Sunday, April 25, 2010

අවසානය ඉදිරිපිට

මීට වසර ගණනාවකට පෙර
මට මෙළෙසම සිතුණි...
ඒ තවත් එක් තරඟයක
අවසාන මිනිත්තු කීපයේදීය
මාස ගණනක මහන්සිය,
කැපවීම,
උත්සාහය,
එක මිටකට කැටිකොට
එතැන මුදා හැරියෙමි...
ජය පරාජය කෙසේ වුවත්
සිතට සතුටක් දැනුනි...

අදත් එළෙසම හැගේ...
පැය ගණනාවක වෙහෙස,
දෑසේ විඩාව,
සියල්ල පරයා හිතට නැගෙන්නේ
එකම සිතුවිල්ලකි...
ඒ තවත් එක සාමුහික ගමනක
අවසානයේ ඇතිවන
සතුටයි...

සොයුරු සොයුරියනි,
එයට දායක වු ඔබ සැමට
බොහෝමත්ම ස්තූතියි...

4 comments:

  1. රනා අයියේ සමාවන සේක්වා වතුර ගහන්ට නො ආවට..මගෙ අන්තර්ජංජාල සබඳතාව ගැන කතා කරල වඩක් නෑ.....අන්තිමයි...බොහොම අමාරුවෙන් මේකත් පබ්ලිශ් කරන්නේ.....සුභ පතනවා.....:)

    ReplyDelete
  2. අන්තිමට කොහොම හරි උබත් ඔලුව ඔබා ගත්තනෙ

    ReplyDelete
  3. මටද කිව්වේ... ??

    ReplyDelete