Tuesday, April 13, 2010

වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time

මෙය ටිකක් පරණ සිදුවීමකි. එහි අන්තර්ගත හාස්‍යය සහ එයින් ගත හැකි ආදර්ශ බොහොමයක් වන නිසා සිදුවූ හැම දේම මෙලෙසින් අකුරු කිරීමට සිතුවෙමි.

රනා ලග printer 1ක් නැත. එම නිසා ලියුමක්, Assignment 1 ක් යනාදී ලෙස වූ මෙකී නොකී ඕනෑම ලියවිල්ලක Hard Copy 1 ක් ලබා ගැනිමටනම් communication center 1 කට හෝ කොම්පියුටර් කඩයකට ගොඩවැදීමට සිදුවීම අනිවාර්ය කරුණක් වේ. මේ කියන්නට යන සිදුවීම එසේ printout 1ක් ලබාගැනීමට අපේ ගමේ ලොකුම කොම්පියුටර් කඩේට ගොඩවැදුන විට රනා මුහුණදුන් අත්දැකීමයි.

වෙලාව හරියටම රෑ 8යි. (කම්මැලිකම නිසා රනා කඩේකට යන්නෙත් යක්කු ගස් යන වෙලාවට ටිකකට කළින්)
ස්ථානය රනාගේ ගමේ ඇති ලොකුම කොම්පියුටර් කඩේ.

රනා වීදුරු දොර ඇරගෙන කඩේට ඇතුලු වෙයි. ඒ වෙලාවේ කඩේ වැඩ කරන අක්කා සුන්දර සිනාවකින් රනාව පිළිගනී. ඉතා කළාතුරකින් අත්දකින සිදුවීමක් වූ "කාන්තාවක් රනා සමගින් සිනා වීම" යළිත් සිදුවූ නිසා රනාට ෆුල් හැපී ය.

කඩේ තුළ සිදුවූ දෙබස මෙසේය.

රනා :- අක්කේ printout 1ක් ගන්න ආවේ. පුලුවන් නේද?
කඩේ අක්කා :- පුලුවන්. මොකේද අරගෙන ආවේ?
රනා :- පෙන් 1 දාගෙන ආවේ. අවුලක් නැහැ නේ?
කඩේ අක්කා :- නෑ නෑ. දෙන්න පෙන් 1. වර්ඩ් විදියට හදාගෙනද ආවේ? (අක්කාගෙන් අතුරු ප්‍රශ්නයක්)
රනා :- නෑ, මම PDF එකක් විදියට හදාගෙන ආවේ. (රනා පාවිච්චි කරන ගොඩක් fonts කොම්පියුටර් කඩවල හෝ communication center වල නැති නිසා වර්ඩ් විදියට ලිපි ගෙනයන ගොනාව රනා විකුණලා දාලා දැනට ගොඩක් කල්ය)
කඩේ අක්කා :- ඉන්න මල්ලි ටිකක්. printout 1 අරගෙන දෙනකම්.
රනා :- හා...

විනාඩි 10කට පසු.

රනා :- මොකද අක්කේ printer 1 ලෙඩක්වත්ද?
කඩේ අක්කා :- ඔයාගේ පෙන් 1 ගොඩක් වයිරස් තියෙනවානේ මල්ලි. මගේ මැෂින් 1ත් ස්ලෝ උනා. තාම ඒක ස්කෑන් කරනවා. ටිකක් වෙලා යයි. කොහෙන්ද ඔච්චර වයිරස් දාගත්තේ?
රනා :- :) (මෝඩ හිනාවක් දමා මුවින් නොබැන ඉවසා සිටී. එයාට මොකෝ මගේ පෙන් 1 මම කොහේ ගැහුවත්...)

තවත් විනාඩි 20කට පසු. දැන් වෙලාව හරියටම රෑ 8.30

රනා :- මොකද අක්කේ තත්ත්වේ?
කඩේ අක්කා :- තාම ස්කෑන් කරනවා මල්ලී. අනේ මන්දා පුදුම වයිරස් තොගයක්නේ තියෙන්නේ. (අක්කා ප්‍රසිද්ධම වයිරස් ගාඩ් 4ක නම් කියයි) ඔය හැම 1 කින්ම ස්කෑන් කළා. ඒත් තාම ස්කෑන් වෙනවා. ඔයාගේ පෙන් 1 කොච්චරක්ද?
රනා අතින් 8 ඉලක්කම ඇද පෙන්වයි.
කඩේ අක්කා :- ආපෝ... තව ගොඩක් වෙලා යයි එහෙනම්. (අක්කා ඒකනම් කියුවේ ඇත්තටමය. රනාට දැන්නම් ඇතිම වෙලාය. කොල 5ක් print කරගන්න දැනටම විනාඩි 30ක්. අපොයි රනාගේ වටිනා කාලය)

තව විනාඩි 10කට පමණ පසු

රනා :- අක්කේ මොකෝ තත්ත්වේ?
කඩේ අක්කා :- :(
රනා :- මේකට විසඳුමක් නැද්ද ඔයාලා ලග?
කඩේ අක්කා :- මොකටද මල්ලි?
රනා :- මේ වෙලාව යන වැඩේට. බලන්නකෝ මම දැන් විනාඩි 40ක් තිස්සේ මෙතනනේ.
කඩේ අක්කා :- ඉතින් ඔයාගේ පෙන් 1 වයිරස් නේ.
රනා :- එහෙම නෙමේ ඉතිං, මම ඉල්ලලා වයිරස් දාගත්තේ නැහැනේ. මම අර කතාව ඇත්තටම ඇහුවේ.
කඩේ අක්කා :- ස්කෑන් කරන 1ම තමා මල්ලි. නැත්තම් බෑනේ මේවා බේරගන්න. (අක්කා මේසය මත වූ කොම්පියුටරය පෙන්වමින් පවසයි)
රනා :- අපෝ ඕකට ඔයිට වඩා ලේසි විසදුම් ඕනෙ තරම් තියෙනවා.
කඩේ අක්කා :- මොනාද?
රනා :- ලිනක්ස් OS 1ක් දාගන්නකෝ. වයිරස් වලින් කිසිම අවුලක් නෑ ඒවට. (ඔය පැන්නේ මොකාද එකා මල්ලෙන් එළියට)
කඩේ අක්කා :- ලිනක්ස් ද?
රනා :- ඔව්. වයිරස් අවුලකුත් නෑ. ඔරිජිනල් OS 1. ඔයාගේ වැඩ ඕනෙම 1ක් කරගන්නත් පුලුවන්. අනික මාරම ස්පීඩ්. කියලා වැඩක් නෑ.
කඩේ අක්කා :- අපි කරන වැඩ ලිනක්ස් වලින් කරන්න බැහැනේ මල්ලි. ඉස්සර මෙහේ මැෂින් 1ක ඕක දාලා තිබ්බා. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ අයින් කලා.
රනා :- ඒ ඉස්සරනේ. ඒකට දැන්. සුපිරියි. (රනා මූනෙනුත් ලිනක්ස්වල යහපත් බව පෙන්වයි)

ඔය අතරේ එතැනට තවත් පුද්ගලයෙක් පැමිණේ. රනා ඔහුව හදුනයි. නමුත් ඔහු රනාව හදුනන්නේ නැත. ඔහු එම කොම්පියුටර් කඩේ හිමිකරුය. එම කොම්පියුටර් කඩේ කොම්පියුටර් පාඨමාලාද පැවැත්වේ. ඒවායේ උගන්වන්නේ එම පුද්ගලයාය. කඩේ අක්කා ඔහුව අමතන්නේ sir කියාය.

කඩේ අක්කා :- අපි ඉස්සර ලිනක්ස් පාවිච්චි කළා නේද සර්?
සර් :- ඔව්,ඒත් අපිට ඒක හරි ගියේ නෑ.
රනා :- (සර් ගෙන්) මොනාද පාවිච්චි කරපු flavors?
සර් ගේ මුහුණ ලාවට කලු පාට විය.
සර් :- ඒ කිව්වේ මල්ලී?
රනා :- ඒ කියන්නේ අර උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවාගෙන් මොනාද පාවිච්චි කළේ?
සර් :- ආ.. අපි ඔය දෙකම පාවිච්චි කළා. කෝ මේවගේ drivers ඒවාට ගන්නේ නැහැනේ.
රනා :- මොනාගේ drivers ද?
සර් :- අපේ ස්කෑනර්වල, printer වල එහෙම.
රනා :- හැබැයි දැන්නම් එහෙම නෑ. ගොඩක් ඒවගේ drivers නිකම්ම ගන්නවා.
සර් :- ඒ උනාට අපිට හරි ගියේ නෑ මල්ලී.
කඩේ අක්කා :- අපි පාවිච්චි කරන software එක්ක හරි යන්නෙත් නෑ නේද සර්.
රනා :- මොනාද සර්ලා පාවිච්චි කරන්නේ?
කඩේ අක්කා :- අපි ඉතින් මෙතන කරන්නේ ඔය Photoshop, Corel Draw, Type Setting වගේ ඒවානේ. අනික Skype වගේ ඒවා වැඩ කරන්නෙත් නැහැනේ. ඉතින් බෑ කරන්න. (එයා දන්න තරම)
සර් :- (අක්කාගෙන්) මේ මල්ලි ඇයි මෙතන?
කඩේ අක්කා :- printout 1ක් ගන්න. තාම මෙයාගේ පෙන් 1 ස්කෑන් කරනවා. ඒකෙ පුදුම වයිරස් තොගයක් තියෙන්නේ.
රනා :- දැන් ගොඩ වෙලාවක ඉදලා මම මෙතන ඉන්නේ. තාම ස්කෑන් වෙලා ඉවර නැද්ද?
කඩේ අක්කා :- තාම 70%. ඔයාට තව ඉන්න වෙනවා.
රනා :- මෙහෙ ඉන්ටනෙට් තියෙනවා නේද? (ස්ටෑන්ඩ් 1ක ඇති රවුටරය පෙනි පෙනී රනා අසයි. කව්ද දන්නේ ඒ කෙහෙල්මල වැඩ කරනවාද කියලා.)
කඩේ අක්කා :- ආ ඔව්, තියෙනවා.
රනා :- එහෙනම් මට මෙහෙ ඊමේල් 1 දෙන්නකො. මම ගෙදරින් මේල් 1ක් දාන්නම්.
කඩේ අක්කා රනාට ඊමේල් ලිපිනය ලියා දුන්නාය.
පැයකට විනාඩි 10ක් අඩු කාලයක් කොම්පියුටර් කඩේ තැප, ගිය වැඩේ කෙළවරකුත් නොදැක රනා ගෙදර ගියේය.

කතාව එතනින් අවසානය.

Moral

1. ගෙදර printer 1ක් නැත්තම් අදම 1ක් ගැනීම.
2. Internet Cafe, Communication center වලින් printout ගැනීමට යනවිට 8GB පෙන් වෙනුවට 128MB පෙන් 1ක් ගෙනයෑම.

ඉහත සිදුවීමෙන් ගත හැකි දේවල් බොහොමයකි.

1. ලිනක්ස්කාරයින් වන අප වයිරස් ගැන ඒ හැටි නොතැකුවාට වයිරස් මත්තේම නැහෙන, ඒත් ඉන් බේරීමක් නැති අනන්ත ප්‍රමාණයක් වූ මිනිසුන් සිටින බව.
2. එයින් මිදීමට ඔවුන්ට කිසිදු උවමනාවක් නොමැති බව.
3. තමන්ගේ ඇති බය, නොදන්නාකම හෝ උඩඟුකම යන හේතු නිසා සාර්ථක සහ ආරක්ෂාකාරී වෙනත් විසදුම් කෙරෙහි මිනිසුන් යොමු නොවීම.
4. කොච්චර හොද නැති වුවත් හොර කොපි සහ Trial Version සඳහා ඉහළ ඉල්ලුමක් තාමත් සමාජයේ පවතින බව. (එම කොම්පියුටර් කඩේ පාවිච්චි කරන සියලුම මුදුකාංග හොර හෝ Trial Version බව රනාට පැවසූයේ එහි උගන්වන රනාගේ මිතුරෙකි. ඔහු මෙවන් දේවල් සඳහා බොරු නොකියයි.)
5. වෙනස් වීමට මිනිසුන් ඉතාම අකමැති බව.

ඉල්ලීමක්.

මෙම ලිපිය කියවන ඔබ Internet Cafe, Communication center 1ක් පවත්වාගෙන යන හෝ එම ස්ථානයක සේවය කරන්නෙක්නම් ඔබෙන් එකම එක ඉල්ලීමක් කරමි.
ඒ ඔබ එහි printout ලබාදීම කරනවානම් කරුණාකර එක කොම්පියුටරයකට හෝ ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් දමා තබන්න. එය ඔබේ කොම්පියුටරයේ ආරක්ෂාවටත්, ඔබේ ගනුදෙනුකරුගේ කාලය ඉතිරි කරගැනීමත් සඳහා ගන්නා ඉතා යහපත් පියවරකි.
ඔබ වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන් ගෙනැන USB පෙන් වලින් 99.5%කම වයිරස් අන්තර්ගත විය හැක. එම වයිරස් ඔවුන් උවමනාවෙන් දමාගත් ඒවා නොවේ. ඔබ එම USB පෙන් 1 ස්කෑන් කර අවසානවනතෙක් බලා සිටීමට තරම් කාලයක් ඔවුන්ට නැතිවීමට ඇති ඉඩ ඉතා වැඩිය.
හැකිනම් එම ඉල්ලීම ඉටු කරන්න. එයින් ඔබට ලාබයක් සිදුවන බවනම් ඉඳුරාම කිව හැකිය.

ඔබ වයිරස්වලින් දැඩිසේ පීදා විදින්නෙක්නම් සහ Trial Version අත්හදා බලා විඩාවට පත්වූ කෙනෙක්නම්, මේ ඔබට වඩාත් යහපත් කොම්පියුටර් ජීවිතයක් සඳහා වෙනස් වීමට හොදම කාලයයි.
වෙනස අත්විදින්න.

වයිරස්වලින් නිදහස් ලෝකයක් පතමු.

ජය වේවා...

10 comments:

  1. පේන විදියට රනා පෙන් 1 ගහන අනිත් සේරම OS බිල් අයියගෙ වගේ. මොකද ඔය කියන විදියට ලිනක්ස් පාවිච්චි කොලානම් ඔච්ච්ර වයිරස් හප්පො පෙන් එකට එන්න විදියක් නෑනෙ

    (ගෙදර එකත් Windows ද ;) )

    ReplyDelete
  2. හික්ස්.
    මට PDF ෆයිල් එකක් ප්‍රින්ට් කරන්න ගිහින් එතන අයට Adobe Reader ගැන දේශනා දෙන්න වුනා..(ප්‍රින්ට් කරන තැන අක්කා ඇහුවා Adobe Reader කියන්නෙ මොකක්ද කියලා..මදර්බෝඩ් CD එක ඉල්ලගෙන setup කරන්නත් වුනා)
    ලිනක්ස් ගැනත් එහෙමමයි..

    ReplyDelete
  3. ලිනක්ස් ගැන දේශනා දෙන එක දැන් මම නවත්තලා තියෙන්නේ..

    ReplyDelete
  4. @සරදියෙල්

    මෙහෙමයි කතාව.
    රනාට තමන්ගේ කියා පෙන් 1ක් නොමැත. එකක් තිබ්බේය, එය මිතුරෙකුට දී ගොඩක් කල්ය. මේ නිසා රනා පාවිච්චි කොරන්නේ රනාගේ මල්ලිගේ පෙන් 1යි. ඒකාට බිල් නැතුවම බැරිය. ඌ පෙන් 1 ගහන්නේ කොහේදැයි දන්නේ ඌම පමණි. රනා වයිරස්වලට බය නැති නිසා තමාගේ සෑම කොම්පියුටරයකම එය ගසයි.
    හවුලේ පෙන් පාවිච්චිය අන්තරාදායකය.

    ගෙදර කොම්පියුටර් 1 ගැන කියනවානම්...
    රනාගේ ගෙදරට කොම්පියුටරයක් ගෙනාවේ 2006 ජූනි මාසයේදීය. එදා සිට 2008 ඔක්තෝම්බර් දක්වාම රනා බිල් අයියාගේ OS 1 පාවිච්චි කළේය. එදා සිට අද වෙනකම් රනාගේ ගෙදර කොම්පියුටය Dual Boot ය.

    රනාගේ ගෙදර උදවියගේ ලිනක්ස් භාවිතය ගැන තවත් බ්ලොග් ලිපියකින් බලාපොරොත්තුවන්න.

    ජය වේවා...

    ReplyDelete
  5. ඉහත කොමෙන්ටුවේ පොඩි නිවැරදි කිරීමක් කිරීමට අවැසිය.

    2008 ඔක්තෝම්බර් දී රනා ලිනක්ස් වලට මාරු විය. උබුන්ටු 8.04 සිට 9.10 දක්වා වූ සෑම version එකක්ම රනා රස බලා ඇත. ෆෙඩෝරා 10-12 දක්වාද එසේමය.

    @RoshanHerath

    කොම්පියුටර් කඩවල වැඩකරන අයට මුදුකාංග ගැන උගන්නනවා තරම් ආතල් වැඩක් තවත් නැත. ඒ අයට (බහුතරයකට) ලිනක්ස් අරහංය.

    කොහොම උනත් ලිනක්ස් ගැන කියෝන 1 නතර කරන්න එපා. ඒ ගැන කතාකරන 1 නතර කරන 1න් වෙන්නේ ඔයා කරන සමාජ සේවයක් නතර කරන 1.
    පරණ කතාවක් තියෙනවා මෙහෙම.
    "බල්ලෝ බිරුවත් ගැල නොනවත්වා ඉඳිරියට ගමන් කරයි".

    ජය වේවා...

    ReplyDelete
  6. "වෙනස් වීමට මිනිසුන් ඉතාම අකමැති බව."
    සීයට දෙසීයක් එකඟයි. ලිනක්ස් වර්ගයේ OS එකකකට යන එකෙන් තමාටත් පොදුවේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් වන යහපත ගැන නොතකන මිනිස්සු කරන්නේ ලිනක්ස් වල user friendly බව ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමයි. ගානින් ගානට ඇවිත් දවසක ලංකාවෙ බුද්ධිමය දේපල පනත හරියට ක්‍රියාත්මක වෙන්න ගත්තු දවසට රඟේ බලතෑකි. නහයට උඩිත් වතුර යනකන් ඉන්නෙ නැතුව බේරෙන්න විකල්ප වලට පුරුදු වෙලා ඉන්න ඕන කියන්නෙ ඒකයි.

    ReplyDelete
  7. පව් වැඩ කරන්න එපා මනුස්සයො... අර අක්කවයි (අසරණ) සෑර්වයි අපහසුතාවයට පත්කරලා මෙතන. flavors අහපුවාම සැර් 'එහාපැත්තෙ සිල්ලර කඩේ ඇති' කිව්වෙ නැද්ද?

    ReplyDelete
  8. රනාට මෙවගෙ දෙවල් ඕන තරමි වෙලා තියනවා මම හිතන්නෙ.
    ඔය වගෙ තවත් දවසක රනා අන්තිම මොහොතෙ Assignment1 කරල එ‍ක print කරගෙන ඇවිත්. එ වුනාට රනාගෙ එයාට කියලා තව pages 2 අඩුයි හදාන එන්න කියලා. එයා එක එයාගෙ pen1 අරන් ඇවිත් දෙන්නම ගිහින් රනා ඉගෙන ගන්න ආයතනයෙ තියන book shop එකට printout 1 ගන්න. රනාගෙ අරයාගෙ pen1 වෛරස් නවාතැනක්. එ ඉතින් රනා එයාටත් Linux ලෙඩෙ බෝ කරලා තියන නිසා.
    කොහොම හරි දෙන්නා printout1 ගන්න ගොඩක් උත්සාහ කරලා වෛරස් ලෙඩෙ ඇදුන නිසා එක පිටුවක් අමාරැවෙන් print කරගෙන ඇවිත්.
    එදානමි රනා Linux ගැන කියන්න ගිහින් නැ හේතුව එතන අන්කල් ටිකක් වයසයි.
    අනේ රනා අයියෙ බනින්න එපා හොදෙ.
    අනිත් එක තමා හැමෝටම Linux ගැන කිය කිය යන්න එපා.

    ReplyDelete
  9. රනා අයියෙ මගෙ කොමෙන්ටුවට තව ටිකක් එකතු කරන්න තියෙනවා.
    "ඉතා කළාතුරකින් අත්දකින සිදුවීමක් වූ "කාන්තාවක් රනා සමගින් සිනා වීම"" මම දන්න විදිහට රනා තමා කාන්තාවන්ට මුලින්ම සිනා වෙන්නෙ. එදත් වුනෙ එහෙම වෙන්න ඇති.
    රනා අයියෙ බය වෙන්න එපා ආයෙ කිසිම දෙයක් කියන්නෙ නැහැ.

    ReplyDelete
  10. man hithana widihata Ranage institute1 tiyenne wijerama road, colombo 7 neda? book shop1 scene 1n mata meter une

    ReplyDelete