Saturday, April 24, 2010

තවත් චීන උපමා කතාවක්...

පාවහන් මිම්ම

චෙන්ග් පළාතේ එක මිනිහෙකුට පාවහන් යුවලක් මිලදී ගැනීමට අවැසි විය. ඔහු ඒ සදහා තම දෙපයේ මිම්ම ගත්තේය. එහෙත් ඔහුට සපත්තු ගන්නට නගරයට යනවිට අර මිම්ම ගෙන යෑමට අමතක විය. එය සිහිපත් වූයේ නගරයේ සපත්තු සාප්පුවට ඇතුළත් වූ පසුය.
"චැහ්, මිම්ම ගේන්න අමතක උනානේ. මම ඒක අරගෙන එන්නම්". ඔහු ආපසු සිය නිවස වෙත ගියේය.
පෙරළා නිවසට ගොස් මිම්ම ගෙන එන විට සාප්පුව වසා තිබුණි.
මේ බව දුටු එක් මිනිසෙක් "ඔබ සාප්පුවට ගොස් පාවහන් පයේලාගෙන හරි නොයන වග බැලුවේ නැත්තේ ඇයි" යනුවෙන් ඇසීය.
"මම මා ගැන විශ්වාසය තබනවාට වඩා මගේ මිම්ම ගැන විශ්වාසය තබන්නට කැමතියි" ඔහු පැවසීය.

No comments:

Post a Comment