Saturday, May 22, 2010

මේ මම ගැන නෙමෙයි....



අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් තමාව හඳුන්වාදිය/ හඳුන්වාගත හැක. ඒ කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවී ලියන තමන්ව අනිත්පස සිට එය කියවන පුද්ගලයාට නොපෙනෙන බැවිනි. ඒ අන්තර්ජාලයේ හැටි ය. කවුරුන් හෝ ඒ ගැන දුක්වන්නේ නම් ඔහු හෝ ඇය අන්තර්ජාලයට ඔබින්නෙක් නොවේ.

එකම නමක් පුද්ගලයින් කීප දෙනෙකුටම තිබීම අන්තිම සාමාන්‍යය දෙයකි. එය අපේ රටේ පමණක් නොව ලොව සෑම රටකම දක්නට ඇති දෙයකි. එහිද කිසිම ගැටළුවක් නැත. ගැටළුව වන්නේ ඒ ඒ පුද්ගලයින් කරන කියන දේවල් වලය. එකම නමින් යුත් පුද්ගලයින් කීපදෙනෙක් එක් තැනක සිටීනම් ඒ එක් එක් පුද්ගලයින්ගේ ක්‍රියාවන් එම නමම ඇති අනෙක් පුද්ගලයන්හටද සමපාත වීම එහෙමත් නැතිනම් අනිත් අයගේ එකවුන්ට් 1ට වැටීම නොවැළැක්විය හැක්කකි.

මෙච්චර වැල් වටාරම් ලියුවේ එක් කරුණක් පැහැදිලි කිරීමටය.

බියොන්ඩ් ෆ්‍රේම් විසින් ලියන ලද මේ ලිපියට
"රනා" නමින් කවුරුන් හෝ කෙනෙක් කොමෙන්ට් කර ඇත. එහි කිසිම අවුලක් නැත. මා කළින් කීවාක් මෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම නමක් පාවිච්චි කිරීමේ නිදහස ඇති බැවිනි. එම කොමෙන්ටුවට උත්තර ලෙස හොඳ හිත සහ මල් මාමා කොමෙන්ට් කර ඇත. මෙම කොමෙන්ට් යුද්දය ජයටම කෙරී ඇත. ඒ අතරවාරයේ හො හිත තවත් බ්ලොග් පෝස්ටයක් ලියා ඇත. ඒ මේ නමිනි. "එම්බල රනා ගනු කඩුව එව සටනට නැතහොත් මෙහි නොසිට පලායව..!" ලෙස එය නම්කර ඇත. හො හිත එය ලියා ඇත්තේ ඔහු හා කොමෙන්ට් කළ "රනා" ට බව පැහැදිලිය. කෙසේ නමුත් මා දන්නා පමණින් 2009 ජූනි 23 සිට සිංහල සයිබර් අවකාශයේ "රනා" නමින් සිටියේ මා පමණි. එමනිසා ඉහත හොඳ හිත විසින් පළකළ බ්ලොග් පෝස්ටය කියවන පිරිස එහි කොමෙන්ට් කර ඇත්තේ මා බව සිතීම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් එහි කොමෙන්ට් කළේ මම නොවේ.

කීමට තවත් දෙයක් ඇත. රනා නම් වන මමද දේශපාලනය කරමි. ඒ ගැන වැඩි විස්තර මේ මේ ලිපිවලින් දැනගත හැක. නමුත් ඒ සයිබරයේ නොවේ. බිම් මට්ටමේය. කෙළින්ම කියනවානම් ජනතාව අතරට ගිහින්ය.
මම කිසිදාක සයිබරයේ දේශපාලන සංවාදයන්ට සහභාගී නොවෙමි. ඒ මගේ හැටිය.

කෙසේ වෙතත් ඉහත සංවාදයේ සිටියේ මම නොවන බව කීම සදහාම මෙම ලිපිය ලිව්වෙමි.

ජය වේවා...

5 comments:

  1. මටත් එහෙම දෙයක් උනා... මමත් _ _ කියලා නමකින් කමෙන්ට් කලා අනේ ඒනමම පාවිච්චි කරලා ඊට විරුද්ධ පැත්තට කමෙන්ට් දාලා මට මාර අප්සට් කරන්න දෙයක් නැනෙ... ... මම ඉතින් හිත හදා ගත්තා...(මම සිංහල බ්ලොග් වලට අලුත්.. තව මාසයක් වත් නෑ මම හිතුවා.. මෙක සුලබ දෙයක් කියලා )

    ReplyDelete
  2. රනා සමාවෙන්න ඔබට යම් සිත් රිදීමක් වුවානම්.
    මා පහත කොටස බ්ලොග් පොස්ටයට එකතු කළෙමි
    "අපේ සන්වාදයට හවුල් වූ රනා හැර තවත් රනා කෙනෙක් සිටි.
    ඔහු මේ මම ගැන නෙමයි මගින් එය පැහැදිළිකර ඇත.
    මා පිළිතුරු දුන්නේ වාදයට පැටලුනු රනාටය.ම
    ට හමුවු දෙවනි රනා ,
    ඔබට යම් සිත තැවුලක් විනි නම් සමාවෙන්න.
    මා කිසිවිටෙක ඔබව ඉලක්ක නොකෙරෙමි."

    හොඳ හිත

    ReplyDelete
  3. හූ

    අනේ අපි නොදන්න රනා

    ReplyDelete
  4. ඒ ලිපියට ඔයත් කමෙන්ට් කලා නම්, අර automatically generated icon එකවෙනස් බව පෙනෙයි.

    ReplyDelete
  5. Dear rana,
    I am the rana engaged in the debate with hondhhitha. I am not a frequent visitor of these blogs and did not know that there was another rana. I am reaaly sorry for the inconvenience caused by this.

    Regards
    rana

    ReplyDelete