Saturday, April 24, 2010

පූර්ණ අවධානය

ව්‍යාපාරිකයා පල්ලියට ගියේ තම කටයුත්ත සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන ගණනක මුදල ලබාගැනීමට උපකාර වන ලෙස දෙවියන් යැදීමටය. අහම්බෙන් මෙන් ඔහු දණ ගැසූ තැන සිටි මිනිසා තමාට ඩොලර් 100ක් ලබා ගැනීමට උපකාරී වන ලෙසට දෙවියන් යදිමින් සිටියේය. ව්‍යාපාරිකයා තම පොකැට්ටුවෙන් අර මිනිසාට ඩොලර් 100ක් දුන්නේය. එම මිනිසා යන්නට ගියපසු ඔහු යළිත් දෙවියන් යදින්නට විය.
"දෙවියනි, දැන් ඔබගේ සම්පූර්ණ අවධානය මා වෙත යොමුකරනු මැන..."

1 comment:

  1. ඔන්න ආවා වතුර පාරක් ගහල යන්න. දිගටම අදිමු..

    ReplyDelete