වසර ගණනාවක දුෂ්කර සේවයෙන් පසු පැවැති උත්සවයකදී පැරණි මිතුරෙකු වූ පූජකයින් සිව්දෙනෙකු මුණ ගැසුනි.
"ඔයාලට කිව්වම මොකද මම ලොකු පවකට ඇබ්බැහිවෙලා ඉන්නේ. මම දැන් සූදුවට වැටිලා ඉන්නේ..." එක් පූජකයෙක් කිව්වා.
"මමත් එහෙම්මමයි. මට දැන් මැත්පැන් නැතුවම බෑ." දෙවැනි පූජකයත් කිව්වා.
"මට තියෙන්නේ ඊටත් වඩා නරක පුරුද්දක්. මට පූජාස්තානයට එන බැඳපු ගෑනු පෙන්නන්න බෑ. කොහොමහරි යාළු කරගන්නවා..." තෙවැනි පූජකයාත් පැවසුවා.
සිව්වැනි පූජකයා නිහඩව සිටිනු දුටු අනිත් පූජකයින්ට එය මහත් ගැටළුක් වුනා.
"ඔබ නිහඩවම ඉන්නේ ඔබ අතින් පවක් නොකෙරෙන නිසාද?" අනිත් අය ඇහුවා.
"නෑ... නෑ... මගේ ලොකුම දුර්වලකම අනුන්ගේ ඕපදූප තැන් තැන්වල කිය කිය ඇවිදින එක. මට දැන් මෙතැනින් පිටවෙලා යනකම් ඉවසුමක් නෑ..." යි අවසාන පූජකයා පැවසුවා.
හික්ස්.....පට්ට.....
ReplyDeleteදුවන්ඩෝ....මෙන්න වතුර....
@හසී
ReplyDeleteබොහෝම ඉස්තූතියි වතුර පාරට...
හොඳ වෙලාවට හතරවැනියා එතන හිටියෙ.. නැත්තං මේ කතාව අහ ගන්න වෙන්නෙ නැහැනෙ.
ReplyDelete