක්කොම ලිනක්ස්, German Police, UK government sector, Chinas' official OS is Ubuntu. ඉතින් තව කියන්න පුළුවන් ඕනේ තරම්.. ලිනක්ස් තමයි හැම තැනම භාවිතා වෙන්නේ.. ඒක නිසා ලිනක්ස් කියන්නේ අද හෙට නවතින එකක් නෙමෙයි. නිතරම අලුත්ම තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එකක්..

    ReplyDelete
    Replies
    1. Guess you are talking about unix

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ Anynymouse: Unix is not Linux. It is a different version and runs a different Kernel,
      Linux shares the desktop market and UNIX and Linux both share the server market. Windows is still governing the enterprise internal networks and PCs. Linux can be more robust except it takes months to patch kernel vulnerabilities.

      The companies listed above uses Redhat (RHEL) based systems. They are not for free. Nasa uses Debian for PC/LAPs and RHEL for servers. Ubuntu is a Debian based OS as well but Ubuntu is not really Debian. They do not use Ubuntu but in some places it is being used. They were using XP for PCs. lol!
      Facebook uses RHEL and CentOS. They hardly use Ubuntu to run servers. They use various Linux flavors internally (internal networks). CentOS and CERN are free.
      US Stock Exchange use RHEL.
      RHEL is the dominating platform for servers. Then comes CERN and CentOS.
      Google uses a fully customized version of Ubuntu.
      Dabian could use either Linux or FreeBSD kernel. So, it is not Linux sometimes (Linux vs KFreeBSD).
      Simply, Linux is not just Ubuntu. It is the Kernel. Kernel is not a complete OS. So, when posting stuff, the stats have to be accurate and Linux distros should be included. And do not think enterprise flavors come for free. RHEL is the bad-ass Linux distro for the cyber space.

      It is a good thing that China moved for Linux. We should think about that too. However, the negative issue is China is more command-control oriented and SL is becoming the same. Freedom is to let others use free OSs. Not customized version for everyone. It has good points when comes to education, literacy and health care etc. But, they also have hidden agendas.
      So simply, you want different OSs for different scenarios. Linux helps to bend it as we want. It is not always the truth. Some scenarios are time and resource critical. We have to learn everything and each OS and build on of our own with time.

      Delete
    4. You are partially correct; but for a better understanding about Unix Vs Linux you can refer below URLs
      http://www.diffen.com/difference/Linux_vs_Unix
      http://www.ibm.com/developerworks/aix/library/au-unix-difflinux.html

      Delete
  17. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  18. isn't it bit funny that you promote open source /freeware but still publish links to pirated movies (torrents)?
    The biggest issue/topic in internet is not software piracy but movie/music piracy.

    ReplyDelete
  19. ලිබර් ඔෆිස්වල සිංහල යුනිකෝඩ්වලින් වැඩ කරන්න බෑ නේද?

    ReplyDelete