Sunday, April 25, 2010

චීන උපමා කතා VI

දේසේ සහ බාසේ

බකමූණෙක් නැගෙනහිර දෙසට පියාසර කරමින් සිටියේය.
අතර මගදී ඔහුට වටුවෙක් මුණ ගැසුනි.
"කොහෙද මේ යන්නේ" වටුවා ඇසීය.
"මම මේ නැගෙනහිරට යනවා" බකමූණා පැවසීය.
"ඇයි හදිස්සියේම නැගෙනහිරට යන්නේ?"
""මම ඉන්න පැත්තේ මිනිස්සු මගේ හඬට කැමැති නැහැ. මිනිස්සු කියන්නේ මගේ හඬ හුගාක් රළුයි කියලයි... ඒ හින්දා මම වෙන පළාතකට යනවා."
"එහෙමනම් කොහෙවත් නොගියට කමක් නෑ. ඔබ කරන්න ඕනේ ඔබේ කටහඬ වෙනස් කරගන්න එක. එහෙම නොවුනොත් නැගෙනහිරදීත් මිනිස්සු ඔබව පිළිකුල් කරාවි" යනුවෙන් වටුවා පැවසීය.

No comments:

Post a Comment