Saturday, April 24, 2010

ඇරඹුමට පෙර


ආයුබෝං කිව්වා එහෙනම් හැමෝටම.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලැබූ 2010 බ්ලොග් මැරතන් (පොඩි) තරඟය සහභාගීවන "රනා ලියන බ්ලොග්" බ්ලොග් අඩවියේ පළමු මැරතන් පෝස්ටය මෙයයි.

මීට වසර 15කට පමණ පෙර දිවූ අවසාන මැරතන් දිවීමෙන් පසු අද තමාගේ ජීවිතයේ මුල්ම වතාවට රනා සයිබර් අවකාශයේ මැරතන් දුවයි.

මේ මැරතන් තරඟය සදහා සහභාගී වන පබළු, මලින්ත, Confiuzd ප්‍රෝග්‍රැමර්, Anything & Everything, ප්‍රභාෂ්ගේ සටහන්, සමීර ශාකුන්තල, දමිත් : Lahiru, ලක්ෂික ගයාල්, මාධව හබරකඩ, බිඟුවා...!, දිනුෂ්ක උදාර | රොකියා, තරිඳු, ප්‍රසාද් රණතුංග, දේවා, සජීව විජේවීර, S.D.Buthpitiya, අමිල ඩිලංක, ජේ.ඩී, මධූ වීරකෝන්, අරුනෝද, සුදාරක, නෙරංජි සුලක්ඛනා ඒකනායක, තමීර
අනුරාධ ජයතිලක, ඉදුනිල් රංග, චරිත දිසානායක, දුටුගැමුණු, ප්‍රභාෂ්වර, සසිත් නුවන්ත, කතන්දරකාරයා, යසිත් මියුරංග, ඉෂාන් තිළිණ, රන්දිකා රණවීර යන සියළුම සහෝදර සහෝදරියන්ට සුබ පතන්නටත් මේක අවස්තාවක් කරගන්න රනා කැමතියි.

මීට පෙර ලිපියක ලියූ පරිදි රනා අහපු කතා, කියපු කතා, කියෝපු කතා, ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් දේවල් ඉදිරි පැය 12 තුළදී මැරතන් 1 තුළින් කියවන්න ලැබෙයි.

එහෙමනම් සාමයෙන්, සතුටින්, සැනසීමෙන් යුතුව මේ මොහොතින් ඇරඹෙන බ්ලොග් මැරතන් තරඟයේ දුවන්නට ඔබ සැමට ආරාධනා...

සිංහල බ්ලොග් මැරතන් තරගයට ජයවේවා...

පලි : උඩින් නම සදහන් නොවිච්ච කවුරුහරි සහෝදර සහෝදරියෙක් ඉන්නවානම් (එහෙම ඉන්න තියෙන ඉඩ වැඩියි) රනා එක්ක තරහ වෙන්න එපා. මැරතන් දුවන හැමෝටම රනා වතුර සපෝට් 1 දෙනවා.

ජය වේවා...

3 comments:

  1. මැරතන් දුවන හැමෝටම වතුර සපෝට් දෙන රනාට මම වතුර සපෝට් දෙනවා :P

    ReplyDelete
  2. @änthräX
    ස්තූතියි...

    ReplyDelete
  3. මගෙනුත් ඕන් වතුර පාරක්....
    චියර්ස්ස්ස්ස්......

    ReplyDelete