Sunday, April 25, 2010

වැඩවල හැටි

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ලින්ඩන් බී ජොන්සන් හදිසියේම ධවල මන්දිරයේ එක් එක් කාර්යාලවලට කඩාවැදී එහි සේවය කරන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පිළිබදව සොයා බැලීමට පුරුදුව සිටියේය.
දිනක් ජනාධිපති ජොන්සන් හදිසියේ ධවල මන්දිරයේ ප්‍රවෘත්ති උප ලේකම් මැල්කම් ක්ලිඩෆ්ගේ කාර්යාලයට කඩා වැදුණි. මැල්කම්ගේ මේසය මත එකම කඩදාසියක්වත් නොවීය.
හිස් මේසය දුටු ජොන්සන් "මැල්කම් තමුසෙගේ ඔළුවත් මේ මේසේ වගේම හිස් නැතුව ඇතැයි මම හිතනවා" පවසමින් කාර්යාලයෙන් පිටවිය.
නැවත දිනක ජොන්සන් හදිසියේම පැමිණීමට ඉඩ ඇතැයි සිතූ මැල්කම් තම ලියන මේසය පුරා පොත් පත්, ලිපි ආදිය පුරවාගෙන රාජකාරි කිරීමට පටන් ගත්තේය. මැල්කම් ක්ලිඩෆ් සිතා සිටි ආකාරයටම ජනාධිපතිවරයා නැවතත් මැල්කම්ගේ කාර්යාලයට පැමිණියේය.
මේසය පුරා විසිරී ඇති ලිපි ලේඛන දුටු ජනාධිපතිවරයා ගත් කටටම මෙසේ පැවසීය.
"මට පේන විදියට තමුසේ ඔක්කොම වැඩ ගොඩගහගෙන වගේ..."

No comments:

Post a Comment