Saturday, April 24, 2010

චීන උපමා කතා III

නොනිමි වෑයම

දකුණු චීනයේ එක්තරා ගමක යූ සුන් නම් මහලු මිනිසෙකු වාසය කළේය. ඔහුගේ නිවස ඉදිරිපිට සුවිසල් ගල් පර්වතයක් විය. මෙම මහලු මිනිසා ගල් කටුවක් සහ මිටියක් ගෙන සෑම දිනයකම මෙම ගල් පර්වතය කඩමින් සිටිනු ඒ අසල පාරේ ගමන් කරන්නවුන්ට නිතරම පෙනෙයි.
"අනේ නාකි මනුස්සයෝ, බැරි බැරි ගානේ උඹ ඔය මහා ගල්කන්ද කවදා කඩලා ඉවර කරන්නද? ඔය මෝඩ වැඩේ අතහැරලා දාපන්" පාරේ යන එන අය ඔහුට කීහ. එය පයිසෙකටවත් ගණන් නොගත් යූ සුන් නොනවත්වාම දිනපතාම ගල ටික ටික කැඩුවේය.
"අනේ නාකි මනුස්සයෝ ඕක අතෑරලා දාපන්. උඹට කවදාවත් ඔය වැඩේ කරන්න බැහැ" මග තොට යන එන අය පැවසූහ.
"ඔව්, මට බැරිඋනොත් මගේ පුත්තු ඔය ගල කඩාවි. පුතාලට බැරි උනොත් මුණුපුරාලා කඩාවි... ගල ටිකක් ලොකුයි තමයි. ඒත් අපේ පරම්පරාව බෝ වෙන ඉක්මනට මේ ගල ලියලන්නේ නැති බව මට විශ්වාසයි" යූ සුන් කීය.

3 comments:

  1. සිරා ඩයල් එකක් නෙ.. හැබැයි බෝතලයක්වත් ලඟ තියාගෙන වැඩේ කලා නම් වැඩිය හොඳයි..

    ReplyDelete
  2. උපමා කතා නම් නැගල යනව. තව දාන්න තියේ නම්.

    ReplyDelete
  3. දුවපන් අයියා.ඔන්න වතුර!

    ReplyDelete