Saturday, April 24, 2010

බිහිරි චර්චිල්

බ්‍රිතාන්‍යයේ කීර්තිමත්ම අගමැතිවරයෙකු වූ සර් වින්ස්ටන් චර්චිල් එම ධූරයේ කටයුතුකරනා විට අසූහතර හැවිරිදි මහල්ලෙකු විය. මේ නිසා ඔහුගේ කන් ඇසීම අඩුවී තිබුණි. මේ නිසා එම අඩුව සපුරා ගැනීමට ඔහු ශ්‍රවනාධාර යන්ත්රයක් පැළද සිටියේය. නියෝජිත මන්තිරි මණ්ඩලයේ සමහර සැසිවාරවලදී මෙම ශ්‍රවනාධාර යන්ත්රයේ ස්විචය ක්‍රියා විරහිත කර තිබීම ඔහුගේ පුරුද්ද විය. බොහෝවිට ඔහු මෙසේ කළේ පුටුවකට හේත්තු වී පුංචි නින්දක් ලබා ගැනීම සඳහාය. ඔහුගේ එම සිරිත පාර්ලිමේන්තුවේ සියලුම මන්තිරිවරු දැන සිටියහ.
දවසක් චර්චිල් මෙලෙස පුටුවකට හේත්තු වී දෙනෙත් වසාගෙන හිටියේය. ඔහුගේ පිටුපස සිටි මන්තිරිවරු දෙදෙනෙකු මෙය දුටුවෝය. ඔවුන් දෙදෙනා සිතුවේ වින්ස්ටන් චර්චිල් ශ්‍රවනාධාර යන්ත්රයේ ස්විචය ක්‍රියා විරහිත කර ඇති බවකි.
"මිනිහා දැන් මේ වැඩවලට හරි නැහැ. අයිසෙ මිනිහගේ වයස පැනලා, මිනිහා දැන් පැන්ෂන් ගන්න ඕනේ..." දෙදෙනා කීහ.
අවාසනාවකට මෙන් චර්චිල් ශ්‍රවනාධාර යන්ත්රය ක්‍රියා විරහිත කර ත්බුණේ නැත. එක්වරම මන්තිරිවරු දෙදෙනා දෙසට හැරුන චර්චිල් මෙසේ කීය.
"ඒක ඇත්ත. මිනිහාට දැන් කන් ඇහෙනවත් අඩුයිනේ...."

No comments:

Post a Comment