Saturday, April 24, 2010

මැතිවරණ කතා

රනාට සුව කළ නොහැකි දේශපාලන රෝගයක් තියෙනවා කියලා "රනා ලියන බ්ලොග්" කියෝන ගොඩක් අය දන්නවා. කට්ටියටම මතක ඇති පහුගිය ජනාධිපතිවරණේ දවස්වල රනා කඩේ ගිය කතාව. ඒ බ්ලොග් පෝස්ට් 1 රනා ඉවර කළේ "මහමැතිවරණයටත් මෙළෙසින්ම කඩේ යමි" කියලයි. කිව්වත් වගේ රනා මහමැතිවරණයටත් හොඳට කඩේ ගියා. අවාසනාවකට වගේ ජනාධිපතිවරණේදී වගේ සයිබර් කඩේ යැවිල්ලක් යන්න බැරි උනත් අනිත් හැම ජාතියකම කඩේ යැවිලි හොඳටම යන්න මෙදා පාර පුළුවන් වුනා. මේ කියන්න හදන්නේ ඒ කඩේ ගිය ගමනේ අන්තිමටම වගේ වෙච්ච සිදුවීමක්. හරියටම කියනවානම් මහමැතිවරණයදා වෙච්ච දෙයක්.

මෙදා පාරත් රනා ගියා ඡන්ද ගණින වැඩේට. ගණිනවා කිව්වාට ඇත්තටම රජයේ නිලධාරීන් ගණින 1 බලාන ඉන්න එක තමා කරන්න තියෙන්නේ. කොහොමත් රෑ 12 විතර වෙනකොට ඡන්දේ ගැනලා ඉවරයි. ඊට පස්සේ තමා මනාප ගණන් කිරිල්ල පටන් ගන්නේ. ඔය ඡන්ද ගණිනවා බලන්න යන රනාලා වගේ උදවිය කරන දේ තමා ඡන්ද ගැනලා ඉවර උනාම ඒ ගණින කාමරයෙන් එළියට වෙලා ඉන්න 1. මොකද ඡන්ද ගැනලා ඉවර උනාම දිනපු පැත්ත මොකක්ද කියලා දන්නවානේ. ඉතින් සැහැල්ලු සිතින් එළියට වෙලා ඉන්නයි තියෙන්නේ. අනික ඒ කාමර ඇතුළේ හරිම රස්නෙයි. ඒ නිසා ගොඩක් Countig Agents ලා එළියට වෙලා තමා ඉන්නේ මනාප ගණින වෙලාවට. මේ "රනා අහපු කතාව" ඇහුනේ එහෙම ඉන්න අතරේදීයි.

මෙදා පාර ඡන්ද ගණින්න රනා එක්ක ගිය කට්ටිය අතරේ හිටපු බොහෝ දෙනෙක් ප්‍රාදේශීය සභා එහෙමත් නැත්තම් නගර සභා මන්තිරිවරු. සමහරු වසර 10කටත් වඩා ඒ ඒ මහජන නියෝජිත ආයතනවල මහජන නියෝජිතයින් වෙලා ඉන්න අය. ඔය අතරේ හිටපු එක් මන්තිරි කෙනෙක් තමා මේ කතාව කිව්වේ. අපි එයාට "සුදූ" කියලා කියමු (කොහොමත් ඔය පොඩි පොඩි මන්තිරිතුමන්ලාගේ නම් ඔහොම තමා). සුදූ මන්තිරිතුමා කට්ටිය හිටපු තැනට ටිකක් එහායින් හිටපු කෙනෙක්ව පෙන්නුවා.

"අරූව පේනවා නේද?"
"ඕව්"
"ඕකා දැන් ඔය අපේ පැත්තට Countig ඇවිල්ලා ඉන්නේ"
"ඉතින්"
"උඹලා එකෙක්වත් දන්නවද ඕකා කව්ද කියලා"
බොහෝ අය නැති බව අඟවමින් හිස වනයි. සුදූගේ ගමෙන් පැමිණ සිටින දෙදෙනෙක් සිනාසෙයි.
"ඕකා ගිය ඡන්දෙදි වැඩ කළේ හංසයාට"
"නෑ" රනා ඇතුළු එතැන සිටි බොහෝ දෙනෙක් එහෙම කිව්වා.
"ජනාධිපතිවරණේ දවසේ උදේ මමයි තව කොල්ලෝ ටිකකුයි අපේ ගමේ පාරවල්වල ඇදලා තිබ්බ හංසයෝ මැකුවා. මූ අපේ නම් ලිස්ට් 1 අරගෙන තිබ්බේ අපිට ගේම දෙන්න. බැරි වෙලාවත් හංසයා දින්නානම් එහෙම අපි ඉවරයි. නැද්ද?" සුදූ තම ගමේ පුද්ගලයින් දෙදෙනාගෙන් ඇහුවා.
හ්ම්....
"එහෙම කරපු මේකා මෙදා පාර ___ මහත්තයාගේ Office 1 වැඩ." (හිස් තැනට එන්නේ මෙවර සමස්ත දිවයිනෙන්ම වැඩිම මනාප ගත් අපේක්ෂකතුමාගේ නමයි).
"මම එතෙන්ට ගියාම මූ මගෙන් ඇහුවානේ ඇයි ආවේ කියලා.... මට දේශපාලනේ තිත්ත උනා බං" සුදූ මන්තිරිතුමා අවසාන වශයෙන් කිව්වා.
එතනින් එහාට කව්රුත් ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ.

ඒ කතාව එතනින් ඉවරයි.

ඒ වගේම තව කතාවක් ඊළග ලිපියෙන් දාන්නම්.

3 comments:

  1. හික්, ඕව නැතුව දේශපාලනේ ආතල් එකක් නෑ බං :D

    ReplyDelete
  2. @තමීර | Thameera
    සිරා...

    ReplyDelete