Sunday, April 25, 2010

එක දවසක් හැන්දෑවක

මේකත් මම තවත් ආසම ගීතයක්. ගායනා කරන්නේනම් අතුල අධිකාරී. පද රචනය සහ සංගීතය කාගෙද කියලානම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.

එක දවසක් හැන්දෑවක
කණා මැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ දුර හිදිනාවිට
සුළන් පොදක්වත්
හැරුණු දොර පියනින් ආවානම්
සිහිනයේ සුව අරන්
නන්නාදුනනා දෑසක්
නිවී නිවී දිළිසුන මොහොතක්...

සුහද ආරාදනාවක් අරන් ඈ ඇවිත්
දොරකඩට
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාසයන් වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ...

එක දවසක් හැන්දෑවක
කණා මැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාඉන් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන

මා අසළ ලැගුම් ගනු පොරොතුව
මා තුළට මොහොතකට
එබුනානම්
පැහැදිළිව දකින්නට තිබුණා
මා තුළම... මා තුළම...
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද....

මෙතනින් ගීතය බාගන්න.

2 comments:

  1. මෙහි පදවැල අශෝක හඳගම විය යුතුයි.
    හඳගම තමයි මේ සින්දුව තියෙන "සින්තටික් සිහින" ටෙලිය ලියා නිපදවූයේ.
    මේකේ මනෝරත්නත් හිටියා.

    ReplyDelete