Sunday, April 25, 2010

තරු කැටයක් වී....

තවත් රනා ආසම ගීයක්. රනා මුළින්ම මේ ගීය ඇහුවේ රනාගේ අතීත ආදරවන්තියකගේ ජංගම දුරකතනයේ Ringing Tone 1 විදියටයි. ඒ හින්දමද කොහෙද රනා මේ ගීයට ගොඩක් කැමතියි. මේ ගීතයේත් ගායකයාව විතරයි රනා දන්නේ. ඒ කසුන් කල්හාර. පද රචකයා සහ සංගීතය කාගෙද කියලා කව්රුහරි කෙනෙක් කියනවානම් ගොඩක් වටිනවා.

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...

පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා තරුව වෙලා
මේ ජීවිතේ... මේ ජීවිතේ......

මෙතනින් බාගන්න

No comments:

Post a Comment