Thursday, May 7, 2015

100 | Century





මේක බොහොම පොඩි සටහනක්...

එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා...

මම රනා.
බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉ‍දංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.

මේ තියෙන්නේ රනා ලියන බ්ලොග් එකේ පළවෙනිම පෝස්ට් එකේ පළවෙනිම වාක්‍ය තුන හතර... මේ ටික ලියලා තියෙන්නේ 2009 ජූනි මාසේ 23වෙනිදා... අදට අවුරුදු 6ට මාසයයි දවස් ගාණයි අඩු... බ්ලොග් පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 6ක් ගියේ ඇයි කියන එක කියවන ඔබට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම හේතුවයි... කම්මැලිකම!!!

මේ බ්ලොග් සටහන් 100න් 52ක්ම ලිව්වේ පැය 24ක් ඇතුළත. ඒ 2010 අවුරුද්දේ අප්‍රේල් 24වෙනි සෙනසුරාදා සිට 25වෙනි ඉරිදා වෙනකං තිබ්බ සිංහල බ්ලොග් මැරතන් තරඟේදි. එදා පැය 12ක කාලෙකදි බ්ලොග් පෝස්ට් 52ක් ලිව්වා... ඊට පස්සේ තමයි හොඳම හරිය... 2011 අවුරුද්දේ ඉඳං අද මේ මොහොත දක්වා, මේ සටහනත් ඇතුළුව ලියලා තියෙන්නේ හරියටම බ්ලොග් පෝස්ට් 25යි. හැබැයි හැම අවුරුද්දෙම බ්ලොග් පෝස්ට් එකක් හරි ලියන්න තරං දක්ෂතාවයක් මගේ තිබිලා තියෙනවා... ඒ ගැන හරි සන්තෝසයි...

මේ බ්ලොග් පෝස්ට් 100 පුරාවට එක එක ජාතියේ විකාර ලියලා තියෙනවා. රනාගේ චින්තන, නිදහස් මෘදුකාංග, ලිනක්ස්, කතන්දර, කවි, ෆොටෝ, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් වැඩකෑලි, චිත්‍රපටි විචාර, පොලිස් කේස්, අරක්කු ගැන... මේ වගේ ගොඩාක් දේවල්... බ්ලොග් පෝස්ට් එකක් ලියන එක හරි ආස හිතෙන වැඩක්... නමුත් ඉතිං උප්පත්ති කම්මැලිකම ඔය හැම එකටම වඩා විශාලයි...

බ්ලොග් නිසා ලැබුණ දේවල් විශාලයි... ඉන්ටර්නෙට් එකේ මගේම කියලා පෙන්නන්න තියෙන එක දෙයක් තමයි බ්ලොග් එක... ඒ වගේම තමයි අඳුරගත්ත හිත මිත්‍ර සෙට් එක... ලේසියෙන් සෙට් වෙන්නේ නැති වපසරියක විශාල පිරිසක් අඳුරගන්න ලැබුනා අන්තර්ජාල ජීවිතේ නිසා... වැදගත්ම දේ ඒ අයගෙන් බහුතරයක් යුනිකෝඩ් මිනිස්සු නෙමේ... යුනිකෝඩ්වලිං එහාට ගිය ලොකු බැඳීමක් තියෙනවා එතන... 

මම කවදාවත් ප්ලෑන් කරලා බ්ලොග් පෝස්ට් ලිව්වේ නැහැ... ඉස්සරහට එහෙම ලියන එකකුත් නෑ... ඒක නිසා 150වෙනි පෝස්ට් එක හෝ 200වෙනි පෝස්ට් එක කවදා ලියවෙයිද දන්නේ නැහැ... සමහරවිට ලියවෙයි... සමහර විට ලියවෙන එකක් නෑ... බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න ලොකු කැමැත්තක් තියෙනවා... බලමු...

හරි එහෙනං... අවුරුදු 6ක් තිස්සේ මේ බ්ලොග් එක කියවපු, කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, ඔබ හැමෝටම බොහෝම ස්තූතියි... ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු...

ජයවේවා!!!

30 comments:

  1. අයියේ ඔයා හොඳට ලියනවා. දිගටම ලියන්න. කියවන්න අපි එන්නම්.

    මම එක නේද? ;-)

    ReplyDelete
    Replies
    1. එළ එළ නංගී...
      ඔව් ඔයා තමයි එක...

      Delete
    2. ඔයා කොහොමද දන්නෙ මේ නංගි බබෙක්ද මල්ලි බබෙක්ද කියලා?

      කොහොම වුනත්...
      එළ පෝස්ට් එක අයියේ...
      හරිම ලස්සනයි...
      තර්කානුකූලයි...
      සිංහල බ්ලොග් අවකාශෙ මෙහෙම ලියන්න පුළුවන් රනාටම විතරයි...
      ++++++
      ජයවේවා....
      අපේ පැත්තෙත් ඇවිත් යන්න....

      Delete
  2. ජය වේවා..! තව තවත් ලියවෙවා..!

    ReplyDelete
  3. දෙසීය එනකොට තව සෑහෙන කල් යයි වගේ

    ReplyDelete
    Replies
    1. දෙසීයක් එයිද?
      මට තියෙන ප්‍රශ්නේ ඒකයි...

      Delete
  4. ආයේ හම්බ වෙන්නේ 101 න්ද? :P

    සුබ පැතුම්! :D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...
      සුබ පැතුමට ස්තූතියි...

      Delete
  5. බැලු බැල්මට මම හිතුවෙ දින සීය ගැන විචාරයක් දෝ කියලා. සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්...
      100 දැක්ක ගමං ඔලුවට එන්නේ ඒකනේ නේ...

      Delete
  6. දිගටම ලියපන් සහෝ ජය වේවා

    ReplyDelete
  7. ජයවේවා! දෙසීය ලියන්න තව අවුරුදු හයක් නම් නොයේවා!!

    ReplyDelete
  8. රනාගේ සීයට සුභ පැතුම්......!

    සීය පරක්කු උනත් බ්ලොග් ලෝකේට රනා සීයා කෙනෙක්.....!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහෝම ස්තූතියි දුමී අයියේ...
      සීයා කෙනෙක් කියන්නේ ලේසි පාසු ටයිටල් එකක්ද නේහ්...

      Delete
  9. වේගෙන් ලිවුවේ නැතත් බ්ලොග් ලෝකෙන් ඈත් නොවී මෙහෙම හරි ලියන් යන එක වටිනවා අයියේ.. සුබ පැතුම්.. ඊලග අවුරුද්ද වෙද්දී 150ක් ලියන්න බලමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...
      බලමු 150ක් ලියන්න...

      Delete
  10. ඔය 2009-10 කාලේ තවත් රණා කෙනෙක් හිටියා නේද, නැති නම් ඒ මේ ර.නා. ම ද?

    ReplyDelete
    Replies
    1. ඒ මම නෙමේ...
      රණරාළ කියලා ලිව්ව බ්ලොග් එකක්...
      තුම්මුල්ලේ ජාවා මගඩිය එක ගැන තමයි එයා ගොඩක් ලිව්වේ...
      හැබැයි හදිස්සියේම ඒ බ්ලොග් එක වැහිලා ගියා...
      හේතුව දන්නෑ...

      Delete
  11. සංවත්සරේට මගෙන් සුබ පැතුම්.

    අර අපි කතා කරමු වීඩියෝ ටිකේ පිටපත් ටයිප් කරලා දැම්මා නම් සීය ගහන්නේ මීට කලින් නේද? අපරාදේ ඒ නාස්ති කරපු කාලේ නම්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රසික අයියා...

      //අර අපි කතා කරමු වීඩියෝ ටිකේ පිටපත් ටයිප් කරලා දැම්මා නම් සීය ගහන්නේ මීට කලින් නේද?//
      හෙහ් හෙහ් හෙහ්...

      //අපරාදේ ඒ නාස්ති කරපු කාලේ නම්!//
      නැහැ...
      ඒක තමයි ඒ කාලේ කරන්න තිබ්බ හොඳම වැඩේ... :-)

      Delete
    2. නෑ නෑ. වීඩියෝ හොඳා. වචන වලින් ලියනවට වඩා වීඩියෝ එකක් කළාම හාස්‍යමය රසය වැඩියි.
      .
      වර්තමාන කාලෙටත් වීඩියෝ හොඳට ගැලපෙනවා. වර්තමාන මෙව්වා එක ගැන වීඩියෝ මෙව්වා එකක් දෙකක් කරන්නකො අපිටත් ටිකක් කතා කරලා හිනා වෙන්න

      Delete
    3. 100 ට 1000 ක් ආයුබෝ වේවා !!!

      Delete
  12. ආයේ තියමු බ්ලොග් මැරතන් එකක්වත්.. නැත්නම් උඹ 200 ලියනකොට අපි මැරිලා ඉඳීවී.. හැක්.

    100 ට සුභ පැතුම්. කම්මැලි කම අඩුවේවා.. වැඩිපුර ලියවේවා!

    ReplyDelete
  13. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම නුවර පාර දිගේ සිය රථය පදවමින් සිටියේය. පෑලියගොඩ් වික්ටෝරියා පාලම උඩදී ඔහු රථය නතර කළේ පහළ ගං ඉවුරේ අමුඩයක් ගහගෙන නාන බුරුසු රැවුලක් තිබුණු මනුස්සයාගේ මුහුණුවර හුරු පුරුදු හෙයිනි.

    "හප්පොච්චියේ මේ අපේ මහින්ද ජනාධිපතිතුමා නේද? මොකද සර් මේ...?"

    "නෑ බං සිරාගෙන් අගමැතිකම ඉල්ලුවාම සිරා කියපි කැළණි ගඟෙන් නාලා වරෙන් කියල. මං බලන්නෙ ඒකවත් කරලා අගමැතිකම ගන්න පුළුවන්ද කියලා..."

    රාජපක්ෂතුමා තව බාල්දියක් ඔලුවේ හලා ගත්තේය.

    (කතා ඇනෝ)

    ReplyDelete
  14. ඔන්න ඔහේ පුළු පුළුවන් විදිහට ලියන්ඩ ළමයා................ අපි ඉන්නවා බලන්ඩ සහ බලාගන්ඩ.

    ReplyDelete
  15. වැදගත් වෙන්නෙ ලියන ප්‍රමාණය නොවෙයි.බ්ලොග් කලාවේ රැඳී සිටීමයි.සුබ පැතුම්!!

    ReplyDelete
  16. මං නම් කැමතියි රසික, ලිනක්ස් ගැන වැඩිපුර ලියනව නම්. සිංහලෙන් ඒ ගැන ලියවෙන නිතර අප්ඩේට් වෙන අඩවි ඇත්තෙම නැද්ද මන්දා. එදිනෙදා පාවිච්චියෙදි එන සරල දේවල් වුනත්, කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වේවි.

    කොහොම නමුත්, ඔබට සුබ පැතුම් !

    ReplyDelete