Tuesday, February 7, 2012

අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න | For Drinkers and Smokers !!!

            
අරක්කු සහ සිගරට් යනු වර්ථමාන ශ්‍රී ලංකාවේ මේ ලිපිය ලියන මොහොතේත් ඉතාම වැඩි වේගෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ දෙකකි. මිල කොච්චර ඉහළ දැම්මත් මේ භාණ්ඩවල ඉල්ලුම අඩු වෙච්ච බවක්නම් සමාජය තුළදී දක්නට නැත. ඊට සාපේක්ෂව මිළ කොපමණ ඉහළ ගියත් පරිභෝජනය වැඩි බවනම් පැහැදිලිව දකින්නට පුළුවන. රජය වුවද කිසිම පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවකදී බදු අයකරමින් මිල වැඩි කරන්නේ මේ හේතුව රජයේ උදවියත් ඉතාම හොදින් දන්නා හදුනන බැවින් විය යුතුය. ඒ වගේම කිරිපිටි, ගෑස්, ආහාර ද්‍රව්‍ය වගේ දේවල් වල මිල ඉහළ දැම්මෝතින් රජයට පලු යන්න බනින උදවිය රජයෙන් නියම කරන මිලට කිසි කතාවක් බැනීමක් නැතුව අරක්කු සිගරට් මිලදී ගන්න හැටිත් සුලබ දසුනකි. ඒ වගේම අරක්කු මිල අඩු කරව්!!! සිගරට් මිල අඩු කරව්!!! කියලා කවදාකවත් කව්රුවත් උද්ඝෝශණය කරනු ලේඛකයා සම්මජ්ජාතියකදී දැක නැත.



                
අරක්කු සහ සිගරට් සදහා සමාජයේ පවතින ඉල්ලුම මීට ටික දිනකට පෙර ලේඛකයා දුටු සිදුවීමකින්ම විස්තර කළ හැක. මීට මාස දෙකකට පමණ පෙර දිනක ලේඛකයාත් ඔහුගේ සහෝදරයෙකුත් හිතවතෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී විම සදහා ලේඛකයාගේ ගමට ආසන්න ගමකට පිටත් වූහ. අවමංගල්‍ය පැවැත්වූ නිවසට යාමට කාලවේලාව මද වූ බැවින් අවසන් කටයුතු සිදු කෙරෙන සුසාන භූමියට යාමට ලේඛකයාට සිදුවූ අතර දේහය සුසාන භූමියට ගෙන එන තෙක් මිනිත්තු 40ක පමණ කාලයක් එහි රැදී සිටීමට ඔවුන්ට  සිදුවිය. එම සුසාන භූමිය ඉදිරිපසම රටබීම අළෙවිහළක් එසේත් නැතිනම් "වයින් ස්ටෝර්ස්" එකක් පිහිටා තිබේ. දේහය සුසාන භූමියට ගෙන එන තෙක් එම ස්ථානයේ රැදී සිටි මුළු කාලයෙන් හරියටම ගණන් බලාගත් මිනිත්තු 20ක කාලයකදී එම වයින් ස්ටෝර්ස් එකට ගණුදෙණු කරුවන් හතළිස් හත්දෙනෙකු (47) පැමිණියහ. ඔවුන් සියළුම දෙනා කුමක් හෝ බෝතලයක් හෝ කෑන් එකක් මිළදී ගත් අතර ලේඛකයාගේ ගණන් සැදීමට අනුව ඒ මිනිත්තු 20ක කාලය තුළදී රුපියල් 9,000/= ක පමණ ආදායමක් එම වෙළදසැළට තිබුණි. ඉහත කුඩා සිදුවීම මෙහි සටහන් කරන ලද්දේ අරක්කු සහ සිගරට් සදහා මෙරට පවතින ඉල්ලුම පිළිබදව පැහැදිලි කිරීමටය.


මේ ලිපිය ලියැවෙනුයේ එකී අරක්කු සිගරට් සදහා වන දැඩි ඉල්ලුමට විරෝධය පෑමටවත්, එකී අරක්කු සිගරට් පරිභෝජනය කරන්නන් හෙළා දැකීමටවත් නොවේ.  අරක්කු සිගරට් පරිභෝජනයෙන් ශරීරයට සිදුවන හානිය, මුදල් නාස්තිය යනාදිය පිළිබදව සමාජය හොදින් දැනුවත්ව ඇති බව ප්‍රකට කරුණකි. ඕනෑම කෙනෙක්ට නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කෑමට බීමට නිදහස ඇත. එම නිදහස අයුතු ලෙස භාවිතා කිරීමෙන් ගැටළු ඇතිවේ. එසේ ගැටළු ඇති කරගැනීම අරක්කු සිගරට් භාවිතා කරනා පුද්ගලයින්ගේ ගැටළුවක් මිස කයක් හෝ මනසක් නොමැති අරක්කු සිගරට් වල ගැටළුවක් නොවේ. මේ අරක්කු සහ සිගරට් පිළිබදව ලේඛකයා දරණ මතයයි.


මේ ලිපිය ලිවීමට මූලිකම කරුණනම් අරක්කු සිගරට් වලින් ක්ෂයවී යන ශාරීරික මානසික ශක්තිය යළි නංවා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කිරීමය. එමෙන්ම අරක්කු සහ සිගරට් පානය කරනා විටදී අනුගමනය කළයුතු සිරිත් (රීති ලෙසටද දැක්විය හැක) පිළිබදවත් දැනුවත් වීමටය. මෙහි සදහන් කරුණු සියල්ල සදහා එකග විය යුතු නැත. සාකච්ඡා කිරීම යනුවෙන් අදහස් කෙරුණේ මෙම ලිපියේ අන්තර්ගත කරුණු පිළිබදව සංවාදයක් ඇතිකිරීම වේ. යම්කිසි කරුණක් පිළිබදව සංවාද කිරීම තුළින් ඒ පිළිබදව සමාජය දැනුවත් වීම වේගවත් වන බව ලේඛකයාගේ මතයයි.


මෙවන් ලිපියක් ලිවීම පිණිස ලේඛකයාගේ මනස මෙහෙයවූ සිදුවීමද මෙහි සටහන් කිරීම වටී. සැකෙවින් එය මෙසේය.


ලේඛකයා සහ ඔහුගේ මිතුරෙක් දිවා ආහාරය ලබාගැනීම පිණිස තෝසේ කඩයකට ගොඩ වැදේ.
දෙදෙනාම තෝසේ ඇණවුම් කළ අතර වේටර්වරයා පැමිණ සාම්බාරු (තෝසේ කන්නෝ මේ කුමක්දැයි දනිති) බෙදන්නට වූ අතර මිතුරා ඔහුගේ පිගානට  වට්ටක්කා කැබලි බොහෝ ප්‍රමාණයක් බෙදාගන්නට විය. ඉන් අනතුරුව මිතුරා සහ ලේඛකයා අතර දෙබස මෙසේ විය.


ලේඛකයා :- මොකෝ බං ඔච්චර වට්ටක්කා තොගයක්? වට්ටක්කාවලට ආසද ඔච්චර?
මිතුරා :- පපුවට හොදයි මචං. සිගරට්වල තියෙන නිකොටීන් ඔක්කොම ඇදලා ගන්නවා වට්ටක්කා වලින්.
ලේඛකයා :- සිරාවට?
මිතුරා :- ඔව් මචං. වට්ටක්කා හරි ගුණයි සිගරට් වලට...


මේ ලිපිය ලිවීම සදහා අවශ්‍ය උත්තේජනය සැපයූවේ එම දෙබසයි.

අරක්කු සිගරට් විසට බෙහෙත් කරන ආහාරවර්ග පමණක් නොව අරක්කු සිගරට් පානය කරනා අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය පිළිබදව ලිවීමට සිතුණේ හුදී ජන පහන් සංවේගය පිණිසමය.

අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.





අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට

ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න

අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න

ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.

ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න

අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න

බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ

අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.


හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

අරක්කුවලට ගිජු නොවන්න

මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.

සිගරට් දුම සෑමවිටම බිමට යොමු කරන්න

සිගරට් පානය කරනා බොහෝ දෙනෙක් හුරුවී සිටින්නේ සිගරට් දුම තම කටට සමාන්තරව අවට වාතයට මුදා හැරීමටය. එසේ කිරීම මගින් අවට සිටිනා සිගරට් පානය නොකරන අනෙකුත් අයවද අක්‍රීය දුම්බොන්නන් ලෙස හවුල් කරගැනීම ඔහු සිදුකරයි. තමා පිටකරන සිගරට් දුම බිමට යොමුකිරීම මගින් මෙම තත්වය යම් තරමකට පාලනය කළ හැක.


ඉහතින් දැක්වූයේ අරක්කු පානය කරනාවිට අනුගමනය කළහොත් යහපත් ප්‍රතිඵල අත්කරදෙන යම් යම් රීතීන් කීපයකි. එම රීතීන් පිළිපැදිය යුතුමය යනුවෙන් නියමයක් නැත. තම තම නැණ පමණින් වටහාගැනීම උචිත වේ.

අරක්කු පානය කිරීමෙන් පසු


 
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අරක්කු පානය කරන්නේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීය. මේ හේතුවෙන් අරක්කු පානය කර නිදාගැනීම සුලභ සිදුවීමකි. නමුත් ඊට පසුදින උදෑසන හිස කැක්කුම සෑදීම සහ ඇගට දැඩි අපහසුවක් දැනීම බොහෝ දෙනෙක්ට සිදුවේ. මීට හේතුව වන්නේ අරක්කු මගින් ශරීරය විජලනය කිරීමයි. අරක්කු පානය කරනාවිට සහ පානය කිරීමෙන් පසු ජලය පානය කිරීමෙන් මෙම තත්වය නැතිකරගත හැක. මෙහිදී පානය කරනා අරක්කු ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ජලය පානය කිරීම බොහෝවිට සුදුසු වේ.


අරක්කු පානය කිරීමෙන් පසු යම් කිසි ආහාරයක් ගැනීම ඉතා වැදගත් වේ. මෙසේ කිරීම මගින් ද පසු දින ඇතිවන ශාරීරික අපහසුතාවලින් අත්මිදිය හැක. බර ආහාරයක් ගැනීමට අපහසුනම් කෙටි/ක්ෂ්ණික ආහාරයක් හෝ ගැනීම සුදුසු වේ.

කෝපි හෝ කෝපි අඩංගු පානයක් ගැනීම සුදුසු නැත. කෝපි වලින් සිදුකරන්නේද ශරීරය විජලනය කිරීමයි. එමෙන්ම කිරි වර්ග හෝ කිරි අශ්‍රිත පානයන් ගැනීම සුදුසු නැත. එසේ කිරීම මගින් ඔක්කාරයට ඒම හෝ වමනය යෑම වැනි දේ සිදුවිය හැක. එසේ වූ විට තත්වය වඩාත් දරුණු වේ.


විටමින් C සහිත පළතුරු පානයන් ගැනීම හිතකර වේ. විටමින් C මගින් ක්ෂණිකව ඔබේ ශරීරයට ශක්තිය ලබා දෙයි. දෙහි හෝ දොඩම් ඉස්ම මේ සදහා වඩාත් යෝග්‍ය වේ. ප්‍රමාණය ඉක්මවා අරක්කු පානය කර සිහි මුර්ඡාවී සිටිනා අයගේ හිසේ දෙපතුලේ දෙහි අතුල්ලන්නේ මේ හේතුව නිසා විය යුතුය. විටමින් C සපිරි පානයන් බීමට අපහසුවේනම් විටමින් C හෝ මල්ටිවිටමින් පෙති ගැනීමෙන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැක. මෙළෙසින් බෙහෙත් පෙති මගින් විටමින් වර්ග ගැනීමට පෙර සෑමවිටම වෛද්‍යය නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.


ඉහත ක්‍රමවේදයන් මගින් අරක්කු බීමෙන් පසුව ඇතිවෙන අපහසුකාරී තත්වයන්, සරළ සිංහලෙන් පවසනවානම් "කට් වීම" නොහොත් ඉංග්‍රීසියෙන් Hangover අවස්ථාවන්ට ගොදුරුවීම වළක්වා ගත හැක.


පුරුද්දක් ලෙස දිනපතාම අරක්කු සිගරට් පානය කිරීම ශරීර සෞඛ්‍යයට යහපත්ම නැත. මෙය සියළුම දෙනා දන්නා සත්‍යයකි. නමුත් කොපමණ අයහපත් යැයි කීවද එළෙසින් කරනා බොහෝ පිරිසක් ඇත. සමහරවිට ඔබේ හිතවතෙක්, මිතුරෙක් හෝ පවුලේ අයෙක් වුවද එළෙසින් හැසිරෙනවා විය හැක. එවන්නන්ගේ අරක්කු සිගරට් හේතුවෙන් පහළ වැටෙනා ශරීර සෞඛ්‍යය යම් තරමකට හෝ ඉහළ නංවා ගත හැකි ආකාර කීපයක් ඇත. විශේෂයෙන්ම ගන්නා ආහාරවලින් සහ ව්‍යායාම මගින් එළෙස අරක්කු සහ සිගරට් මගින් ශරීරයට ඇතිකරනා බලපෑම යම් තරමකට අවම කළ හැක.

නිතිපතා සිගරට් භාවිත කරන්නන් ගතයුතු ආහාර වර්ග







විටමින් A, B, C සහ E සපිරි ආහාරවර්ග භාවිතා කිරීම සුදුසුය. කිරි, කැරට්, බෝංචි, ඉරිගු, ගෝවා යනාදිය මගින් සිගරට් දුමින් ශරීරයේ ඇතිකරනා විටමින් ලුහුඩුතාව වර්ධනය කරගත හැක. එමෙන්ම මෙම ආහාර වර්ග මගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණයද වර්ධනය කරයි.


කහට තේ පානය කිරීම සුදුසුය. මෙම තේ මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම අවම කරයි. එමෙන්ම ගෑස්ට්‍රික් අම්ලය පාලනය කිරීම සහ රුධිරයේ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමද තේ වලින් සිදු කරයි. තේ මූත්‍රවර්ධකයකි. මේ හේතුවෙන් ශරීරයේ රැදී පවතින යම් විෂ වර්ග මූත්‍ර මගින් වඩාත් ඉක්මනින් පිටකළ හැක.


සිගරට් දුම මගින් රුධිරයේ ඇති සෙලීනියම් සාන්ද්‍රණය අඩු කරයි. සෙලීනියම් යනු පිළිකා මඩින අලෝහමය මූලද්‍රව්‍යයකි. සත්ව පීකුදු (අක්මාව), මුහුදු පැළෑටි සහ ඉස්සන් ආහාරයට ගැනීමෙන් සිගරට් විෂ හේතුවෙන් විනාශවන සෙලීනියම් සාන්ද්‍රණය යළි වැඩිකරගත හැක.


යකඩ සහිත ආහාර ගැනීමෙන්ද සිගරට් විෂෙන් සිදුවන බලපෑම අඩු කරගත හැක. කිරි, නිවිති, සත්ව පීකුදු, මුහුදු පැළෑටි සහ සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් මෙය සිදුකළ හැක.


සිගරට් දුම මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත් කිරීම හේතුවෙන් රුධිර සංසරණයට බාධා සිදුවේ. මේ බාධාවන් හේතුවෙන් හෘධයාබාධ ඇතිවීම හෝ මොළයට සංසරණයවන රුධිරය අවම වීම නිසා මොළය වැහැරීම (Brain Atrophy) වැනි තත්වයන් ඇතිවිය හැක. එමනිසා නිතිපතා සිගරට් පානය කරන්නන් තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර කොලෙස්ට්‍රෝල් අවම කරන ආහාර වර්ග වන කිරි, සෝයා ආහාර, මාළු සහ තන්තුමය ආහාර වන කුරුදු, කෙදි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ.


එමෙන්ම කැරට්, නිවිති, මුංඇට සහ සෝයා ආහාර වැඩි වශයෙන් ගැනීම මගින් දුම්බීමේ අවශ්‍යතාව අවම කරගත හැකිය. එම ප්‍රකාශය සත්‍යයක්ද අසත්‍යක්ද වග නිර්ණය කිරීම පාඨක ඔබට භාරය.

දිනපතා අරක්කු පානය කරන්නන් ගතයුතු ආහාර වර්ග







තද වර්ණ සහිත එළවළු සහ පළතුරු වර්ග කැරට්, ඇප්‍රිකට්, නිවිති, ගම්මිරිස් වැනි දේ එමෙන්ම විටමින් C අධික ආහාරවර්ග වන දෙහි, දොඩම්, තක්කාලි වැනි දේ සහ විටමින් E අඩංගු ආහාර වර්ග වන එකක් හෝ කීපයක් ගැනීම අවශ්‍යවේ.


එමෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ගැනීමද සිදුකළ යුතුය. ප්‍රෝටීන් අධික ආහාර වර්ග වන පරිප්පු, සෝයා, බිත්තර සුදු මදය, මාළු වර්ග සහ මස් වර්ග ආහාරයට ගත යුතු වේ. මෙහිදී මස් වර්ග වලට වඩා මාළු වර්ග ආහාරයට සුදුසු වන්නේ මස්වලට සාපේක්ෂච මාළුවල මේදය අවම වන බැවීනි. මේද අධික ආහාර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.


සැමන්, මැකරල් වැනි තෙල් සහිත මාළු වර්ග සතියකට එක වතාවක් පමණ ආහාරයට ගැනීම සුදුසු වේ. එමෙන්ම සළාද වර්ග ආහාරයට ගැනීමෙන්ද අරක්කු මගින් ශරීරයට ඇතිකරනා අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කළ හැක.

නිවුඩ්ඩ සහිත බත් (රතු බත්) ආහාරයට ගැනීම නිරන්තර අරක්කු පානය කරන්නෙකුට අවශ්‍යම දෙයකි. එම නිවුඩ්ඩ මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරනා අතර දියවැඩියා තත්වය සමනය කිරීම ඉන් සිදු කරයි.


තල, බෝංචි, දිඹුල්, තිරිගු වැනි ආහාර වර්ග මගින් අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් ගිලිහෙන මැග්නීසියම් ප්‍රමාණය නැවත ලබාගත හැකි වන අතර නිරන්තර අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් විනාශ වන තුත්තනාගම් (Zink) ප්‍රමාණය නියමිත පරිදි තබා ගැනීම තිරිගු, වට්ටක්කා සහ බිත්තර මගින් වඩාත් පහසුවෙන් ඉටුකරගත හැක.


අරක්කු සිගරට් පානය කිරීම කිසිසේත් යහපත් කටයුත්තක් නොවේ. නමුත් අරක්කු සිගරට් යනු මෙරට තුළ හාල්, පොල්, පාන් තරමටම අළෙවිවන පාරිභෝගික ද්‍රව්‍යයන් වේ. මිනිසුන් මේවා මිළදී ගන්නේ පානය කිරීමටය. දුම් ඉරීමටය. අරක්කු හා සිගරට් හේතුවෙන් වැළදෙන ලෙඩ රෝග බොහොමයකි. එකී ලෙඩ රෝග බොහොමයක් ඉහත දැක්වූ ආහාර රටාවන් මගින් යම් තරමකට හේ පාලනය කරගත හැක. අරක්කු සිගරට් පානය කිරීම හේතුවෙන් රෝගී වී රජයේ රෝහලක රෝහල් ගතවන කිසිවෙකුට නොමිලේ ප්‍රථිකාර නොකරන ලෙස නියෝගයක් සෞඛ්‍යය අමාත්‍යතුමන් පසුගිය දිනක සිදු කළේය. රටේ යම් පිරිසක් එම මතයට පක්ෂ වනවිට අනෙක් පිරිසක් විපක්ෂ විය. එම ප්‍රකාශය සදහන් පුවත රටේ විවාදයට තුඩුදෙන කාලයේදී ලේඛකයා සිටියේ මධ්‍යස්ථ මතයකය. ඔහුගේ එම මධ්‍යස්ථ මතය යම්තාක් දුරකට තහවුරු කිරීමද මෙම ලිපියෙන් සිදු විය.


"දැනුම යනු මහා සාගරයක්නම් මා දන්නේ ඉන් වතුර වීදුරුවක ප්‍රමාණය පමණි"යි ප්‍රකට දාර්ශණිකයෙක් වරක් ප්‍රකාශ කළේය. එළෙසින් අරක්කු යන මාතෘකාව පිළිබදව කතා කරද්දී ඒ පිළිබදව දැනුම මහා සාගරය හා සමානනම් ලේඛකයාගේ දැනුම අරක්කු බෝතල් මූඩියකටත් වඩා අවම වේ. ඒ හේතුවෙන් මේ ලිපියේ අඩුපාඩු ගුණදොස් වෙතොත් සියල්ලෝ කමත්වා.

ජය වේවා!!!


මෙම ලිපියේ අඩංගු කරුණු බොහෝමයක් ලබා ගත්තේ අන්තර්ජාලයේ  සැරිසැරීම මගිනි.
එම ලිපි මේ මේ මේ සබැදියන් ක්ලික් කිරීම මගින් කියවිය හැක.

48 comments:

  1. මචන්.. එතකොට නීඩ් කෙලින උන්ට හැදෙන විශේෂ ලෙඩ රෝග තියෙනවද?

    ReplyDelete
  2. අඩුවෙන් බීලල වැඩියෙන් වෙරිවෙන්න ක්‍රමයක් නැද්ද ??

    ReplyDelete
  3. කාලෙකින් දැකපු හොදම උපදේශයක් ලබා දුන් ලිපියක්

    ReplyDelete
  4. මෙච්චර කාලෙට දැකපු හොඳම ලිපිය.....එළ ඈ....

    ReplyDelete
  5. මරු ලිපියකි. කබරයා දාන්න ඕනෙ ස්ථාන ගැන පැහැදිලි කිරීමක් කරල නෑනෙ.

    ReplyDelete
  6. නියම වැඩක් රනා..එපා කියන එක වගේම කරන කෙනෙකුට ඒක අවම හානියකින් කර ගන්න හැටි කීමත් වැදගත් දෙයක්...

    ReplyDelete
  7. දුම් පානයට තියන ඉල්ලුම නම් සැහෙන්න අඩුවෙලා . හැබැයි ඉස්සර දුම් බීපු සමහර උන් නම් දැන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා

    මම නම් ඉතින් මේ දක්වා 100%ක් අමද්‍යප , බොන එක වැරදියි කියල නම් මම් කියන්නේ නැ . හැබැයි තමන් ප්‍රකෘති සිහිය නැතිවෙලා යන්නෙ කොහෙද කරන්නේ මොකක්ද කියල නොතේරෙන තරමට ගහනවා කියන එක නම් තේරුමක් ඇති දෙයක් නෙවෙයි . මද පමණින් අරගෙන තමගෙත් වටේ ඉන්න උන්ගෙත් ගෞරවය රැකෙන පරිදි වැඩ කටයුතු කරන්න පුලුවන් නම් හොඳයි

    ReplyDelete
  8. වැදගත් ලිපියක්.....මම නම් අමද්‍යප. බොන එක අනුමත් කරන්නෙත් නෑ.ඒත් කොච්චර එපා කිව්වත් බොන එවුන්ට තම තමන්ගේ සෞඛ්‍ය රැකගැනීමට මේ ලිපිය උපකාර කරාවි...

    ReplyDelete
  9. එල වැදගත් ලිපියක්!

    ReplyDelete
  10. මිනිස්සු අරක්කු සිගරට් බොන එක නවත්තන හැදුවට ඒක එච්චරම සාර්තක නැහැ සිගරට් බොන එක අඩු උනත් මත්පැන් පානය කියන එක දවසින් දවස වැඩි වෙනවා ඒක නිසා පුළුවන් අය මුදවා ගන්න එක වගේම බැරි අයට හානිය අවම කරගන්න හරි උපදෙසක් දෙන එක හොඳයි

    ReplyDelete
  11. වටින ලිපියක් රනා...

    ReplyDelete
  12. අරක්කු සිගරට් නෙමේ කිසිම දෙයක් ඕනවට වැඩ ගන්න හොද නා[ උදා සිනි ]
    මන් නම ඉතින් කලෙක්ෂන් කරලා බෝතලයක් අරන් හොදට ගහනවා

    ReplyDelete
  13. සිරා සිරා . . නියම ලිපිය රනා . .

    ReplyDelete
  14. වටිනවා ඈ... නොබොන අයටත් අරක්කු බොන්න ආසා හිතෙනවා... :)

    ReplyDelete
  15. දෙකක් දාගත්තම මේවා මතක තියෙයිද?

    ReplyDelete
  16. හයියෝ මෙච්චර අහේනි වෙනවද අප්පේ බීපුවාම.. බලද්දී බොන එකත් කෙල්ලෝ මේකප් දානව වගේ වැඩක්

    ReplyDelete
  17. supiri lipiyak aiya

    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  18. හරිම හොඳ වැඩක්,රනා මොකද එකපාර බොන අය ගැන හිතුවේ??.හැබය් මචෝ මොනවා කරත් යන්න තියෙන වෙලාවට යන්න ඕන,බිව්වා නැතා කියල වෙනසක් නම් නෑ..

    ReplyDelete
  19. තෝ ධර්මාචාර්ය නේද යකෝ? සුරාවට අනුබල දීමත් පවක්. :-P

    ReplyDelete
  20. වටිනවා ඈ... නොබොන අයටත් අරක්කු බොන්න ආසා හිතෙනවා

    ReplyDelete
  21. කොහේ.....ඔය කියපු ආචාර ධර්ම නං මම මෙතෙක් දැකලා නෑ අප්පා.... දැකපු තරමක් දැක්කේ අන්තිම බීමට සෙට් වෙච්ච එවුන්. මොක උනත් බොනවනං බොන්න ඕන තමන්ගෙ ලිමිට් එක් දන්න උං එක්ක. අනිත් කාරනේ බොන අය අතර නොබොන එකෙක් ඉන්නවනං ඌත් කොහොම හරි හිත හදාගෙන බෙන එක තමා හොඳම දේ නැත්තං ඌ තමා අග්‍ර උපස්ථායක.... ඒ කියන්නේ ඌ ඉවරයි.
    එල එල නියම ලිපියක්.. එලකිරියෙ කොපියත් බැලුවා ;)

    ReplyDelete
  22. බොනවනම් ක්ලැසික් විධියට බොන්න ඕන...සමහර අපතයෝ විස්කි බොන්නෙත් පොල්කට්ටට දාගෙන...උම්බලකඩ කෑල්ලක් කකා....

    ReplyDelete
  23. බොන අයට කොයි තරං කිවුවත් බොනවානේ.. ඒකට එපා කියනවාට වඩා බොන්නම ඕන නං වෙන හානිය අවම කර ගන්නේ මෙහෙමයි කියලා කියලා දෙන එක නම් බොහොම වටිනවා.. සිගරැට් බීමේ ආදීනව නම් අඩු කරන්න හරිම අමාරුයි නේද?

    ජය වේවා.. !

    ReplyDelete
  24. අනේ යකො ....
    මම තෝව දන්නෙ අවෘදු ගන ඉඩන්...
    උබ අපිට ඕක ගන කිවෙ නෑනෙ

    ReplyDelete
  25. මම ඔය කියන කෑම ජාති ඔක්කොම කනවා....ඔය කියල තියන විදිහට වතුරත් බොනවා.විටමින් සී ත් ගන්නව...ඒත් මම අරක්කු බොන්නෙ නෑනෙ....ෂෙහ් හෙටම පටන් ගන්න ඕන අරක්කු බොන්න......හෙහ්, හෙහ්,

    සීයට සීයක් ඇත්ත රණා.....මරු ලිපිය....අම්මප ප්‍රින්ට් අවුට් එකක් අරං ගහන්න ඕන සාලෙ බිත්තියෙ.....

    ReplyDelete
    Replies
    1. අම්මප ප්‍රින්ට් අවුට් එකක් අරං ගහන්න ඕන සාලෙ බිත්තියෙ... ekanam eththa tamai macho..zira watinawa

      Delete
  26. මම අදමයි මෙහාට ගොඩ උනේ
    බොහොම වැදගත් ලිපියක්
    අරක්කු සිගරට් බොන එක නතර කරන්න බැරි බව අපිට පිළිගන්න වෙනවා
    ඒ අතරේදී මේ වගේ දැනුවත් කිරීම් කරන එක ගොඩක් වටිනවා
    ජය වේවා..

    ReplyDelete
  27. සිංහල බ්ලොග් අවකාශයේ බීම ගැන කියවපු හොඳම ලිපියක්.

    මටත් ලියන්න කරුණුත් දැනුමත් බොහෝ තිබුනත් මගේ සිංහල අවුල හා එදිනෙදා හීවිතයේ වැඩ බහුල වීම මත වෙලාව නොමැති කමින් දවසින් දවසම කල් ගිය මාතෘකාවක් තමයි මේ.

    බීම කියන්නේ ආර්ට් එකක්. හරියට ෆිල්ම් එකක් බලනකොට පොතක් කියවන කොට එන සතුට මේක අස්සෙත් ගන්න පුළුවන්. කොටින්ම අපි බොන්නේ බොන්න කියා දෙන්නේ එහෙම. කොටින්ම ආහාර හා බීම සම්බන්ද මගේ ඉගෙනීම එක්ක මම ඒක වගකීමෙන් කියන්නේ.

    කොටින්ම බීම කෑම හරියට භාවිතා කලොත් අපි නොහිතන විදියට ඒ ආට් එක රස විඳින්න පුලුවන්.
    කියමනක් තියෙනවා නේද කොටියා කැලේ මාරු කලත් පුල්ලි මාරු කරන්නේ නෑ කියලා. ඉතින් හරියට බොන්න දන්න මිනිහෙකුත් ඒ වගේ. ඕව ලිමිට් වත් නොගැලපෙන බීම වත් බීල අනිත් අයට කරදර වෙන්නේ වත් නෑ.

    ReplyDelete
  28. දැන් ඉතින් අදත් බොන්න වෙනවා. . . මුගේ ආචාරධර්ම ටෙස්ට් කරන්න

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. එල නියම ලිපිය! බොහොම ස්තුතිය්!!!!!!

    ReplyDelete
  32. ඉතාමත් අපුරුයි...

    ඔය සව්දිය පිරීම ගැන වෙනම කථාවක් මම අහලා තියනවා... ඕක පංචේනද්‍රියන් පිනවිමේ තවත් එක් අවස්ථාවක් විදියටයි හඳුන්වන්නේ .. අපි බොන්න ලෑස්ති වෙනකොට අපි දකිනවා බෝතලේ... එත කොට ඇස පින වෙනවා.. වීදුරුවට දාලා වීදුරැව අතට අරගෙන කට ලඟට ලංකරනවා... එතකොට සුවඳ දැනුනම නහය පින වෙනවා... බොනවා... දිව පිනවෙනවා....වෙරි වෙනවා... එතකොට ශරීරය පින වෙනවා...කෝ එතකොට කනට ? ඒක තමයි බොන්න කලින් "ටිං" ගාලා වීදුරු හප්පන්නේ කියලා මම අහලා තියනවා....

    හෙට ඉඳලා මෙව්වා කරන්න ඕනේ.....

    ReplyDelete
  33. එල ලිපිය මමත් අද දවසේ හොදටම සිගරට් ගහල ඉන්න ගමන් කියෙව්වෙ...............

    ReplyDelete
  34. මචන් නියම ලිපියක්නේ බන්.අදම තාමා මේ පැත්තට ආවේ.
    හරිම වැදගත් ..ඔන්න ෆලෝ කරා...
    දිගටම ලියන්න යාළුවා ජය වේවා...

    ReplyDelete
  35. eththatama godaak watina lipiyak... ape ayath ekka me widihatama bon nene...:D

    ReplyDelete
  36. සිරා. දන්නෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා. ගොඩාක් වටින ලිපියක්. ජය වේවා..!!

    ReplyDelete
  37. Papare papa parapare, elakiri dude.

    ReplyDelete