Sunday, April 25, 2010

වාහනේ

එක්තරා සැදෑවක නගරයේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරියට පැමිණි පැරණි මෝටර් රථයකි. එහි වහලේ වූ කැන්වස් රෙද්ද තැනින් තැන ඉරී තිබූ අතර යකඩින් තැනූ කොටස් දිරා මළකඩ කා තිබුණි. මූඩියක් නොතිබුණ රේඩියේටරයෙන් දුම්රියකමෙන් දුම් පිටවෙමින් තිබුණි. හෝටලය අසළ සිටි තරුණයෙක් ඇමතූ රථ හිමියා මෙසේ ඇසීය.
"මල්ලී, මම ටෙලිෆෝන් කෝල් 1ක් ගන්නකම් මේක පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද?"
තරුණයා ඊට එකඟ වූ අතර රථයේ අයිතිකරුවා විනාඩි කීපයකට පසුව නැවත ආවේය.
"මල්ලිට වාහනේ බලාගත්තාට කීයද?"
"රුපියල් 1000යි"
තරුණයා පිළිතුරු දුන්නේය.
"හැහ්... මේක මහා මංකොල්ලයක්නේ. විනාඩි 5ක් වාහනේ බලාගන්න රුපියල් 1000ක් ඉල්ලනවානේ..."
රථයේ අයිතිකරු අවට සිටියවුන්ට ඇහෙන්නත් එක්කම කීවෙය.
තරුණයාද නිකම් හිටියේ නැත. හැමෝම පෙන්වමින් ඔහු මෙසේ කීවේය.
"වාහනේ බලාගත්තාට මට සතයක්වත් එපා. රුපියල් 1000 මම විඳපු අපහාසෙට. දැක්ක දැක්ක එකා හිතුවේ මේ කබල මගේ කියලා..."

3 comments:

  1. හ්ම් හ්ම් අපිට ඉතින් කබලක් වත් නැහැ නෙව...

    ReplyDelete