මේක රනා බොහෝම ආස කරනා ගීතයක්. සමහරවිට ඔබත් බොහෝම කැමති ඇති. අද දවසේ මැරතන් දුවන හැමෝම එක්ක බෙදාගන්න හිතුනා.
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා
නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...
හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
අප්සරා ද සිල්වා
චාරුක සුරවීර
ප්‍රියන්ත ඩිරෙක්ස්
ගීතයේ පද රචනය හා අනෙකුත් විස්තර හොයාගන්න මේ බ්ලොග් අඩවිය සෑහෙන්න උදව්වක් කලා.
මෙතනින් බාගන්න.
තැංකූ වේවා..
ReplyDeleteමමත් හොය හොය හිටපු ගීතයක්.. ස්තුතියි
ReplyDeleteඑදා මෙදා තුර සමනලීගේ ජීවිතේට හුඟක් සමීප වූ ගීයක්.... ස්තූතියි පල කලාට..
ReplyDeleteබොහොම අගෙයි රනා
ReplyDeleteඕක රුසියානු ගීතයක Copy යක්ද.
ReplyDeleteබොහෝම ස්තූතියි මචන්...
ReplyDeleteඉවාන් පවුලුෂා කියන්නේ '' වානේ පන්නරය ලැබු හැටි '' පාවෙල්ගේ නම නේද , මෙන්න අපේ ඉවාන් පවුලුෂා
ReplyDeletehttp://iwanpaulooshaa.blogspot.com/2013/10/blog-post_9323.html