Thursday, August 5, 2010

වේලිච්ච ගොරකා...


ගොරකා දැන් ගොඩක් වේලිලා. මදේ ඇතුළේ තියෙන වතුර වේලිලා යනකොට ලස්සනට තිබ්බ රතුපාට නැතිවෙලා දැන් හෙමීට කළුපාට වේගෙන එන්නේ. ජීවිතෙත් එහෙමද මන්දා... ලුණු වතුරෙන් හෝදලා ගොරකා වේලෙන්න දැම්මම තමයිළු ඒවා මෙලෙක් වෙලා එන්නේ. රනාගේ ගෙදර තියෙන ඒවානම් හරි තදයි. මගෙ හිතේ ලුණු වතුර සත්කාරය ඒවාට දීලා නෑ. ඊළගට තියෙන වැඩේ තමා දුම් ගහන 1.
රනාලාගේ ගෙදර තියෙන්නේ ගෑස් ලිපක් නිසා ගෙදරින් පිට තමා මැස්සක් ගහලා දුම් ගහන්නේ.











හොඳම දේ තමා දැම්මම ගොරකා වලට ඕඩර් එන 1.

කළු උනාට ගොරකා වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

මේ ගොරකා ගෙඩි.

මේ ඊළගට හෝදලා වේලෙන්න දාලා තිබුණ ගොරකා මද.

ගොරකා දුම් ගස්සවද්දී යළිත් හමුවෙමු.

2 comments:

  1. ගොරකා ගොරකා....ලාබයි ලාබායි....එන්න රවාගෙන් ගන්න නිකන් ගොරකා....

    නියම පෝස්ට් එක ඒවගේම පිංතූර ටික.....දැනුම බෙදාගත්තාට ස්තූතියි....

    ReplyDelete
  2. මහ ගොරකයෙක්

    කකුල කැපිලා වම් සපත්තුව නුහුරට වැටී
    පහලටම වැටෙනා මේස් ඇද බැද තැබූ රබර් පටි
    අගුරු ඉස්තිරික්කයට තැනින් තැන කලූ වෙලා
    සුදුපාට කමීසය දැක්ක දා උන් කිවුවා ගොරකයා

    කොහොමවත් මතකයේ හිටියෙ නෑ ඉංගිරිසි
    ඇද්දෙ පැද්දේ නැති නිසා හිනාවුණ උන් එමටයි
    සැන්ඞ්විච් කන හාදයන් මැද ලිදෙන් දිය ඇදන් බිව්
    දඩබ්බර එකා දැක ඇවිලූවා දුක කියා මේකා නම් ගොරකයෙක්

    ටියුට් වෙනුවට කඩදාසියේ ලියාගෙන දුක විද
    ක්ලාස් කට් නොකර කිසි දින මැදියමෙ ද පොත් බැලූ
    ගොරකයෙක් හැබැයි ඌ ගොඩ ගියා පවු බං අහිංසකයා
    ප‍්‍රතිපල ආ දවසෙ එහෙම කිවුවා හුග දෙනෙක්

    රතු පාට මහ ලස්සනක් පේනවා ජීවිතේහැමදාම
    ගෙඩි වැටී ගස් යටින් යන්න බැරිවෙන්නට කලින්
    නෙලා බික් අතුරලා නිසි පදම දැන වේලූවොත්
    ගොරක කලූ වෙනවා වගේ ඇඹුල නැහැ මේ ගමන

    ReplyDelete