Saturday, April 24, 2010

Terminal සංගීතය

රනා දැන් ගොඩ කාලෙක ඉදලා පාවිච්චි කරන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් කියලා "රනා ලියන බ්ලොග්" කියෝන හැමෝම වගේ දන්නවා. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක තියෙන බල සම්පන්නම මෙවලමක් එහෙමත් නැත්තම් තේරෙන හිංගලෙන් කියනවානම් tool 1ක් තමා Terminal 1. එහෙමත් නැත්තම් "අග්‍රය". ලිනක්ස් මතදී Terminal 1න් නොකරන්න බැරි දෙයක් තියෙනවානම් ඒ බොහෝම පොඩ්ඩක් වෙන්න ඕනෙ. දැන් මේ කතා කරන්න යන්නේ කොහොමද Terminal 1 විතරක් පාවිච්චි කරලා සංගීතය රස විඳින්නේ කියලයි.

මුලින්ම අපිට මේ සදහා පොඩි මුදුකාංගයක් පිහිටුවාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ මුදුකාංගය තමා "mpg321". මතක තියාගන්න මේකෙන් අපිට අහන්න පුළුවන් වෙන්නේ mp3 විතරයි. ගොඩක් ලිනක්ස් බෙදාහැරීම්වල (උබුන්ටු, ෆෙඩෝරා) මේ මුදුකාංගය පෙරනිමියෙන්ම එන්නේ නෑ. හැබැයි ඒවාගේ repositories වලින් කෙළින්ම පිහිටුවාගන්නට පුළුවන්.

මුදුකාංගය පිහිටුවාගන්නේ මෙහෙමයි.

Terminal 1 open කරගන්න.

මුලින්ම root වෙලා හිටියානම් ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
sudo bash කියලා ටයිප් කරලා එන්ටර් කළාම ඔබේ මුර පදය අහයි. ඒක දුන්නම දැන් ඉදලා ඔයා තමා root.

දැන් මුදුකාංගය පිහිටුවමු.

උබුන්ටු හෝ වෙනත් ඩේබියන් නිපැයුමක
apt-get install mpg321

Red Hat, CentOS සහ ෆෙඩෝරා සදහා
yum install mpg321



දැන් වැඩේ හරි. දැන් කරන්න තියෙන්නේ අපේ කොම්පියුටරයේ mp3 ගොනු තියෙන තැනකට යන්න. උදාහරණයක් විදියට මගේ කොම්පියුටරේ mp3 ගොනු තියෙන්නේ
/home/rana/සංගීත/Audio/Sinhala Songs කියන තැන.

එතැනට යමු මෙහෙම.
cd /home/rana/සංගීත/Audio/Sinhala\ Songs



දැන් තියෙන්නේ හිතේ හැටියට සංගීතය රස විඳින 1යි. ඒකට පාවිච්චි කරන්නේ mpg123 කියන command 1.

mpg123 (කැමති සංගීත කණ්ඩයේ නම).mp3



බලන්නකෝ ඇහෙන ලස්සන...

මේ විදියට තනි තනිව වගේම සංගීත කණ්ඩ කීපයක්ම එකපාර අහන්න, තේරෙන හිංගලෙන්නම් Play List 1ක් Play කරවන්නේ මෙහෙමයි.

මුළින්ම අපි Play List 1ක් හදාගමු. ඒක Text File 1ක් විදියට තමා හදාගන්න ඕනේ.

ඔබ කැමති Text Editor 1කින් හදාගන්න. මම පාවිච්චි කරන්නේ gedit.
ඊට පස්සේ ඒකට ඔබ කැමති සංගීත ගොනු එකතු කරගන්න. ඊට පස්සේ ඒ Text File 1 කැමති තැනක save කරන්න. මතක තියාගන්න මේ Text File 1 save කරද්දී File Extension 1 විදියට දෙන්නේ ".lst".
උදාහරණයකින් පෙන්නුවොත්

ගී.lst







ඔබේ mp3 ගොනු තියෙන Folder 1මනම් ගොඩක් හොදයි. වෙන තැනක උනත් කිසිම අවුලක් නෑ.

දැන් තියෙන්නේ mpg123 command 1න් අපේ Play List 1 ලෝඩ් කරලා ඉතුරු ටික කරන්න Terminal 1ට බාරදෙන්නයි.
ඒක මෙහෙම කරමු.

mpg123 --list ගී.lst





දැන් ඉතින් හිතේ හැටියට අහගෙන ඉන්නයි තියෙන්නේ.

මෙහෙම Terminal 1න් සංගීතය රස විඳින 1 තියෙන වැදගත්කම මොකක්ද?
අපි ගොඩක් වෙලාවට සංගීතය රස විඳින්න පාවිච්චි කරන්නේ GUI players. නමුත් සමහර අවස්ථාවලදී මේ GUI players සදහා වැඩි සම්පත් ප්‍රමාණයක් කොම්පියුටරයෙන් ලබාගන්නවා. ඒක නතර කරන්න පුළුවන් හොදම විදියක් තමා මේ Terminal mp3 player 1. සාමාන්‍යයෙන් නිතරම වගේ Terminal 1 open කරගෙන ඉන්න කෙනෙක්ට ඒකෙම තවත් පටිත්තක් (tab) විවෘත කරගැනීම මඟින් තමන්ට කැමති සංගීතය රසවිදීමට හැකියි.
ඊළග වැදගත්ම අවස්තාව තමා තනිකරම Terminal 1න් වැඩකරන වෙලාවට සංගීතය රසවිදින්න පුළුවන් වීම. උදාහරණයක් විදියට මේ දවස්වල රනා පාවිච්චි කරන සමහර මුදුකාංග ලේසියෙන් වැඩකරවගන්න ඕනේ නිසා රනා කොම්පියුටරේට ලොග් වෙන්නෙම Terminal 1න්. ඉතින් ඒ වගේ වෙලාවට සින්දුවක් කාරිය අහගෙන ඉන්න තියෙනවානම් මොන සැපක්ද නේද?

අද මැරතන් 1 අතරතුරේදී රනා ආසම කරන පරණ (90 ගණන්වල) ගීත ටිකක් කට්ටිය එක්ක බෙදා හදා ගන්නයි රනාගේ බලාපොරොත්තුව. මැරතන් දුවන ලිනක්ස්කාරයෝ ඉන්නවානම් මේ විදියට ඒ ටික අහන්න try 1ක් දෙමු.

එහෙනම් කට්ටියටම ජය වේවා...

No comments:

Post a Comment