Sunday, April 25, 2010

චීන උපමා කතා VII

දෙකොණ මාරු කිරීම

සුං පළාතේ වඳුරන් පුහුණු කරන්නෙක් සිටියේය. තමා කියන දෙය කිරීමට ඔහු වඳුරන්ට පුරුදු කළේය. වඳුරන් කියන දෙයද මොහුට හොදින් අවබෝද වෙයි. තම නිවසට ගෙන එන අහාරවලින් කොටසක් වඳුරන්ට දීමටද ඔහු පුරුදු වී සිටියේය.
ආහාර අහේනියක් වීම නිසා වඳුරන්ට දෙන ආහාර ස්වල්පයක් අඩු කිරීමට ඔහු කල්පනා කළේය. නමුත් දිනපතා දෙන ආහාර සලාකය අඩු කිරීමෙන් සතුන් කුපිත විය හැකි බවටද ඊළගට ඔහුට කල්පනා විය.
"මීට් පස්සේ මම උඹලාට උදේට පළතුරු ගෙඩි 3ක් දෙනවා, හවසට පළතුරු ගෙඩි 4ක් දෙනවා". ඔහු එළෙස පැවසූවිට වඳුරෝ සියලුදෙනාම එයත විරෝධය පළකරමින් කෑගසන්නට විය.
"හරි හරි මම උඹලාගේ ඉල්ලීම පිළිගන්නම්. එහෙමනම් මම උදේට පළතුරු ගෙඩි 4ක් දෙන්නම්, හවසට පළතුරු ගෙඩි 3ක් දෙන්නම්... ඒකට කැමතිද?" ඔහු වඳුරන්ගෙන් ඇසුවේය.
එයින් ඉතාමත් සතුටට පත්වූ වඳුරෝ ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

1 comment:

  1. මට නං උදේට 4ක් දීලා හැන්දෑවට 3ක් දුන්නත් හැන්දෑවට 3ක් දීලා උදට 4ක් දුන්නත් එකයි

    ReplyDelete